නමක් නැති කතාවක්


අලුත් කතාවක් පටන් ගත්තා මන් නිකන් ඉන්න බැරි හින්දා...
 
කොහොමද ඉතින් මචං ලා (කාන්තා පාර්ශවෙට අමතන නම දන්නේ නැති නිසා මචං කියලාම කියන්නම්). සෑහෙන්න කාලෙකට පස්සේ කූඩුවට ගොඩ උනා. කුරුලු ගේ කූඩුවට කුරුලුට ගොඩ වෙන්න වෙලාවක් නෑ කිවුවම ඉතින් කට්ටිය මොනා නොහිතයිද. එහෙනම් ඉතින් පරණ කතා, අලුත් කතා ඔක්කොම කතා ගැන අද ඉඳන් ආයිත් පටන් ගමු. මේ පැත්තෙන් ගිහිපු කට්ටිය ආයිත් මේ පැත්තට ආවා නම් එහෙනම් කතා අහන්න..

කතාවේ පලවෙනි කොටස මෙහෙම පටන් ගන්නම් කෝ. “කොහොම පටන් ගෙන මොනවා ලියන්නද නැත මට වැටහෙන්නේ”. සින්දුවේ තියන කතාවට සමාන කතාවක් තමයි මටත් කියන්න තියෙන්නේ. කුරුලු ගේ ජීවිතේ මහා පරිමාන වෙනසක් වෙලා දැනට මාස තුනයි දවස් ගානක් පහු වෙලා තියනවා. ජීවිතේ උඩු යටිකුරු කර ඒ සිද්දිය ගැන කුරුලු ලඟින්ම ආශ්‍රය කර අය දන්නවා. ඇත්තම කිවුවොත් අද කුරුලු මේ ඔලුව කෙලින් ඉන්න තැනට එන්න පුළුවන් උනේ ඒ සහෝදර සහෝදරියෝ වගේ ලඟින් ම ඉන්න යාළුවො කීප දෙනෙක් නිසා. අවුරුදු 5ක් තිස්සේ සතුටින් ජීවිතේ ගෙවපු කුරුලු ජෝඩුවක් දෙපැත්තට උනා. හේතු කාරනා දන්නා අය දන්නවා. ගින්නක් නැතුව දුමක් නගින්නේ නෑ වගේ හේතුවක් නැතුව ඵලයකුත් නෑ නොවැ. එතනින් එහාට ඒ ගැන කතා කිරීමට අවශ්‍ය නෑ. පිස්සෙක් වගේ මාසයක් තිස්සේ විදෙවුවට පස්සේ තමයි කුරුලු යන්තම් හරි ජීවත් වෙන්න කියලා හිත හදාගත්තේ. අදටත් කුරුලු ඒ අතීතේ දිහා බලලා සතුටු වෙන්නේ කුරුලු අවුරුදු 5ක් තිස්සේ කෙනෙක් ව සතුටුන් තිබ්බා, වචනෙකින් වත් වැරද්දක් කරේ නෑ කියන තරමක ආඩම්බර සිතිවිල්ල නිසා. අන්තිමට කියන්න තියෙන්නේ කුරුලු හැමදාම ඉන්නවා එයාගේ පලවෙනි ආදරේ ළඟ මොන ප්‍රශ්නේ ආවත්, මොන දේ උනත්. ඒ මෝඩ කමද වෙන මොකක්ද කියන එක ගැන කුරුලු හිතන්නේ නෑ. එහෙනම් මන් එතනින් පලවෙනි කොටස නිමා කරන්නේ තව දුරටත් කතාව කියන එක කුරුලුට වේදනාවක් වෙන නිසා. අන්තිමට කියන්න තියෙන්නේ “දිවිතුරුය පළමු පෙම, බිහිසුණුය බිඳුණු දින


