tag:blogger.com,1999:blog-32916894203131241532024-03-13T20:25:26.619-07:00කුරුලුගේ සයිබර් කූඩුවඔහේ හිතට එන ඒවා ලිවුවට පැත්ත ගියත් ඇත්ත ලියන්නේ!කුරුළුhttp://www.blogger.com/profile/07956928148257639664noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-3291689420313124153.post-90393135993398128422014-06-15T13:09:00.000-07:002015-07-23T13:10:05.089-07:00කුරුලු දැක්ක ආලෝක පින්තාරුමේ දවස් වල හැමතැනම කසු කුසුව ආලෝක පින්තාරු, Light painting... මොකක්ද මේ කතාව?
පොඩි කැමරා කෑල්ලක් අටවාගෙන ගස් ගල් මල් වල පින්තූර ගන්න මේ කුරුලුටත් පොඩි හැකියාවක් එහෙම තියනවා. දවසක් බුකියේ ග්රූප් එකක එහෙම ගත්ත පින්තූරයක් පලකරාම එකේ නිතරම දැකපු නමක් තමයි ඉන්ද්‍රනාථ තේනුවර.. ටිකක් හොයලා බලද්දී මේ කුරුලු පොඩි කාලේ දන්නා අඳුනන පොරකගේ තාත්තා කෙනෙක්.
තේනුවර මහත්තයා ට රික්වෙස්ටුවක් යවලා දාම පින්තූර එහෙම බල බල ඉන්දෙද්දී තමයි මේ ආලෝක පින්තාරු කතාව ආවේ. ටෝච් උස්සන් කැලේ ගිහින් පින්තූර අරන් ඒවා දැම්මාම කුරුලුටත් හිතුනා යන්න තිබ්බා නම් කියලා. ඒත් මේ පොඩි කැමරාවකින් පින්තූර ගන්න කුරුලු ඔහොම දෙයක් කරන්න කළමණා සැකස ගන්නේ කොහොමද? කාලයක් ඔහොම ගිහින් ඔන්න දැම්මා ප්‍රදර්ශනේ තියනවා කියලා.
ඉරිදා දවසේ 12ට විතර නැගිටලා කොරන්න දෙයක් නැතුව කල්පනා කොර කොර ඉන්නකොට හිතුනා සෑහෙන කාලෙකින් හොඳ පින්තූර ටිකක් බැලුවෙත් නැති නිසා 3ට විතර ගියා හෝර්ටන් පෙදෙස පැත්තේ ප්‍රදර්ශනේ බලන්න.
ඇතුළු වෙද්දී අනුග්රාහකයෝ නම් අඩු නැතුව අනුග්‍රහය දක්වලා කියලා පෙනුනා හැමතැනම බැනර් ඇදලා තිබ්බ නිසා. වපු දොරකින් ඇතුළු උනාට පස්සේ ලස්සන අක්කා කෙනෙක් දුන්නා පොතක් අතට. ටිකක් බයෙන් පොත අතට ගත්තේ මොකද දැන් කාලේ නිකන් කියලා පොත අතට දීලා පස්සෙනේ රුපියක් 1000ක් විතර ඉල්ලන්නේ. ආයිත් මතක් උනා තේනුවර මහත්තයා නිකන් ප්‍රදර්ශනේ තියන කතාවක් කිවුවා කියලා.
පැත්තක ඉඳන් බලන්න පටන් ගත්තා පින්තූර ටික. ටිකක් බලාගෙන යද්දී හිතුනා මේවා අන්දපු චිත්රද කියලා. ඒ තරම් සුන්දරයි. මේවා බලද්දී ඡායාරූපකරණයට තියන ආශාව තවත් වැඩි උනා. එත් නිදහසේ බලන්න විදියක් නෑ පොඩි බට්ටෝ අරහෙට දුවනවා, මෙහාට දුවනවා. අන්න ඒක පොඩ්ඩක් නැති වෙලා නිදහසේ පින්තූර ටික බලාගන්න තිබ්බා නම් පංකාදුයි. හැබැයි තව පින්තූර ටිකක් තිබ්බා නම් කියලා හිතුනා. එත් අර කවුරුද කියලා තියනවා නේ ඕනෑම දෙයක් ඕනැවට වඩා ඕනෑම නෑ කියලා. පින්තූර වල අගය වැඩි කරන්න මේ විදියත් හොඳා හැබැයි.
පින්තූර ටික බලලා අදහසක් ලියන්න කියලා තිබ්බ පොත ගාවට එතන තව පෝලිමක්. කෝකටත් කියලා තවත් පොතක් තිබ්බා නම් කිය කියා හිතලා එතනින් එන්නා ආවා. එන්න කලින් තේනුවර මහත්තයා එක්ක වචනයක් කතා කරන්න අමතක කරෙත් නෑ. අහම්බෙන් හරි තේනුවර මහත්තයා මේක කියෙවුවොත් පුතාගේ යාලුවා කියලා මතක් උනොත් අන්න හරි.
හෙටත් ප්‍රදර්ශනේ තියනවා. කාලෙකින් හම්බෙන අවස්ථාවක්. හෙට පුළුවන් කමක් තිබ්බොත් ලෙක්චර් එකක් කට් කරලා හරි හෙටත් යනවා මන්. ගිහින් බලන්න. වටිනා කියන ප්‍රදර්ශනයක්.
එහෙනම් මන් අදට යනවා. ආයිත් පස්සේ දවසක හම්බෙමු. එතකන් සුභ දවසක්.කුරුළුhttp://www.blogger.com/profile/07956928148257639664noreply@blogger.com0tag:blogger.com,1999:blog-3291689420313124153.post-68143290586171794192014-06-04T13:10:00.000-07:002015-07-23T13:11:03.182-07:00සතුට යනු - 1 කොටස
අලුත් වැඩක්. මට සතුටු හිතෙන දේවල් ටිකක් ලියන්න ඕනේ කියලා හිතුනා. දවසට කීපය ගානේ දාන්න කියලා හිතුවේ. දැන් කවුරු හරි කියපිය සතුට යනු කඩේ ගන්න තියන එක කියලා.
අම්මාට කියලා බත් කටක් කවා ගැනීම.
විභාග ප්‍රතිපල කියද්දී තාත්තගේ මූනේ දකින ආඩම්බර හිනාව.
ඇත්ත යාළුවො කවුද කියලා අඳුන ගන්න ලැබීම.
තමන් කරන දේ තමන්ට පුළුවන් උපරිමයෙන් කිරීම.
කරන දෙයින් තමන්ට පාඩුවක් උනත් තව කාට හරි ඒකෙන් හොඳක් වෙනවා නම් ඒ දේ කිරීම.
මැරෙනකන් අමතක නොවෙන පට්ට ඉස්කෝලේ කාලයක් තිබීම.
කාගේ හරි දුකේදී සැපේදී දෙකේම එයාට ලඟින් ඉන්න පුළුවන් වෙලා හොඳ යාලුවෙක් වෙන්න පුළුවන් වීම.
වෙලාවට වැඩ කරන්න පුළුවන් වීම.
පහුවෙනිදාට විභාගේ තියාගෙනත් හොඳට ඔලුවේ ඉඳන් පොරවාගෙන නිදා ගැනීම.
ඉඳලා හිටලා හරි පුළුවන් විදියට ගෙදරට කන්න පොඩි දෙයක් ගෙනාවම නංගි සතුටු වෙන එක දැකීම.
දුක සැප බෙදාගන්න හැමවෙලාවෙම ලඟින් ඉන්න කෙනෙක් ලැබීම.
සතියකට සැරයක් හරි යාළුවො එක්ක කොහේ හරි යාම.
හොඳ ටීවී සීරිස් එකක් දවසට එපිසෝඩ් එක ගානේ බැලීම.
කාටුන් බැලීම.
ඔලුව උදුම්මාගත්ත ආඩම්බර කාර පණ්ඩිතයන්ට මූණටම එක කියන්න පුළුවන් වීම.
බොරු යාලුවොන්ව අඳුන ගන්න පුළුවන් වීම.
බයිසිකලෙන් ගමන් යාම.
වැස්ස දවසට බයිසිකලෙන් ගමන් යාම.
හොඳ ෆිල්ම් එකක් බලන්න ලැබීම.
උදේට නිදාගෙන රෑට ඇහැරිලා ඉන්න එක.
කුරුළුhttp://www.blogger.com/profile/07956928148257639664noreply@blogger.com1tag:blogger.com,1999:blog-3291689420313124153.post-49780865627548357272014-05-23T13:11:00.000-07:002015-07-23T13:11:59.352-07:00කැම්පස් විත්ති ( 11 වෙනි කොටස ) විශේෂ අතිරේකය - විභාග භීතිකාව හා වෙනත් කතාසෑහෙන කාලෙකට පස්සේ ඇවිත් ඔන්න කුප්ප කතාවක් කියන්න තමයි හදන්නේ. මේ විභාග මාසේ පාඩමක් කරගන්නේ නැතුව කුරුටු ගගා ඉන්නවා කියලා දාහකුත් එකක් බැනුම් අස්සේ තමයි මේ ලියන්නේ.
විභාගෙ පටන් ගන්න දවස් දෙකක් විතර තියලා කට්ටිය සෙට් උනා නමට වත් පොඩි පොතක් පෙරලන්න කියල. සෙට් උන කට්ටිය කිව්වුවොත් නොයෙල්, පිස්සුද බබා, තාකන, දීස් කොලුවා, පොඩි බන්දු උපාසක තැන.
ඔන්න ඉතින් රෑට කාලා බීල එහෙම වැඩ කරන්න කියලා එහෙම සෙට් වෙන්න හදනකොටම එක එකා එක එක තැන වල වැටිලා තම තමන්ගේ වැඩ කරන්න ගත්තා. ඔය අතරේ ඉටිස් ඔකේ බෙබි (It's OK Baby) මෙන්න මේ වීඩියෝ කෑල්ල නිසා සුපිරි ආතල් එකක් තමයි කට්ටිය එකතු වෙලා ගත්තේ. මේකට හේතුව අපේ පොඩි බන්දු උපාසක තැන මේ දවස් වල හා හා පුරා කියල පවුල් පන්සල් වෙලා නොවැ. ඕක තමයි මේ දවස් වල කට්ටිය හපන ටොපිය.
ඔය අතරේ කට්ටියම එකට කන්න කියලා කෑම ටික ලැස්ති කරනකොට පිස්සුද බබා දඩි බඩි ගාලා කාලා ලඟදි ගත්ත ඇස් 4 එකෙන් කාටද කොට කොට ඉන්නවා. කට්ටියටම දැන් ලොකු ප්‍රශ්නයක්. ඔහොම ටිකක් වෙලා ඕක ගැන හොයද්දි මූ කියපි " මාමිට ඕයි මැසේජ් කරන්නේ " කන එකත් පැත්තක දාලා කදී මුඩියේ මාමට යවපු මැසේජ් එක එතැනින්ම ඉවර කරලා කට්ටිය පාන්සර වෙනකන් තම තමන්ගේ වැඩ කරලා, නමට වත් පාඩමක් කරන්නේ නැතුව ගෙවල් වල ගියාලු.
මේ දවස් ඉතින් විභාග. ලෙක්චර්ස් වලට නොගිපු උන්දැල නෝට් හොයා හොයා ෆොටෝකොපි කරනවා, කුප්පි දානවා වැඩ ගොඩයි. හැමපාරම විභාග ලං වෙනකොට කට්ටියගේ චර්යාව ඔන්න ඕකයි. කල් ඇතුව වැඩේ කොරගෙන ශේප් එකේ පැත්තකට වෙලා විභාගේ දවස් වල ෆිල්ම් එකක් බලාගෙන ආතල් එකේ ඉන්න එපයි.
කොහොම හරි මේ දවස් වල ඉස්සර හිටපු ගැන්සිය කැඩිලා වගේ වෙලාවකට හිතෙනවා. අලුතෙන් කට්ටිය සෙට් වෙලා පරණ කට්ටිය වෙන් වෙලා වගේ ප්‍රශ්න හැමතැනම වෙනවනේ. ඉරිසියාව, උද්දච්ච කම, පණ්ඩිත කම වගේ දේවල් එන්න කාලයක් ඉන්න ගියාම පට්ටම අමාරුයි.
වෙනත් කතා කිවුවට කියන්න තරම් වෙනත් කතාවක් මතකෙට එන්නෙත් නෑ. අලුත් වැඩක් පටන් ගන්න කියලා අදහසකුත් තියනවා හිතේ. එකත් ඉක්මනටම කරගන්න ඕනේ.
ආ ඔව්.. පහුගිය කාලේ ටිකක් වැඩ කටයුතු නම් වැඩිය තිබ්බා තමයි.
කැම්පස් එකේ අවුරුදු උත්සවේ
කැම්පස් ජීවිතේ පටන් අරන් අවුරුද්දක් වීමේ සතුට (දුකද කියන එක පැටලිලි සහගතයි) සමරන්න තිබ්බ සරම් පාටි එක.
තව කැම්පස් එකේ ඇරෙන්න තිබ්බ
වෙසක් එකට දීපු බත් දන්සල
පහුවෙනිදා පන්සලේ දීපු අයිස්ක්‍රීම් දන්සල
වගේ ගොඩක් දේවල් සිද්ද උනා පහුගිය දවස් ටිකේ.
තව පොඩි දෙයක්. වැඩි කාලයක් නෑ සෙට් උනා මන් වගේම පිස්සු කාන්තා පරානයක්. ආයිත් නෑ වෙලාවකට මටත් වඩා මෝල් ද කියලා හිතෙනවා වෙලාවකට. මොනා උනත් පට්ට ජොලි පොර. ඔව් ඔව් ගෙම්බි. ඔබ ගොන් වහන්සේ ගැන තමයි :P
අප්පා.. තව පොඩ්ඩෙන් අමතක වෙනවා. කෝරලේ මහත්තයාව කට්ටිය දන්නවා ඇති කියල මන් හිතනවා. මගේ ජීවිතේට පේස්බුකිය හරහා හම්බුනා අපූරු මිනිසෙක්. තාම ඇහැට වත් දැකලා නැති, මේ අයියණ්ඩි මගේ ජීවිතේට ගොඩක් උපදෙස් දීලා තියනවා මගේම අයියා කෙනෙක් වගේ. ඒ වගේම තමයි කෝරලේ මැණිකෙත්. ආරංචිය තමයි අපේ කෝරලේ මහත්තයා දැන් තාත්තා කෙනෙක්. ඒ ආරංචිය ලැබුනම තමයි මන් පලවෙනි පාරට කතා කරේ ෆෝන් එකෙන්. කෝල් එක ආන්සර් කරපු ගමන් "මල්ලියෝ" කියලා කතාව පටන් ගෙන කතාව ඉවර උනේ ඉක්මනටම පොඩි එකාව බලන්න එනවා කියලා පොරොන්දු වෙලා. කොහෙද මේ මගුල් වැඩ අස්සේ එකට වෙලාවක් නැති උනානේ. පුළුවන් ඉක්මනටම මන් එනවා කෝරලේ මහත්තයා අයියේ.
වෙලාවකට ජීවිතේ මහා පුදුමාකාරයි කියලා හිතෙනවා. පිටින් පේන මනුස්සයා නෙමෙයි ඇතුලෙන් ඉන්නේ. තනිකරම මවා ගත්ත චරිතයක්. මිනිහෙක් දැන අඳුනගන්න ජීවිත කාලෙන් සෑහෙන කොටසක් ගත වෙනවා කියන එක තේරුම් යන්නත් සෑහෙන කාලයක් යනවා. තමන්ට ලැබිලා තියන දේවල් නැති කරගන්නේ නැතුව අලුතින් සතුට සොයනවා වෙනුවට මිනිස්සු තියන දේවල් නැති කරගෙන සතුට හොයන්න යනවා. (කඩේ තියන සතුට නෙමෙයි බොලවූ). මිනිසුනේ හිතපල්ලා. ජීවත් වෙන්නේ තව ටික කාලයයි. පනින්න කලින් හිතපල්ලා.
සමාජේ වීවත් වෙනවා කියන එකත් මහා පට්ටම කට්ටක්. හිතන තරම් ලේසිත් නෑ එක. සල්ලි කාර ලොක්කාගේ පුතාට එක මහලොකු ගේමක් නෙමෙයි. සුපිරි හෝටල් වලින් කාලා බීලා ජොලි කරන්න උට තාත්තයි බූදලේ තියනවා. එත් සාමාන්‍ය එකා? ඌ හැමපැත්තෙන්ම තැලෙනවා. උට අම්මා දෙන බත් එක තමයි සුපිරි කෑම. බස් එක තමයි සුපිරි වාහනේ. එකම හඩු කලිසම තමයි අඳින්න තියෙන්නේ. එත් ඌ දුක දන්නවා. කවදා හරි ඌ කකුල් දෙකෙන්ම නැගිටිනවා. එදාට සල්ලිකාරයාගේ පුතා? ඔව් ඌ දනගානවා...
යකුනේ මට විභාගේ.. අදට කතාව ඉවරා................යි ඈ..කුරුළුhttp://www.blogger.com/profile/07956928148257639664noreply@blogger.com0tag:blogger.com,1999:blog-3291689420313124153.post-2203392537729200862014-05-18T13:12:00.000-07:002015-07-23T13:12:40.374-07:00කැම්පස් විත්ති ( 10 වෙනි කොටස )
කාලෙකට කලින් ලියපු කතාවක් අද තමයි පොස්ට් කොරේ ඈ :)
සෑහෙන්න කාලෙකින් ගොඩ උනේ කූඩුව පැත්තට.. කෝ මේකේ උන්දැලා කවුරුවත් නෑ නොවැ.. කමක් නෑ ඔන්න ඉතින් ඉන්න උන්දැලා වගේම අලුත් උන්දැලත් ගෙන්න ගන්න පහුගිය දවස් ටිකේ වෙච්ච සිද්දි අල්ලලා කතාවක් කියන්නම් කෝ.. ආ ඔක්කොටම කලින් කියන්න ඕනේ ප්‍රතිපල ලැබුන සතුට නිමිත්තෙන් පොඩ්ඩක් ඇල් වතුරෙන් සප්පායම් වෙලා ඉන්නේ හොඳේ. (සිරාවට ඕයි ඇල්වතුර තමයි) ආ තව එකක් මේක ඉතින් කැම්පස් ගොයියන්ට තමයි. සුභ පැතුම් ඈ :)<o:p></o:p>
පහුගිය දවස් ටිකේ නම් අම්බානට දේවල් නම් සිද්ද උනා.. සැකෙවින් පොඩි කික් ඉස්ටාර්ට් එකක් ගන්න කියනවා නම්,,<o:p></o:p>
- ආතල් ට්‍රිප් එක<o:p></o:p>
- පොඩි බන්දුට මොකෝ උනේ?<o:p></o:p>
- යසෝ??<o:p></o:p>
සවිස්තර පුවත් මෙතැන් සිට.. පලවෙනි පුවතට සාදර අනුග්‍රහය සත් ගුණවත් __ ව්‍යාපාරික මහතා..<o:p></o:p>
ආයිත් නෑ මතක ඇති කාලෙකින් ගිය ආතල්ම ට්‍රිප් එක යන්න සෙට් උනා කැම්පස් සෙට් එකත් එක්ක. කොහෙද ගියේ?? කුරුවිට ඈ. කුරුවිට කිවුවට කුරුගඟ කියන තැනට තමයි ගියේ.පැණි හඳ බලන්න නම් කියාපු ප්ලේස් එක ඈ :P ඔන්න ඉතින් උදේ 6.30ට පිටත් වෙනවා කියලා යාන්තම් 7.30 විතර වෙනකොට කැම්පස් එකෙන් පිටත් වෙන්න පුළුවන් උනා. මගින් මගින් කට්ටියවත් ඇහුව ගෙන කොහොම හරි මානියංගම කියන හරියට එනකොට 10 ට විතර ඇති. අපෝ එනකන් අපේ උන් පාරේ යන බස් වලට දීපු වදයක්. මන් හිතන්නේ බොහොම සීමිත බස් ගානකට තමයි අපිව පහු කරන්න හම්බුනේ. මොකද හෝන් එක ගහලා ඉස්සර කරන්න හදනකොටම අපේ උන් කියන සින්දුවත් නවත්තලා වීදුරු වලින් ඔලුව දාලා "බුදු අයියේ ඉස්සර කරන්න නම් එපා" ගාලා කෑ ගහනවා. ඉතින් කොහේ ඉස්සර හරන්නද. බස් එකේ ඩ්‍රයිවර් මහත්තයයි, කොන්දා අයියයි ෆුල් හොල්මන්. ඇයි පාරේ ඉන්න මිනිස්සු බස් එකට නැග්ග ගන්න ගිහින්...<o:p></o:p>
ඔන්න ඉතින් මානියංගම ඉන්නවා අපි බැච් එකේ පින්වන්තියක් :) අනේද කියන්නේ හරි පින් වන්තයි. අපේ බැච් එකේ ඉන්න බඩගෝස්තර වාදීන්ගේ බඩ පනුවෝ ටික උදේ වෙලෙන් සනසවන්න ඒ උන්දැට පුළුවන් උනා. මරුම වැඩේ කියන්නේ (ඇත්තද බොරුද දන්නේ නෑ) අපේ එකෙක් ඉතින් මාමණ්ඩි (කියලා හිතන) ගෙදර ගිහින් කෑම වෙලකුත් සප්පායන් වෙලාත් ආවලු ඈ.<o:p></o:p>
අංකල් හෙන ෆිට් පොර. එයා මනින කෙනෙක් ලු ඈ. කොහොමහරි අංකල් කිවුවා ඒ හරියේ කන්දකුයි පන්සලකුයි තියනවා එතෙන්ටත් ගිහිල්ලම යන්න කියලා. "මානියංගම රජ මහා විහාරය". දවල්ට කන්නත් වෙලා තියන එකේ, කට්ටියටම ෆන් එකකුත් හම්බෙන එකේ,කට්ටියත් එක්ක කන්ද නගින්න යන්න කතා උනා. බස් එකෙන් එතෙන්ට ගිහින් මුලින්ම පන්සලට ගියා. ගිහිල්ලා එතනින් උඩට කන්ද නගින්න පටන් ගන්න කොටම එකෙක් "මචං මන් හාවෙක් අල්ලලා එන්නම්" කියලා දීස්, නොයෙල්, හිටිය සෙට් එකට කියලා කැලේ පැන්නා. ඔතන හිටියා කාන්තා පරානයක් (පිස්සුද බබා ගේ ප්‍රියම්බිකාව) "අනේ මේ කැලේ හාවොත් ඉන්නවා ද?" කොල්ලෝ ටික ෆුල් හොල්මන්. කියන්නේ මොනාද කල්පනා කර කර ඉන්නකොට ශේප් එකේ කතාව ඇදගෙන ඉස්සරහට ගියා. මගක් දුර යනකොට කට්ටිය කැඩිලා තමයි නැග්ගේ. කොහොමින් කොහොම හරි බඩ ගාගෙන හරි කට්ටිය කන්ද නැග්ගයි කියමුකෝ. ආයිත් බහින්නත් එපයි. නැග්ගා නම් බහින්න එපයි.<o:p></o:p>
කුරුළුhttp://www.blogger.com/profile/07956928148257639664noreply@blogger.com0tag:blogger.com,1999:blog-3291689420313124153.post-85720627627030773152014-04-01T13:13:00.000-07:002020-05-25T07:58:11.662-07:00මාගේ පාසල් කාලය.. සිහිවෙනවානේ හැම විට.. (9 කොටස - විශේෂ කොටස් මාලාව ) උසස් පෙළ කොහොමද මචං ලා... සෑහෙන්න කාලෙකින්.. පහුගිය ටිකේ නම් වැඩ නොතිබ්බත් ලියන්න කතාවක් තිබ්බේ නැති නිසයි අලුතින් දෙයක් නොදැම්මේ. කතා තියනකොට ලියන්න වෙලාවක් නෑ, වෙලා තියනකොට දාන්න කතාවක් නෑ. කොහොම හරි  මාගේ පාසල් කාලය.. (8 කොටස ) කොටසින් පස්සේ  මාගේ පාසල් කාලය..  කතා මාලාව ඉවර කරානේ මම. පස්සේ ගොඩාක් අයගෙන් චෝදනා වගේම ප්‍රහාරත් ආවා කතාව ඉක්මනට නැවැත්තුවා කියලා. මොනා කරන්නද. එහෙනම් ඔන්න ඉතින් හුචස් පෙළ නොහොත් උසස් පෙළ ගැන කතාව අදින් පටන් ගන්නවා. මතක හැටියට තමා ලියන්නේ. දැන් ඉතින් අවුරුදු තුන හතරක් වෙනවා මේ සිද්දි සිද්ද වෙලා.
