කැම්පස් විත්ති ( 3 වෙනි කොටස )

ආයුබෝවන්ඩ කිවුවා හැමෝන්ටම.. ආපු නැති දවස් දෙකතුනට blog එකේ මකුළු දැල් නුත් බැඳිලා.. ඔන්න එහෙනම් මකුළුදැල් එහෙම කඩලා, අතු පතු ගාලා කතාවක් කියන්නයි ලෑස්තිය..
" අම්මේ තාත්තේ අක්කේ අයියේ නංගියේ මල්ලියේ.. මෙන්න මං ගෙනාවා ඩිග්‍රී ටිකක්, හැමදාම නෑ හැමතැනම නෑ, කඩේ ගානට වඩා අඩුවෙන් මං මේක දෙන්නේ.. මෙන්න අරන් බලන්න විශ්වාස නැත්තම්. හොර නෑ බොරු නෑ වංචා නෑ. සාධාරණව තමයි අපි වැඩේ කරන්නේ. 
අපි මුලින්ම ගමු මෙන්න මේ ඩිග්‍රී එක. මේක දෙන්නේ UK උස්වැටකෙයියාවේ යුනිවර්සිටි එකකින්.. ආයිත් නෑ සුපිරිම ඩිග්‍රී එකක් තමයි මේක. ඇවිත් බලන්න වෙනස වටහා ගන්න. අපි ගාව විතරයි මේවා තියෙන්නේ. මේ වගේ බාල බඩු තියනවා කොහෙත්. රැවටෙන්නේපා එන්න අපි ගාවටම.......
අපි ගාව තව තියනවා. මේවා හැමතැනම නෑ. මට දැන් ඔක්කොම කියන්න වෙලාවක් නෑ. කොන්දොස්තර අයියා රව රව බලනවා. එන්න ඇවිත් බලන්න. කොහෙවත් නැති අපි ගාව විතරක් තියන දේවල්.."
මේ කතාව ඉතින් දන්නා උදවිය දන්නවා ඉතිං... කමක් නෑ. ඔන්න ඉතින් අද ලෝක ළමා හා වැඩිහිටි දිනෙලු. මං නම් පෞද්ගලිකව දිනයක් දාගෙන ඔය එක එක ඒවා සමරනවට කැමති නෑ. අනික මට තියන ලොකුම ප්‍රශ්නේ මේ ලෝකේ දැන් ළමා දිනයක් සමරන්න කියලා ළමයි ඉන්නවද?? ඇටෙන් පොත්තෙන් වැටෙනකොටම පවුල් පන්සල් වෙන උනනේ දැන් කාලේ උන්ට තියෙන්නේ. මං දන්නා තරමින් ලෝකේ ලාබාලම දෙමවුපියෝ දෙන්නට යන්තම් අවුරුදු 13ක් ද කොහෙද? ළමයෙක් හදාගන්න තියා තමන් ගැන බලාගන්න පුළුවන් වයසකද ඒ? ඕවා ඉතින් ලෝක ස්වභාවය තමයි. කොහොමහරි මට නම් තේරෙන හැටියට තව ටික කාලෙකින් ළමා කෑල්ල කපලා ලෝක වැඩිහිටි දිනේ කියන ටික විතරක් ඉතුරුවෙයි..

