කැම්පස් විත්ති ( 9 වෙනි කොටස )

ආදරයෙන් සාදරයෙන් තව ඒවායින් පිලිගන්නවා අදත්. කොහොමද ඉතින් වත ගොත. අනේ මට නම් කියන්න තරම් හොඳක් නෑ අප්පා. බාහිර සාධක වලින් පීඩා විඳිනවා මේ දවස් වල.

ඔන්න ඉතින් කතාව පටාන් ගන්නයි ලෑස්තිය. කියා කියා ඉන්නැතුව පටන් ගන්නවකො ඕයි. මල වදේ තටමනවා තටමනවා ඉවරයක් නෑ. පටන් ගන්නවා තමයි ඕයි. ඉන්නවකෝ තදියම නැතුව. මන් කියා කියා හිටියේ............

ඔන්න ඉතින් අද දවසේ කතාව පටාන් පොඩි විශ්මය ජනක කරුණකින්. කවුද දැනන් හිටියේ ලැප්ටොප් එකකින් ගේම් ගැහුවම එක ඩෙස්ක්ටොප් එකක් වෙනවා කියලා. ඔව් ඔව් කියුවේ හරියට තමයි. ඒ විශ්මය ජනක සොයාගැනීම කරේ අපේ පොඩි බන්දු උපාසක මහතා. බොහොම සන්තෝසයි කියන්න මේ සොයාගැනීම නිසා ලැප්ටොප් අලුතින් නිෂ්පාදනය කිරීම සෑහෙන්න පහල මට්ටමකට ඇද වැටිලා තියනවා. අලුත්ම ආරංචියේ හැටියට දෙල් කොම්පැනියේ ලැප්ටොප් අංශයේ හිටපු ප්‍රධානියා දැන් මහමගට අද වැටී ඇත.


ගොඩාක් අය න්‍යාස කියන දේ ගැන අහල ඇති. දැන් පුළුවන් නම් එහෙම එකක් අහලා නෑ Metrix කියල එකක් අහලා තියනවා කියපියව්. නැත්තන් Matrix බලලා තියනවා කියයි -_- . මේකයි කතාව. ඔන්න ඉතින් පොඩි ගණන් ප්‍රශ්නයක් අහන්නයි හදන්නේ. දන්නා කට්ටිය තේරුම් ගමුකො. මේක තියරි එකක් කියන්නත් පුළුවන්. :P
" න්‍යාසයක් තම ප්‍රතිලෝම න්‍යාසයට අනිවාර්යයෙන්ම නොකියන කියන ගීතය කුමක්ද? "
පිළිතුර පසුවට බලාපොරොත්තු වන්න. :P

අපේ බැච් එකේ ඉන්නවා ලඟදි බැඳපු ජෝඩුවක්. "පිස්සුද බබා" සහ "ඔව් බබා".  ඔය නම් ගැන වැඩිය හිතන්නෙපා. ඕවා ඉතින් අනන්‍යතාවය හංගන්න කරන වැඩ නොවැ. තේරෙන විදියට කියව ගන්නකො. මේකයි කතාව. මොකක් හරි හපන කතාවක් දෙන්නා අතරේ යනකොට ඒ ආසන්නයේ නොයෙල්නුයි දීස් කොලුවයිත් හිටියා. එක පාරටම

පිස්සුද බබා- "රුචිරාණනි අහන්න. එක පාර මා මරන්න... " ඕක කිවුවේ ඇයි කියල අහන්නෙපා :P එක පාරටම
හා බබා- "කවුද ඒ පාර රුචිරාණනි කියන්නේ?? ඇත්ත කියන්නේ කවුද ඒ? කියන්න කියන්න.... "

අනේද කියන්නේ රස සාගරයයි එතන :P

මෙහෙමයි ඉතින් ඔන්න පොඩි කතාවක්. මේක නම් ඉතින් වුනේ කාටද කින්ද මන්ද දන්නේ නෑ. අහවල් පුද්ගලයෙක් සුපිරි (කියනවා) අවන්හලකින් සංග්‍රහයක් දෙද්දී තවත් අහවල් පුද්ගලයෙක් අහම්බෙන් හමුවෙලා කිවුවාලු "උඹලට දෙන්නේ නෑ" කියලා. මේ එකට බත් කන දෙන්නෙක් අතරේ වෙච්ච කතාවක්. මිනිස්සුන්ගේ කටවල් නම් පුදුමාකාරයි. මිනිස්සු දැනගෙන ජීවත් වෙන එක එකක්. දීම නොදීම කෙසේ වෙතත් මනුස්සයෙක්ට කතා කරන්න පුළුවන් කමයි හරි දේ.

