කැම්පස් විත්ති ( 7 වෙනි කොටස )

ආයුබෝවන්ඩ එහෙනම් හැමෝන්ටම.. ඔන්න එහෙනම් අදත් කැම්පස් විත්ති අරන් ආවා. කලින් දවසේ දාපු ආදරේ කියනේ ජීවිතේ ද?? කතාවට නොහිතපු තරම් ප්‍රතිචාර ලැබුණා. ඒ වගේම තනිකඩ උන්දැ ලාටත් කතාවක් ලියන්න කියලා දෙතුන් දෙනෙක් ම කිවුවා. අනිවාර්යෙන්ම ඒ වැඩෙත් කරනවා. හැබැයි දැන්ම නෙමෙයි. එකට ටික කාලයක් යයි. මොකද අවශ්‍ය දේවල් හොයා ගන්නෙපැයි.

මේ දවස් වල කැම්පස් එකෙන් පොඩි පැමිණිල්ලක් තියනවා කුරුළු ගේ කතා දිග වැඩි කියලා. ඕක ඉතින් කුරුළු ගේ කනටත් ආව. ඇත්තද? කතා නම් ටිකක් දිග වැඩි කරෙත් අපේ කියවන කට්ටිය කිවුව නිසා. කොහොම උනත් මේ ප්‍රශ්නෙට පිලියමක් පිස්සුද බබා හොයා ගත්තා. "කෙටි කර ලිවීම". පොඩ්ඩක් තේරෙන්න කිවුවොත්
රා. සේ. පි- රා බොන සේරම පිරිමි
C. T. B- Ceylon ටකරන් Bus

ඔන්න ඔය වගේ කෙටි යෙදුම්. :P මේ දවස් වල කුරුළු ඒ වැඩේ ගැන හිත හිත ඉන්නේ. :P

ඔන්න ඉතින් අද කතාව දවස් කීපයක කතා වල එකතුවක් කිවුවොත් හරි. එක නිසා ටිකක් දිග වැඩි වෙයි. ඔන්න ඉතින් මතක හැටියට පහුගිය බදාදා ද කොහෙද උදේ තිබ්බ ලෙක්චර් එකකට ගියා කැම්පස් එකට. ඒ යනකොට කට්ටිය ඔක්කොම සුපුරුදු පරිදි තැන තැන වල කෝප්ප සෝදමින් හිටියා. ඔන්න ඉතිං අපේ සෙට් එකත් වාදී වෙලා කියව කියව ඉන්නකොට පිස්සුද බබා ගිනි පෙට්ටියක් ගත්තා එලියට. දැන් ඉතින් අර ගින්දර හොයාගත්ත කාලේ වගේ කට්ටිය ගිනිපෙට්ටියෙන් එක එක සෙල්ලම් දානවා. ඔය අතරේ පොඩි බන්දු උපාසක තැන ගිනිපෙට්ටියෙන් විවිධ සෙල්ලන් දානවා.

පිස්සුද බබා- මචං බන්දු.. දෙනවකො දස්කිට සැපක්....

හරි. වැඩේ හරි කියන්නේ නියමයි. මොකද ඔය දස්කි කියන චරිතේ ගැන පොඩි හැඳින්වීමක් කරොත් පුදුම චරිතෙකි. මුලින්ම කවුරු හරි එක්ක කතා කොරොත් තමන්ව අඳුන්වලා දීලා මුලින්ම අහන්නේ "මචං.. ඔයාට නංගි කෙනෙක් ඉන්නවද" කියලා. වැරදිලා හරි උත්තරේ ඔව් කිවුවොත් අන්ච්චේ දුඛ්කේ තමයි. 
-අනේ මචං නංගි facebook ඉන්නවද?
-ඉස්කෝලේ මොකක්ද?
-වයස කීයද?
කිහිප දෙනෙක්ගේ ඉවසීමේ සීමාව පන්නවන ලද මේ ආකාරයේ තවත් ප්‍රශ්න කෙපයක් ඔහු සතුය. අපේ කට්ටිය මේ ප්‍රශ්නෙට පිලියමක් විදියට දස්කි "ෆෝම්" කිරීම සොයා ගන්නා ලදී. මෙච්චරක් දුරට නම් වැඩේ ඇති සාර්ථකයි. 

