මාගේ පාසල් කාලය.. සිහිවෙනවානේ හැම විට.. (9 කොටස - විශේෂ කොටස් මාලාව ) උසස් පෙළ

කොහොමද මචං ලා... සෑහෙන්න කාලෙකින්.. පහුගිය ටිකේ නම් වැඩ නොතිබ්බත් ලියන්න කතාවක් තිබ්බේ නැති නිසයි අලුතින් දෙයක් නොදැම්මේ. කතා තියනකොට ලියන්න වෙලාවක් නෑ, වෙලා තියනකොට දාන්න කතාවක් නෑ. කොහොම හරි  මාගේ පාසල් කාලය.. (8 කොටස ) කොටසින් පස්සේ  මාගේ පාසල් කාලය..  කතා මාලාව ඉවර කරානේ මම. පස්සේ ගොඩාක් අයගෙන් චෝදනා වගේම ප්‍රහාරත් ආවා කතාව ඉක්මනට නැවැත්තුවා කියලා. මොනා කරන්නද. එහෙනම් ඔන්න ඉතින් හුචස් පෙළ නොහොත් උසස් පෙළ ගැන කතාව අදින් පටන් ගන්නවා. මතක හැටියට තමා ලියන්නේ. දැන් ඉතින් අවුරුදු තුන හතරක් වෙනවා මේ සිද්දි සිද්ද වෙලා.

කලින් කතා එක්ක සම්බන්ධ වෙලා හිටපු අයට ඉතින් මන් උසස් පෙළ වෙනක ආවේ කොහොමද කියලා මතක ඇති නේ. කොහොම හරි O/L රිසාල්ට් ආවට පස්සේ වැඩි කල් නොගිහින්ම A/L පන්ති ඉස්කෝලේ පටන් ගත්තා. දෙපැත්තට වැනි වැනි හිටපු මම කොහොම හරි ඉස්කෝලේ යනකොට අලුත් වාරේ පටන් අරන් මාස 2ක් විතර ගිහිල්ලා. ජූලි මුල වගේ තමයි මන් A/L පන්තියට ගියේ. කොහොම හරි වාසනාවකට අවාසනාවකටද මන්දා වැටුනේ O/L කාලේ ඉඳන් හිටපු කස්ටිය හිටපු පන්තියට.