ඔන්න ඉතින් හවස ලෙක්චර් එක තිබ්බේ Programming and Data structure algorithms. ආසාවේ බෑ කියන්නේ ඒ තරමට සන්තෝසයි. සුපුරුදු පරිදි පරක්කු වෙලා පන්තියට එක දීස් කොලුවා, නොයෙල්, තාකන ඇතුළු කණ්ඩායම ඔන්න ඉතින් එනකොට වාඩි වෙන්න තිබ්බේ ඉස්සරහම පේලිය විතරයි. අවුලක් නෑ චූටි මිස් නේ කියලා කට්ටියම ඉස්සරනින්ම ඈඳි ගත්තා. ඔන්න ඉතින් ලෙක්චර් එක යනකොට

චූටි මිස්- "දරුවෝ.. ඔයාල ගෙදර ගිහින් codes කරනවා නේද?"
දීස්- "ඔව් මිස්.. දවසට තුන් සැරේ ගානේ තේ හැන්දෙන් එක ගානේ දාගන්නවා"

අනේ දෙයියනේ මුගේ කට නම් කටක් නෙමෙයි වක්කඩක් කියන්නේ මොකක්ම හරි කතාවක් කියනවනේ. ඕක චූටි මිස් ට ඇහුනා. මිස් උඩින් පල්ලෙන් මූ ගැන දන්නා නිසාද කොහෙද කට පියන් හිටිය. අනේ එකක් අමතක උනා. මිස් ට තරහා ගියාම හරි සුවීට් :)

කට්ටියටම මතකයි නේ අපේ ඩොගී මහත්තයා? අර දවසක් කොළඹ එක්කන් ගියේ. අමතක නම් කැම්පස් විත්ති 2 ආයිත් කියවලාම එන්නකෝ. මේ දවස් ටිකේම අපේ මේ ඩොගියා අපිව මුලා කරලනේ තිබිලා තියෙන්නේ. මෙච්චර කාලයක් මේ යකා අපිට කියලා තිබ්බේ මූ හෙන නාකි බල්ලෙක් කියලා. බලාගෙන යනකොට මූ බලු කුක්කෙක්. මේ රහස අනාවරණය කරගත්තේ දීස් කොලුවා. ඒ වෙලාවේ කුරුළු ඒ ලඟින් පියාබුව නිසා කනට වැටුනා :P

" න්‍යාසයක් තම ප්‍රතිලෝම න්‍යාසයට අනිවාර්යයෙන්ම නොකියන කියන ගීතය - මට නුඹ විතරක් උනාට නුඹට ඉන්නේ මන් විතරද? විස්තරේ මෙතන

අද තරු චරිතය, පොඩි බන්දු උපාසක මහත්තයා ගැන තවත් රස කතාවක්. අපේ උපාසක මහත්තයා කරන්නේ පරිඝනක විද්‍යාව පිලිබඳ උපාධියක් උනාට කළමනාකරණ උපාධිය පිළිඹඳ හසල දැනුමක් තියනවා. කොටින්ම කිවුවොත් අද තියන ලෙක්චර් එකේ ලෙක්චරර් ඊයේ රෑ කෑවේ මොන්දාද කියලත් උපාසක තැන දන්නවා. ඒ විතරක් නෙමෙයි මුට අපේ modules ටික මතක නෑ. කළමනාකරන modules ටික නම් කට පාඩම්. අපේ කස්ටිය බැක්ස්ටේජ් මැතිණිය, දීස්, තාකන, නොයෙල් කතා වෙලා උපාසක තැනට programming languages කියලා දෙන්න පොඩි අදහසක් පහල උනා. අපිට ඕවා උගන්නනවා වෙනුවට කළමනාකරණ උපාධියට ඕවා ඉගැන්නුවම අනිවා උපාසක තැන ඕවා ඉගෙන ගන්නවා නොවැ. :P

එහෙනම් අදට කතාව ඇති නේ? මදිද? එහෙනම් ඊ ළඟ එක එනකන් ඉන්නකෝ. එකෙන් දෙන්නම්. එහෙනම් මන් ගියා. සුභ රාත්‍රියක් හැමෝන්ටම!

5 comments :

  1. අරූට එක පාර නෙවෙයි සිය දහස් වාරයක් මැරෙන්න වෙලා ඇති.
    අනෙක කුරුලුට මෑතකදී හෙල්මට් පුරස්නයක් වුනා කියල ආරංචියි.

    ReplyDelete
    Replies
    1. මොකද්ද මොකද්ද ඒ? දඩ කොළයක් වත් ද?

      Delete
    2. අනේ මන්දා තාම මැරෙනවා ඇති :P පුරස්නයක් උනා නේන්නම් කෝරලේ මහත්තයෝ.. මටමනේ මාකට් පෙරලෙන්නේ..
      අපෝ නෑ දිලිනි සහෝදරී.. අර ෆුල් ෆේස් කතාවනේ :/

      Delete
  2. අලේ රස සාගරයක් නොවැ...

    ReplyDelete
    Replies
    1. හි හි ............ නැත්තන් :P

      Delete