පහුගිය දවස් ටිකේ නම් වැඩ කටයුතු තරමක් අධික දවස් ටිකක් උනා. නිකන් ඉන්න වෙලාවක් හම්බුනා නිසා පොඩි කතාවක් ලියන්න කියලා හිතුවා. නෑ නෑ කැම්පස් විත්ති ඉවර නෑ. මේ ටිකේ ලියන්න කියලා විශේෂ දෙයක් සිද්ධ උනේ නෑ. මේක විශේෂ කතාවක්. මේ ජීවත් උන අවුරුදු 20ට මට යාළුවො කියලා හිටපු පුද්ගලයන් ගැන පොඩ්ඩක් කතා කරන්න ඕනේ කියලා හිතුනා. මේ කතාවේ Season 1යි Episode 1යි.
"හොඳ යාලුවෙක් ඕනේ නම් හොඳ යාලුවෙක් වෙන්න"
පොඩි කාලේ හැමෝන්ටම එක එක යාළුවො ඉන්නවා. පලවෙනි යාළුවො තමයි අම්මයි තාත්තයි. ඊට පස්සේ සහෝදර සහෝදරියෝ. ටික කාලයක් මේ යාළුවො එක්ක ඉන්නකොට නෑදෑයෝ අසල්වැසියෝ යාළුවො වෙන්න පටන් ගන්නවා. එත් ඒ හැමදෙනාම හරියට අඳුනන්නේ නැතුව.
මොන්ටිසෝරි යන්න පටන් ගත්තම ඔන්න එතන අලුත් යාළුවො ඇති වෙනවා. උදේ ගිය ගමන් සෙල්ලම් කරන්න, එකට චිත්‍ර අඳින්න යාළුවො එකට ඉන්නවා. ඇත්තටම පොඩි කාලේ ඇති වෙන යාළුකම් හරි පිරිසිදුයි. කුහක බව, ඊර්ෂ්‍යාව වගේ දේවල් ඒ කාලේ හිත වල නෑ. මට මොන්ටිසෝරි කාලේ හම්බුනා යාළුවො කීප දෙනෙක් මේ කාලේ වෙනකොටත් මං ආශ්‍රය කරනවා. හැබැයි ඉස්සර තිබ්බ යාළුකම් මේ වෙනකොට අඩු වෙලා.
ඔන්න ඉතින් ඉස්කෝලේ යන්න පටන් ගත්තට පස්සේ යාළුවො සංගමය තව විශාල වෙනවා. යාළුවො එකින් එක එකතු වෙනවා ජීවිතේට. අත්දැකීම් එකතු වෙනවා. ටික ටික ගෙදරින් ඈත් වෙන්න පටන් ගන්නවා. ඔය අතරේ තමයි 5 වසරේ ශිෂ්‍යත්ව විභාගේ ලන්වෙන්නේ. දරුවන්ගේ ඔලු වලට කුණු වැටෙන්න පටන් ගන්නේ. ඊර්ෂ්‍යාව ඇති වෙන්න පටන් ගන්නේ.
එහා පැත්තේ ඉන්න යාලුවා මට වඩා ශිෂ්‍යත්වෙට ලකුණු ගනී ද?
මන් වැඩ නොකරොත් හොඳට පාස් වෙන මගේ යාළුවො මාව කොන් කරයිද ?ඔය වගේ 1000ක් ප්‍රශ්න ඔලුවට වැටෙන්න පටන් ගන්නවා ඒ කාලේදී. එකට තරමක් වගකියන්න ඕනේ ගෙවල් වල උදවියත්. මේ ලංකාවේ අධ්‍යාපන ක්‍රමය හදලා තියෙන්නේ තරඟයක් ඇති කරන්න කියලා කියනවනේ. අන්තිමට තරඟය ඉවර වෙනකොට දුවල තියෙන්නේ මොලේ නැති යාන්ත්‍රික සැකිලි ටිකක්.
කොහොම හරි ඔතනින් ගොඩ වෙලා ඔන්න කනිෂ්ඨ අධ්‍යාපනය ලබන්න එනවා. ඒ එන්නේ ඔලුවට විසබීජ දාගත්තු දරුවන් කොටසක්. හැමවෙලාවෙම ඔලුවේ වැඩ කරන්නේ වාර විහාගෙන් එහා පැත්තේ යාලුවා වැඩි ලකුණු ගනීද කියන ප්‍රශ්නේ. ඔය අතරේදී සැබෑ යාලු කම් ඇති නොවෙනවා නෙමෙයි. මගේ ජීවිතේ හම්බවුන හොඳම යාලුවා හම්බුනේ 6 වසරේදී. ඉස්කෝලෙදි නම් නෙමෙයි. දහම්පාසලේදී. "චරියා" මන් එදා ඉඳන් කතා කරේ එහෙමයි. එදා ඉඳන් අද වෙනකන් මේ ගෙවුන අවුරුදු 10ට මට දුකේදී සැපේදී හිටිය එකම එකා තමයි චරියා. මට තාම මතකයි මං accident වුන වෙලාවේ චරියා මාව බේරලා ඌ අහු උනා ගොඩක් දේවල් වලට.