කලින් කතා එක්ක සම්බන්ධ වෙලා හිටපු අයට ඉතින් මන් උසස් පෙළ වෙනක ආවේ කොහොමද කියලා මතක ඇති නේ. කොහොම හරි O/L රිසාල්ට් ආවට පස්සේ වැඩි කල් නොගිහින්ම A/L පන්ති ඉස්කෝලේ පටන් ගත්තා. දෙපැත්තට වැනි වැනි හිටපු මම කොහොම හරි ඉස්කෝලේ යනකොට අලුත් වාරේ පටන් අරන් මාස 2ක් විතර ගිහිල්ලා. ජූලි මුල වගේ තමයි මන් A/L පන්තියට ගියේ. කොහොම හරි වාසනාවකට අවාසනාවකටද මන්දා වැටුනේ O/L කාලේ ඉඳන් හිටපු කස්ටිය හිටපු පන්තියට.
ඒ වගේම පන්තිය භාර වෙලා හිටියේ " මිරිහාන සර් ". පොර ශේප් චරිතයක් වගේ පෙනුන නිසා පලවෙනි දවසේ ඉඳන් ටික දවසක් යනකන් ශේප් න්‍යාය අනුගමනය කරන්න ඕනේ කියලා හිතුනා. පන්තියට ගිහින් වාදී උනේ පලවෙනි පේලියේ. පලවෙනි පේලියේ කට්ටියට මන් තමයි වම් පැත්තේ කොනේ, මුට්ටියා, මීමා, ඔටුවා, තව ඩබලක් හිටියා. කොහොම හරි වැඩ පටන් අරන් කරගෙන ගියා කිසි අවුලක් නැතුව. අවුලක් නෑ වගේ හිතුනේ මොකද කියපු මෙලෝ සසරක දෙයක් තේරුනේ නැති නිසා මිසක් වෙන දෙකට නෙමෙයි. අපේ විෂයන් ට ආපු සර් ලා ගැන කියනවා නම් කියන්න දේවල් ගොඩක් තියනවා. කෙමෙස්ට්‍රි වලට අපේ හිතාදර මිරිහාන සර්, ඇප්ලයිඩ් මැත්ස් වලට ධනපාල සර්, පියෝ මැත්ස් වලට ලෝනි සර් (සර් ගේ ඇත්ත නම මතක නෑ. සර් ට ලෝනි කියන්නේ පන්තියට එන්නේ ලෝනිගේ ත්‍රිකෝණමිතිය පොත උස්සගෙන, මොන පාඩම කරත් පොත අතේ) මුල් දවස් වල අපිට ෆිසික්ස් කරාද කියලා මතක නෑ..
කොහොමින් කොහොම හරි ටික කාලයක් ඔහොම ගත උනා. ඔය අතරේ තමයි අපිට අවුරුද්දක් වැඩි අයියලාගේ සයන්ස් ඩේ එක සෙට් උනේ. එකට කුරුළු, මහාචාර්ය වීරකෝන් ඇතුලුසෙට් එකක් බැහැලා වැඩ එහෙම කරා. සයන්ස් ඩේ එක දවසේ උන දෙයක් නොකියම බෑ. අපේ බැච් එකේ හැම පන්තියකින්ම අයිටම් එකක් ඕනේ කියලා කලින්ම කියල තිබ්බේ. ඔන්න ඉතින් බලද්දී පන්තියකට එක ගානේ තියා බැච් එකෙන්ම එකක්වත් නැද්ද කොහෙද. ඔන්න ඩේ එකට කලින් දවසේ කුරුළු, වීරකෝන්, අයිවන් ඇතුළු සෙට් එකක් වැඩේට බැහැලා සින්දුවක් දෙකක් කියන්න ලැස්ති උනා. කොහොම හරි ප්‍රැක්ටිස් එහම කරලා ඔන්න වෙලාවට නැග්ගා ස්ටේජ් එකට. සින්දුවේ ඉන්ට්‍රඩක්ෂන් එක යනකොට ස්ටේජ් එකේ කර්ටන් එක වැහුනේ නැතැයි. ආයිත් අරුනා. මෙන්නවීදියෝ එකක් පෙන්නනවා. ආයිත් වැහුනා. ඒ පර නම් සින්දුව ගියා. කට්ටියට ෆුල් හොල්මන්. වැඩේ උනේ මේකයි. අයිටම් එකට කලින් ප්ලේ කරන්න කියල පොඩි වීඩියෝ කෑල්ලක් හදලා තිබ්බේ. ඕක ඔපරේට් කරන්න හිටපු බුවා එක ප්ලේ කරේ නෑ. අපේ ගුණවත් මිරිහාන මහත්තයා වහාම කට්ටිය ස්ටේජ් එකෙන් අයින් කොරලා වීඩියෝ එක ප්ලේ කරවල තමයි අයිටම් එකට ඉඩ දුන්නේ :P ඔහොම ඉතින් ඩේ එකේ වැඩ කටයුතු ඉවර උනා.
ඊට පස්සේ දෙසැම්බර් නිවාඩුවෙන් පස්සේ ජනවාරි ඉස්කෝලේ පටන් ගත්ත. අවුරුද්ද 2010. මුල් සති කීපයම යනකොට පොඩි කතාවක් යනවා ඇහුනා මිරිහාන සර් ට බකට් එකක් කියලා. මොනා උනත් සර් නිසා පොඩ්ඩක් හොයලා බලනකොට මොකක්දෝ හුටපටයක් නිසා සර් වෙනත් ඉස්කෝලෙකට මාරුවීමක් හදාගෙන. සර්ත් සති දෙක තුනකින් ගියා. බඩු පැකට්. පන්තියට කෙමෙස්ට්‍රි කරන්නත්, පන්ති භාර ඉන්නත් කෙනෙක් නෑ. කොහොම හරි මාසයක් වගේ ඇතුලත තුන් හතර දෙකෙන් ම පන්තිය භාර අරනනිත් පැත්තට යනවා. හිටපු උන්දැ ලගේ තරම හිතාගන්න පුලුවන් නේ..
ඔහොම වැඩ යන අතරේ තව තව දේවලුත් උනා. අර මන් කලින් කිවුවා වගේ අපි සෙට් එකක් හිටියා පන්ති වල අන්තිම පේලි වල. කරුමෙටද වාසනාවටද මන්දා අපි ඉස්කෝලෙදි වැටුනේ එක එක පන්ති වලට. ආයිත් මතක් කරොත් උක්කුන්, අයිවන්, මුට්ටියා, ඇතුළු කට්ටිය. දන්නවනේ ඉතින් කෙමෙස්ට්‍රි ක්ලාස් එකේ 3න් දෙනා ගැන්සියේ හිටපු අය වැටුනේ පන්ති තුනකට.
ඔන්න එහෙනම් අදට කතාව නවත්තනවා. ඊළඟ කොටස තව ටික දවසකින්.. :)කුරුළුhttp://www.blogger.com/profile/07956928148257639664noreply@blogger.com0tag:blogger.com,1999:blog-3291689420313124153.post-9086610908829820342013-11-02T22:51:00.001-07:002014-06-01T09:34:59.460-07:00කැම්පස් විත්ති ( 8 වෙනි කොටස )අම්මෝ මාසෙකට විතර පස්සේ ඔන්න ආවා කූඩුව පැත්තේ. මේ දවස් ටිකේ නම් අම්බානට වැඩ අප්පා. ඇඟ පතත් රිදෙනවා. කියන්න නම් කතා එමටයි. "කොහොම පටන් ගෙන මොනවා ලියන්නද නැත මට වැටහෙන්නේ" තමයි.
හරි වෙච්ච සිද්දියකින් ම පටන් ගන්නම් කෝ! මතක විදියට ගිය මාසේ 23ද කොහෙද. කැම්පස් එකට අලුත් බැච් එක ආපු සතිය. ඉතින් වැඩ කටයුතු නම් ටිකක් තිබ්බා. ඔය අතරේ තමයි අපේ බැච් එකට වැඩක් පැවරුනේ අලුතින් එන ජුඋනියර්ස්ලා පිළිගන්න සීනියර්ස් ලා හැටියට පොඩි welcoming event එකක් ලැස්ති කරන්න කියලා. සෝක් වැඩේ කියන්නේ ඔය පණිවිඩේ එනකොට කට්ටිය එක එක තැන වල. කොහොම හරි නොයෙල්, දීස් කොලුවා, තාකන, පොඩි බන්දු, ලන්ගනාත්, පිස්සුද බබා, සුසා, මදුපාල ඇතුලු කිහිප දෙනෙක් එකතු වෙලා වැඩේ ලැස්ති කරා. කොහොම හරි ආරන්ච්චියේ හැටියට නම් දවස් කීපයක් රෑ වෙනකන් ඉඳලා තමයි වැඩේ ලැස්ති කරලා තියෙන්නේ.
වැඩේට ලැබුන වෙලාව තමයි 24 වෙනිදා දවල් 1-4 වෙනකන්. අවාසනාවට වැඩේ පටන් ගන්නකොට ටිකක් විතර පරක්කු උනා. කොහොම හරි වැඩේ පටන් ගන්න කලින් පොඩි කතා බහක් උනා. කොහොම හරි වැඩේ හොඳට නැගලා යනකොට වැඩේට සතුටු උන කට්ටියක් වගේම වැඩේ නිසා ඇහැට කටු අනිනවා වගේ වුන කට්ටියකුත් හිටියා. අපිට කෙල වෙනකන් බලන් හිටිය උන්දැ ලාට අපිට කෙල වුන තැනක් හොයා ගන්න බැරි උන තැන මොකක් හරි රෝලක් ගහලා ස්ටේජ් එකට නැගලා ඔන්න ඉතින් බයිලයක් කෙලින්න ගත්තා. ඒ අපේ ඉවෙන්ට් එකේ අන්තිම ටිකේදි. මරුම වැඩේ කියන්නේ "Presentation casual were වලින් කරන කට්ටිය Welcoming event එකක් Formal ware වලින් කරන්න කියලා උපදෙස් දීපු එක"යි. කොහොම හරි කරපු වැඩේ අන්තිමට උඩටම ගියා කියලයි ආරංච්චිය! ආ තව කියන්න බැරි උනානේ. කුරුළුගේ හිත ඇදීලා ගිය දෙතුන් දෙනෙක් ම අලුත් බැච් එකේ ඉන්නවා නොවැ :P
හරි ඊළඟ කතාව නම් අනේ මන්දා. කරුමේ කියන්නේ වෙච්ච දේවල් මතක නෑ නොවැ. අපරාදේ. කොහොමින් කොහොම හරි තව event එකක් අපේ බැච් එකෙන් organize උනා. ක්‍රිකට් මැච් එකක්. එක නම් පැවැත්තුනේ පහුගිය පළවෙනිදා. අඩේ එදා දැන් සුපිරිම ආතල් දවසක්. ගොඩ කාලෙකට පස්සේ කට්ටියම එකතු උනා. කොහොම හරි මැච් එක ඉවර වෙනකොට බෝල 12කට වෙච්ච දෙයක් නෑ :P මැච් එක ඉවර වෙලා කට්ටිය එක්කම වැස්සේ නටලා මඩ නාලා, සබන් ගාගෙනම තමයි කට්ටිය ගෙවල් වල ගියේ.
සමාවෙන්න ඕනේ. අදට කතාව කෙටියි. මේ සතියේ ඉඳන් ආයිත් ලස්සනට කතා ටික දාන්නම්කො. එහෙනම් අදට මන් ගියා. සුභ දවසක් හැමෝන්ටම!කුරුළුhttp://www.blogger.com/profile/07956928148257639664noreply@blogger.com8tag:blogger.com,1999:blog-3291689420313124153.post-61160279594899838132013-10-19T07:23:00.000-07:002014-06-01T09:35:10.749-07:00කැම්පස් විත්ති ( 7 වෙනි කොටස )ආයුබෝවන්ඩ එහෙනම් හැමෝන්ටම.. ඔන්න එහෙනම් අදත් කැම්පස් විත්ති අරන් ආවා. කලින් දවසේ දාපු ආදරේ කියනේ ජීවිතේ ද?? කතාවට නොහිතපු තරම් ප්‍රතිචාර ලැබුණා. ඒ වගේම තනිකඩ උන්දැ ලාටත් කතාවක් ලියන්න කියලා දෙතුන් දෙනෙක් ම කිවුවා. අනිවාර්යෙන්ම ඒ වැඩෙත් කරනවා. හැබැයි දැන්ම නෙමෙයි. එකට ටික කාලයක් යයි. මොකද අවශ්‍ය දේවල් හොයා ගන්නෙපැයි.
මේ දවස් වල කැම්පස් එකෙන් පොඩි පැමිණිල්ලක් තියනවා කුරුළු ගේ කතා දිග වැඩි කියලා. ඕක ඉතින් කුරුළු ගේ කනටත් ආව. ඇත්තද? කතා නම් ටිකක් දිග වැඩි කරෙත් අපේ කියවන කට්ටිය කිවුව නිසා. කොහොම උනත් මේ ප්‍රශ්නෙට පිලියමක් පිස්සුද බබා හොයා ගත්තා. "කෙටි කර ලිවීම". පොඩ්ඩක් තේරෙන්න කිවුවොත්
රා. සේ. පි- රා බොන සේරම පිරිමි
C. T. B- Ceylon ටකරන් Bus
ඔන්න ඔය වගේ කෙටි යෙදුම්. :P මේ දවස් වල කුරුළු ඒ වැඩේ ගැන හිත හිත ඉන්නේ. :P
ඔන්න ඉතින් අද කතාව දවස් කීපයක කතා වල එකතුවක් කිවුවොත් හරි. එක නිසා ටිකක් දිග වැඩි වෙයි. ඔන්න ඉතින් මතක හැටියට පහුගිය බදාදා ද කොහෙද උදේ තිබ්බ ලෙක්චර් එකකට ගියා කැම්පස් එකට. ඒ යනකොට කට්ටිය ඔක්කොම සුපුරුදු පරිදි තැන තැන වල කෝප්ප සෝදමින් හිටියා. ඔන්න ඉතිං අපේ සෙට් එකත් වාදී වෙලා කියව කියව ඉන්නකොට පිස්සුද බබා ගිනි පෙට්ටියක් ගත්තා එලියට. දැන් ඉතින් අර ගින්දර හොයාගත්ත කාලේ වගේ කට්ටිය ගිනිපෙට්ටියෙන් එක එක සෙල්ලම් දානවා. ඔය අතරේ පොඩි බන්දු උපාසක තැන ගිනිපෙට්ටියෙන් විවිධ සෙල්ලන් දානවා.
පිස්සුද බබා- මචං බන්දු.. දෙනවකො දස්කිට සැපක්....
හරි. වැඩේ හරි කියන්නේ නියමයි. මොකද ඔය දස්කි කියන චරිතේ ගැන පොඩි හැඳින්වීමක් කරොත් පුදුම චරිතෙකි. මුලින්ම කවුරු හරි එක්ක කතා කොරොත් තමන්ව අඳුන්වලා දීලා මුලින්ම අහන්නේ "මචං.. ඔයාට නංගි කෙනෙක් ඉන්නවද" කියලා. වැරදිලා හරි උත්තරේ ඔව් කිවුවොත් අන්ච්චේ දුඛ්කේ තමයි.
-අනේ මචං නංගි facebook ඉන්නවද?
-ඉස්කෝලේ මොකක්ද?
-වයස කීයද?
කිහිප දෙනෙක්ගේ ඉවසීමේ සීමාව පන්නවන ලද මේ ආකාරයේ තවත් ප්‍රශ්න කෙපයක් ඔහු සතුය. අපේ කට්ටිය මේ ප්‍රශ්නෙට පිලියමක් විදියට දස්කි "ෆෝම්" කිරීම සොයා ගන්නා ලදී. මෙච්චරක් දුරට නම් වැඩේ ඇති සාර්ථකයි.
ඔන්න ආයිත් කතාව. ඔන්න ඉතිං පොඩි බන්දු උපාසක තැන ගිනිකූරක් පත්තු කරන දස්කි අසලට යනකොට ඈතින් ඇහෙනවා "එයි එයි මොකද ඔය කරන්නේ" කියලා. බැලින්නම් මේ සන්දනානා නේ. මේ මොකක්ද මේ? ඔය අතරේ දීස් කොලුවා ඕක දැකලා කෑ ගැහුවා "දස්කි ට ගහද්දි ඇයි සන්දනානා ට රිදෙන්නේ" කියලා. කතාව ඇත්තනේ? ෆන් එකට කරන වැඩක් නම් ඇයි කාටවත් වේදනා?
සන්දනානා - "එහෙම කොහොමද? ඒ අපේ කොල්ලෙක් නේ?" කියලා කිවුවා. ඔන්න ඉතින් දවසේ වැරදි කතාව සන්දනානා ප්‍රකාශ කරා.
දීස් - "මෙතන 'අපේ කොල්ලෝ' කියලා කවුරුත් නෑනේ බන්.. ඔක්කොම එක වැල්ලේ පොල් නේ."
කතාව ඇත්තනේ. එකට ලෙක්චර්ස් වලට ඉන්නකන් ඔක්කොම එක බැච් එක මිසක් වෙන වෙන කෑලි නෑනේ. කොහොම හරි ඒ කතාව එතනින් ඉවර උනා. අන්තිමට එක වැල්ලේ පොල් ඉවර උනේ "එක පොල්ලේ වල්" වෙලා.
ඔන්න ඉතින් කොහොමින් කොහොම හරි ලෙක්චර් එකේ වෙලාව ඉවර උනේ අවාසනාවන්ත ආරංචියකුත් එක්ක. ගෙඩිපිටින් assignments දෙකක්ම දුන්නා කරන්න කියලා. සර් එහෙම කියලා assignments දෙක computer එකට කොපි කරලා හෝල් එකෙන් එලියට ගියා විතරයි කට්ටිය assignment එක කොපි කරගන්න පොර කනවා. අනේ ඉතින් මන් මේ කල්පනා කරේ මේ තරම් assignments කරන්න ආසා ළමයි ඉන්නවා දැකීමත් ආඩම්බරයට කරුණක් නෙමෙයිද? නැද්ද මන් අහන්නේ හසන්ත මහත්තයෝ. ආස්චර්ය :P
හවස් වරුවේ ලෙක්චර් එකක් පවත්තුනේ නැති උනත් සුපුරුදු ලෙස වල බැසීම සඳහා කට්ටිය ලක ලැස්ති උනා. දවලට කාලා බීලා එහම කට්ටියත් එක්ක ගියා study area එකට. පොඩි ආරංචියක් ලැබුණා අපේ කට්ටියක් එතන ඉඳන් අලුත් උපාධියක් පටන් අරන් කියලා. එකේ විස්තර ලද සැනින් දන්වන්නම්. කට්ටිය ඉතින් study area එකට ගිහින් ඔන්න ඉතින් ලැප් දෙකක් on කරගෙන කට්ටියත් එක්ක film එකක් බලන්නයි ලෑස්තිය. ආසියාවේ ආස්චර්ය. කෙලෙස විස්තර කරන්නද මේ අපූරු දසුන. කිසි සද්දයක් නෑ කට්ටිය ෆිල්ම් බලනවා. හරිම සන්තෝසයි. ඔන්න ඉතින් ඔහොම ෆිල්ම් එක බලලා ඉවර වෙනකොට පිස්සුද බබා ෆොටෝ එකක් පෙන්නුවා ගමනක් යද්දී 140km/h වේගයෙන් යන වෙලාවක වේග මානයේ speedometer එකේ ෆොටෝ එකක්. ඕක දැක්ක ගමන්
නොයෙල් - "අපරාදේ බන් උඹ ෆුල් ටෑන්ක් ගහන ගියේ. එතකොට speed එක තව අඩු වෙනවනේ.."
ඒ ප්‍රශ්නෙට පිලියමක් දීස් කොලුවා හා පිස්සුද බබා හොයා ගත්තා. පෙට්‍රල් බෝතල් වලට පුරවලා පාර අයිනේ තියලා තියනවා ඕන වෙලාවට දාගෙන යන්න. කොහොමද ඒ වැඩේ?? :P
ඔන්න ඉතින් පහුවෙනිදත් ලෙක්චර්ස් තිබ්බ නිසා කැම්පස් එකට ගියා. අනේ මොනා නත්තත් ඒ lecturer හරි ශෝක්. හිත ඇදීලා යනවා. ලතාවට කතා කරන්නේ. ගොඩක්ම okay කියන වචනය පාවිච්චි කරන නිසා අපි එතුමියට "ඕකේ මිස්" කියලා කතා කරමු. ඔන්න ඉතින් ලෙක්චර් එක යන අතරේ මිස් ප්‍රශ්නයක් ඇහුවා
"කවදාවත් කෙසෙල් ගෙඩියක් දැකලා නැති කෙනෙක්ට කෙසෙල් ගෙඩියක් කන හැටි කියලා දෙන්න"
ඇත්තටම ප්‍රශ්නේ උනේ කියලා දෙන්න කියන එක නෙමෙයි. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් පිළිතුර කියන්නකෝ. එහෙනම් අදට කතාව ඉවරයි ආ.. තවත් අලුත් කොටසකින් හම්බවෙමු. එතකන් සුභ දවසක්.
