කැම්පස් විත්ති ( 8 වෙනි කොටස )

අම්මෝ මාසෙකට විතර පස්සේ ඔන්න ආවා කූඩුව පැත්තේ. මේ දවස් ටිකේ නම් අම්බානට වැඩ අප්පා. ඇඟ පතත් රිදෙනවා. කියන්න නම් කතා එමටයි. "කොහොම පටන් ගෙන මොනවා ලියන්නද නැත මට වැටහෙන්නේ" තමයි.

හරි වෙච්ච සිද්දියකින් ම පටන් ගන්නම් කෝ! මතක විදියට ගිය මාසේ 23ද කොහෙද. කැම්පස් එකට අලුත් බැච් එක ආපු සතිය. ඉතින් වැඩ කටයුතු නම් ටිකක් තිබ්බා. ඔය අතරේ තමයි අපේ බැච් එකට වැඩක් පැවරුනේ අලුතින් එන ජුඋනියර්ස්ලා පිළිගන්න සීනියර්ස් ලා හැටියට පොඩි welcoming event එකක් ලැස්ති කරන්න කියලා. සෝක් වැඩේ කියන්නේ ඔය පණිවිඩේ එනකොට කට්ටිය එක එක තැන වල. කොහොම හරි නොයෙල්, දීස් කොලුවා, තාකන, පොඩි බන්දු, ලන්ගනාත්, පිස්සුද බබා, සුසා, මදුපාල ඇතුලු කිහිප දෙනෙක් එකතු වෙලා වැඩේ ලැස්ති කරා. කොහොම හරි ආරන්ච්චියේ හැටියට නම් දවස් කීපයක් රෑ වෙනකන් ඉඳලා තමයි වැඩේ ලැස්ති කරලා තියෙන්නේ.