ඔහොම ඉතින් කාලේ ගිහින් O/L වලට එනකොට හිසේ කෙස් ගානට යාළුවො එකතු වෙලා ජීවිතේට. ජීවිතේ වෙනස් වෙලා. ඕනෑම කෙනෙක්ගේ ජීවිතේ හැරවුම් ලක්ෂය තියෙන්නේ මේ කාලේදී තමයි. ඒ හැරවුම් ලක්ෂයට තීරණාත්මක සාධකයක් වෙනවා ඒ කාලේදී ආශ්‍රය කරන යාළුවො. මං මේ කාලේ වෙනකොට මගේ ජීවිතේ ජොලිම කාලේ ගත කර කර හිටියේ. blog එකත් එක්කම දිගටම හිටියා නම් මාගේ පාසල් කාලය කතාවේ ඒ ඔක්කොම විස්තර තියනවා. කොහොම හරි O/L result ආවම තමයි සමහර යාළුකම් ගැන ඇත්ත තේරෙන්නේ.
ඔන්න ඉතින් ඊට පස්සේ A/L කරන්න ආවට පස්සේ ටියුෂන් ක්ලාසස් වලින්, ඉස්කෝලෙන් තව තව යාළුවො ජීවිතේට එකතු වෙනවා. මේ කාලේදී තමයි ගොඩාක් දුරට විශේෂ යාළුකම් ජීවිතේට ඇති වෙන්නේ. මගේ ජීවිතේටත් ඒ විශේෂ යාළුකම ඇති උනේ මේ කාලේදී තමයි. ඔහොම යනකොට මේ කාලේදී සමහර යාළුකම් ඇති වෙනවා අපි හිතනවා කවදාවත් කැඩෙන්නේ නෑ කියලා. අන්තිමට මොකක් හරි හේතුවකට තමන්ව වැරදි කාරයා වෙලා ඒ යාළුකම නැත්තටම නැති වෙනවා. ඔව් මටත් හිතියා එහෙම යාළුවො කීප දෙනෙක්. මන් අදටත් හිතනවා ඇයි මොකක්ද හේතුව කියලා.
ඔය අතරේ තව යාළුවො හම්බෙනවා කාලයක් ජීවිතේ ලස්සන කරපු අය. "බඩා, අනුජ...." වගේ අය. ඔහොම කිවුවම ඉතින් කට්ටිය දන්නවා කවුරු ගැනද කියලා. ඔහොම ඇති වෙන යාලුකමුත් කාලයක් යනකොට පාරේ දැක්කම හිනා වෙලා යන තත්වෙට වැටෙනවා. ඒක තමයි මනුෂ්‍ය ස්වභාවය.
ඔහොම ගිහින් කැම්පස් ගියොත් කැම්පස් එකේ, වැඩට ගියොත් ඔෆිස් එකේ යාළුවො හම්බෙනවා. මන් අහලා තියන හැටියට ජීවිතේ ලඟින්ම ඉන්න යාළුවො තමයි කැම්පස් යාළුවො. ඒ යාළුකම හරි සුන්දරයි ලු. මන් අහලා තියනවා තමන් බන්දලා පැණි හඳ බලන්න යන තැන මොනම දේ උනත් කැම්පස් යාලුවන්ට නම් දැනගන්න තියන්නේපා කියලා කතාවක්. මොකද ඒ යාළුකම ඒ තරම් සුන්දර එකක්ලු. මාත් දැන් කැම්පස් යනවා, මටත් දැන් යාළුවො ඉන්නවා, කැම්පස් විත්ති කතාවේ ඒ හැම කෙනා ගැනම විස්තරයක් තියනවනේ.
ජීවිතේ තවත් යාළුවො කට්ටියක් මුණ ගැහෙනවා. අතේ මිටේ සල්ලි තියනකන් පන දෙන්න වගේ ඉන්නේ. හදිස්සියක් වෙලා මොනම හරි උදවුවක් ඉල්ලුවොත් "අනේ මචන් සොරි, මේ වෙලාවේ නම් නෑ. ඊයේ නම් මොකක් හරි කරන්න තිබ්බනේ" කියන උන්දැ ලා ඕන තරම් ඉන්නවා. තවත් උදවිය ඉන්නවා ගන්න පුළුවන් හැමදේම හූරගෙන ගන්නවා. සුරංගනා කතා කියා කියා තමන්ගේ වැඩේ කර ගන්නවා. වැඩේ ඉවර උනාට පස්සේ උන්නද මලාද කියලා බලන්නේ නැති උදවිය.. ඔය දෙගොල්ලොම මගේ ජීවිතේ ඉඳල තියනවා..