ප.ලි - අලුත් කතාවක් ලියන්න හොඳ මාතෘකාවක් තියනවා නම් facebook එක පැත්තට ඇවිත් කුරුළුට කියන්න කෝ..
කුරුළුhttp://www.blogger.com/profile/07956928148257639664noreply@blogger.com12tag:blogger.com,1999:blog-3291689420313124153.post-64232148572754979052013-10-16T08:17:00.000-07:002014-06-01T09:39:04.411-07:00කැම්පස් විත්ති ( 6 වෙනි කොටස )සුභ දවසක් පැමිණ සිටින සියලු දෙනාටම.. මේ දවස් ටික නම් පට්ට කම්මැලි දවස් ටිකක්. මෙලෝ රහක් නෑ. අලුතෙන් දාන්න කතා නම් දෙක තුනක් තියනවා. ඔන්න ඔහේ මොකටද පස්සට දාන්නේ. දැන්ම කියලා දැම්මම ඉවරයි නේ.
ඔන්න ඉතින් දවස් තුන හතරකට පස්සේ අදත් කැම්පස් එක පැත්තේ ගියා, ගියේ ඉතින් වෙන මොකටවත් නෙමෙයි ලෙක්චර්ස් තිබ්බ නිසා. ඔන්න ඉතින් ලෙක්චර් එක පටන් ගන්නකොට ලෙක්චරර් ගේ මූඩ් එක ටිකක් අප්සට් වගේ තේරුනා කාටත්. Visiting Lecturer කෙනෙක් නිසා සද්ද බද්ද මුකුත් නැතුව කියන එක අහගෙන ඉන්නකොට ඔන්න ඉතින් දුන්නා ගණන් වගයක් හදන්න. කට්ටිය ඉතින් සද්ද නැතුව වැඩ කරගෙන යනකොට පොඩ්ඩ සද්ද එන්න පටන් ගත්තා. වයර් එක මාරු වෙලා හිටිය lecturer ට එක එක ඇහෙන කොට තව චූන්. ඔන්න ඉතින් මෙතුමාත් දේශනාව පටන් ගත්තා. දේශනාව ගැන කියන්න කලින් කියන්න ඕනි මේක නම් කිසිම අපහාසයක් අන්තර්ගත වෙන එකක් නෙමෙයි. මොනා නැතත් කිවුව ඔක්කොම ඇත්ත. මන් එක ඉහටත් උඩින් පිලිගන්නවා :)
ඔන්න ඉතින් කතාව පටන් ගත්ත තැන නම් මතක නෑ. දේශනාවේ ට්කක් දුර යනකොට පොඩි බන්දු උපාසක තැන පිරිකර එහෙම ලැස්ති කරන වැඩ ගැන බැලුවා. ඔහොම ඔහොම ටික දුරක් යනකොට බස් කතාවක් ඇදිලා ආවා. lecturer හොඳ කතාවක් කිවුවා.
"ඔන්න මායි මගේ පොඩි දෙන්නයි බස් එකට නැග්ගා අහවල් තැන ඉඳන් අහවල් තැනට යන්න. මගේ ටිකට් එකේ ගාන රුපියල් 23යි. මන් කිවුවා එකයි භාග දෙකයි දෙන්න කියලා. එතකොට කොන්දොස්තර ෆුල් එකට 23යි බාග දෙකට 24යි අරන් ඉතිරු දුන්නා. මන් ආයිත් කොන්දොස්තරගෙන් ඇහුවා ෆුල් එක 23යි නම් බාග දෙකක් කොහොමද 24ක් වෙන්නේ. එතකොට කින්දොස්තර කියපි එහෙම තමයි මහත්තයා බාගයක් රුපියල් 12යි. එහෙම බැලුවොත් එකයි බාග දෙකක් ගන්නවට වඩා ෆුල් දෙකක් ගන්න එක ලාබයි"
ඒ කතාවෙත් ඇත්තක් තියනවා. එක නිසා ඔක්කොම මතක තියා ගන්නවා හොඳයි ළමයි හදනකොට ජෝඩු ජෝඩු වෙන්න හදන්න. එක සැරෙකට සත පනහක ලාබයක් තියනවා. :P
ඔන්න ඔතින් ඔය වගේම කෙසෙල් කතාවකුත් තියනවා.
"ඔන්න ඉතින් මුනුස්සයෙක් කඩේකට යනවා කෙසෙල් ගන්න. කෙසෙල් කිලෝ එක රුපියල් 150යි. ඉතින් මේ මනුස්සයා 500g අරගෙන සල්ලි දුන්නම රුපියල් 80ක් අරන් ඉතුරු හම්බෙනවා. වැඩේ කෙලවෙන්නේ එතන ඉඳන්. කරුමේ කියන්නේ මේ පුද්ගලයා ගණිත ගුරුවරයෙක්. ඔන්න ඉතින් මුදලාලි ලඟට කරලා අහනවා.. ඈ මුදලාලි 80 දෙකෙන් වැඩි කරාම කීයද??" වෙලා තියෙන්නේ මේකයි. 75ක් උනාම ඉතුරු දෙන්න 5ක් නැති කමටයි 80ක් අරන් තියෙන්නේ"
තවත් අවවාදයක්. කෙසෙල් ගන්නකොට හරියට 10න් බෙදෙන අගයන් වලට විතරක් කෙසෙල් ගන්න. :P
එහෙනම් දරුවනේ අදට කතාව ඉවරයි.. හෙට හම්බෙන කන් සුභ දවසක්!!
කුරුළුhttp://www.blogger.com/profile/07956928148257639664noreply@blogger.com2tag:blogger.com,1999:blog-3291689420313124153.post-1797759109255528072013-10-12T02:31:00.000-07:002014-06-01T09:39:13.800-07:00කැම්පස් විත්ති ( 5 වෙනි කොටස )Today ඉස්පැසල් බනී - නොහොත් කොට රොක්
සභාවෙන් අවසරයි.. අදත් මන් මෙතෙන්ට පැමිණියේ මොකටද කියලා කට්ටියම දන්නවා නොවැ. නැතුව මෙතෙන්ට එන්නේ නටන්න නෙමෙයි නේ :P ඔක්කොටම කලින් සියලු දෙනාගෙන්ම සමාව බාජනයක දාන්න ඕනේ මෙච්චර කාලයක් කතාවක් නොදා හිටියට. වැඩ කටයුතු අධිකයි අප්පා. හරි දැන් ඒවා ඇති. කතාව පටන් ගමුකො.
බනී, එහෙමත් නැත්තම් කොට රොක්.. ඔව් ඔව් අලුත් චරිතයක් තමයි. මන් මේ පුද්ගලා ගැන හඳුන්වා දීමක් කරන්නම්කො.
ශරීර හැඩය මෙම ඡායාරූපයේ දැක්වෙන පරිදි වන අතර මූණත් තහඩුව හාවෙක් ගේ වැනිය. බනී යන අනුවර්ත නාමය ලැබුනේ එම නිසාය.
වරකාපොල උපන් නගරය කරගත් මොහු දැනට නාවල ආශ්‍රිතව වාසය කරයි.
Dwayne Johnson නැතහොත් The Rock ආකාරයේ ශරීරයක් නිර්මාණය කරගැනීමට වෙහෙසෙන මොහුට එයට පොඩි පරහක් ඇත. මොහු The Rock ට වඩා ආසන්නව අඩියක් විතර කොටය.
කොහොමහරි අපේ බැච් එකේ සියලු දෙනාගෙන්ම හිතේ කහටක් නැති හිත හොඳ කොල්ලෙක් බව නොකියා කිව යුතුමය. චිත්‍ර බිම දාගෙන ඇඳීමට මොහුට උපන් හපන්කම් ඇත.
හරි හඳුන්වාදීම ඇති. ඔන්න ඉතින් කතාව පටන් ගමුකො. බනී මුලින්ම කරලියට ආවේ වෙසක් දවස් වල බැච් එකෙන් කූඩුවක් හදන්න කියලා කට්ට්ය දවසක් දාගෙන කතා උනත් අන්තිමට හරි තීරණයක් ගන්න බැරි උනා. එදා ගෙදර ගියාට පස්සේ මේ ගෝතයා සැකිලි සටහන් 4ක් අපේ බැච් ග්රූප් එකට ෂෙයාර් කර තිබුණි. ඇයි වැඩේ අච්චර වෙලා අහද්දී කට වහන් හිටියා මේ ගොතයා ගෙදර ගිහින් දාලනේ. කොහොම හරි අන්තිමට අපි ඒ දාපු සැකිලි 4න් 2ක් තෝරාගෙන හැදුවා. වෙසක් දවසේ රවුමක් ගහනකොටත් අපේ බනී සෙට් උනා.
ඔහොම ඉතින් බනියා අපේ බොක්ක ෆිට් එකක් වෙන්න වැඩි කාලයක් ගියේ නෑ. කොහොම හරි මේ කතාව කියන්න හේතුව උනේ ඊයේ දවස. ඔන්න ඉතින් ඊයේ 12ට ලෙක්චර්ස් ඉවරයි. සිකුරාදාත් නිසා වෙන වැඩකුත් නැති නිසා කට්ටියත් එක්ක කතා උනා පොඩි රවුමක් දාන්න යන්න. එතකොට අපේ තාකන කිවුවා "යමු වරාය පැත්තේ.. අම්මට කියලා සමහර විට ඇතුලට යන්න පුළුවන් වෙයි" කියලා. අර බලන්න දීපු වෙලෙත් යන්න නොලැබුන නිසා වෙන වැඩකුත් නැති නිසාත් කට්ටිය සෙට් උනා යන්න. කවුද යන්න සෙට් වුනේ? බනී, තාකන, දීස් කොලුවා, නොයෙල්, පොඩි බන්දු උපාසක තැන, බැක්ස්ටේජ් මැතිණිය, Jසිංහ, සුම්මා යන අය.
ඔන්න ඉතින් කට්ටියත් එක්ක බස් එකට ගොඩ උනා. පිටිම පස්සේ සීට් එකේ ඉඩ තිබ්බ නිසා ඒ සීට් එකේ බනී, දීස් කොලුවා, නොයෙල්, Jසිංහ යන අය ඔය පිළිවෙලට වාඩි උනා. සීට් එකේ ඇඟිල්ලක් ගහන්න ඉඩ නෑ. හිතා ගන්න පුළුවන් නේ කට්ටියගේ සයිස් එක. ඔන්න ඉතින් ටික දුරක් යකොකොට
දීස් - " බනී.. මචං මේ අපි යන්නේ කොළඹ.. මීට කලින් ගිහින් නෑනේ.. අපි අද පෙන්නේන්නම් කොළඹ "
ඔන්න ඉතින් දැන් කට්ටියටම හපන්න ටොපියක් හම්බුනා. ඔහොම ටික දුරක් යනකොට
නොයෙල් - " ඈ බන් බනී.. එහෙ බස් වල සීට් නෑනේ? බස් එකේ පැදුරු දාන් නේ යන්නේ " :P
ඔන්න දැන් එක එකා බනියව හපන්න පටන් ගත්තා. ඔහොම ටික දුරක් යනකොට color lights වල බස් එක නැවැත්තුවම එහා පැත්තෙන් තව බස් එකක් ඇවිත් නැවැත්තුවා. එතකොට පාර දිහා බලන් හිටපු බනී එක සැරේම අනිත් පැත්ත බලා ගත්තා.
දීස් - " ඇයි බන් දඟලන්නේ. මොකෝ අවුල?? "
බනී - " නෑ දීස් අයියා. මෙහෙම බස් දෙකක් තිබ්බම එහා පැත්තේ බස් එක දිහා බලන්න මට ලැජ්ජයි "
සිරාවට?? o.O කට්ටිය මූණු බලනවා කට්ටියගේ.
ඔහොම ඉතින් ආයිත් ටික දුරක් යනකොට විහාර මහාදේවී පාක් එක හම්බුනා.
නොයෙල් - " බනී මේ තමයි ගෝල් ෆේස් බීච් එක... "
බනී - " අනේ ඇත්තද? මේ බැම්මෙන් එහා පැත්තේද මූද තියෙන්නේ :P "
කොහොම හරි ඔය ඔක්කොම කතා වලින් පස්සේ ඔන්න කට්ටිය ඔක්කොම ගියා කොළඹ වරායට. ඒ යනකොට හදිසි ගින්නකදී ක්‍රියා කරන ආකාරය පිළිඹඳ පුහුණුවක් පැවත්තුනා ලංකා බැංකුවේ. තාකනගේ තාත්තා ඒක බලමු කියලා කට්ටියත් එක්ක ළඟ තිබ්බ තාත්තා අඳුනන ඔෆිස් එකකට ගියා. එතන ඉඳන් එකත් බලලා කට්ටිය එක්කම ගියා වරායට. අලුති හදපු ඔක්කොම දේවල් බලාගෙන කරගෙන ඔන්න ඉතින් හවස 7ට විතර කට්ටිය විසිර යන්න ලැස්ති උනා. එතකොටයි දීස් කොලුවට බයික් එක තාම කැම්පස් එකේ කියල මතක් උනේ. ඉතින් දීස් කොලුවයි, පොඩි බන්දු උපාසක තැනයි කැම්පස් එකට එනකොට කැම්පස් එක වහලා ලයිට් නුත් නෑ. ඊට පස්සේ සික්කා අංකල් කෙනෙක්ට කතා කරලා බයික් එක අරන් ආවා කියලා තමයි ආරංචිය.
ඔන්න ඉතින් අද කතාව කියලා ඉවරයි. තවත් කතාවක් කියන්නම්කො ඉක්මනටම. එහෙනම් එතකන් සුභ දවසක්!
කුරුළුhttp://www.blogger.com/profile/07956928148257639664noreply@blogger.com6tag:blogger.com,1999:blog-3291689420313124153.post-91165617938989370272013-10-05T08:38:00.004-07:002014-06-01T09:39:36.947-07:00යාළුවොආයුබෝවන්ඩ!
පහුගිය දවස් ටිකේ නම් වැඩ කටයුතු තරමක් අධික දවස් ටිකක් උනා. නිකන් ඉන්න වෙලාවක් හම්බුනා නිසා පොඩි කතාවක් ලියන්න කියලා හිතුවා. නෑ නෑ කැම්පස් විත්ති ඉවර නෑ. මේ ටිකේ ලියන්න කියලා විශේෂ දෙයක් සිද්ධ උනේ නෑ. මේක විශේෂ කතාවක්. මේ ජීවත් උන අවුරුදු 20ට මට යාළුවො කියලා හිටපු පුද්ගලයන් ගැන පොඩ්ඩක් කතා කරන්න ඕනේ කියලා හිතුනා. මේ කතාවේ Season 1යි Episode 1යි.
"හොඳ යාලුවෙක් ඕනේ නම් හොඳ යාලුවෙක් වෙන්න"
පොඩි කාලේ හැමෝන්ටම එක එක යාළුවො ඉන්නවා. පලවෙනි යාළුවො තමයි අම්මයි තාත්තයි. ඊට පස්සේ සහෝදර සහෝදරියෝ. ටික කාලයක් මේ යාළුවො එක්ක ඉන්නකොට නෑදෑයෝ අසල්වැසියෝ යාළුවො වෙන්න පටන් ගන්නවා. එත් ඒ හැමදෙනාම හරියට අඳුනන්නේ නැතුව.
මොන්ටිසෝරි යන්න පටන් ගත්තම ඔන්න එතන අලුත් යාළුවො ඇති වෙනවා. උදේ ගිය ගමන් සෙල්ලම් කරන්න, එකට චිත්‍ර අඳින්න යාළුවො එකට ඉන්නවා. ඇත්තටම පොඩි කාලේ ඇති වෙන යාළුකම් හරි පිරිසිදුයි. කුහක බව, ඊර්ෂ්‍යාව වගේ දේවල් ඒ කාලේ හිත වල නෑ. මට මොන්ටිසෝරි කාලේ හම්බුනා යාළුවො කීප දෙනෙක් මේ කාලේ වෙනකොටත් මං ආශ්‍රය කරනවා. හැබැයි ඉස්සර තිබ්බ යාළුකම් මේ වෙනකොට අඩු වෙලා.
ඔන්න ඉතින් ඉස්කෝලේ යන්න පටන් ගත්තට පස්සේ යාළුවො සංගමය තව විශාල වෙනවා. යාළුවො එකින් එක එකතු වෙනවා ජීවිතේට. අත්දැකීම් එකතු වෙනවා. ටික ටික ගෙදරින් ඈත් වෙන්න පටන් ගන්නවා. ඔය අතරේ තමයි 5 වසරේ ශිෂ්‍යත්ව විභාගේ ලන්වෙන්නේ. දරුවන්ගේ ඔලු වලට කුණු වැටෙන්න පටන් ගන්නේ. ඊර්ෂ්‍යාව ඇති වෙන්න පටන් ගන්නේ.
එහා පැත්තේ ඉන්න යාලුවා මට වඩා ශිෂ්‍යත්වෙට ලකුණු ගනී ද?
මන් වැඩ නොකරොත් හොඳට පාස් වෙන මගේ යාළුවො මාව කොන් කරයිද ?
ඔය වගේ 1000ක් ප්‍රශ්න ඔලුවට වැටෙන්න පටන් ගන්නවා ඒ කාලේදී. එකට තරමක් වගකියන්න ඕනේ ගෙවල් වල උදවියත්. මේ ලංකාවේ අධ්‍යාපන ක්‍රමය හදලා තියෙන්නේ තරඟයක් ඇති කරන්න කියලා කියනවනේ. අන්තිමට තරඟය ඉවර වෙනකොට දුවල තියෙන්නේ මොලේ නැති යාන්ත්‍රික සැකිලි ටිකක්.
කොහොම හරි ඔතනින් ගොඩ වෙලා ඔන්න කනිෂ්ඨ අධ්‍යාපනය ලබන්න එනවා. ඒ එන්නේ ඔලුවට විසබීජ දාගත්තු දරුවන් කොටසක්. හැමවෙලාවෙම ඔලුවේ වැඩ කරන්නේ වාර විහාගෙන් එහා පැත්තේ යාලුවා වැඩි ලකුණු ගනීද කියන ප්‍රශ්නේ. ඔය අතරේදී සැබෑ යාලු කම් ඇති නොවෙනවා නෙමෙයි. මගේ ජීවිතේ හම්බවුන හොඳම යාලුවා හම්බුනේ 6 වසරේදී. ඉස්කෝලෙදි නම් නෙමෙයි. දහම්පාසලේදී. "චරියා" මන් එදා ඉඳන් කතා කරේ එහෙමයි. එදා ඉඳන් අද වෙනකන් මේ ගෙවුන අවුරුදු 10ට මට දුකේදී සැපේදී හිටිය එකම එකා තමයි චරියා. මට තාම මතකයි මං accident වුන වෙලාවේ චරියා මාව බේරලා ඌ අහු උනා ගොඩක් දේවල් වලට.
ඔහොම ඉතින් කාලේ ගිහින් O/L වලට එනකොට හිසේ කෙස් ගානට යාළුවො එකතු වෙලා ජීවිතේට. ජීවිතේ වෙනස් වෙලා. ඕනෑම කෙනෙක්ගේ ජීවිතේ හැරවුම් ලක්ෂය තියෙන්නේ මේ කාලේදී තමයි. ඒ හැරවුම් ලක්ෂයට තීරණාත්මක සාධකයක් වෙනවා ඒ කාලේදී ආශ්‍රය කරන යාළුවො. මං මේ කාලේ වෙනකොට මගේ ජීවිතේ ජොලිම කාලේ ගත කර කර හිටියේ. blog එකත් එක්කම දිගටම හිටියා නම් මාගේ පාසල් කාලය කතාවේ ඒ ඔක්කොම විස්තර තියනවා. කොහොම හරි O/L result ආවම තමයි සමහර යාළුකම් ගැන ඇත්ත තේරෙන්නේ.
ඔන්න ඉතින් ඊට පස්සේ A/L කරන්න ආවට පස්සේ ටියුෂන් ක්ලාසස් වලින්, ඉස්කෝලෙන් තව තව යාළුවො ජීවිතේට එකතු වෙනවා. මේ කාලේදී තමයි ගොඩාක් දුරට විශේෂ යාළුකම් ජීවිතේට ඇති වෙන්නේ. මගේ ජීවිතේටත් ඒ විශේෂ යාළුකම ඇති උනේ මේ කාලේදී තමයි. ඔහොම යනකොට මේ කාලේදී සමහර යාළුකම් ඇති වෙනවා අපි හිතනවා කවදාවත් කැඩෙන්නේ නෑ කියලා. අන්තිමට මොකක් හරි හේතුවකට තමන්ව වැරදි කාරයා වෙලා ඒ යාළුකම නැත්තටම නැති වෙනවා. ඔව් මටත් හිතියා එහෙම යාළුවො කීප දෙනෙක්. මන් අදටත් හිතනවා ඇයි මොකක්ද හේතුව කියලා.
ඔය අතරේ තව යාළුවො හම්බෙනවා කාලයක් ජීවිතේ ලස්සන කරපු අය. "බඩා, අනුජ...." වගේ අය. ඔහොම කිවුවම ඉතින් කට්ටිය දන්නවා කවුරු ගැනද කියලා. ඔහොම ඇති වෙන යාලුකමුත් කාලයක් යනකොට පාරේ දැක්කම හිනා වෙලා යන තත්වෙට වැටෙනවා. ඒක තමයි මනුෂ්‍ය ස්වභාවය.
ඔහොම ගිහින් කැම්පස් ගියොත් කැම්පස් එකේ, වැඩට ගියොත් ඔෆිස් එකේ යාළුවො හම්බෙනවා. මන් අහලා තියන හැටියට ජීවිතේ ලඟින්ම ඉන්න යාළුවො තමයි කැම්පස් යාළුවො. ඒ යාළුකම හරි සුන්දරයි ලු. මන් අහලා තියනවා තමන් බන්දලා පැණි හඳ බලන්න යන තැන මොනම දේ උනත් කැම්පස් යාලුවන්ට නම් දැනගන්න තියන්නේපා කියලා කතාවක්. මොකද ඒ යාළුකම ඒ තරම් සුන්දර එකක්ලු. මාත් දැන් කැම්පස් යනවා, මටත් දැන් යාළුවො ඉන්නවා, කැම්පස් විත්ති කතාවේ ඒ හැම කෙනා ගැනම විස්තරයක් තියනවනේ.
ජීවිතේ තවත් යාළුවො කට්ටියක් මුණ ගැහෙනවා. අතේ මිටේ සල්ලි තියනකන් පන දෙන්න වගේ ඉන්නේ. හදිස්සියක් වෙලා මොනම හරි උදවුවක් ඉල්ලුවොත් "අනේ මචන් සොරි, මේ වෙලාවේ නම් නෑ. ඊයේ නම් මොකක් හරි කරන්න තිබ්බනේ" කියන උන්දැ ලා ඕන තරම් ඉන්නවා. තවත් උදවිය ඉන්නවා ගන්න පුළුවන් හැමදේම හූරගෙන ගන්නවා. සුරංගනා කතා කියා කියා තමන්ගේ වැඩේ කර ගන්නවා. වැඩේ ඉවර උනාට පස්සේ උන්නද මලාද කියලා බලන්නේ නැති උදවිය.. ඔය දෙගොල්ලොම මගේ ජීවිතේ ඉඳල තියනවා..