ඔන්න ඉතින් ආයිත් කැම්පස් එක පැත්තට හැරුනා නම්. අනේ මේ ටිකේ නම් කියන්න තරම් විශේෂ දෙයක් උනේ නෑ. අද උන පොඩි කතාවක් නම් මතක් වෙනවා. අපේ රෙපා මහත්තයයි දීස් කොලුවයි තව කිහිප දෙනෙකුයි එකතු වෙලා 1st semester එකේදී batch trip එකක් organize කරා. කොහොම හරි ඒ වැඩ වලට සති දෙකක් විතර ගියා. අවාසනාවක මහත කියන්නේ අන්තිම මොහොතේ වැඩේ කෙල උනා විජාතික බලවේග නිසා. ඒ පුරාන කතාව. අද lectures ඉවර වෙලා අපේ සුපුරුදු මළගෙවල් වල නිදි මරන්න සැදී පැහැදී සිටින ගැන්සිය අලුත් ෆැකල්ටි එකේ ලොබි එකට වෙලා ඔන්න ඉතින් කයියක් ගහගෙන ඉන්නවා. ඔන්න එතකොට අපේ පිස්සුද බබා කිවුවා "මචංලා අපි යමුකෝ ට්‍රිප් එකක්" කියලා.. ඔය අතරේ අපේ බැක්ස්ටේජ් මැතිණිය ( ඔන්න අලුත් චරිතයක්. අපේ වල ගැන්සියේ එකම කාන්තා නියෝජනය වන මැය ටිකක් විතර... නෑ නෑ හොඳටම පිස්සු කේස් එකකි. අනේ ඒ උනත් හරි හොඳ සුවීට් හාට් අපේ. අනේ මේ උන්දැ යාලු වෙලා ඉන්න කොලු පැටියා ගැන අපිට හරි දුකයි :p ) හා නොයෙල් අතර පොඩි වලියක් ගියා. උන් දෙන්නා මරා ගැනීම දීස් කොලුවා හා පොඩි බන්දු උපාසක තැන රසවින්දිද්දී පිස්සුද බබා හා රෙපා මහත්තයා දිගටම ට්‍රිප් කතාව කරගෙන ගියා. කොහොම හරි විනාඩි 5කට විතර පස්සේ අරුන් දෙන්නයි කතාවට ඔලුව දැම්මම අඩේ අපේ පිස්සුද බබා ට්‍රිප් එක ගිහිල්ලත් ඉවරයි. ට්‍රිප් එකේ සරල පැහැදිලි කිරීම මෙච්චරයි.
බැච් එකම ආවොත් බස් එකක්. 15ක් ආවොත් වැන් එකක්. අපි ටික විතරයි නම් කාර් එකක්. o.O
කොහොමද අපේ කස්ටියගේ ප්ලැනින් :p ආඩම්බරයි හසන්ත මහත්තයෝ. එක අතකින් අපි කතා උනේ ඔහොම වත් නොවුනොත් ඕක වෙන්නෙම නෑ කියලා :p  කොහොම හරි 3ට විතර දවල්ට සප්පායම් වෙලා සියලු දෙනා වාසස්ථාන කරා සතුටින් විසිර ගියා. අද කතාව නම් ටිකක් කොටයි. මාර සීන් එක කියන්නේ වෙච්ච දේවල් ගෙදර එනකොට අමතකයි නොවැ. ගෙදර එන අතරමගදී දකින දේවල් නිසා මනස විකාර වෙනවා නොවැ. මං පව් නේ?? හරි හරි අදට ඇති. තව දවස් 2කින් විතර එන්නම්කෝ. එතකන් එහෙනම් ටටා ඈ? සුභ රාත්‍රියක්!

5 comments :

  1. බැක්ස්ටේජ් මැතිණිය ( ඔන්න අලුත් චරිතයක්. අපේ වල ගැන්සියේ එකම කාන්තා නියෝජනය වන මැය ටිකක් විතර... නෑ නෑ හොඳටම පිස්සු කේස් එකකි. අනේ ඒ උනත් හරි හොඳ සුවීට් හාට් අපේ. අනේ මේ උන්දැ යාලු වෙලා ඉන්න කොලු පැටියා ගැන අපිට හරි දුකයි :p )

    හයියෝ.. මේක දැක්කම හිනාව නවත්තගන බැහැනේ... :D :D

    ReplyDelete
    Replies
    1. හිනා වෙලා තව පොඩ්ඩෙන් ගුටි තමයි :P

      Delete
  2. අන්තිමේදී කොහොමින් කොහොම හරි ඒ ට්‍රිපටත් කෙලවෙච්ච පාටයි. බවලත් උදවිය එක්ක ට්‍රිප් යාමට වඩා පිස්සන් සමග චෙස් ක්‍රීඩා කිරීම ලේසියි කියල ඒ කාලේ හිටපු පඬිවරයෙක් කියල තියෙන්නේ නිකන්ද? පඬිවරයා තමයි අපේ කෝරලේ මහත්තයා.

    ReplyDelete
    Replies
    1. වෙන නැත්නම්!

      Delete
    2. කෝරලේ මත්තයා - ඒ කතාව නම් සහතික ඇත්ත.. වඳුරන්ට අවකලනය කියල දෙන එක ලේසි ඊට මෙයාලව ට්‍රිප් ගෙනියනාවට වඩා :p

      දිලිනි සහෝදරී - වෙන නෑ තමයි :p ලෝකේ තියන අමාරුම වැඩ වලින් එකක් තමයි එක :p

      Delete