මං නම් හිතන්නේ හැමෝන්ගෙම ජීවිතේට යාළුවො අවශ්‍යයි. මොකද යාළුවො තමයි ජීවිතේ සුන්දර කරන්නේ. ඒත් යාළුවො ආශ්‍රය කරද්දී තරම දැනගෙන ආශ්‍රය කරන්න ඕනේ. වෙන විවිධ හේතු නිසා මත ගැටුම්, රණ්ඩු වගේ දේවල් ඇති වෙනවා. ඒවාට මුහුණ දීලා ජීවිතේ ඉස්සරහට යන එක තමයි ජීවත් වෙනවා කියන්නේ.
මං කතාව පටන් ගන්න කොට පොඩි කතාවක් කිවුවා. හොඳ යාලුවෙක් ඕනේ නම් හොඳ යාලුවෙක් වෙන්න. මන් මේ වෙනකොට ආශ්‍රය කරන යාළුවො කීප දෙනෙක් ඉන්නවා. අයෝ, ලිශානි, නොයෙල්, තාකන, බැක්ස්ටේජ් මැතිණිය, දීස් කොලුවා, පොඩි බන්දු උපාසක තැන, පිස්සුද බබා, සූස්, රුවා, තව සෑහෙන්න පිරිසක් ඉන්නවා. නමින් නොකිවුවා කියලා තරහ වෙන්න එපා. මන් හිතනවා මන් හොඳ යාලුවෙක් වෙන්න ඇති කියලා.. ඒ තීරණේ ඒ අයට භාරයි. තව එක දෙයක්. දෙයක් හිතන්න, කියන්න, කරන්න කලින් දෙපාරක් නෙමෙයි තුන් පාරක් හිතලා බලන්න තමන් වටේ ඉන්නේ කවුද කියන එක....
ඔන්න ඉතින් අද කතාවත් ඉවරයි. අපෝ නෑ කිසි විශේෂ හේතුවක් නෑ මෙහෙම දෙයක් කියන්න. දෙයක් ලියන්න ඕනි කියලා හිතුන නිසයි ලිවුවේ. දවසෙම වැඩ කන්දරාවක් තිබ්බා. ආයිත් ඉතින් වැඩ පටන් ගන්න වෙලාව හරි. එහෙනම් ඊළඟ කතාව වෙනකන්, සුභ රාත්‍රියක් හැමෝන්ටම!
ඔයා කොහොමත් හොදම හොද යාලුවෙක් තමයි මෑට්ටො!!! :D :D
ReplyDeleteමං මන මටත් වඩා හොඳින් දන්නා කෙනෙක් එහෙම කියපු එක ගැන සතුටුයි මැට්ටෝ ^_^ :*
Deleteයාළුවෝ ගැනනම් කියන්න දේවල් ඕන තරම් තියෙනවා..
ReplyDeleteසිරාවට! කියලා නිමකරන්න බැරි මාතෘකාවක්!
Deleteමමත් යාලුවො ගැන ලියල තියෙනව.... ඇවිත් බැලුවනම්.....
ReplyDeleteඅනිවාර්යෙන්ම ගාලු සහෝදරයා :)
Deleteothana thamayi mata thiyena lokuma purasne wune mamath awurudu 14k magemayi kiyala bokka bandan ashraya karapu ewun mama mage jeewithe gaththu lokuma theeranedi lokuma kadawateemedi mata nathiwuna. oyawage yaluwoth innawa e nisa parissamen koluwo
ReplyDeleteසහතික ඇත්ත! නමට යාළුවො නම් කොහෙත් ඉන්නවා කෝරලේ මහත්තයෝ.. සැබෑ යාළුවො අඳුනගන්න කරදරෙකදී තමයි
Deleteසැබෑ යාළුවෝ අඩු යි.
ReplyDeleteසහතික ඇත්ත දිලිනි සහෝදරි ^_^
Deleteසහෝ පැණි හදේ යන තැන කැම්පේ යාළුවන්ට නොකිවුවට අනාරදිතවම ඒවා සොයාබලා වාර්තා කරන්න සම්බන්ධිකාරක කොටා ඉන්නවා කියලා මතක තියාගනින්......
ReplyDeleteඔය කොටා ඉන්න එකම තමයි හිතට බය :P
Delete