මං නම් හිතන්නේ හැමෝන්ගෙම ජීවිතේට යාළුවො අවශ්‍යයි. මොකද යාළුවො තමයි ජීවිතේ සුන්දර කරන්නේ. ඒත් යාළුවො ආශ්‍රය කරද්දී තරම දැනගෙන ආශ්‍රය කරන්න ඕනේ. වෙන විවිධ හේතු නිසා මත ගැටුම්, රණ්ඩු වගේ දේවල් ඇති වෙනවා. ඒවාට මුහුණ දීලා ජීවිතේ ඉස්සරහට යන එක තමයි ජීවත් වෙනවා කියන්නේ.
මං කතාව පටන් ගන්න කොට පොඩි කතාවක් කිවුවා. හොඳ යාලුවෙක් ඕනේ නම් හොඳ යාලුවෙක් වෙන්න. මන් මේ වෙනකොට ආශ්‍රය කරන යාළුවො කීප දෙනෙක් ඉන්නවා. අයෝ, ලිශානි, නොයෙල්, තාකන, බැක්ස්ටේජ් මැතිණිය, දීස් කොලුවා, පොඩි බන්දු උපාසක තැන, පිස්සුද බබා, සූස්, රුවා, තව සෑහෙන්න පිරිසක් ඉන්නවා. නමින් නොකිවුවා කියලා තරහ වෙන්න එපා. මන් හිතනවා මන් හොඳ යාලුවෙක් වෙන්න ඇති කියලා.. ඒ තීරණේ ඒ අයට භාරයි. තව එක දෙයක්. දෙයක් හිතන්න, කියන්න, කරන්න කලින් දෙපාරක් නෙමෙයි තුන් පාරක් හිතලා බලන්න තමන් වටේ ඉන්නේ කවුද කියන එක....
ඔන්න ඉතින් අද කතාවත් ඉවරයි. අපෝ නෑ කිසි විශේෂ හේතුවක් නෑ මෙහෙම දෙයක් කියන්න. දෙයක් ලියන්න ඕනි කියලා හිතුන නිසයි ලිවුවේ. දවසෙම වැඩ කන්දරාවක් තිබ්බා. ආයිත් ඉතින් වැඩ පටන් ගන්න වෙලාව හරි. එහෙනම් ඊළඟ කතාව වෙනකන්, සුභ රාත්‍රියක් හැමෝන්ටම!කුරුළුhttp://www.blogger.com/profile/07956928148257639664noreply@blogger.com12tag:blogger.com,1999:blog-3291689420313124153.post-46084296101574696742013-10-02T04:45:00.000-07:002014-06-01T09:39:45.952-07:00කැම්පස් විත්ති ( 4 වෙනි කොටස )Today ඉස්පැසල් - බැක්ස්ටේජ් මැතිණිය ( අන්මැරීඩ් )
ආයුබෝවන්ඩ සියලුම දෙනාට... අද කතාවක් ලියන්න කියලා නෙමෙයි හිටියේ. එත් අද උන දේවල් ගැන නම් නොලියම බැරි නිසා ලියනවා.. ඔන්න එහෙනම් පටන් ගන්නවා!!
සුපුරුදු ලෙස පරක්කු වෙලා කැම්පස් එපා පැත්තට ගියා. යනකොටම ආරන්ච්චියක් ආවා අද මහා සංග්‍රාමය 1 කොටස ක්‍රියාත්මක වෙන්න තියනවා කියලා. බැලින්නම් වලිය බැක්ස්ටේජ් මැතිණිය vs දීස් කොලුවා. ගොඩ කාලෙකින් wrestling match එකක් වත් බලන්න බැරි උන එකේ මේකවත් නිවී සැනසිල්ලේ බලාගන්න කියලා ලැස්ති වෙනකොටම ඔන්න දීස් කොලුවා හෙමින් හෙමින් ආවා lecture hall එකේ වල ගැන්සිය වාඩි වෙලා ඉන්න තැනට. ඒ වෙනකොට මක්ස්ටේජ් මැතිණිය ඒ වටපිටාවේ ගැවෙසමින් උන්න නිසා දීස් කොලුවා සද්ද නැතුව පූසා වගේ හිටියා. ටිකක් වෙලා ගියාම ඒ ගෝතයා කොහෙන් හරි හොයාගත්තා රබර් පටියක්. ඊට පස්සේ
දීස් කොලුවා - "හුරේ මෙන්න අලි එලවන මන්තරේ...." කියලා කිවුවා. එතකොට අපේ ඇල්ටෝ චමින්ද මහත්තයා ඇවිත් ලෙක්චර් එක පටන් ගත්තා. ලෙක්චර් එකේ පලවෙනි ටික ඉවර වෙලා මැදදී දීපු පොඩි විවේක කාලයේදී ඔන්න ඉතින් වලිය පටන් ගන්නයි ලෑස්තිය. බැක්ස්ටේජ් මැතිණියත් කොහෙන්ද මන්දා රබර් පටියක් අරගෙන දෙන්නත් එක්ක ඔන්න බුලට් ෆයිට් එකක් යන්නයි ලෑස්තිය.
මං ආයිත් සැරයක් කල්පනා කරා මං මේ ඇවිත් ඉන්නේ කැම්පස් එකකටද නැත්තං මොන්ටිසෝරියකට ද කියලා. බාලාංශේ වැඩ හොඳයි නේ මුන් දෙන්නාගේ වැඩ වලට වඩා. කොහොම හරි දීස් කොලුවා පුටුවක් උස්සගෙන දැන් පන්තිය වටේ දුවනවා. කොහොම හරි විනාඩි 15කට විතර පස්සේ දීස් කොලුවා වෙන වැඩකට ගිය අතරේ බැක්ස්ටේජ් මැතිණිය විසින් අමානුෂික පහරක් එල්ල කරා දීස් කොලුවා වෙත. පහර කාගෙන ඉන්න තැනට ඇවිත් වාදී උන දීස් කොලුවා හොඳවයින් බුලට් එකක් මොදා හැරියා බැක්ස්ටේජ් මැතිණියගේ අත කරා.
බැක්ස්ටේජ් මැතිණිය - "ආව්.. එක රිදුනා හරිද?? මේ බලන්න රතු වුනා එතන....."
දීස් කොලුවා - "ආ. මේ බලනවා මැට්ටෝ.. මගෙත් රතු වෙලා.."
බැක්ස්ටේජ් මැතිණිය - "කෝ කෝ?? අනේ පච කියන්නෙපා..."
දීස් කොලුවා - "ආ රතු වෙලා තියෙන්නේ. මං කළු නිසා පෙන්නේ නෑ එක :P"
අනේ ඇත්තමයි මුන් දෙන්නා නම් සුපිරිම චරිත දෙකක් බව මට ඒ වෙලාවෙයි තේරුනේ...
ඔන්න ඉතින් සුපුරුදු පරිදි 12ට ලෙක්චර් එක ඉවරයි. ලැබුන ආරංචි මාර්ග වල හැටියට පිස්සුද බබා ඒ වෙනකොට ට්‍රිප් එක ගිහිල්ලත් ඉවරයි. දැන් එනගමන් මග කියල දැනගන්න ලැබුනා.. :P
ඔන්න ඉතින් අපේ මළගෙවල් ගැන්සිය (සාමාජිකයන් කිහිප දෙනෙක් නැතුව) වට මේස සාකච්ඡාව දාගෙන ඉන්නකොට මෙතෙන්ට එක්තරා කාන්තා නියෝජනයක් පැමිණියා. කවුද කියල අහන්නෙපා බං. ඔන්න ඇවිත් නොයෙල් ගෙන් ඇහුවා "මේ.. දැක්කද මං පැත්තෙන් යටකරලා.." ඕක ඔතන හිටිය දීස් කොලුවටත් ඇහුනා. දීස් කොලුවා නොයෙල් දිහාත් නොයෙල් දීස් කොලුවා දිහාත් බැලුවා. විනාඩියක් ගියේ නෑ මුන් දෙන්නා බක බක ගාල හිනා වෙන්න ගත්තේ නැතෑ. අර බවලත් සාමාජිකාව ආයිත් "ඇයි අනේ හිනා වෙන්නේ. twilight එකේ ඉන්න bella casual ඇන්දම මෙහෙම පැත්තක් විතරයි යටකරන්නේ" අනේද කියන්නේ අපි ඔක්කොටම ඕක ඇහුනේ "ඇයි අනේ හිනා වෙන්නේ. ටොයිලට් එකේ ඉන්න බෙලා casual ඇන්දම මෙහෙම පැත්තක් විතරයි යටකරන්නේ" ඉතින් සියලු සත්වයෝ නිදුක් වෙත්ත්වා කියලා පනයනකන් කට්ටිය හිනා වුනා. අන්තිමට කතාව මෙන්නේ මෙහෙම සංස්කරණය උනා. "බෙලා ටොයිලට් එකේ ඉන්නේ පැත්තක් යටකරන්"
මේක තවත් රසකතාවක්. ඔන්න ඉතින් අපි වල ගැන්සිය කතා උනා ක්‍රිකට් ටීම් එකක් හදන්න. එකේ කාන්තා නියෝජනය විදියට බැක්ස්ටේජ් මැතිණිය නිතරඟයෙන්ම පත්කරගන්නා ලදී.
බැක්ස්ටේජ් මැතිණිය - "හරි මං එන්නම්. මට ග්‍රවුන් එකේ ඉන්න බෑ.. කළු වෙනවා"
දීස් කොලුවා - "එහෙම කොහොමද මනුස්සයෝ ක්‍රිකට් ගහන්නේ?? එහෙනම් මෙහෙම කරමු. ඔයා bat කරනකොට කාට හරි කියමු කුඩයක් අල්ලන් ඉන්න කියලා පිටිපස්සට වෙලා"
අනේ කියන්නේ මේ යකාට කට වහන් ඉන්න බෑනේ. ඔන්න ආයිත් මරාගන්නවා දෙන්නත් එක්ක..
අපි හැමෝම සාමාන්‍යයෙන් ගමනක් ගිහින් ගෙදර ආවම කරන්නේ ඇඳුම් මාරු කරලා ඇග පත සෝදන් එක ඒකනේ. එත් අපේ සමහර උදවිය ඉන්නවා ගෙදර ගිය ගමන් කරන්නේ ෆොටෝස් ගන්න එක. බිත්ති බදාගෙන, බැල්කනියේ අත් වට උඩ නැගගෙන.. අයියෝ සල්ලි කියන්නේ හරිම සතුටුයි මේවා දකිද්දී. ඔව් ඔව් උන්දැ ගැන තමයි කියන්නේ. හිතුවා හරි :P
නෑ නෑ ඉවර නෑ.. තව කතා තියනවා අද.. ඔන්න ඉතින් අපේ බැක්ස්ටේජ් මැතිණිය අලුත් පෙන් එකක් ගන්නයි ලෑස්තිය.
බැක්ස්ටේජ් මැතිණිය - "මේ අනේ අලුත් පෙන් එකක් කීයක් විතර වෙනවද?"
නොයෙල් - "අයියෝ රුපියල් 15 ඉඳන් තියනවා"
බැක්ස්ටේජ් මැතිණිය - "අනේ ඒ කොහෙද? බොරු නේ?" නොයෙල් පෑන් ටික එකින් එක එලියට අරන්
නොයෙල් - "මෙන්න මේක රුපියල් 12යි, මෙන්න මේක 15යි............." ආදී වශයෙන් විස්තර කිරීමක් කරගෙන ගියා. අඩේ තවත් වලියක්. ඔය අතරේ ඕක අහන් ගිටිය දීස් කොලුවා
දීස් කොලුවා - "මේ ඔයා පෙන් එක වැඩි කලක් අවුලක් නැතුව පාවිච්චි කරහ හැටි දන්නවද? සතියකට පාරන් උණු වතුර කොප්පෙකට දෙහි ඉස්ම ටිකක් දාල සබන් කුඩු ටිකකුත් දිය කරලා පෙන් එක දාල විනාඩි 5ක් විතර පෙගෙන්න තියලා ගන්න. එතකොට ගින්දර වගේ වැඩ"
බැක්ස්ටේජ් මැතිණිය - "ඇත්තට?? අනේ ඔයා බොරු නේ කියන්නේ? අත්තටද?"
පොඩි බන්දු උපාසක තැන - "නෑ ඇත්ත. මාත් එහෙම කරනවා" මං එක කාරනාවක් නම් දන්නවා. දෙන්න තුන් දෙනාම අලුත් පෙන් එකක් ලැස්ති කරගෙන හිටියොත් හොඳයි බැක්ස්ටේජ් මැතිණියට දෙන්න :p
ඔන්න මේක තමයි අවසාන කතාව. 2ට විතර දවල්ට කාල කැන්ටිමට වෙලා වාඩි වෙලා ඉන්නකොට අපේ බාලංශේ පොඩි උන් දෙන්නා, බැක්ස්ටේජ් මැතිණිය හා දීස් කොලුවා ආයිත් බුලට් වලිය පටන් ගත්තා. අහක ඉන්න ඔක්කොන්ටම පාරවල් වදිනවා. දීස් කොලුවා තිබ්බ එකක් පටෝර් ගාල රෙපා මහත්තයාගේ ඔලුවට වැදුනා. ඔහොම ටික වෙලාවක් යද්දී
පොඩි බන්දු උපාසක තැන - "මොකද බැක්ස්ටේජ් මැතිණිය?? ෆෝන් එකේ මලගෙදරක ෆොටෝස් තියනවද? මේ හොඳට ඉන්නවා. ෆෝන් එක බලලා මූණ දෙක කරගන්නවා." කිමද කාරණේ යයි කිසිවෙකු දන්නේ නැත. ටික වෙලාවකින් පොඩි බන්දු උපාසක තැන විසින් පාන්සුකූලය දී සියලු ආගමික කටයෝතු හමාර කර, දීස් කොලුවා විසින් අවමංගල්‍ය කතාව කිරීමෙන් අනතුරුව සියලු දෙනා විසිර යන ලදී...
කොහොමද අද කතාව? දිගද? මන්දා වෙච්ච දේවල් ඒ විදියටම ලියන්න උත්සාහ කරා. කියවලා ප්‍රතිචාර දක්වන්නකෝ. ආයිත් කතාවකින් හමුවෙමු. එතකන් සුභ දවසක් හැමෝන්ටම! :) මං දැන් බුකියේත් ඉන්නවා. එන්න ඒ පැත්තෙත්.. කුරුළුගේ සයිබර් කූඩුව
ප.ලි - මැතිණිය කියන්නේ බැඳපු අයට ලු... ඈ?? මං නම් ඕවා දන්නේ නෑ.. එකයි අන්මැරීඩ් කියලා සිංහලෙන්ම දැම්මේ :pකුරුළුhttp://www.blogger.com/profile/07956928148257639664noreply@blogger.com8tag:blogger.com,1999:blog-3291689420313124153.post-76514211123794302302013-10-01T07:08:00.000-07:002013-10-01T07:08:04.698-07:00කැම්පස් විත්ති ( 3 වෙනි කොටස )ආයුබෝවන්ඩ කිවුවා හැමෝන්ටම.. ආපු නැති දවස් දෙකතුනට blog එකේ මකුළු දැල් නුත් බැඳිලා.. ඔන්න එහෙනම් මකුළුදැල් එහෙම කඩලා, අතු පතු ගාලා කතාවක් කියන්නයි ලෑස්තිය..
" අම්මේ තාත්තේ අක්කේ අයියේ නංගියේ මල්ලියේ.. මෙන්න මං ගෙනාවා ඩිග්‍රී ටිකක්, හැමදාම නෑ හැමතැනම නෑ, කඩේ ගානට වඩා අඩුවෙන් මං මේක දෙන්නේ.. මෙන්න අරන් බලන්න විශ්වාස නැත්තම්. හොර නෑ බොරු නෑ වංචා නෑ. සාධාරණව තමයි අපි වැඩේ කරන්නේ.
අපි මුලින්ම ගමු මෙන්න මේ ඩිග්‍රී එක. මේක දෙන්නේ UK උස්වැටකෙයියාවේ යුනිවර්සිටි එකකින්.. ආයිත් නෑ සුපිරිම ඩිග්‍රී එකක් තමයි මේක. ඇවිත් බලන්න වෙනස වටහා ගන්න. අපි ගාව විතරයි මේවා තියෙන්නේ. මේ වගේ බාල බඩු තියනවා කොහෙත්. රැවටෙන්නේපා එන්න අපි ගාවටම.......
අපි ගාව තව තියනවා. මේවා හැමතැනම නෑ. මට දැන් ඔක්කොම කියන්න වෙලාවක් නෑ. කොන්දොස්තර අයියා රව රව බලනවා. එන්න ඇවිත් බලන්න. කොහෙවත් නැති අපි ගාව විතරක් තියන දේවල්.."
මේ කතාව ඉතින් දන්නා උදවිය දන්නවා ඉතිං... කමක් නෑ. ඔන්න ඉතින් අද ලෝක ළමා හා වැඩිහිටි දිනෙලු. මං නම් පෞද්ගලිකව දිනයක් දාගෙන ඔය එක එක ඒවා සමරනවට කැමති නෑ. අනික මට තියන ලොකුම ප්‍රශ්නේ මේ ලෝකේ දැන් ළමා දිනයක් සමරන්න කියලා ළමයි ඉන්නවද?? ඇටෙන් පොත්තෙන් වැටෙනකොටම පවුල් පන්සල් වෙන උනනේ දැන් කාලේ උන්ට තියෙන්නේ. මං දන්නා තරමින් ලෝකේ ලාබාලම දෙමවුපියෝ දෙන්නට යන්තම් අවුරුදු 13ක් ද කොහෙද? ළමයෙක් හදාගන්න තියා තමන් ගැන බලාගන්න පුළුවන් වයසකද ඒ? ඕවා ඉතින් ලෝක ස්වභාවය තමයි. කොහොමහරි මට නම් තේරෙන හැටියට තව ටික කාලෙකින් ළමා කෑල්ල කපලා ලෝක වැඩිහිටි දිනේ කියන ටික විතරක් ඉතුරුවෙයි..
ඔන්න ඉතින් ආයිත් කැම්පස් එක පැත්තට හැරුනා නම්. අනේ මේ ටිකේ නම් කියන්න තරම් විශේෂ දෙයක් උනේ නෑ. අද උන පොඩි කතාවක් නම් මතක් වෙනවා. අපේ රෙපා මහත්තයයි දීස් කොලුවයි තව කිහිප දෙනෙකුයි එකතු වෙලා 1st semester එකේදී batch trip එකක් organize කරා. කොහොම හරි ඒ වැඩ වලට සති දෙකක් විතර ගියා. අවාසනාවක මහත කියන්නේ අන්තිම මොහොතේ වැඩේ කෙල උනා විජාතික බලවේග නිසා. ඒ පුරාන කතාව. අද lectures ඉවර වෙලා අපේ සුපුරුදු මළගෙවල් වල නිදි මරන්න සැදී පැහැදී සිටින ගැන්සිය අලුත් ෆැකල්ටි එකේ ලොබි එකට වෙලා ඔන්න ඉතින් කයියක් ගහගෙන ඉන්නවා. ඔන්න එතකොට අපේ පිස්සුද බබා කිවුවා "මචංලා අපි යමුකෝ ට්‍රිප් එකක්" කියලා.. ඔය අතරේ අපේ බැක්ස්ටේජ් මැතිණිය ( ඔන්න අලුත් චරිතයක්. අපේ වල ගැන්සියේ එකම කාන්තා නියෝජනය වන මැය ටිකක් විතර... නෑ නෑ හොඳටම පිස්සු කේස් එකකි. අනේ ඒ උනත් හරි හොඳ සුවීට් හාට් අපේ. අනේ මේ උන්දැ යාලු වෙලා ඉන්න කොලු පැටියා ගැන අපිට හරි දුකයි :p ) හා නොයෙල් අතර පොඩි වලියක් ගියා. උන් දෙන්නා මරා ගැනීම දීස් කොලුවා හා පොඩි බන්දු උපාසක තැන රසවින්දිද්දී පිස්සුද බබා හා රෙපා මහත්තයා දිගටම ට්‍රිප් කතාව කරගෙන ගියා. කොහොම හරි විනාඩි 5කට විතර පස්සේ අරුන් දෙන්නයි කතාවට ඔලුව දැම්මම අඩේ අපේ පිස්සුද බබා ට්‍රිප් එක ගිහිල්ලත් ඉවරයි. ට්‍රිප් එකේ සරල පැහැදිලි කිරීම මෙච්චරයි.
බැච් එකම ආවොත් බස් එකක්. 15ක් ආවොත් වැන් එකක්. අපි ටික විතරයි නම් කාර් එකක්. o.O
කොහොමද අපේ කස්ටියගේ ප්ලැනින් :p ආඩම්බරයි හසන්ත මහත්තයෝ. එක අතකින් අපි කතා උනේ ඔහොම වත් නොවුනොත් ඕක වෙන්නෙම නෑ කියලා :p කොහොම හරි 3ට විතර දවල්ට සප්පායම් වෙලා සියලු දෙනා වාසස්ථාන කරා සතුටින් විසිර ගියා. අද කතාව නම් ටිකක් කොටයි. මාර සීන් එක කියන්නේ වෙච්ච දේවල් ගෙදර එනකොට අමතකයි නොවැ. ගෙදර එන අතරමගදී දකින දේවල් නිසා මනස විකාර වෙනවා නොවැ. මං පව් නේ?? හරි හරි අදට ඇති. තව දවස් 2කින් විතර එන්නම්කෝ. එතකන් එහෙනම් ටටා ඈ? සුභ රාත්‍රියක්!කුරුළුhttp://www.blogger.com/profile/07956928148257639664noreply@blogger.com5tag:blogger.com,1999:blog-3291689420313124153.post-70401904928555924292013-09-27T09:48:00.001-07:002014-06-01T09:40:30.484-07:00කැම්පස් විත්ති ( 2 වෙනි කොටස )ආයුබෝවන්ඩ හැමෝන්ටම... ඔන්න ඉතින් අදත් කතාව කියන්නයි ලෑස්තිය. එහෙනම් ඔන්න ලැස්ති නේ. පටි තද කරගත්තා නම් කට්ටිය..