ඔන්න ආයිත් කතාව. ඔන්න ඉතිං පොඩි බන්දු උපාසක තැන ගිනිකූරක් පත්තු කරන දස්කි අසලට යනකොට ඈතින් ඇහෙනවා "එයි එයි මොකද ඔය කරන්නේ" කියලා. බැලින්නම් මේ සන්දනානා නේ. මේ මොකක්ද මේ? ඔය අතරේ දීස් කොලුවා ඕක දැකලා කෑ ගැහුවා "දස්කි ට ගහද්දි ඇයි සන්දනානා ට රිදෙන්නේ" කියලා. කතාව ඇත්තනේ? ෆන් එකට කරන වැඩක් නම් ඇයි කාටවත් වේදනා?
සන්දනානා - "එහෙම කොහොමද? ඒ අපේ කොල්ලෙක් නේ?" කියලා කිවුවා. ඔන්න ඉතින් දවසේ වැරදි කතාව සන්දනානා ප්‍රකාශ කරා.
දීස් - "මෙතන 'අපේ කොල්ලෝ' කියලා කවුරුත් නෑනේ බන්.. ඔක්කොම එක වැල්ලේ පොල් නේ."
කතාව ඇත්තනේ. එකට ලෙක්චර්ස් වලට ඉන්නකන් ඔක්කොම එක බැච් එක මිසක් වෙන වෙන කෑලි නෑනේ. කොහොම හරි ඒ කතාව එතනින් ඉවර උනා. අන්තිමට එක වැල්ලේ පොල් ඉවර උනේ "එක පොල්ලේ වල්" වෙලා.

ඔන්න ඉතින් කොහොමින් කොහොම හරි ලෙක්චර් එකේ වෙලාව ඉවර උනේ අවාසනාවන්ත ආරංචියකුත් එක්ක. ගෙඩිපිටින් assignments දෙකක්ම දුන්නා කරන්න කියලා. සර් එහෙම කියලා assignments දෙක computer එකට කොපි කරලා හෝල් එකෙන් එලියට ගියා විතරයි කට්ටිය assignment එක කොපි කරගන්න පොර කනවා. අනේ ඉතින් මන් මේ කල්පනා කරේ මේ තරම් assignments කරන්න ආසා ළමයි ඉන්නවා දැකීමත් ආඩම්බරයට කරුණක් නෙමෙයිද? නැද්ද මන් අහන්නේ හසන්ත මහත්තයෝ. ආස්චර්ය :P

හවස් වරුවේ ලෙක්චර් එකක් පවත්තුනේ නැති උනත් සුපුරුදු ලෙස වල බැසීම සඳහා කට්ටිය ලක ලැස්ති උනා. දවලට කාලා බීලා එහම කට්ටියත් එක්ක ගියා study area එකට. පොඩි ආරංචියක් ලැබුණා අපේ කට්ටියක් එතන ඉඳන් අලුත් උපාධියක් පටන් අරන් කියලා. එකේ විස්තර ලද සැනින් දන්වන්නම්. කට්ටිය ඉතින් study area එකට ගිහින් ඔන්න ඉතින් ලැප් දෙකක් on කරගෙන කට්ටියත් එක්ක film එකක් බලන්නයි ලෑස්තිය. ආසියාවේ ආස්චර්ය. කෙලෙස විස්තර කරන්නද මේ අපූරු දසුන. කිසි සද්දයක් නෑ කට්ටිය ෆිල්ම් බලනවා. හරිම සන්තෝසයි. ඔන්න ඉතින් ඔහොම ෆිල්ම් එක බලලා ඉවර වෙනකොට පිස්සුද බබා ෆොටෝ එකක් පෙන්නුවා ගමනක් යද්දී 140km/h වේගයෙන් යන වෙලාවක වේග මානයේ speedometer එකේ ෆොටෝ එකක්. ඕක දැක්ක ගමන්
නොයෙල් - "අපරාදේ බන් උඹ ෆුල් ටෑන්ක් ගහන ගියේ. එතකොට speed එක තව අඩු වෙනවනේ.."