එහෙනම් ප්‍රධාන දෙවැනි කොටස පටාන් ගමු... දෙවැනි කොටසට පලවෙනි කොටසේ සම්බන්දයක් තියනවා. මොකද එක නැත්තන් දෙකත් නෑනේ. ජීවිතේ උඩු යටිකුරු කර සිද්දියන් පස්සේ කුරුලුට ගොඩාක් අලුත් කට්ටිය ජීවිතේට එකතු උනා. ආ කියන්න බැරි උනා නොවැ කුරුලුට නහුතෙට වැඩ මොකට කියලා මේ ටිකේ. දැන් ඉතින් කුරුලු අතට සොච්චමක් හොයාගන්න කියලා රස්සාවකට යනවා ඈ. ලංකාවේ වගේම ලෝකෙම සුප්‍රසිද්ධ තොරතුරු තාක්ෂණ ආයතනයක, වෙන්න මෘදුකාංග ඉංජිනේරුවෙක් විදියට ඈ. ඉතින් ගජරාමෙට වැඩ මේ දවස් වල. මේ ඉතින් කතාව ලියන්නෙත් ඔපිස් කූඩුවේ ඉඳන් තමයි. ඉතින් කුරුලු ගේ ජීවිත ගමන වෙනස් උනාට පස්සේ කුරුලුට අලුත් අලුත් කට්ටිය ජීවිතේට එකතු උනා. ඒ එකතු උන කීපදෙනෙක් ගැන කතා කරන්න වගේම ඉස්සර කුරුලු එක්ක ඉඳලා තාමත් ඉන්න කීපදෙනෙක් ගැන කතා කීපයක් කියන්නත් හිතුනා අද.

අනු පළවැනි කොටස පොඩි හඳුන්වා දීමකට වගේ යොදා ගන්නම් කෝ.
පහුගිය දවස් වල සිද්ද උන දේවල් නිසා කුරුලු ට අලුත් කට්ටිය වගේම නැති වෙමින් තිබුන යාළුකම් නුත් අලුත් කරගන්න පුළුවන් උනා. ඒ වගේම කුරුලු ගේ ජීවිතේ තිබ්බ වැරදිත් හොඳින් තේරෙන්න පේන්න ගත්තා. පොඩ්ඩක් ඒ ගැන සටහනක් තින්න කියලා හිතුනා මට. 

මුලින්ම සඳහන් කරන්න ඕනේ මගේ සහෝදරයා වගේ මගේ ලඟින්ම ඉඳපු මගේ අති ජාත මිත්‍රයා. පහුගිය දවස් වල මන් වෙනුවෙන් මේ ගෝතයා කරපු දේවල් ගැන කතා කරන්න වචන නෑ. 

දෙවනියා මට අලුතින් හම්බුනා, අලුතින් කියන්නේ අවුරුදු 2ක් විතර තිස්සේ ඉඳන් දන්නා පිස්සු හොන්තුව. මේ ප්‍රශ්නේ සිද්ද වෙද්දී යාපනේ හිටියත් පුදුම විදියට මගේ හිත හදන්න ඇය උදවු උනා. තාමත් උදවු කරනවා. දැන් නම් පලු යන්න බනිනවත් එක්ක. එත් ඒවා ගැන නම් කවදාවත් අමතක වෙන්නේ නෑ.

ඊළඟට කුරුලුට උසස් පෙළ කරන දවස් වල මුණ ගැසුන යෙහෙලියක් ඉන්නවා. ඇය ගැන නොකියාම බෑ. එත් පහුගිය දවස් වල පොඩි පොඩි වැරදි වැටහීම් වගේ ඒවා නිසා ඇඳුනුම් කම පලුදු වෙලා තිබ්බත් මේ ප්‍රශ්නෙදි පුදුම විදියට මට උදවු කරා. දොස්තර කෙනෙක් වෙන්න රට ගොහින් හිටියත් ළඟ ඉන්නවා වගේ හැම තිස්සෙම කුරුලු ගැන හොයා බලලා, පුදුම විදියට හිත හැදුවා. ඒ වගේම තමයි ඇයගේ අම්මත්. අම්මා කෙනෙක් උනාට මගේ වයසේ කෙනෙක් යාලුවෙක් විදියට පැය ගණන් කතා කරලා මගේ හිත හදන්න ගොඩක් උදවු උනා දෙන්නම.

ඊට පස්සේ අවුරුදු 17ක් තිස්සේ මගේ පස්සෙන්ම ඉන්න වද කාරයා. නොයෙල්. මටත් වඩා මන් ගැන දන්නා කීප දෙනාගෙන් එකෙක් තමයි මේ ගෝතයා. ඌ මට කිවුව එක දෙයක් මතකයි. “මට උඹව විශ්වාස නෑ, උඹ දැන් මෙච්චර දෙයක් වෙලත් ඔහොම නිවිලා හිටියට කොයි වෙලේ මොන ගොන් වැඩේ කරයි ද කියලා දන්නේ නෑ” කියලා. අන්න එකයි මන් කියන්නේ මන් ගැන ඕනෙවටත් වඩා දන්නවා උඹ කියලා. 