ඔන්න ඉතින් අදත් බොහොම අමාරුවෙන් 7ට විතර නැගිටලා ලෑස්තිවෙලා නිකමට වගේ වෙලාව බැලුවම 8යි. පට්ට කම්මැලි අප්පා. වෙලාවත් වැඩියි. ආයිත් විනාඩි 15ක් විතර ඇඳේ හාන්සියක් දාලා ඉඳලා ගියා කැම්පස් එක පැත්තේ. ඇත්තම කිවුවොත් අද ගියේ අපිට අදාළ module එකකටත් නෙමෙයි. ගෙදර ඉන්න කම්මැලි කමට ගියා ඒ පැත්තේ. ඔන්න ඉතින් ගියාම සුන්දරම දසුන කියන්නේ ඒ module එක අදාළ බැච් එකේ උන්ට වඩා වෙන බැච් වල උන්ගෙන් ලෙක්චර් හෝල් එක පිරිලා. අනේ සන්තෝසේ බැරුවා. නිකමට හරි අපිට අනිවාර්ය module එකක් නම් අපේ එකෙක් බෙහෙතකට වත් හොයා ගන්න වෙන්නේ නෑ :p කොහොමහරි 10.30 විතර වෙනකන් හිටියා
බොහොම අමාරුවෙන්. කම්මැලි වගේ නිසා "තාකන නොහොත් රෙපා මහත්තයා" ගේ අවශ්‍යතාවයකට ගියා බම්බලපිටිය පැත්තේ. ඒ යනගමන් අපේ ඩොගි මහත්තයා නොහොත් බණ්ඩා ඩොගි එක්කන් ගියා උන්දැගේ අවශ්‍යතාවයකට. අම්මේ තිබ්බ ආතල් සාගරේ. බණ්ඩා කොළඹ ගියා හොඳයි. ඔන්න ඉතින් රෝද හතර උඩ කිලෝ 500ක් විතර පටවාගෙන ඔන්න ඉතින් බම්බලපිටිය කරා පියනැගුවා. පියනගන්නේ කොහොමද බන් කාර් එකේ?? :o කොහොමහරි ගිය උන් ටික කිවුවේ නෑනේ. තාකන නොහොත් රෙපා මහත්තයා, නොයෙල්, දීස් කොලුවා, පොඩි බන්දු උපාසක මහත්තයා සහ ඩොගි උන්නැහේ. ඔන්න ඉතින් යන්න පිටත් උනා. පිටිපස්ස්ස අසුනේ හිටියේ පොඩි බන්දු උපාසක තැන, ඩොගි මහත්තයා, දීස් කොලුවා ඔය පිළිවෙලට තමයි ඈඳී ගෙන උන්නේ. ඔය අතරේ..
දීස් කොලුවා - "ඕයි ඩොගි මහත්තයා.. උඹ නෑවද?? මැක්කෝ අයින් කරා නේ??"
ඩොගි මහත්තයා - "ඔව් බන් නෑවා.. කොන්ඩේ වැඩි නිසා ඉන්න අමාරුයි.. ඔව් ඔව් බන් බයනතුව ඉඳපන්" කට්ටිය ෆුල් හොල්මන් o.O ඈ?? මුගේ ඇඟේ ඇත්තටම මැක්කෝ ඉන්නවද?? :O කොහොමහරි ඔන්න ගාලුපාරට ගාලා තිකක් දුර යනකොට ඩොගි මහත්තයා කියපි " ඈ බන්, මෙච්චර ඉක්මනට කිරිබත්ගොඩටත් ආවද??" කිරිබත්ගොඩ? ගාලුපාරේ? මුට මොල්ද? අනිත් ඔක්කොම උඩ බිම බලනවා මේ මොකා එක්කද ආවේ කියලා. හරියට බම්බලපිටිය HFC එක පහු උනා විතරයි.
පොඩි බන්දු උපාසක තැන - "මචං වැඩිය හිතන්නෙපා?? පලවෙනි පාර කොළඹ ආවම ඔහොම තමයි. මේ තමයි HFC එක"
නොයෙල් - "ඕයි සිංහලෙන් කියපන්.. බණ්ඩා ඕවා දන්නේ නෑ"
පොඩි බන්දු උපාසක තැන - "ආ ඔව්මයි, සුද්ද ඌ පවුලේ කන්‍යාරාමය"
කොහොම හරි ඔහොම ඔහොම ගියා බම්බලපිටියට. තාකන අවශ්‍යදේ හොයන අතරේ නොයෙල් හා ඩොගි මහත්තයා නෙට්වර්කින් ගැන කතාවක් දාන් උන්නා. එතකොටයි තේරුනේ පිස්සු කෙල කෙල මැක්කෝ හල හල හිටියට අපේ ඩොගි මහත්තයත් තරමක වැඩ්ඩේක් කියලා. කොහොම හරි ඒ වැඩෙත් ඉවර කරලා ආයිත් කැම්පස් එක පැත්තේ ආවා. ඇති වැඩකට නෙමෙයි. නිකන් ගෙදර යන්න කම්මැලි කමට.
ආවට පස්සේ ඔන්න තව වැඩක් සෙට් උනා. අලුත් ෆැකල්ටි එකේ කොම්පීතර් වලට OS, software දාන්න. කම්මැලි කමට එකටත් ගිහින් ඒ වැඩෙත් කරා. ඒ වැඩේ ඉවරකරලා studying area එකට වෙලා ඉන්දෙද්දී අපේ ඉන්නවා බීටි කියලා ගැහැණු දරුවෙක්. ඔන්න ඒ දරුවා දීස් කොලුවා හා බුවා කොලුවා ( අලුත් එකෙක්.. කෑලි ගැලවීම් හයි කිරීම් පිලිබඳ දැනුමක් ඇති මොහු ඩොගි මහතා සමග සමීප සම්බන්දතා පවත්වයි) මිස්ටර් බීන් බල බල ඉන්දෙද්දී ලඟට කිට්ටු කරා.
බීටි - "මේ ඔයාලා ගාව NFS most wanted setup එක තියනවද?"
බුවා - "ඔව් ඔව් අලුත් එකද පරණ එකද?"
බීටි - "ඕන එකක්. අපේ අයියා USA ඉඳන් එනකොට ලැප් එකක් ගෙනාවා. ඔරිජිනල් එකක්. එහෙන් ගෙනාවේ. එකට ඕන එකක් වැඩ. එකට!!"
දීස් - "මේ බීටි! එකේ ram vga එහෙම කොහොමද?"
බීටි - "අනේ ඒවා දන්නේ නෑ.. හැබැයි අවුරුද්දක් විතර වෙනවා ගෙනල්ලා. අලුත් එක USA වලින් ගෙනාවේ"
බුවා දීස් දෙසත් දීස් බුවා දෙසත් බැලුවෝය. දෙන්නා ෆුල් හොල්මන්ය. අනේද කියන්නේ ආඩම්බරයි හසන්ත මහත්තයෝ කියල තමයි කියන්න තීන්නේ :p
කොහොම හරි එතනත් ඉඳලා ආයිත් 7 වෙනකන් වෙන වැඩකටත් ඉඳලා 8ට ගෙදර ආවා. සතුටුයි මට මං ම ගැන :p
එහෙනම් අදට කතාව ඇති නොවැ?? සඳුදා තව කතාවක් දාන්න බලන්නම්කෝ. එහෙනම් සුභ රාත්‍රියක්. ආ හෝව් හෝව් කුරුළු දැන් බුකියේත් ඉන්නවා.. කුරුළුගේ සයිබර් කූඩුව මේ පැත්තෙත් ඇවිත් බලන්නකෝ :)
එහෙනම් සුභ රාත්‍රියක් හැමෝන්ටම :)කුරුළුhttp://www.blogger.com/profile/07956928148257639664noreply@blogger.com9tag:blogger.com,1999:blog-3291689420313124153.post-34002036873067143212013-09-26T07:43:00.003-07:002020-05-25T08:03:56.202-07:00මාගේ පාසල් කාලය.. සිහිවෙනවානේ හැම විට.. (8 කොටස ) ආයුබෝවන්ඩ එහෙනම් හැමෝන්ටම.. කොහොමෙයි ඉතින් ජීවිතේ?? කැම්පස් විත්ති ( 1 වෙනි කොටස ) ට නොහිතපු විදියේ ප්‍රතිචාර ලැබුනා. එකේ දෙවැනි කොටසත් ලියන අදහසත් තියනවා. එත් වැඩ නොවැ අප්පා. එත් ඉස්කෝලේ කාලේ මතක් කරගන්න ආස නිසා අද මාගේ පාසල් කාලය කතාව කියවමු කට්ටිය. එහෙනම් පටාන් ගමු :)
එහෙනම් ඔන්න A/L පන්තියේ වැඩ කටයුතු එහෙම පටන් ගත්තා. 12 වසර ඉතින් සාන්ත දාන්තව ඉන්න එපයි. ඉතින් හොඳ ළමයා වගේ ඉස්සරහම පේලියේ තමයි වාඩි උනේ. සර් ලා කියන කියන ඒවාට හරක් වගේ ඔලුව වන වන ඔහේ හිටියා. ඔය අතරේ අපි හරක් වගේ උන්නට ඔටුවා ගින්දර වගේ වැඩ ටික කරන් ගියා. එක කියන්නම ඕනි. ඔය අතරේ මාත් එක්ක chemistry class එකේ සෙට් උන අයිවන් එහා පංතියේ. උක්කුන් Bio Science class එකේ. එක නිසා මං වැඩි හරියක් මගේ පන්තියේ ඉන්නවට වඩා ආවට පන්ති වල තමයි සැරි සැරුවේ. ඔය අතරේ සිද්ද උන මොකක් හරි කේස් එකක් නිසා අපේ පන්ති බාර මිරිහාන සර් ට ඉස්කෝලෙන් ට්‍රාන්සර් වෙන්න උනා.
හුටා කියන්නේ අපිට උන මරුම වැඩේ කියන්නේ ඊට පස්සේ අපිට Chemistry කරන්නයි පන්ති බාර වෙන්නයි ගුරුවරයෙක් නෑ. එන එන අය බෑ කියලා යනවා යන්න. එච්චරට අපේ දක්ෂතාවය :p
ඔය අතරේ තමයි අපේ පන්තියට බැන්ඩලේරෝ සර් එන්නේ. සිරාවටම කිවුවොත් සර් ගේ සිරා නම මතක නෑ. අපි ඔක්කොම ඔහොම තමයි සර් ට කතා කරේ :p සර්ත් පට්ට පොර. අපි මරා ගත්තත් සර් ට අවුලක් නෑ.
ඔහොම කාලේ යනකොට අපිට physics වලටයි combined maths වලටයි සර් ලා දෙන්නෙක් ආවා. Physics පොඩි පුස්සා සර්, Combined maths විමල් සර්. මේ සර් ලා නම් දේවාල දෙකක් කිවුවොත් හරි. පුදුම විදියට අපි එක්ක ෆිට් උනේ. ඒත් අවාසනාවේ වසර හත කියන්නේ Physics කරපු පොඩි පුස්සා සර් ට ඉස්කෝලෙන් යන්න උනා. එකට හේතුව පරිපාලන හේතුවක්. කොහොම හරි ඊටපස්සේ අපිට ඊට පස්සේ අපිට physics කරේ A.නිමල් සර් නොහොත් කිටී නොහොත් ඇනිමල් (A.Nimal -> Animal ) සර්. ආතල් කෝටියක් සර් නම්. ඔය අතරේ chemistry කරපු බැන්ඩලේරෝ සර්ත් අපිට කොකා පෙන්නලා අපිව බට්ටි ටීච ට බාර දුන්නා. ඔන්න දැන් පටලව ගන්න එපා. මේ කාලේ ඒ කියන්නේ 2011 ජනවාරි වෙනකොට අපේ පන්තියේ M2 පන්තියේ හිටියේ මායි තව දෙතුන් දෙනෙකුයි විතරයි. අනිත් උන් හොයා ගන්නත් නැති උනා. ආ කියන්න බැරි උනානේ. මං තමයි විද්‍යා සංගමේ සභාපති තැන්පත් :p. සභාපති තැන්පත් උනාට මං නම් තැන්පත් උනේ නෑ. කොහොම හරි එක වැඩක් නම් මං හරියට කරා. සියලු පන්ති නියෝජනය. හිතුනම M1 එකට යනවා. එකේ ටිකක් ඉන්නවා. එකේ ඉතින් හිටියා අපේ ආචාර්ය වීරකෝන් මැති තුමා, එළු මහත්තයා, අයිවන්, රාජු, තනි ඇටේ, ගවුමා... තව කොච්චරද. බොරු කියන්නේ මොකටද මං වැඩිපුර හිටියේ මේ පන්තියේ තමයි. අපේ බට්ටි ටීච තමයි මේකේ පන්ති බාර. මේ පන්තියට combined maths කරේ අපේ positiveපාල සර්. මෙයා තමයි අපේ අංශ බාර. අනේ කියන්නේ මේ සර් ගැන පොඩි කතාවක් කියන්න හිතෙනවා. සර් උගන්නන්නේ තනිකරම බෝඩ් එකට. නිකමට හරි බෝඩ් එකට A/L ලියන්න පුළුවන් කම තිබ්බා නම් combined maths වලට A++. ෂුවර් ඇන්ඩ් ෂොට්. සර් බෝඩ් එකට උගන්නලා ප්‍රශ්න අහන්නේ පන්තියේ ඉන්න උන් ගෙන්. ඉන්න උන් ෆුල් හොල්මන්. උන් උත්තරේ දෙනවා වෙනුවට සර් ගෙන් අහන්නේ ප්‍රශ්නේ මොකක්ද කියලා. ආතල් අප්පා. මං ඉතින් ඕවා බල බල ඉන්න එක තමයි කරන්නේ. මොනා නැතත් අපේ විමල් සර් උගන්නනකොට මං අපේ පන්තියේ :) විමල් සර් දෙයියෙක් නෙමෙයි, දේවාලයක්. තව ටිකක් වෙලා ඉඳලා යනවා M3 එක පැත්තේ. එකෙත් විශේෂ ආතල් එකක් නැත්තං යනවා Bio class එක පැත්තේ. මං maths කරත් bio පන්තියෙත් ඉන්නවා. මං ඉතින් සභාපති තැන්පත් නොවැ :p
ඔහොම ඔහොම යද්දී ඔන්න A/L admission sign කරන්න ආවේ. එතකොටයි මතක් උනේ තව ටික දවසකින් ආයිත් ඉස්කෝලේ එන්නේ නෑ නේද කියලා. කාලය ගියේ ඉගිල්ලිලා වගේ. A/L විභාගෙත් ඉවර උනා. ඉස්කෝලෙන් ආපු අන්තිම දවසේ ඉස්කෝලෙන් ආවේ ඇස් වලට කඳුළු පුරවා ගෙන. මේ ජීවත් උන අවුරුදු 20න් අවුරුදු 13ක් ම මං ගත කරලා තිබ්බේ මගේ ඉස්කෝලේ. ඉස්කෝලේ වෙනුවෙන් හිතේ ඇති උන ආදරය, භක්තිය ගෞරවය මැරෙනකන් නැති වෙන්නේ නෑ. අදටත් බස් එකේ ගියත් වාහනේ ගියත් ඉස්කෝලේ පහුවෙද්දී සීට් එකෙන් නැගිටලා ඔලුව නවලා ඉස්කෝලෙට වඳින්නේ හිතේ තියන ආදරේ හින්දා.
මං ඉස්කෝලේ ඉන්න කාලේ කරපු කියපු දේවල් මෙහෙම හරි කියන්න ලැබුන එක ගැන සතුටු වෙනවා.ඕනෑම පුද්ගලයෙක් ගේ ජීවිතේ වෙනස් වෙන්නේ ලබන අධ්‍යාපනය මතයි, පාසල් පසුබිම මතයි. මං අද සතුටු වෙනවා මට මගේ ඉස්කෝලෙන් ලැබුන පන්නරය.
එහෙනම් මිත්‍රවරුනි කනගාටුවෙන් හරි කියන්න වෙනවා මාගේ පාසල් කාලය කතා මාලාව මින් නිමාවට පත් වෙනවා. දිරි දෙමින් රැඳී සිටි සැමට ස්තූතියි. කැම්පස් විත්ති කතා මාලාවත් එක්කත් රැඳී ඉන්න. එක දිගින් දිගටම යයි. එහෙනම් සැමට සුභ රාත්‍රියක්, සුභ අනාගතයක්.
තවත් වරක්, තවත් වරක් මට පාසල් යන්නට ලැබුනොත් මම යනවා........
මාගේ පාසල් කාලය.. සිහිවෙනවානේ හැම විට.. (7 කොටස )
මාගේ පාසල් කාලය.. සිහිවෙනවානේ හැම විට.. (6 කොටස )
මාගේ පාසල් කාලය.. සිහිවෙනවානේ හැම විට.. (5 කොටස )
මාගේ පාසල් කාලය.. සිහිවෙනවානේ හැම විට.. (4 කොටස )
මාගේ පාසල් කාලය.. සිහිවෙනවානේ හැම විට.. (3 කොටස )
මාගේ පාසල් කාලය.. සිහිවෙනවානේ හැම විට.. (2 කොටස )
මාගේ පාසල් කාලය.. සිහිවෙනවානේ හැම විට.. (1 කොටස )
කුරුළුhttp://www.blogger.com/profile/07956928148257639664noreply@blogger.com18tag:blogger.com,1999:blog-3291689420313124153.post-81577600537869775642013-09-25T08:49:00.001-07:002014-06-01T09:40:53.802-07:00කැම්පස් විත්ති ( 1 වෙනි කොටස )ආයුබෝවන්ඩ නෝනාවරුනි මහත්වරුනි.. මං අද අලුත් කතාවක් පටන් ගන්නයි හදන්නේ.. "කැම්පස් විත්ති" අපේ කැම්පස් එකේ එදිනෙදා වෙන පිස්සු වැඩ ගැන තමයි මේ කතාව යන්නේ. ඊට කලින් යමක් කියන්න ඕනි. අද මට සතුටු දවසක්. මගේ blog එකට විසිටර්ස් ලා ගොඩාක් ප්‍රමාණයක් ඇවිත් තියනවා අද දවස ඇතුලත. ඒකට විශේෂ ස්තූතිය අපේ කෝරලේ වලවුවේ කෝරලේ මහත්තයාටත් මගේ හිත මිත්‍ර නේලංග ටත් හිමි වෙන්න ඕනි. තව කියන්න ඕනි. මගේ මේ වැඩේට ගොඩක් උදවු කරන අක්ක කෙනෙකුත් ඉන්නවා. ඒ අක්කන්දිටත් ගොඩක් ස්තූතියි.
හරි හරි ඒ කතා ඇති. දැන් ඉතින් කැම්පස් විත්ති පටාන් ගන්නයි හදන්නේ. මාගේ පාසල් කාලය කතා සෙට් එක වගේම තමයි මේකයි.
ඔන්න එහෙනම් අද 25.09.2013 දින අපේ කැම්පස් එකේ දෙවැනි කාර්තුව තේරෙන්න කිවුවොත් සෙමෙස්ටර් එක පටන් ගත්තා. එතනින් එහාට කියන්න කලින් අපේ ගැන්සිය ගැන කෙටි හැඳින්වීමක් කරන්නම්කො.
මම නොහොත් කුරුළු - බොහොම අහිංසක ජීවිතයක් ගත කරන, සද්දෙන් අඩු සංවර කටක් තියන ලජ්ජා බයට හැදිච්ච කොල්ලෙක්.
දීස් කොලුවා - මූ ගැන නම් කතා කරලා වැඩක් නෑ. කියන වචනයක් ඇහෙන්න කතා නොකරන මොහු ඉන්නා තැන ලේසියෙන් අඳුනා ගත හැක!
නොයෙල් - ඔව් ඔව් අර දෙක වසරේ ඉඳන් ඉස්කෝලේ සිට පැවත එන එකා තමයි.
තාකන - මේකත් අර හුචස් පෙළ (A/L) කරද්දී ඉස්කෝලේ හම්බුන එකා. නොහොත් රෙපා මහත්තයා.
පොඩි බන්දු - බන්දු සමරසිංහ ඔහුටත් වඩා හොඳින් අනුකරණය කරන මොහු හා සම්බන්ද රස රස කතා රාශියක් ඇත.
පිස්සුද බබා - මෙන්න පොර. මුගේ කටේ රන්කිරි කට ගෑව වෙලාව මොකක්ද යයි අපි සැමවිටම කල්පනා කරයි. එතරම් සුන්දර කටක් මොහු සතුයි. ප්‍රියතම වචනය "ෂොට්"
තව හැට හුටා මාරක් විතර ඉන්නවා. ඒ ඒ උදවිය ඒ ඒ අවස්ථා වලදී හඳුන්වා දෙන්නම්. එහෙනම් ඔන්න කතාව.
