කුරුලු දැක්ක ආලෝක පින්තාරු

මේ දවස් වල හැමතැනම කසු කුසුව ආලෝක පින්තාරු, Light painting... මොකක්ද මේ කතාව?


පොඩි කැමරා කෑල්ලක් අටවාගෙන ගස් ගල් මල් වල පින්තූර ගන්න මේ කුරුලුටත් පොඩි හැකියාවක් එහෙම තියනවා. දවසක් බුකියේ ග්රූප් එකක එහෙම ගත්ත පින්තූරයක් පලකරාම එකේ නිතරම දැකපු නමක් තමයි ඉන්ද්‍රනාථ තේනුවර.. ටිකක් හොයලා බලද්දී මේ කුරුලු පොඩි කාලේ දන්නා අඳුනන පොරකගේ තාත්තා කෙනෙක්.

සතුට යනු - 1 කොටස


අලුත් වැඩක්. මට සතුටු හිතෙන දේවල් ටිකක් ලියන්න ඕනේ කියලා හිතුනා. දවසට කීපය ගානේ දාන්න කියලා හිතුවේ. දැන් කවුරු හරි කියපිය සතුට යනු කඩේ ගන්න තියන එක කියලා.

  1. අම්මාට කියලා බත් කටක් කවා ගැනීම.
  2. විභාග ප්‍රතිපල කියද්දී තාත්තගේ මූනේ දකින ආඩම්බර හිනාව.
  3. ඇත්ත යාළුවො කවුද කියලා අඳුන ගන්න ලැබීම. 
  4. තමන් කරන දේ තමන්ට පුළුවන් උපරිමයෙන් කිරීම.
  5. කරන දෙයින් තමන්ට පාඩුවක් උනත් තව කාට හරි ඒකෙන් හොඳක් වෙනවා නම් ඒ දේ කිරීම.