ඊටත් පස්සේ තව කෙනෙක් ඉන්නවා. බඩා. එහෙම කිවුවට මේ යෙහෙලියක්. කාලයක් මගේ හොඳම ලඟම යාලුවෙක්. වෙක් නෙමෙයි තමයි. එත් කාලය ගත වෙනකොට ආශ්‍රය අඩු උනා. අද මේ කාන්තාව නොයෙල් ගේ වෙන්න ප්‍රිය බිරිඳ. මේ ප්‍රශ්නෙදි ගොඩක් මගේ හිත හැදුව. හැදුවා නෙමෙයි, කියපු කතා වලට හදාගන්න උනා.

ඊටත් පස්සේ හම්බුනා අලුත් යෙහෙලියක්. කුරුලුගේ කැම්පස් බැච් ඒකට අලුතෙන් ආපු කෙනෙක්. ටිකක් විතර පිස්සු. එක නිසා අවුලක් නෑ. හොඳයි. එයාගේ අත්දැකීම් බෙදා ගෙන ඒවායින් හිත හදන්න උත්සහා කරා. කියන්න ඕනේ කුරුලු ට ඉඳලා ඉඳලා සෙට් වෙන්නේ කුරුලු වගේම වයර් ෂෝර්ට් පරානයක් දෙකක් තමයි. ඔන්න ඉතින් ලියන්න කිවුව නිසා ලිවුවා හොඳේ. පස්සට තව තව ලියන්නම් ;)

දෙවැනි කොටස ඉවර කරන්න කලින් තව කීප දෙනෙක් ඉන්නවා නොකියම බැරි. මගේ අති ජාත පාපකාරයෝ ටික, තාකන, බැක්ස්ටේජ්, පොඩිබන්දු, දීස් ඇතුළු සියලුම දෙනා, අයෝ, පුදී අක්කා, ලොකු අක්කා, සුවනා, ශම්මි තව ගොඩක් අය. තැන්කූ ඈ..

https://kurulu1211.blogspot.com/
දෙවනි කොටස පිස්සුද බබා ගෙන් පටන් ගමු. ආ මේ කතාවේ ඉඳන් පිස්සුද බබා හඳුන්වන්නේ “බුවා” කියන නමෙන් කියන එක කට්ටිය මතක තියාගත්තොත් හොඳා හැබැයි. ඔන්න ඉතින් කුරුලු රස්සාවට ගාටන්න පටන් අර ටික කාලෙකින් බුවා ටත් රස්සාවක් සෙට් උනා. ලංකාවේ වගේම රටපිට වලත් ප්‍රසිද්ද ආයතනයක. මේ ගෝතයා ගැන ඉතින් කට්ටිය දන්නවා නොවැ. ඔන්න ඉතින් ජාලකරණ පුහුණු ඉංජිනේරුවෙක් විදියට අයදුම් කරා ගියා සම්මුඛ පරීක්ෂණයට. ආරංචියේ හැටියට ලස්සන සෙස්සි ලලනාවක් තමයි පරීස්සොනේ කොරලා තියෙන්නේ. මේ ඒ අතර ඇති උන දෙබසක සිංහල අසන්ෂිප්ත පරිවර්තනය.

සෙස්සි අක්කා - “... හරි දැන් අපි මෙහෙම හිතමු, ඔයා ජොබ් එක බාරගත්තට පස්සේ ඔයාට ප්‍රොජෙක්ට් එකක් එනවා ලංකාවේ ගුවන් තොටුපළවල් දෙකේම නෙට්වර්ක් එක චෙක් කරන්න. ඔයාට තැන දෙකටම යන්න වෙනවා එක දවසින්. දෙකම ගොඩක් හදිස්සි. ඔයා මොකද කරන්නේ???”

ඔය වගේ ප්‍රශ්නයක් ඇහුවම ඉතින් සාමාන්‍ය මනුස්සයෙක් කරන්න බොරුවට හරි විනාඩි 5ක් කල්පනා කරලා අක්කට සෑහීමට පත්වෙන්න පුළුවන් ගල් පැලෙන පචයක් ඇද බාන එකනේ. එත් අපේ බුවා ගත් කටටම දීලා තිය උත්තරේ ඇහුවම කුරුලු ගේ හුස්ම තද උනා හිනා ගිහිල්ලා..

බුවා - “... ආ එක එච්චර ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නෑ. මොකද මත්තල ළඟදීම වහනවා නේ, මං කටුනායක ඉන්නවා...”

සෙස්සි අක්කා ටිකක් වෙලා බලාගෙන ඉඳලා කියලා තියනවා මේක දේශපාලනය සම්බන්ද නොකරගෙන කතා කරමු කියලා. ඉතින් කට්ටිය මොකෝ හිතන්නේ? පොරට රස්සාව හම්බෙන්න ඇතිද? විශ්වාස කරනවා නම් විශ්වාස කරන්න මේ මොහොත වෙනකනුත් බුවා හොඳට රස්සාව කරගෙන ඉන්නවා.