ඔන්න ඉතින් දවස පටන් ගන්න තිබ්බ ලොකුම අමාරුව තමයි නැගිටින එක. අම්මේ නිවාඩු ටිකේ උදේ පාන්දරින් (දවල් 12 ට පැය බාගෙකට විතර කලින් ) නැගිටලා නැගිටලා අද 7 ට නැගිටිනවා කිවුවම තියන සැප. කොහොම හරි නැගිටලා කැම්පස් එක පැත්තට සැපත් උනා. අම්මේ අලුත් ෆැකල්ටි එකේ තියන පලවෙනි ලෙක්චර් එක. ආතල් කෝටියයි. ඔන්න ඉතින් සුපුරුදු පරිදි පරක්කු වෙලා ආ නෑ නෑ අද කලින් ගියා ලෙක්චර් හෝල් එකට. අම්මා සූ ගාල සෙනග. කොහේ සෙනග හිටියත් අපේ උන්ගේ පුරුද්දක් ලෙස ඉස්සරහ පේලි ඉතුරු කිරීම මේකෙත් වෙලා තිබ්බා. කමක් නෑ දෙවැනි සෙමෙස්ටර් එකේ ඉඳන් වත් වැඩ කරනවා කියලා ගියා ඉස්සරහටම. ආ ඉස්සරහට යන්න තව හේතුවක් තිබ්බනේ. අපේ පොඩි බන්දු ඊයේ අලුත් පොතකුයි පෑනකුයි අරන් අලුතින් වැඩ කරන්න. ඒක නිසාමයි ඉස්සරහට ගියේ :p ඉස්සරහ කිවුවට පේලි 5ක් විතර පිටිපස්සේ. අපිට ඉස්සරහ අක්කණ්ඩියි බයෝ අක්කයි :) ඔව් ඔව් ඒ ඉන්නේ අපේ සීනියර්ස් ලා දෙන්නෙක්.. හරි හොඳයි. එතකොටයි දන්නේ මේක බැච් දෙකකට තියන ලෙක්චර් එකක් කියල. ඔන්න ඉතින් පස්දෙනා වට මේස සාකච්චාව පටන් ගත්තා ලෙක්චරර් එනකන්. ඔන්න ඉතින් නිවාඩුවේ කර කී දෑ වෙනුවට උදේ එන ගමන් මගදී දැකපුවා ගැන කතාවක් පටන් ගත්තා. ඔය වෙලාවේ උන කතා ගැන නම් හරි මතකයක් නෑ නොවැ :( සමාවෙන්න ඕනි එකට. කොහොම හරි ටිකක් වෙලා කියව කියව ඉන්නකොට ඔන්න ලෙක්චර ආවා. මේ අපේ ඇල්ටෝ චමින්ද මහත්තයානේ. අනේ අපි එහෙම හඳුන්වන්නේ අපහසු තාවයට පත් කරන්නවත් මොකකට වත් නෙමෙයි. හඳුනා ගැනීමේ පහසුවට. මොකද චමින්දලා වැහි වැහැලා :p
කොහොම හරි පැයක පමණ ධර්ම දේශනාවකින් අනතුරුව අපේ පොඩි බන්දු උපාසක මහතා විසින් පිරිකර පූජා කිරීමෙන් අනතුරුව ඔන්න පටන් ගත්තා ලෙක්චර් එක. අනේද කියන්නේ මට මේ වෙලාවේ ඇඩෙන්න තරම් සතුටුයි. ඇයි කියන්නේ මිත්‍රවරුනි අපේ රෙපා මත්තයා අපේ බැච් එක ඉස්සරහටම ගෙනිච්චා. බොහොම සතුටුයි. අද ඔහුගේ සැඟවුණු දක්ෂතාවයක් එලි උනානේ. උට සාත්තර කියන්නත් පුළුවන් නොවැ. මාර ආතල්. හැබැයි සාත්තර කියන්න පුළුවන් එක වේලාවකදී විතරයි. හරි හරි ඒ ඇති. ඊට පස්සේ ලෙක්චර් එක 12 ට ඉවරයි. අනේද කියන්නේ අපේ හොඳ කම කියන්නේ කැම්පස් එකෙන් අපි පිටත් උනේ 4 ට. එතකන් මොනාද කරේ. දෙයියෝ තමයි දන්නේ. ආයිත් නෑ මට අපේ සෙට් එක ගැන හරිම ආඩම්බරයි. මළගෙවල් හොයාගෙන ගිහින් නිදිමරන්න පුළුවන් ජාතියේ සෙට් එකක් තමයි ඉන්නේ. හරි හරි අද කතාවේ දිගත් වැඩි. කියවල බලන්නකෝ. දෙවැනි කොටස ළඟදීම වගේම මාගේ පාසල් කාලය ඉතුරු කොටසත් අද හෙටම දෙන්නම්. එතකන් සුභ රාත්‍රියක්. සුභ අනාගතයක්!කුරුළුhttp://www.blogger.com/profile/07956928148257639664noreply@blogger.com8tag:blogger.com,1999:blog-3291689420313124153.post-80850626235863759002013-09-24T06:10:00.006-07:002020-05-25T07:58:11.652-07:00මාගේ පාසල් කාලය.. සිහිවෙනවානේ හැම විට.. (7 කොටස )ආයුබෝවන් හැමෝන්ටම :)
කලින් කොටසට මාගේ පාසල් කාලය.. සිහිවෙනවානේ හැම විට.. (6 කොටස ) කට්ටියගේ ප්‍රතිචාර තරමක් හොඳ තත්වෙක තිබ්බා... ඔන්න එහෙනම් ඉතුරු ටික පටන් ගන්නම්කො :)
ඔන්න එහෙනම් ප්‍රතිපල ආවා. දැන් ඉතින් ප්‍රතිපල කියන්න ඉස්කෝලෙට යන්න එපයි. ඔන්න ඉතින් කට්ටිය සෙට් වෙලා සඳුදා දවසක ගියා ඉස්කෝලෙට. සෙට් එකේ හිටිය මීමා, මුට්ටියා, ඔටුවා ඇතුළු තවත් දෙතුන් දෙනෙක්ටම A 8 යි. අනිත් එක විවිධ විවිධ විෂයන් වලට විවිධ විවිධ ප්‍රතිපල. මුලින්ම ගියා වයිස් ප්‍රින්සිපල් සර්ව හම්බෙලා ප්‍රතිපල කියලා වැඳලා, ඊට පස්සේ ගියා පන්ති භාර ටීච වෙලා හිටපු දමයන්ති මිස් ව හම්බෙන්න. ටීචගේ අස් වල කඳුළු. මුළු සෙක්ෂන් එකේම නරකම පන්තිය වෙලා තිබ්බ අපේ පන්තිය, ටීචර්ස් ලා එන්න අකමැති උන අපේ පන්තිය තමයි සෙක්ෂන් එකේම හොඳම ප්‍රතිපල තියන පන්තිය. ඉතින් ටීචට සතුටු නැද්ද??
හරි ඊට පස්සේ සේක්ෂනල් හෙඩ් මිස් ටත් කියලා අපිට උගන්නපු ටීචර්ස් ලා සර් ලට වඳින්න පටන් ගත්තා පන්ති වලට ගිහින්. මුලින්ම ගියේ සිසිර සර් ව හම්බෙන්න. මට ඉස්කෝලේ යන කාලේ හම්බුන පට්ටම සර් කෙනෙක්. maths කරේ. "ඇයි තාත්තා සුද්දෙක්ද" කියන කතාවේ නිර්මාතෘ තමයි අපේ සිසිර සර්. දැන් සර් වෙනත් ඉස්කෝලෙක උප විදුහල්පති කෙනෙක්. මාව දැක්ක ගමන්
සර්- "ආ ලොක්කා... කොහොමද රිසාල්ට්??"
මම- "ඔන්න සර් කිවුව විදියටම කරා" කියලා මං කිවුවා. එතකොට සර් උගන්න උගන්න පන්තිය පැත්තට හැරිලා මගේ ගුණ වර්ණනාව පටන් ගත්තා.. ඒ කතාව සැකෙවින් කිවුවොත් මෙහෙමයි..
අපිට O/L ලං කරලා ගණිතය සම්මන්ත්රන්තනයක් තිබ්බා. එකට ආවේ කුරුඳුවත්ත ඉස්කෝලේ ප්‍රසිද්ධ ගණන් සර් කෙනෙක්. අපේ සිසිර සර් ගේ බොක්ක ෆිට් එකක්. කොහොම හරි උදේ 8 ට විතර පටන් අරන් වැඩේ නැගලා යනවා. ඔය අතරේ සර් ගානක් දීලා ඒක හදන අතරේ ඇහුව "මේ පාර O/L maths වලට A එකක් ගන්න ෂුවර් අය ඇත උස්සන්න" කියලා. අපි ඉතින් කට්ටිය කතා වෙලා ගාන හදලා ඉවර වෙලා එකට ඇත උස්සමු කියලා කතා උනා. හරි කට්ටියම ගාන හදලා ඉවරයි. එකායි.... දෙකායි... තුනයි... ඈ?? මං විතරක් ඇත උස්සන් ඉන්නවා ළමයි හාරසිය ගානක් මැද්දේ ඔඩිටෝරියම් එකේ.. මේ දුෂ්ට කාලකන්නි හරක් ටික මාව මුලා කරා නේ :/ මට ඉතින් දැන් මුන්ව මරන් කන්න තරම් තරහයි. මං දැන් ත උස්සගෙන උන්ගේ මවුපිය ගුණ වර්ණනාව. සර් ආවා ලඟට. "හරිම සතුටුයි පුතා.. එක කොල්ලෙක් හරි ඉන්නවා" කියලා ස්ටේජ් එකට නග්ගලා මංගල්‍යක් කරානේ. කොහොම හරි ඉන්ටවල් එක වෙනකන් කරලා අපි කන්න ගියා. ගිහින් ආයිත් ඔඩිටෝරියම් එකට එනකොට සිසිර සර් නුයි අනිත් සර් නුයි හම්බුනා. අනිත් සර් මගේ කරට අත දාලා "සිසිර මේ කොල්ලා විතරයි ඔක්කොගෙන්ම අත ඉස්සුවේ A එකක් ෂුවර් කියලා" කිවුවා.. සිසිර සර් කිවුවා "මං දන්නවා.. මූ කවද හරි ඒ වැඩේ කරනවා.. පොර මීටරේ. මට විශ්වාසයි කිවුවා" අම්මා මට ඉතින් ෆුල් හැපී..
ඔන්න ඕක තමයි කතාව..
ඊළඟට පේලියට පේලියට ඔක්කොම ටීචර්ස් ලා සර්ලා ට කියාගෙන ආවා අපිට සිංහල උගන්නපු පොඩි හාමුදුරුවෝ හම්බෙන්න. ඒ හරියට යනකොට මගේ කකුල් වෙවුලන්න ගත්තා. මොකද ඉස්සර හාමුදුරුවෝ උගන්නනකොට මට හරි හරි ප්‍රශ්න එනවා. ඉතින් එකක් ඇහුවම පීරියඩ් එකේ ඉතුරු ටිකේම එක ගැන වාද කර කර ඉන්නවා පාඩම කෙරෙන්නේ නෑ. ඉතින් අපේ උන්ගෙනුත් මට ෆුල් සප් එක හාමුදුරුවෝ අමාරුවේ දාන ප්‍රශ්න අහන්න කියලා.
ඔන්න ඉතින් හාමුදුරුවෝ හම්බුනා. එක එකා ප්‍රතිපල කියනවා..
පොඩි හාමුදුරුවෝ- "ආ කුරුළු.. කොහොමද ප්‍රතිපල"
මං- "A 8යි B 1යි හාමුදුරුවනේ..."
පොඩි හාමුදුරුවෝ- "ශා හරි සන්තෝසයි.. බොහොම හොඳයි.. දැන් මොනාටද B??" හුටා.. කෙලියනේ :/
මං- "සිංහල වලට හාමුදුරුවනේ" මං හිතුවේ බඩු හම්බුනා තමයි කියලා.. කිසි අවුලක් නැතුව හාමුදුරුවෝ "අපෝ ඔය හොඳයි නේ.. සතුටුයි.. තව මහන්සි උනා නම් එකත් A නේ" කියලා කිවුවා. මට ඉතින් ෆුල් හැපී.. කොහොම හරි එදා දවස ඉවර වෙලා ගෙදර ආවා..
ඉස්කෝලේ පටන් ගන්නකන් සුපුරුදු පරිදි පන්ති ගියා. උදේ වරුවේ තිබ්බ පන්ති ඔක්කොම හවස් වරුවට වැටුනා. ඔය අතරේ අපේ තාත්තා ආයිත් මාව කුරුඳුවත්තේ ඉස්කොලේටයි, මරදානේ ඉස්කොලේටයි දාන්න ට්‍රයි කරා. ඒවා නිසා අපේ ඉස්කෝලේ පටන් අරන් මාස දෙකකුත් යනකන් මං ගෙදර. මාස දෙකකට පස්සේ ආයිත් ඉස්කෝලේ ගියා. වැටුනේ 12M2 පන්තියට. පන්ති බාර මිරිහාන සර්. අඩේ මරුම වැඩේ කියන්නේ ඉන්න ඕනේ ක්කොම උන් මේකේ. නොයෙල්, තාකන, මුට්ටියා, මීමා, ඔටුවා.. එකී නොකී ඔක්කොම එක පන්තියේ..
A/L පංතියේ වැඩ ගැන ඊළඟ කොටසින් බලාපොරොත්තු වන්න. එතකන් සුභ දවසක්! :)කුරුළුhttp://www.blogger.com/profile/07956928148257639664noreply@blogger.com15tag:blogger.com,1999:blog-3291689420313124153.post-55479992589689981422013-09-23T03:42:00.001-07:002020-05-25T07:58:11.646-07:00මාගේ පාසල් කාලය.. සිහිවෙනවානේ හැම විට.. (6 කොටස )ආයුබෝවන්ඩ කිවුවා හැමෝන්ටම.. මේ ටිකේ ප්‍රතිචාර නම් අඩුයි.. මොකෝ දන්නේ නෑ.. මොකෝ කතාව කම්මැලි වේගෙන එනවද?? :O කමක් නෑ කතාවේ ඉතුරු ටික කියන්නම්කො..
මං කියාගෙන ආවනේ මං බම්බලපිටියේ පන්ති යන්න ගත්තා කියලා A/L වලට. ජනවාරි මුල්ම පන්ති පටන් ගත්තා. මට මතක හැටියට ජනවාරි 7. එදා තිබ්බේ Combined maths ක්ලාස් එක. දංගල්ල සර් ගේ, ශක්ති institute එකේ. දංගල්ල සර් ගැන ඉතින් කට්ටිය දන්නවා ඇති කියල මං හිතනවා. පට්ට මීටරයක්. හෙන ජොලි. කොහොම හරි පලවෙනි සති දෙකේ මං හිටියේ තනියම. පන්තියේ ළමයි 20ක් වගේ හිටියා. කොහොම හරි මට එකක් මතකයි. ඔතන හිටියා බම්බලපිටියේ සාන්තු වරයෙක්ගේ නමින් තියන ඉස්කෝලෙක කොල්ලෙක්. පලවෙනි දවසේ ඉන්ටවල් එක දුන්නම මූ මගේ ලඟට කිට්ටු කරා..
පොර- "හලෝ මචං.. මොකක්ද උඹේ නම. ඉස්කෝලේ එහම??"
මං_ "හලෝ මචං. මං කුරුළු.. මේක තමයි ඉස්කෝලේ"
පොර- "එහෙමද?? මං අහවලා බං. මේකයි මගේ ඉස්කෝලේ.. එක නෙමෙයි උඹට කෙල්ලෙක් ඉන්නවද??"
මේ ගෝතයා මොන ගේමකට එන්ටර් වෙන්න යනවද කියලා දන්නේ නෑ. කොහොමත් මං ඒ වෙනකොට තනිකඩ ආතල් ජීවිතේ ගෙවා ගෙවා තමයි උන්නේ. පොඩි පොඩි හුට පට නොතිබ්බමත් නෙවෙයි :p
මං- "නෑ බන් මට කෙල්ලෙක් නෑ.. තාම" කියල මං කිවුවා..
පොර- (මූණ දෙක කරගෙන) "එහෙමද?? එල එල බන්.. අන්න අර අතන ඉන්නේ මගේ කෙල්ල බන්.. උඹ ට්‍රයි කරන්න කලින් මං කිවුවේ බන්.. 8 වසරේ ඉඳන් අපි දෙන්නා එකට ඉන්නේ" කියලා කිවුවා..
මං බැලුවා මූ maths කරන්න ඇවිත් තියෙන්නේ වැරදිලාද කියලා. ඔච්චරටම මොංගල් කතාවක් කියන්න?? :O
මං- "හරි හරි බන් මං එහෙනම් උඹේ කෙල්ල දිහා ඇහැක් ඇරලා බලන්නේ නෑ.. හැබැයි එයාගේ යාලුවා නම් cute බං :P" කියලා මං කිවුවා.
පොර- "එල thanks බන් :) මං එහෙනම් යන්නම්. මං යාලුවට කියන්නම්කො" කියලා පොර ගියා. කොහොම හරි class ඉවර වෙලා තාත්තා මාව ගන්න ආවා.
ඊළඟ සතියේ තමයි Physics class පටන් ගත්තේ. අර institute එකේම ජගත් පටබැඳි සර් ගේ. මං ඔය classes තෝරගත්තේ අක්කා යන නිසා. මොකද අක්කා මට අවුරුද්දයි වැඩිමල් නිසා එයා ඔය පන්ති වලටමයි ගියේ. නෑ නෑ එයා කරේ Bio. එක ඇරෙන්න අනිත් දෙක.
Physics class එකේදී සුපුරුදු මූණක් හම්බුනා.. වෙන කවුරුත් නෙමෙයි මීමා. කොහොමින් කොහොම හරි. ඒ සතියේ බ්‍රහස්පතින්දා Chemistry class එක පටන් ගත්තා සිප්නා institute එකේ, ශ්‍රීනාත් වික්‍රමසිංහ සර් ගේ. දන්නා කියන මූණු සෑහෙන්න ප්‍රමාණයක් සෙට් වුනා එකේදී. තෙල්බතා, මුට්ටියා, බ්‍රා, ඔටුවා, උක්කුන්.. වගේ තව ගොඩක් අය. මං තව Combined maths class එකකටත් ගියා සිප්නා එකේම මහබදුගේ සර් ගේ. ඒක මාසෙන් නැවතුනා. කොහොම හරි පලවෙනි මාස දෙක යනකන්ම කෙලින්ම ඉස්සරහම පේලියේ තමයි මං හිටියේ. කියන ඒවා තේරුම් ගන්න හැදුවට තනිකර පිස්සු වගේ.
තුන්වෙනි මාසේ කෙලින්ම පස්සෙම පේලියට සංක්‍රමණය උනා මං. පිටිපස්සේ පේලියේ ගැන්සියට සෙට් උනේ මායි, අයිවන් (තෙල් බතා මෙතැන් පටන් අයිවන් ලෙස හඳුන්වනු ලැබේ), ගල් තොප්පියා, උක්කුන්..
ඔහොම වැඩ ටික කරගෙන යද්දී මං දහම්පාසෙලෙන් අඳුන ගත්ත අයියා කෙනෙක් ගේ වේදිකා නාට්‍ය වලට සංගීතය සපයන වැඩෙත් කරා. දවසක් සෙනසුරාදා දවසක වේදිකා නාට්‍ය තරඟයක් තිබ්බා රාජකීය විදුහලේ. අපේ නාට්‍යයේ වැඩ ඉවර උන ගමන් ආරංචියක් ආව ප්‍රතිපල නිකුත් වෙලා කියලා. දවස අප්‍රේල් 7. කට්ටිය මගෙන් ප්‍රතිපල ඇහුවට මං දන්නවයැ ඒක?? මං බැලුවේවත් නැතුව. කොහොම හරි නාට්‍යයේ වැඩ ඉවර වෙලා මාව ගෙදර ළඟ පාර ගාවට එනකන් වැන් එකේ ඇවිත් පාරේ ටික දුර මං ගිටාර් එකයි, ඇඳුම් බෑග් එකයි ඔර්ගන් එකයි උස්සන් පයින් ආවා. ඇවිත් ගේට්ටුවට ගහලා ගහලා ගේ දොර ගාවදි අම්මා ආවා දොර ලඟට. ඔන්න දැන් මං පඩියෙන් බිම, අම්මයි තාත්තයි, අක්කයි නංගි පඩිය උඩට වෙලා මාව කන්න වගේ බලන් ඉන්නවා.
අම්මා- "අද result ඇවිත් කියලා දන්නවද??" (සැර මූඩ් එකෙන්) මං හිතුවා බඩු පැකට් තමයි. කලින්ම බලලා මගදීම වැඩේ දෙනවා තමයි කියලා..
මං- "ඔව් මටත් යාලුවෙක් කිවුවා"
අම්මා- "බැලුවද??"
මං- "හදිස්සියක් නැති නිසා බැලුවේ නෑ.. කෝ මට යන්න දෙන්නකෝ ගෙට" කියලා මං ඇතුලට එන්න හදනකොට අම්මා මගේ ඔලුව ඇත ගාලා කම්මුලට කිස් එකක් දුන්නා.. මං බැලුවා මේ මොකෝ උනේ කියලා. බැලින්නම් ඕනෑවටත් වඩා උඩින්ම පාස් වෙලා A 8යි B 1යි. එත් මට අප්සට්. මොකද අක්කට උඩින් යන්න බැරි උන නිසා. මං දැක්කා තාත්තා හොරෙන් කඳුළු පිහිදානවත්. මට ඒ වයසට ඒවා නිකන් මැජික් වගේ. එත් තමන්ගේ දරුවා මහන්සියෙන් ඉගෙන ගෙන උසස් ප්‍රතිපල ගත්තම දෙමවුපියන්ට ඇති වෙන සතුට ගැන දැන් මට තේරෙනවා.
කොහොම හරි එදා හවස පන්සලට ගිහින් ලොකු හාමුදුරුවන්ට කිවුවා...
හ්ම්ම් අදට කතාව ඇති වගේ නේ??
පාසල් කාලය ගැන නොවුනත් මං හිතනවා රසවත් ඇති කියලා කතාව. ඊළඟට ඉස්කෝලේ පටන් ගත්ත තැන ඉඳන් කතාව ඊළඟට බලාපොරොත්තු වන්න :)
එතකන් සුභ දවසක්!කුරුළුhttp://www.blogger.com/profile/07956928148257639664noreply@blogger.com5tag:blogger.com,1999:blog-3291689420313124153.post-85617974093368932342013-09-19T10:32:00.000-07:002020-05-25T07:58:11.657-07:00මාගේ පාසල් කාලය.. සිහිවෙනවානේ හැම විට.. (5 කොටස )සුභ දවසක් වේවා පැමිණ සිටින සියලු ඇත්තන්ට!
ඔන්න අදත් කතාව පටන් ගමු..
ඔන්න 6න් පස්සේ වැටුනා 7-D පන්තියට. ටීච අමරා ටීච. හරි කරුණාවන්ත ටීච කෙනෙක්. ඇත්තටම කිවුවොත් 7 වසරේදී කියලා උන විශේෂ දෙයක් නෑ. ආ දෙයක් තියනවනේ. මං JP නැත්තං Junior Prefect කෙනෙක් උනානේ. එකත් ඉතින් ෆන් වැඩේ. කොහොම හරි 7න් 8-E පන්තියට වැටුනා.. අවාසනාවක මහත :( මට ටීච ගේ නම මතක නෑ නේ :'( සමාවෙන්න ඕනි ටීච! 8න් 9-F පන්තියට.teec ඇ සුදර්ශනී ටීච වගේ මතක. කොහොම හරි ටීචගේ හද හුරු කම මතකයි නම හරියට මතක නෑ. 9 වසරේදී උන දේවල් කියලත් ඉතින් විශේෂ දේවල් නෑ. ආ හැබැයි අපි සෙට් එක කරපු ගොන් වැඩ නම් මතකයි :p අපේ පන්තියට හරියටම පිටිපස්සේ ඒ කියන්නේ ජනේලෙන් බැලුවම පේන ගෙයක් තියනවා. අපි හිටියේ දෙවැනි තට්ටුවේ. කොල්ලුපිටියේ ඒ හරියේ කුලියට නිවාස වල ඉන්න විදේශ කාන්තාවෝ ගැන මේ උදවියට අමුතුවෙන් කියන්න ඕනි නෑ නොවැ :P උදේට ඉස්කෝලේ ඇවිත් නිකමට හරි ජනේලෙන් බැලුවොත් කුඩු වෙලා තියන බියර් බෝතල් ඇතුළු විවිධා කාර ජවනිකා බලාගන්න පුළුවන්.. හෝව් හෝව් කතාව වැරදි පාරකට යනවා..
