නමක් නැති කතාවක්


අලුත් කතාවක් පටන් ගත්තා මන් නිකන් ඉන්න බැරි හින්දා...
 
කොහොමද ඉතින් මචං ලා (කාන්තා පාර්ශවෙට අමතන නම දන්නේ නැති නිසා මචං කියලාම කියන්නම්). සෑහෙන්න කාලෙකට පස්සේ කූඩුවට ගොඩ උනා. කුරුලු ගේ කූඩුවට කුරුලුට ගොඩ වෙන්න වෙලාවක් නෑ කිවුවම ඉතින් කට්ටිය මොනා නොහිතයිද. එහෙනම් ඉතින් පරණ කතා, අලුත් කතා ඔක්කොම කතා ගැන අද ඉඳන් ආයිත් පටන් ගමු. මේ පැත්තෙන් ගිහිපු කට්ටිය ආයිත් මේ පැත්තට ආවා නම් එහෙනම් කතා අහන්න..

කතාවේ පලවෙනි කොටස මෙහෙම පටන් ගන්නම් කෝ. “කොහොම පටන් ගෙන මොනවා ලියන්නද නැත මට වැටහෙන්නේ”. සින්දුවේ තියන කතාවට සමාන කතාවක් තමයි මටත් කියන්න තියෙන්නේ. කුරුලු ගේ ජීවිතේ මහා පරිමාන වෙනසක් වෙලා දැනට මාස තුනයි දවස් ගානක් පහු වෙලා තියනවා. ජීවිතේ උඩු යටිකුරු කර ඒ සිද්දිය ගැන කුරුලු ලඟින්ම ආශ්‍රය කර අය දන්නවා. ඇත්තම කිවුවොත් අද කුරුලු මේ ඔලුව කෙලින් ඉන්න තැනට එන්න පුළුවන් උනේ ඒ සහෝදර සහෝදරියෝ වගේ ලඟින් ම ඉන්න යාළුවො කීප දෙනෙක් නිසා. අවුරුදු 5ක් තිස්සේ සතුටින් ජීවිතේ ගෙවපු කුරුලු ජෝඩුවක් දෙපැත්තට උනා. හේතු කාරනා දන්නා අය දන්නවා. ගින්නක් නැතුව දුමක් නගින්නේ නෑ වගේ හේතුවක් නැතුව ඵලයකුත් නෑ නොවැ. එතනින් එහාට ඒ ගැන කතා කිරීමට අවශ්‍ය නෑ. පිස්සෙක් වගේ මාසයක් තිස්සේ විදෙවුවට පස්සේ තමයි කුරුලු යන්තම් හරි ජීවත් වෙන්න කියලා හිත හදාගත්තේ. අදටත් කුරුලු ඒ අතීතේ දිහා බලලා සතුටු වෙන්නේ කුරුලු අවුරුදු 5ක් තිස්සේ කෙනෙක් ව සතුටුන් තිබ්බා, වචනෙකින් වත් වැරද්දක් කරේ නෑ කියන තරමක ආඩම්බර සිතිවිල්ල නිසා. අන්තිමට කියන්න තියෙන්නේ කුරුලු හැමදාම ඉන්නවා එයාගේ පලවෙනි ආදරේ ළඟ මොන ප්‍රශ්නේ ආවත්, මොන දේ උනත්. ඒ මෝඩ කමද වෙන මොකක්ද කියන එක ගැන කුරුලු හිතන්නේ නෑ. එහෙනම් මන් එතනින් පලවෙනි කොටස නිමා කරන්නේ තව දුරටත් කතාව කියන එක කුරුලුට වේදනාවක් වෙන නිසා. අන්තිමට කියන්න තියෙන්නේ “දිවිතුරුය පළමු පෙම, බිහිසුණුය බිඳුණු දින