ඔන්න තවත් කතාවක් අමතක වෙන්න කලින් මතක් උන වෙලාවේ කියන්නම් කෝ. මේක උනේ බැක්ස්ටේජ් ට හා පොඩිබන්දු ට. දෙන්නා දැන් වැඩ කරන්නේ ලංකාවේ වගේම ඉන්දියාවේත් සුප්‍රසිද්ද, කාලයක් ලංකාවේ IT කිවුවොත් අන්න කම්පනිය කියන්න තරම් ලොකු නමක් තිබ්බ කොම්පැනියක. ගිහින් ටික දවසකින්ම බැක්ස්ටේජ් තමන්ගේ කාඩ් එක තියාගත්තා කියලයි ආරංචිය. දවසේ කොයි වෙලාවේ හරි සීට් එකේ නැත්තන්, කට්ටිය කියන්නේ පොඩ්ඩක් කැන්ටිම පැත්තේ ගිහින් බලපන් බන්, මොනා හරි කකා ඇති. අනෙද කියන්නේ මුළු ඔපීසියම දන්නවා වගේ බැක්ස්ටේජ් ගැන දැන්. කොයි වෙලේ බැලුවත් කන බනෙම තමයි.

මේක මේ හදිස්සියේ ලියපු කතා කෑල්ලක් ඈ. මොකද ගොඩක් අය කරපු ඉල්ලීම් කර නිසා. ඊට වැඩි වැඩි විතර ලියන්නම් කෝ වෙලා අරන්. කොහොමත් දැන් බැච් එකේ ඉන්නවා 260ක් විතර. කවුරු කවුරුත් මඩ පාරවල් කන්න එහෙම ලැස්ති වෙලා හිටියා නම්. මේ කුරුලු ගොයියාගේ කට එච්චර හොඳ නෑ නොවැ.

ආ යන්න කලින් පොඩි කතාවක් කියන්න ඕනේ. කූඩුව එක්ක රැඳිලා හිටපු කට්ටිය එහෙම දන්නවා නේ කුරුලු කොච්චර ඉස්කෝලෙට ආදරෙයි ද කියලා. පහුගිය දවසක අර ඇති උන ගැටුමක ගැන ගොඩක් අය නොයෙක් කතා කිවුවා. වැරැද්ද කර කොටසක් ඉන්නවා තමයි. එක උලුප්පලා පෙන්නන්නේ කොහෙවත් නැති ඇම්මක් තියන උදවිය. පාසල් දෙකේ තියන සහෝදර බැඳීම පොඩ්ඩක් පලුදු වෙන්න ඇති. එත් එක නවතින්නේ නෑ. වලියක් නැති බිග් මැච් තියනවා නම් කාන්තා පාසල් අතර තමයි. “Boys will always be Boys”. ඒ සම්බන්ධයෙන් එච්චරයි කියන්න තියෙන්නේ. අනිත් එක වලියේ සියලු තතු ඇස් දෙකේන් දැක්කා කුරුලු මොකද ඒකට මැදි උන නිසා. ප්‍රශ්නේ පටන් ගත්ත අයියාට කියන්නේ “ලැජ්ජයි මහත්තයෝ ඈ.. අවුරුදු 60ක අභිමානය කෑවා බේබද්දෙක්”.

එහෙනම් කුරුලු යන්න කියලා. ආයිත් ඉක්මනටම එනවා. දැන් නම් සතියකට සැරයක් හරි කතාවක් දාන්න උපරිම උත්සාහා කරන්නම්. පොඩි මඩ පාරල් ගැහුවේ නැත්තන් කික් එකක් නෑ වගේ දැන් නම්.  කැම්පස් විත්ති නම් දිගටම ලියවෙයි. මාගේ පාසල් කාලය ගැන අතපසු උන තැන් දාලා තව කතා සෙට් එකක් ලියන්නයි කල්පනාව. මොනා හරි ලියවෙන්න ඕනේ දෙයක් තියනවා නම් කොමෙන්ටුවක් දාන්න. ඒ ගැන හොයලා බලලා ලියන්නම්. සුපුරුදු පරිදි ගල් මල් දෙකම පිලිගන්නවා ඈ.
එහෙනම් ආයිත් හම්බෙනකන් ජය වේවා.

සදා ලවු - කුරුලු

No comments :

Post a Comment