තවත් 9 වසරේදී උන වැඩක් මතක් උනා.. අපිට විද්‍යාව කරේ ලස්සන කොට ටීච කෙනෙක්. හැබැයි සැරයි. ඒක නිසා කට්ටිය ටීච එක්ක ඔරොප්පුවෙන් හිටියේ. දවසක් අපේ එකෙක්ට ටීච මොකක් හරි වැරැද්දකට ගැහුවා. පහුවෙනිදා එනකොට කළු ලෑල්ලේ ඉතුරු වෙලා තිබ්බ ඉඩේ ( මොකද අපේ කළු ලෑල්ල උඩින් ලොකු white board එකක් හයි කරලා තිබ්බේ. ) ටිපෙක්ස් එකකින් "පුල්ලි සයන්ස්" කියලා ලියලා තිබ්බා. අවාසනාවේ වසර හත කියන්නේ ඕක දැක්කේ නැතා ටීච. බඩු බනිස්. පන්තියම ගුටි කාවා ඒ වැඩේට. ලිවුවේ කවුද කියලා හැමෝම දැනගෙනත් කවුරුත් කටක් ඇරියේ නෑ :)
ඔන්න 9 වසර ඉවර වෙලා 10-F පන්තියට වැටුනා. ඔන්න ඉතින් හා හා පුරා කියලා සුදු දිග කලිසම ඇඳගෙන ඉස්කෝලේ යන්න පටන් ගත්තා. පන්තිභාර ටීච තමයි දමයන්ති ටීච. ටීච හරි කොටයි. නැටුම් තමයි ඉගැන්නුවේ. කට මාර විදියට සැරයි. පන්ති බෙදද්දී අපිව ඒ පන්තියට වැටුනේ o/l වලට තෝරන් හිටපු විෂයන් එක්ක. කොහොම හරි සෙක්ෂන් එකේ ගන්නම දෙයක් නැති පන්තිය විදියට අපේ පන්තිය පත් උනා පලවෙනි මාස 3 ඇතුලත. ඒ ගැන අපි අදටත් ආඩම්බර වෙනවා :p අපි පන්තියේ වාඩි උනේ උසේ පිළිවෙලට. එක නිසා මං වැටුනේ අන්තිම පේලියට. මාත් එක්ක අන්තිම පේලි වල සංගමේට වැටුනා කොක්කා, ලාඩමා, රීප්පයා, භූතයා, සක්විති මෝලා ඇතුළු හෙන සෙනගක්. මොකක් හරි අන්ඩ පාල වැඩක් කරොත් අපි ටිකගෙන් තමයි මුලින්ම ප්‍රශ්න කරන්නේ :p අපේ තව දෙයක් තිබ්බා. අපිට ෆ්‍රී පීරියඩ් එකක් සෙට් උනොත් පසුපෙළ කණ්ඩායම ෂේප් එකේ පටන් ගන්නවා සින්දුවක්. මං ගිටාර් ගැහුවා බූතයා ඩ්‍රම්ස් ගැහුවා. කොහොම හරි ටික වෙලාවකින් මුළු සෙක්ෂන් එකම අපි කියන සින්දුවම කියනවා. කිසි කෑ ගැහීමක් නෑ ගානට ලස්සනට ආතල් එකේ සින්දු කියනවා. කොහොම උනත් ටීචස් ලට මාට්ටු උන වෙලාවට ආයිත් කරන්න එපා කියනවා ඇරෙන්න කවදාවත් නිය පිටින් ගහලා නෑ. මං ඉස්කෝලේ යන ජීවිතේ ගිය පට්ටම ට්‍රිප් එකේ ගියෙත් මේ පන්තියේ ඉන්නකොට තමයි. උඩවලවේ ගියේ. බස් එකක. මුළු පන්තියම ගියා. පට්ට ෆන්.
10න් වැටුනා 11-F පන්තියට. අර ගැන්සිය ම තමයි එකට. ඒ පන්තියෙත් සුපුරුදු ලෙස පිස්සු කෙල කෙල හිටියා. කොහොමින් කොහොම හරි 11 වසර අන්තිමටත් ආවා. කට්ටිය අමුතුවෙන් කියලා o/l වලට මහන්සි උනෙත් නෑ මං දන්නා තරමින් නම්. ඔන්න ඉතින් o/l විභාගෙත් ලිවුවා. ඒ 2008.ඒ ලියලා අනිත් පැත්ත බලන්න උනේ නෑ a/l ටියුෂන් ක්ලාස් පටන් ගත්තා. මම ගණිත විෂය ධාරාව තොර ගත්තේ පොඩි කාලේ ඉඳන් තිබ්බ ආසාවට. පන්ති යන්න පටන් ගත්තා බම්බලපිටියේ.
o/l ප්‍රතිපල ආවට පස්සේ ඉඳන් සිද්ද උන විස්තර ඊළඟ කොටසෙන් බලාපොරොත්තු වන්න. අදට කතාව ඉවරයි. සුභ දවසක්!කුරුළුhttp://www.blogger.com/profile/07956928148257639664noreply@blogger.com1tag:blogger.com,1999:blog-3291689420313124153.post-88935968464974775282013-09-17T10:09:00.002-07:002020-05-25T07:57:50.693-07:00මාගේ පාසල් කාලය.. සිහිවෙනවානේ හැම විට.. (4 කොටස )සුභ දවසක් වේවා පැමිණ සිටින සියලු දෙනාහට..
ඔන්න ඉතින් අදත් කතාව පටන් ගන්නයි ලෑස්තිය. වෙහෙසකර කලබලකාරී සති අන්තයකින් පස්සේ අද තමයි නිසහස් උනේ. විශ්යවිද්යාලයේ නිවාඩු නිසා ගෙදරට වෙලා ඉන්න අතරේ තමයි මේක මේ ලියන්න පටන් ගත්තේ :)
ඔන්න ඉතිං 5 වසරෙන් පස්සේ වැටුනා 6 වසරේ පංතියට. 6-E මොහොට්ටි ටීචගේ පංතියට. සෙක්ෂන් එකේ හිටිය සැරම ටීච කිවුවොත් හරි. ඔය කාලේ වෙනකොට තමයි ශිෂ්‍යත්වෙන් අපේ ඉස්කෝලෙට අලුත් ළමයි ආවේ. ඒ ආපු කට්ටිය අතරේ අඳුනන මූනකුත් තිබ්බා. මගේ මොන්ටිසෝරි කාලේ ඉඳන් හිටපු යාලුවා "මීමා" මෙන්න ඇවිත් අපේ ඉස්කෝලෙට. ඔය අතරේ තවත් අලුත් යාළුවො කිහිප දෙනෙක්ම හම්බුනා. කොහොම හරි 6 වසරේදී අන්තිම පේලියේ සෙට් එකේ මාත් එක්ක ලඟින්ම ආශ්‍රය කරේ නොයෙල්, කොක්කා කියන දෙන්නා තමයි ( hot dog උණු බල්ලා මෙතැන් පටන් නොයෙල් ලෙස හඳුන්වනු ලැබේ ) 6 වසරේ ඉතින් විශේෂ කියලා දෙයන් උනේ නෑ. කොහොම හරි මට මතකයි ශිෂ්‍යත්වෙන් අපේ ඉස්කෝලෙට ඇවිත් හිටියා කළු මහත පොරක්. උට පන්තියේ අය කිවුවේ "තෙල් බතා" කියලා. ඉතින් ඉන්ටවල් එකේ කාල ඉවර උන ගමන් අපේ වැඩේ උගේ පන්තියට ගිහින් තෙල් බතා කියලා කෑගහලා පන්තියට දුවලා එනවා :P අරූ ඉතින් ගල් රෝලක් වගේ හැටි හල හල අපේ පස්සෙන් පන්නගෙන එනවා :P 6 වසරේ උන මට මතක තියන එකම එක විශේෂ සිද්දිය වෙනියා මාරු කරලා අතේ මාට්ටු වෙච්ච සීන් එක. දෙවැනි වාර විභාගෙද කොහෙද.
මොකක් හරි වෙලා මට ගණන් වලටද කොහෙද ලකුණු 60 ගානයිද කොහෙද තිබ්බේ.. ඒ උනත් ඒ පාරත් පන්තියේ 4 වෙනියද කොහෙද. කොහොම හරි රිපෝර්ට් එක දුන්න දවසේ හවස ගෙදර ඇවිත් අම්මට පෙන්නන්න කලින් මං ගණන් වල ලකුණු 90 ක් ද කොහෙද කරා. එත් ඒ වෙලේ තිබ්බ කලබලේට මුළු ලකුණු එකතුව හදන්න බැරි වුනා. අම්මා මුළු ලකුණු බලද්දී බඩු අතේ මාට්ටු. හොඳම වැඩේ කියන්නේ ලකුණු එකතුව පලවෙනියගේ එකතුවටත් වඩා වැඩි. බඩු බනිස් නේ. අම්මා ටීචට කෝල් කරලා විස්තරේ කියලා. ඊළඟ වාරේ ඉස්කෝලේ ගියේ පන ගැහි ගැහි. හොඳම වැඩේ කියන්නේ එතකොට ටීචට කතාව අමතකයි :p එත් අවුරුදු ගානක් ගිහිල්ලත් මට එක මතකයි. තව වැඩක් උනා මට 6 වසරේදී. කොහොම හරි හිටියා එක ඩයල් එකක් මට වැඩිය දිරවන්නේ නැති. මූ නිතරම මට නක්කලේ දැම්මා. දවසක් මගේ නෑදෑ අයියා කෙනෙක් ආවා. මට ඉතින් ගණදෙවි නුවන ආවා අයියාට කියලා වැඩක් කරව ගන්න. ගත්තා කෝල් එකක් අර පොරගේ ගෙදරට!
අයියා- "හෙලෝ.. මේ අහවලා ද කතා කරන්නේ??" ( සැර මූඩ් එකෙන් )
අහවලා- "ඔව් ඔව්.. මේ කවුද??" (බය වෙලා)
අයියා- "මං කවුද වැඩක් නෑ.. ආයිත් කුරුළුට සද්දේ දාලා අහු වෙන්න එපා" (හුටා මූ නම කිවුවනේ)
කියලා කෝල් එක කට කරා...
හවස අම්මලත් ආවට පස්සේ අපි දෙන්නා පූස් පැටවූ වගේ හිටියා. 8 ට විතර කෝල් එකක් ආව ගෙදරට. තාත්තා කතා කරලා ෆෝන් එක තිබ්බා.
තාත්තා- "කුරුළු, අයියා එනවා දෙන්නම මෙහාට" ඔන්න ඉතින් අපි ගියා..
තාත්තා- "කාටද අද කෝල් කරලා තර්ජනය කරේ??"
කුරුළු- "මායි තාත්තේ අයියට කිවුවේ. ඒ ළමයත් එක්ක බෑ අනේ. හෙන කරදරේ" මං හිතුවේ ඕක කිවුවට පස්සේ මට බඩු බනිස් තමයි කියලා.. ඒත් තාත්තා මහා පුදුම කතාවක් තමයි කිවුවේ..
තාත්තා- "කුරුළු හැංගිලා කාටවත් බයේ ඉන්න ඕනි නෑ. ඔයාට මොනා හරි කිවුවොත් අසාධාරණ හේතුවටක, ඇති වෙනකන් ගහලා එන්න. ඉතුරු ටික මං බලාගන්නම්. හැබැයි අසාධාරණ වැඩ කරන්න යන්න එපා. වෙන කොල්ලන්ගෙන් ගුටි කාල ගෙදර එන්නත් එපා" අපේ තාත්තා මාර චරිතේ කියලා මට එයි හරියට තේරුනේ. තාත්තා ගැන කතා කරන්න ගියොත් නිමක් නෑ. කොහොම හරි මේ වයසට 21 වෙද්දී කොච්චර තාත්තා එක්ක වලි ගියත් අද මං මිනිහෙක් විදියට පොලවේ පැය ගහලා ඉන්නේ තාත්තා මට දීපු හයියෙන්...
හරි ඒ කතා ඇති..ආයිත් මාතෘකාවට බහිමු :)
කොහොම හරි ඔය විදියට තමයි මගේ 6 වසර ගෙවුනේ.
සොරි වෙන්න ඕනි කතාව ඇදෙනවා වගේ නම්. ලියන්න ගියාම නවත්තන්න හිතෙන්නේ නෑ නොවැ :)
එහෙනම් ඊළඟ කොටසින් හමු වෙමු. එතකන් සුභ රාත්‍රියක්! සුභ දවසක්!කුරුළුhttp://www.blogger.com/profile/07956928148257639664noreply@blogger.com10tag:blogger.com,1999:blog-3291689420313124153.post-71550129907513729712013-09-15T08:38:00.002-07:002014-06-01T09:45:45.128-07:00EDEX Mid Year Expo 2013 ගැන මගේ වචනෙන්...ආයුබෝවන්ඩ කිවුවා හැමෝන්ටම..
බොහොම වැඩ කටයුතු අධික සති අන්තයක නිමාව. ඊයෙයි (14.09.2013) අදයි (15.09.2013) විශ්යවිද්යාලය නියෝජනය කරමින් ශිෂ්‍ය උපදේශකයෙක් හැටියට " EDEX Mid Year Expo 2013 " ප්‍රදර්ශනයට සහභාගී වෙන්න උනා.
කොහේදෝ ගිය තොප්පියක් නිකන් වගේ ඔලුවට කඩන් වැටුන නිසා සිකුරාදා විභාගේ ඉවර වෙලා පැයක් විතර ප්රසර්ශනයේදී කියන්න ඕනි විස්තර ටික ගැන අහගත්තා. ඊයේ 8 ට විතර විශ්යවිද්යාලයට යනකොට වාහනේ පිටත් වෙලා. ඒ මදිවට ඔෆිස් එකේ කවුරුවතුත් නෑ. කොහොම හරි පරිෂණක විද්‍යා පීඨයම නියෝජනය කරන තව දෙන්නෙක් එක්ක 9 ට විතර ගියාප්රදර්ශන භූමියට. යනකොට පටන් ගත්තා විතරයි. කොහොම හරි උපදේශන වැඩ පටන් අරන් කරගෙන යද්දී මරු උදවියට තමයි උපදේශන දෙන්න උනේ..
* තව අවුරුදු දෙකකින් සාමාන්‍යපෙළ ට පෙනී සිටින ළමයින්ගේ දෙමවුපියන්ට
* උසස්පෙළට පෙනී හිටලා යන්නේ කොහෙද කියලා වැලේ වැල් නැතුව හිටපු අයට.
* තාම 8 9 වසරවල් වල ළමයින්ගේ දෙමවුපියන්ට
ඔය වගේ එකී නොකී මෙකී ඔක්කොම ආවා. කොහොම හරි ගෙටගහගෙන යන්තන් දවස ගොඩ දා ගත්තා. කියන්න අමතක උනානේ. ඊයේ තමයි පලවෙනි වතාවට මිස් මාකටින් ව දැක්කේ. අම්මේ එයා දැක්කම පපුව හෝස් ගාලා යනවා. ආසාවේ බෑ :P
ඔන්න දෙවැනි දවසත් පටන් ගත්තා. සුපුරුදු පරිදි පරක්කුවෙලා ප්‍රදර්ශන භූමියට යනකොට අපේ අධ්‍යාපන ඇමති තුමා ඇවිත් කතාවක්. ඒ කතාව අස්සේ මං ශේප් එකේ පිටිපස්සේ සොරෙන් අපේ විශ්යවිද්යාලයේ කුටියට ආවා. අලුත් සගයෝ දෙන්නෙක් ඇවිත් හිටියා කළමනාකරණ පීඨයෙන්. ඒ දෙන්නත් එක්ක කතාව දාගෙන ඉන්නකොට ඔන්න කට්ටිය එන්න පටන් ගත්තා. කොහොම හරි වැඩ පටන් ගත්තට පස්සේ ඔන්න සුභ දසුන අදත් දැක්කා. මිස් මාකටින් <3 අනේ :P
මිස් මාකටින් ව බල බල ඉන්දෙද්දී ඇමති තුමා ළඟටම ඇවිත්. ශේප් එකේ අපේ කථිකාචාර්ය වරයෙක් ව එතෙනට ලං කරලා මං මගේ නෙතයි සිතයි පිනවා පිනවා හිටියා. කොහොම හරි ඊයේ වගේම අදත් විවිධාකාර උදවියට උපදේශන දීලා කොහොම හරි සෑහෙන පිරිසක් බොහොම දැනුවත්ව ප්‍රදර්ශන කුටියෙන් එලියට ගියා.
කිවයුතු යකම් තියනවා. ප්‍රදර්ශනයේ සංවිධාන කටයුතු ඇතුළු සියලුම ඒවා හොඳම තත්වේ තිබ්බා කියලා කියන්න පුළුවන්. ඒ ගැන නම් බොහොම සතුටු දායකයි!
ඕක තමයි ඉතින් මේ සති අන්තයේ කතාව. මාගේ පාසල් කාලය කතාවේ ඉතුරු කොටස ලියාගෙන යනවා. ටිකක් ඉවසලා ඉන්න එකත් අද හෙටම දෙන්නම් :) එතකන් සුභ දවසක්!
#කුරුළුකුරුළුhttp://www.blogger.com/profile/07956928148257639664noreply@blogger.com0tag:blogger.com,1999:blog-3291689420313124153.post-681460880008214072013-09-13T08:02:00.002-07:002020-05-25T07:57:50.685-07:00මාගේ පාසල් කාලය.. සිහිවෙනවානේ හැම විට.. (3 කොටස )පැමිණ සිටින සියලු නෝනා මහත්තයලාගෙන් අවසරයි..
අදත් කතාව නවත්තපු තැන සිට ඉදිරියට යමු...
ඔන්න ඉතින් දෙක වසර ඉවර කරලා තුන වසරට පාස් උනා.. එතකොට මට මතක හැටියට නම් පිංටා වත් අන්නාසිම් වත් hot dog වත් හිටියේ නෑ... කොහොම හරි තුන වසර ගැන නම් එච්චර මතකයක් නම් නෑ මට.. හිටිය පන්තිය නම් 3-A ටීච විජේසිංහ කියලා ටීච කෙනෙක්. හරි හොඳ ටීච කෙනෙක් කියලා මතකයි. ආ තුන වසරේ උන තව එකක් තමයි මං මුලින්ම බාස්කට් බෝල් ගහන්න පටන් ගත්තේ තුනේදී තමයි :) කොහොම හරි පටන් අරන් මාසයක් යන්න කලින් මයික්‍රෝ ටීම් එකට සෙල්ලම් කරන්නත් පුළුවන් උනා :)
කොහොම හරි තුනෙන් හතරට පාස් උනා. මුලින්ම වැටුනේ 4-D පන්තියට. අනෝමා ටීචගේ පන්තියට. කොහොම හරි මට අලුත් යාළුවො ගොඩක් හම්බුනා ඒ පන්තියේදී. ආතල්ම වැඩේ කියන්නේ පන්තියට ගිය පලවෙනි දවසෙම ටීච මාව පන්ති නායකයා හැටියට පත් කරා. ආතල් එක නිමක් නෑ :P ආයිත් නෑ සියලු බලතල අනිසි ලෙස ප්‍රයෝජනයට ගන්න පෙළඹුනේ ඔය වයසේදී තමයි :P කොහොම හරි මට ඉස්කෝලෙන් අස් වෙනකන්ම හම්බුන ටීචස් ලාගෙන් මං ගොඩක් ගරු කරන මං ගොඩක් ආදරේ ටීච කෙනෙක් තමයි අනෝමා ටීච.
ටීච හරි සැරයි ඒ වුනාට හරි හොඳයි. කොහොම හරි ඒ පන්තියේ මාස 5ක් විතර ඉන්නකොට ටීචට උසස් වීමක් ලැබිලා ටීචව 10 වසරට දැම්මා. ඒ වගේම අපේ පන්තියේ බාගෙකුත් කඩලා අලුත් පන්තියකට දැම්මා. 4-F. ඔය පන්තියට දාද්දි මං නටපු යුද්දයක් :P කොහොම හරි මගේ විරෝධය නොසලකා හැරලා 4-F පන්තියේ වැඩ පටන් ගත්තා. ඒ පන්තියේ මට ගොඩාක් අලුත් යාළුවො හම්බුනා. ඒ අතරින් එක්කෙනෙක් දැනුත් මාත් එක්ක විශ්යවිද්යාලයේ ඉන්නවා. අහ තව එකක්. අර hot dog උණු බල්ලා?? අන්න එයත් දැන් මාත් එක්ක ඉන්නවා විශ්යවිද්යාලයේ.. කොහොම හරි 4-F පන්තිය භාරව හිටියේ රේණුකා මිස්. අලුතින් ඉස්කෝලෙට ආපු ටීච හොඳයි. ටීච ගේ අකුරු හරිම ලස්සනයි ^_^ කොහොම හරි වෙනියා දෙන්න පටන් ගත්තේ අපිට ඒ පන්තියේ ඉඳලා. මට හොඳට මතකයි තිබ්බ පලවෙනි විභාගේ මං පන්තියේ දෙවැනියා :) මට හරි සතුටුයි.
කොහොම හරි ඒ පන්තියෙන් ඉවර වෙලා පහ වසරට පාස් උනා. මං හිතුවේ මේක නම් මහා කරුම වසරක් තමයි කියලා. මොකද අපේ අක්කා ශිෂ්‍යත්ව විභාගෙට ගොඩක් මහන්සි වුන නිසා. කොහොම හරි එයාගේ මහන්සියේ ඉහලම ප්‍රතිපල තිබ්බා කලාපෙන් වැඩිම ලකුණු අක්කට ලැබිල කොළඹ *** විද්‍යාලයට අක්කා ආවා. අනේ මං හිතුවා මටත් ඒ ආනිසංසයම තමයි කියලා ඒ වුනාට එහෙම දෙයක් නම් උනේ නෑ. මං සුපුරුදු පරිදි මගේ සුපුරුදු ආතල් විදියට හිටියා. පන්තිය 5-F මධුරාවල ටීච තමයි පන්ති බාර. මට තාම ටීචගේ කරුණාවන්ත මූණ මතකයි :) 5 වසරේදී උන විශේෂ දෙයක් තමයි Primary Prefect කෙනෙක් උනා :)
කොහොම හරි ශිෂ්‍යත්වේ දවසට කලින් දවසේ තමයි මං දැනගත්තේ මේකට වෙනදා වගේ එකක් නෙමෙයි ටිකක් බරපතලයි කියලා. මොකද අම්මා මට අලුත් ම පෑනක් ගෙනෙත් දුන්න නිසා.
පහුවෙනිදට එලිත් උනා. නැගිට්ටා. අම්මා ඇන්දුවා. තාත්තා එක්ක ගියා ඉස්කෝලෙට. යන්න කලින් හොඳට පෙරේරා සහ පුත්‍රයෝ එකට ගොහින් කාවා කියලා නම් මතකයි.