ඒ ප්‍රශ්නෙට පිලියමක් දීස් කොලුවා හා පිස්සුද බබා හොයා ගත්තා. පෙට්‍රල් බෝතල් වලට පුරවලා පාර අයිනේ තියලා තියනවා ඕන වෙලාවට දාගෙන යන්න. කොහොමද ඒ වැඩේ?? :P

ඔන්න ඉතින් පහුවෙනිදත් ලෙක්චර්ස් තිබ්බ නිසා කැම්පස් එකට ගියා. අනේ මොනා නත්තත් ඒ lecturer හරි ශෝක්. හිත ඇදීලා යනවා. ලතාවට කතා කරන්නේ. ගොඩක්ම okay කියන වචනය පාවිච්චි කරන නිසා අපි එතුමියට "ඕකේ මිස්" කියලා කතා කරමු. ඔන්න ඉතින් ලෙක්චර් එක යන අතරේ මිස් ප්‍රශ්නයක් ඇහුවා
"කවදාවත් කෙසෙල් ගෙඩියක් දැකලා නැති කෙනෙක්ට කෙසෙල් ගෙඩියක් කන හැටි කියලා දෙන්න"
ඇත්තටම ප්‍රශ්නේ උනේ කියලා දෙන්න කියන එක නෙමෙයි. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් පිළිතුර කියන්නකෝ. එහෙනම් අදට කතාව ඉවරයි ආ.. තවත් අලුත් කොටසකින් හම්බවෙමු. එතකන් සුභ දවසක්.

ප.ලි - අලුත් කතාවක් ලියන්න  හොඳ මාතෘකාවක් තියනවා නම් facebook එක පැත්තට ඇවිත් කුරුළුට කියන්න කෝ.. 

12 comments :

  1. C. T. B- Ceylon ටකරන් Bus. මේක නම් අැත්ත කියල හිතෙනවා කඩුගන්නාව අදිද්දි.

    ReplyDelete
    Replies
    1. කොහෙත් එනෙම තමයි දිලිනි සහෝදරි :)
      දැන් නම් අලුත් බස් දෙක තුනක් තියනවා.. හැබැයි ගත්තට පස්සේ හෝදලා නම් නෑ :P

      Delete
  2. අහ.. ඔය කෙසෙල් කතාව වෙලාවේ අපේ බඳු මහත්තය කිවුවෙ.. "අපේ අම්මල අපිට පොඩි කාලේ මේවට කියන්නේ කෙසෙල්.. මේවට කියන්නේ මෙහෙමයි කියල කිවුවෙ නෑ..! ආ.. ඉදා කාපිය කියල කටේ ඔබනවා!" කියල කිවුව වගේ මතකයි...
    එක කියනකොට මේකේ කියපු අර සුන්දර "ඕකේ මිස්" බන්දු මහතාගේ පිටුපස සිටි බවත් මතකය..
    කියූ දෙය ඇසුණු "ඕකේ මිස්"ටත් අය පිටුපස සිටිනු දුටු බන්දුටත් කර කියාගැනීමට කිසිත් නැතිවිය...
    මේ සියල්ල දුටු අපට එනම මට, තාකන, දීස් කොලුවාට සිනහව නවත්වාගත නොහැකි විය... :D :D

    ReplyDelete
    Replies
    1. මෙව්වා හරිම ලොල් සහගතයි :P

      Delete
    2. එකෙන්ම... අයියෝ. ඒ කෑල්ල අමතක උනානේ දාන්න :/ :(
      සිරාවට ඔයි උන සුපිරිම වැඩේ තමයි එක :P

      Delete
  3. ඔය සෙට් එක එක්ක හිටියොත් කුරුලුටත් වෙන්නේ වහ කන්න තමයි ඔය එසයිමන්ට් කෙරුවාව මටත් වහ අප්පා

    ReplyDelete
    Replies
    1. හිකිස්... මේ වගේ සෙට් එකක් එක්ක ඉන්න කොට තමයි කෝරලේ මහත්තයෝ මරු මරු වැඩ වෙන්නේ ලියන්න :P

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරය අයින් කරාට blog එක එක්ක ඉන්නවට ස්තූතියි රින්දී සහෝදරි :)

      Delete
  5. දීපන්කෝ අර "යතුරේ කතාව" :P :P :P :P

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා blog එකට.. යතුරේ කතාව කිවුවේ මොකක්ද ජනිඳු?? පොඩ්ඩක් පැහැදිලි මදි කියන්න හදන දේ..

      Delete
  6. මම මේ කල්පනා කරන්නේ මිස් අහපු ප්‍රශ්ණේ ගැන..

    ReplyDelete