පෙපරෙත් ඉවර වෙලා එලියට එනකොට ටීච මගෙන් ඇහුවා කොහොමද කුරුළු පේපරේ කියලා. හරියට මතක නෑ මොනාද කිවුවේ කියලා. හැබැයි රචනාව තිබ්බේ වතුර ගැනද කොහෙද. අන්න එකට මං සෝමාලියාව ගැන ලිවුවා කියලා මතකයි :P
කොහොමින් කොහොම හරි ශිෂ්‍යත්වේ ප්‍රතිපල නිකුත් උන දවසේ රෑ අම්මා බලලා මට උදේ කිවුවා. මටත් හිතාගන්න බෑ මං පාස් ද කියලා. අක්කට තරම් ලකුණු නැති උනත් ඕනෑවටත් වඩා උඩින්ම පාස්. ඉස්කෝලේ ගිහින් මං කාටවත් කියන්න ගියේ නෑ ලකුණු. ටීච පන්තියට ඇවිත් ළමයිගේ ලකුණු කිවුවා. සමහරු ෆේල් නිසා අසතුටින්. සමහරු එහා පැත්තේ එක්කෙනාට වඩා ගන්න බැරි උනාට දුකෙන්. තවත් සමහරු ෆේල් වෙලා සතුටින්. තවත් සමහරු පාස් නිසා සතුටින්. මං ඉතින් සුපුරුදු පරිදි හැමොත් එක්කම බයිලා ගහ ගහ ඉන්නකොට තමයි අපේ තාත්තා කඩන් පාත් උනේ පන්තියට. මං බැලුවා මේ මොන ගිනිගෙඩියක්ද මේ කියලා. ටීච එක්ක ටිකක් වෙලා කතා කරලා මට කතා කරා ටීච.
"කුරුළු.. කලින්ම ප්‍රතිපල දැනගෙන ඇයි නොකිවුවේ??"
"නිකන් ටීච"
"ඔය ඇතිද ලකුණු??"
"මං නම් දන්නේ නෑ ටීච. මට ඕන එකක්. මදි කියලා වැඩිපුර දෙන්නේ නෑ නේ?? :o "
"අපෝ ඔය හොඳටම ඇති. දැන් වෙන ඉස්කෝලෙකට යන්න පුළුවන් නේ" කිවුවා...
එතකොට තමයි මට මාරයා ආවේස උනේ. තාත්තා කොච්චර කිවුවත් මං කැමති උනේම නෑ වෙන ඉස්කෝලෙකට y අන්න. කඩයිම් ලකුණු ආවම මේ ඉස්කොලෙටම තමයි ලකුණු. එත් තාත්තාගේ ඇඳුනුම් කම් වලින් මාව මරදානේ ඉස්කොලේටයි කුරුඳුවත්තේ ඉස්කොලේටයි දාන්න හැදුවත් මගේ බලවත් විරෝධය මත ඒවා ඇත ඇරියා.ඔන්න ඔහොමයි 5 වසර වෙනකන් ජීවිතේ ගෙවුනේ. මුල් තරම් ආතල් එකක් නෑ නේ?? තව ටිකක් කල් ඉන්නකෝ.. පස්සට තමයි රස කතා එන්නේ. එහෙනම් අදට මං ගියා. සුභ දවසක්..
#කුරුළුකුරුළුhttp://www.blogger.com/profile/07956928148257639664noreply@blogger.com4tag:blogger.com,1999:blog-3291689420313124153.post-5928865498584716212013-09-13T07:33:00.001-07:002014-06-01T09:46:09.305-07:00~~13.1 කොම්පීතර විද්‍යාව පැත්තෙන් ඇහෙන කතා~~ ප්‍රශ්න පත්තර (6 සහ අන්තිම කොටස)ප්‍රශ්න පත්තර (6 සහ අන්තිම කොටස)
ඔන්න ඉතින් අදත් කතාව පටන් ගන්නයි යන්නේ... අමුතුවෙන් කියන්න දෙයක් නෑ.. අද දින (11.09.2013) තිබ්බ Formal Foundation පේපර් එක නම් මල් හතයි ගෙඩි දෙකයි. අර ධනූෂ මහත්තයා නම් දේවාලයක්. පලවෙනි ප්‍රශ්නේ සුපුරුදු ප්‍රශ්නයක්. දෙක තුන අට වෙනකන් එහෙම්මම තමයි. කොහෙද අටෙන් පහයි නේ කරන්න තිබ්බේ. හිත හදාගෙන ප්‍රශ්න ටිකක් අත අරින්න හැදුවත් හිත එකට ඉඩ දුන්නෙම නෑ. කරන්න තිබ්බ ඔක්කොම ටික කරා. කැමැත්තක් බලාගන්නේ නැතැයි කියලා.
විනාඩි 45න් පේපරේ ගොඩ. ආයිත් කතා කරලා වැඩක් නෑ ඔක්කොම ටික 12 ට කලින් විභාග ශාලාවෙන් මාරු. බලන්න හිටපු examiner හොල්මන්ද පොල් කොළ වගේ බලන් ඉන්නවා :O
කොහොම හරින කලින් පේපරේ ඉවර උනා කියලා කිසි විශේෂයක් නෑ ඔහේ හිටියා දොළහා විතර වෙනකන් කැරකි කැරකි. අනේද කියන්නේ ලොබි එකට වෙලා තව පයක් විතර කාලා පිටත්ව ගියා අපි කැපිලා.
විභාගේ තිබ්බ කාලය පුරාවට කුරුළු විසින් ගෙන ආ ප්‍රශ්න පත්තර වල රස මුසු තැන මෙයින් නිමැවෙන අතර තවත් මොකක් හරි එකකින් පස්සේ සෙට් වෙමු. අපි කැපුනා.
ප්‍රශ්න පත්තර ඉවර උනාට ~~13.1 කොම්පීතර විද්‍යාව පැත්තෙන් ඇහෙන කතා~~ ඉවර නෑ :P
#කුරුළුකුරුළුhttp://www.blogger.com/profile/07956928148257639664noreply@blogger.com0tag:blogger.com,1999:blog-3291689420313124153.post-2808515044665222842013-09-11T06:49:00.002-07:002014-06-01T09:43:17.998-07:00~~13.1 කොම්පීතර විද්‍යාව පැත්තෙන් ඇහෙන කතා~~ ප්‍රශ්න පත්තර (5 කොටස)ප්‍රශ්න පත්තර (5 කොටස)
නෝනාවරුනි මහත්වරුනි අද ( 11.09.2013 ) දින පැවති Foundation of Mathematics ප්‍රශ්න පත්තරය පිළිබඳව කතා කරන්නයි මං මේ වේදිකාවට නැග්ගේ.. මට පේනවා පැමිණ සිටින ජන ගඟ.. සෑහෙන්න පිරිසක් ඉන්න එක ගැන පළමුව සතුටු වන්ත වෙනවා..
අදත් සුපුරුදු පරිදි 8.30 ට විශ්යවිද්යාලයට ඇවිත් 8.57ට විභාග ශාලාවට ඇතුල් උනා. සියලු කටයුතු හමාර කර ප්‍රශ්න පත්තරය අතට ගෙන කතා කරගත් විදියට පැයෙන් ලියලා ඉවර කරනවා කියලා හිතාගෙන මුල ඉඳන් කියවනකොටම පෙරලුනේ නැතැයි බාල්දියක් :o අපි 13.1 නොවැ. මේ මොකක්ද ප්රශ්නපත්තරේ උඩ ගහලා තියෙන්නේ :o වෙන මොකක්ද මගුලක්... :/
ඇත්තවශයෙන්ම සහෝදර සහෝදරවරියනි අද තිබ්බ ප්‍රශ්න පත්තරේ ගැන කෙටියෙන්ම පවසනවා නම් මෙසේයි. "දන්නා ගණිතය නොදන්නා විදියට" :O අමුතු මුකුත් නෑ කලින්. එකම එක.. වැඩිය ඕවා ගැන කියන්න හොඳ නෑ අන්තිමට ඊළඟට තියන එක කෙල වුනොත් :P කොහොම හරි පලවෙනි ප්‍රශ්නේ කරන්න පැයක් ගියා. පැයෙන් කරන්න කතා උන එකත් පැය පහුවෙනකොට ඔලුව නවාගෙන. ඒක දැකලා යන්තන් හිත නිවුනා :p
විශ්වාස කරන්න මිත්‍රවරුනි මගේ විභාග ජීවිතේම පලවෙනි පාරට සම්පූර්ණ වෙලාවේම එක දිගට උත්තර ලිවුව එකම ප්රශ්නපත්තරේ තමයි මේ :/ කොහොම හරි අන්තිමට කට්ටිය එක්ක කතා වෙලා බලනකොට ඔක්කොම එක්කෝ එකක් ලියලා නෑ. එක්කෝ ලියපු එක ෂුවර් නෑ. අනේ මන්දා අපිට ගිය කල කියලා හිතලා හවස තිබ්බ tute lecture එකටත් ඉඳලා විශ්යවිද්යාලය පරිශ්‍රයෙන් නික්මිණි.
අප්පා ඊට කලින් වෙච්ච දේවල් කියන්න අමතක උනානොවැ. ඔන්න ඉතින් විභාගේ ඉවර වෙලා එලියට වෙලා ඈඳී ගෙන කට්ටිය එක්ක කයියක් දාගෙන ඉන්නකොට ඔන්න S නම් ඇත්තියක් N නම් ඇත්තෙකුට කියපු කතාවක් මෙහෙම විය.
S - "කෝ අනේ ඔයාගේ අතේ නෑනේ???"
N - "මොනාද නැත්තේ??"
S - "මේ මේවා... මගේ අතෙත් තියනවානේ ඔයාට වඩා??" :O මං බැලුවා මේ මොකක්ද මේ හරුපේ කියලා.. බලනකොට දෙන්න එක්ක කතා වෙලා තියෙන්නේ අතේ තිබ්බ රෝම කූප ගැන. ඔය වගේ කතාවක් යනකොට ඉතින් මගේ කටත් ඇවිස්සෙන නිසා මාත් මැද්දට පැනලා කිවුවා
"ඒවා එහෙම තමයි. ඒ මුගේ හැටි.. පොඩ්ඩක් පැත්ත මාරු වෙලා කියලා..."
එතකොටම N නැමැත්තා මෙසේ පැවසීය..
"පල ඩො යන්න.. උඹට ඉරිසියාව මේ මගේ සියුමැලි සමත් එක්ක" ( මම o.O සියුමැලි සම?? කොල්ලෙකට?? :O ) කියලා..
ඔන්න එතකොට තමයි මරුම කතාව එලියට පැන්නේ.. එතන හිටි V නැතහොත් චාලි නැමැත්තා මෙසේ පැවසීය..
චාලි - "අනේ පලයන් බන් යන්න.. අපි දන්නවා උඹේ රහස. වීට් නේ?? අපිට ඕවා හංගන්න බෑ මල්ලි" කියලා..
ෂොට් කියන්නේ ශොටේ ෂොට්.. සියලු දෙනා බඩ අල්ලන් හිනා වෙද්දී එතනින් එහාට ඒ ගැන කතා නොකරමි..
ඔය N නැමැත්තා වෙන කවුරුත් නොව. අර කලින් කතාවේ කාර් එකේ දොර සමග අනියම් සම්බන්ධයක් පැවැත්තු පුද්ගලයාමයි :P
එහෙනම් මිත්‍රවරුනි අදට කතාව නිමයි. නැවත හමුවෙමු.
""සුභ අනාගතයක්!""
ප.ලි - පැයෙන් ප්‍රශ්න පත්තරේ ඉවර කරන්න කතා උනේ අර මං කලින් කිවුව අක්කන්ඩි ගේ තාත්තාගේ අවසන් කටයිතු වලට සහභාගී වෙන්න යන්න. අවාසනාවට එකට ඉඩ නැති විය. අක්කේ මේක දැක්කොත් අනේ අපිට සමාවෙන්න. මේක අවස්තාවක් කරගන්නවා ඇත්ත වශයෙන්ම කණගාටුව ප්‍රකාශ කරන්න. ඒ වගේම අංකල්ට නිර්වාණ සම්පත්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජාති ජාතිත් මෙවන් අකල් මරණ සිදු නොවේවා කියලත් ප්‍රාර්ථනා කරනවා...
#කුරුළුකුරුළුhttp://www.blogger.com/profile/07956928148257639664noreply@blogger.com0tag:blogger.com,1999:blog-3291689420313124153.post-67162594676421337402013-09-09T23:08:00.003-07:002020-05-25T07:57:44.321-07:00මාගේ පාසල් කාලය.. සිහිවෙනවානේ හැම විට.. (2 කොටස )ආයුබෝවන්ඩ කිවුවා හැමෝන්ටම!
කලින් නවත්තපු තැන ඉඳන් කතාව ඉස්සරහට :)
1999.02.26 තමයි මුලින්ම මං මගේ අලුත් ඉස්කෝලෙට ගිය දවස. පන්තියට ඇතුල් වෙන්න කලින් අම්මයි තාත්තයි එක්ක ගියා ප්‍රින්සිපල් සර් වැ හම්බෙන්න. හා හා පුරා කියලා ඉස්කෝලෙට අඩිය තිබ්බ ගමන් ඇහැට වැටුනේ ඉස්කෝලේ පිට්ටනියේ සුදු කලිසන් ඇඳලා අවුවේ දනගහගෙන ඉන්න අයියලා ටිකක්. නියමයි. ආතල් කෝටියයි. ඒ සුභ දර්ශනේ න් පස්සේ ගියා ප්‍රින්සිපල් සර් ව හම්බෙන්න. තාත්තාගේ හොඳ යාලුවෙක් වෙච්ච ප්‍රින්සිපල් සර් මාව දැක්ක ගමන් ඇහුවා
"මොකෝ පුතා... සනත් ජයසූරිය වෙන්නද කල්පනාව??"
හුටා.. කවුද ඒ?? මං ඉතිං බය වැඩි කමටම කට පියන් හිටියත් මට දැනගන්නම ඕනි උනා කව්ද ඒ කියලා. මං ඉතින් තාත්තට ඇඟිල්ලෙන් ඇන ඇන ඇහුවා කවුද ඒ කියලා..
"කුරුළු සනත් ජයසූරිය කියන්නේ ක්‍රිකටර් කෙනෙක්"
"එහෙනම් ඇයි අර සීයා ඇහුවේ මං එයා වෙන්න යනවද කියලා??"
"සීයා?? :O සීයා නෙමෙයි ප්‍රින්සිපල් සර්.. අහ සනත් ගේ අතෙත් ඔයාගේ අතේ වගේම පිරිත් නූල් බැඳලා තියනවා. එක නිසා වෙන්න ඇති"
කියලා තාත්තා කිවුවා.
කොහොම හරි එදා ඉස්කෝලෙට ඇතුල් වෙලා මාර්තු පළවෙනිදා පළවෙනියටම පන්තියට යන්න කියලා එදා ගෙදර ආවා.
මාර්තු පළවෙනිදා ගියා ඉස්කෝලේ අම්මයි තාත්තයි එක්ක. වැටුනේ 2-E පන්තියට. එදාම අලුතින් ඉස්කෝලෙට ආපු ළමයෙක් වැටුනා මගේ එහා පැත්තට. ( දැනට අපි එයාව පිංටා කියලා හඳුන්වමු ). කොහොම හරි පින්ටයි මායි තමයි දෙක වසරේදී හොඳම යාළුවො උනේ. තව එක යාලුවෙක් හිටියා අන්නාසිම් (සිරා නම නෙමෙයි) කියලා.
කොහොම හරි ඉස්සර අපිට කලින් ඉස්කෝලේ ඇරෙනවා. මායි පින්ටයි ගිහිපු වෑන් දෙක ඉස්කෝලේ ලඟට එනකන් පැයක් විතර ඉන්න ඕනි බලාගෙන. හැමදාම ඉස්කෝලේ ඇරෙන වෙලාවට අම්මා ඔෆිස් එකේ ඉඳන් කිරි පැකට් එකයි මිස්ටර් පොප් පැකට් එකයි ගේනවා මට කන්න. ඒ දෙක මට දීලා අම්මා ආයිත් ඔෆිස් යනවා. මං ඉතින් කරන්නේ මිස්ටර් පොප් පැකට් එක යාලුවන්ට කන්න දීලා මං කිරි පැකට් එක බොනවා :) ඊට පස්සේ මායි පින්ටයි ඉස්කෝලේ ගේට්ටුව ළඟ තියන පිහිඹියා ගහකට නැගලා වාදී වෙලා ඉන්නවා. දවසක් මායි පින්ටයි වාදී වෙලා ඉන්නකොට සුදුපාට කාර් එකක් නැවැත්තුවා අපි හිටිය ගහ ගාව.
"පුතාලා දෙන්නා එන්නකෝ බැහැලා" කියලා ඇහුනා
අපි දෙන්නත් සේප් එකේ බැහැලා ගියා කාර් එක ගාවට. හුටා අර සීයා කාර් එකේ. සීයා නෙනෙයි ප්‍රින්සිපල් සර් :P
"දෙන්නත් එක්ක වඳුරු පැටවූ දෙන්නෙක් වගේ ගහට නැගලා මොකද කරන්නේ??"
දෙන්නටම කට උත්තර නෑ..
"ගෙදර යන්නේ නැද්ද??"
ආයිත් සද්ද නෑ දෙන්නම..
"මොකද දෙන්නට කතා කරන්න බැරිද?"
මං යාන්තං ඇහෙන නෑහෙන ගානට කිවුවා
"ස්කූල් වැන් එක එනකන් ඉන්නේ මෙතෙන්ට වෙලා" කියලා
එතකොට සීයා කියපි
"එහෙනම් ඔය බිම වැටිලා තියන කොළ ටික අහුලලා තියන්න. මං එනකොට මෙතන සුද්ද වෙලා තියෙන්න ඕනි" කියලා.. කාර් එකේ නැගලා ගියා
මොන ගිනි ගෙඩියක්ද ඒ කඩන වැටුනේ?? :O
කාර් එක නොපෙනෙන කන් ඉඳලා මායි පින්ටයි දිවුවේ නැතෑ.. ගිහින් ගිහින් හැන්ගුනා අපේ පන්තියට ගිහිං.. කොහොම හරි එදා වැන් අංකල් ඇවිත් අපිව හොයා ගන්න බැරි වෙලා හෙනම කට්ටක් කාලා තමයි අපිව හොයා ගෙන ගෙවල් වල එක්කන් ගියේ :P
කොහොම හරි අපිට 2 වසර අන්තිම වෙනකොට තව යාලුවෙක් අඳුන ගන්න ලැබුනා. පින්ටා එයාට දාපු නම තමයි "Hot dog උණු බල්ලා".
ඔන්න එහෙනම් අදට කතාව ඉවරයි ඈ?? හිතුවට වඩා දිගට ඇදිලා ගියා.. ඉතුරු ටික පස්සේ :)
හැමෝන්ටම සුභ දවසක්!
#කුරුළුකුරුළුhttp://www.blogger.com/profile/07956928148257639664noreply@blogger.com4tag:blogger.com,1999:blog-3291689420313124153.post-18578793276572336232013-09-09T05:54:00.001-07:002014-06-01T09:47:56.355-07:00~~13.1 කොම්පීතර විද්‍යාව පැත්තෙන් ඇහෙන කතා~~ ප්‍රශ්න පත්තර (4 කොටස)ප්‍රශ්න පත්තර (4 කොටස)
ඉතාම සංවේග ජනක මේ වගේ අවස්ථාවක මෙහෙම දෙයක් ලියම්දෝ කියා හිතුනා. කමක් නෑ අද (09.09.2013) පැවති Computer Architecture ප්‍රශ්න පත්තරය පිලිබඳ යමක් කියන්නම්..
කෙටියෙන් පවසමි මගේ ආදරියේ ඇත්ත වශයෙන්ම අද නම් කල් ඇතුවම (8.30 ට) ගියේ අද නම් දෙනවා දුවන්න කියලා හිතාගෙන. එත් ඒ වෙලාවේ වගේම ලැබුන ආරංචියෙන් හෝන්දු මාන්දු වී ගියෙමි. සිරාවට පොඩ්ඩක් වත් විශ්වාස කිරීමට නොහැකි එම ආරංචිය හිතේ තියාගෙන කෝකටත් කියලා කස්ටිය සමග විභාග ශාලාවට යාන්තං 8.55 ට යා ගත්තා. පැත්ත මාරු කරලා වාඩි කෙරෙවුව අද පේපරේ දැක්කම සඳ සිරාවටම මෝල් විය. ඒක නම් සිරාවටම අධිරාජ්‍යවාදී කුමන්ත්‍රනයක්ම විය. ඒ වෙලාවේ තමයි පේපර් එකේ සැකිල්ල කියපු එකා මතක් උනේ :/ මරුම වෙලාව කියන්නේ ඌ මට ඉස්සරහා! ආතල් කෝටියයි. සුපුරුදු පරිදි ගත්තා 1 ලියන්න. මේ මොන හරුපයක් ද මේ?? :O ඒක අත ඇරලා දෙක ගත්තා හදන්න. එක ගොඩ. තුනත් ගොඩ. පහත් ගොඩ. ආයිත් හතරත් යාන්තං ගොඩ.
ආයිත් ගත්තා 1 කරන්න. මොන මගුලක්ද මේ?? :/ මෙලෝ මගුලක් දන්නේ නෑ නොවැ. නියමම වැඩේ කියන්නේ තිබ්බ 2's Complement ගාන හදන්න වින්ද දුකක්. එක එහෙම තියලා ගත්තා 6 වෙනි ප්රශ්නය කරන්නේ. යන්තන් බඩ ගාගෙන එකත් ගොඩ දාගත්තා. ඊට පස්සේ ප්‍රශ්න පත්තරේ මුල් පිටුව ආසාවට වගේ බැලුවමයි දැක්කේ "6න් 5ක් ලියන්න" (ඒක තිබ්බේ කඩ්ඩෙන් ඈ) කියන එක. ඒ අවස්ථාවේදී සියලු දෙවි දේවතා නමස් කාරයෙන් අනතුරුව ඇස් දෙක පියාගෙන ලියපු ප්‍රශ්නයක් කපලා උත්තර පත්තරේ දීලා ආවා එන්න.. මේ කොලේ ප්‍රින්ට් කරලා තිබ්බ ප්‍රශ්න වලට වඩා අමාරුම ප්‍රශ්නේ උනේ උත්තර කඩ්ඩෙන් ලියන එක නොවැ. :P
සුපුරුදු පරිදි කෙලින්ම ගියා යන තැනට.
1ට විතර මා ඇතුළු සිව් දෙනෙක් පරංගියා කෝට්ටේ ගියා වගේ ගියේ නැතෑ පොඩි රවුමක්! ඒ යන අතරේ අපේ එකෙක් කාර් එකේ දොරත් සමඟ අනියම් සම්බදතාවයක් ඇති බව යාන්තම් කනට වැටුණි. (ඒක ගැන විමර්ශනය පසුවට ඉතුරු කරමි) කොහොමින් කොහොම හරි සියලු කටයුතු හමාර නිවාස වෙත පැමිණියෙමි.
මගේ කතාව මින් නිමයි. අසා සිටි ඔබ සැමට ස්තූතියි!
ප.ලි- සිරාවටම පට්ටම අප්සට් මූඩ් ඈ අද! :( විශ්යවිද්යාලයේ මගේ ප්‍රියතම අක්කන්ඩියගේ පියතුමා අභාවප්‍රාප්ත වෙලා. මේ වෙලාව අවස්තාවක් කරගන්නවා අන්කල්ට අමාමහ නිවන් සම්පත්තිය ලැබෙන්න කියලා.
#කුරුළුකුරුළුhttp://www.blogger.com/profile/07956928148257639664noreply@blogger.com0