කුරුලු දැක්ක ආලෝක පින්තාරු

මේ දවස් වල හැමතැනම කසු කුසුව ආලෝක පින්තාරු, Light painting... මොකක්ද මේ කතාව?


පොඩි කැමරා කෑල්ලක් අටවාගෙන ගස් ගල් මල් වල පින්තූර ගන්න මේ කුරුලුටත් පොඩි හැකියාවක් එහෙම තියනවා. දවසක් බුකියේ ග්රූප් එකක එහෙම ගත්ත පින්තූරයක් පලකරාම එකේ නිතරම දැකපු නමක් තමයි ඉන්ද්‍රනාථ තේනුවර.. ටිකක් හොයලා බලද්දී මේ කුරුලු පොඩි කාලේ දන්නා අඳුනන පොරකගේ තාත්තා කෙනෙක්.


තේනුවර මහත්තයා ට රික්වෙස්ටුවක් යවලා දාම පින්තූර එහෙම බල බල ඉන්දෙද්දී තමයි මේ ආලෝක පින්තාරු කතාව ආවේ. ටෝච් උස්සන් කැලේ ගිහින් පින්තූර අරන් ඒවා දැම්මාම කුරුලුටත් හිතුනා යන්න තිබ්බා නම් කියලා. ඒත් මේ පොඩි කැමරාවකින් පින්තූර ගන්න කුරුලු ඔහොම දෙයක් කරන්න කළමණා සැකස ගන්නේ කොහොමද? කාලයක් ඔහොම ගිහින් ඔන්න දැම්මා ප්‍රදර්ශනේ තියනවා කියලා.

ඉරිදා දවසේ 12ට විතර නැගිටලා කොරන්න දෙයක් නැතුව කල්පනා කොර කොර ඉන්නකොට හිතුනා සෑහෙන කාලෙකින් හොඳ පින්තූර ටිකක් බැලුවෙත් නැති නිසා 3ට විතර ගියා හෝර්ටන් පෙදෙස පැත්තේ ප්‍රදර්ශනේ බලන්න.

ඇතුළු වෙද්දී අනුග්‍රාහකයෝ නම් අඩු නැතුව අනුග්‍රහය දක්වලා කියලා පෙනුනා හැමතැනම බැනර් ඇදලා තිබ්බ නිසා. වපු දොරකින් ඇතුළු උනාට පස්සේ ලස්සන අක්කා කෙනෙක් දුන්නා පොතක් අතට. ටිකක් බයෙන් පොත අතට ගත්තේ මොකද දැන් කාලේ නිකන් කියලා පොත අතට දීලා පස්සෙනේ රුපියක් 1000ක් විතර ඉල්ලන්නේ. ආයිත් මතක් උනා තේනුවර මහත්තයා නිකන් ප්‍රදර්ශනේ තියන කතාවක් කිවුවා කියලා.

පැත්තක ඉඳන් බලන්න පටන් ගත්තා පින්තූර ටික. ටිකක් බලාගෙන යද්දී හිතුනා මේවා අන්දපු චිත්‍රද කියලා. ඒ තරම් සුන්දරයි. මේවා බලද්දී ඡායාරූපකරණයට තියන ආශාව තවත් වැඩි උනා. එත් නිදහසේ බලන්න විදියක් නෑ පොඩි බට්ටෝ අරහෙට දුවනවා, මෙහාට දුවනවා. අන්න ඒක පොඩ්ඩක් නැති වෙලා නිදහසේ පින්තූර ටික බලාගන්න තිබ්බා නම් පංකාදුයි. හැබැයි තව පින්තූර ටිකක් තිබ්බා නම් කියලා හිතුනා. එත් අර කවුරුද කියලා තියනවා නේ ඕනෑම දෙයක් ඕනැවට වඩා ඕනෑම නෑ කියලා. පින්තූර වල අගය වැඩි කරන්න මේ විදියත් හොඳා හැබැයි.

පින්තූර ටික බලලා අදහසක් ලියන්න කියලා තිබ්බ පොත ගාවට එතන තව පෝලිමක්. කෝකටත් කියලා තවත් පොතක් තිබ්බා නම් කිය කියා හිතලා එතනින් එන්නා ආවා. එන්න කලින් තේනුවර මහත්තයා එක්ක වචනයක් කතා කරන්න අමතක කරෙත් නෑ. අහම්බෙන් හරි තේනුවර මහත්තයා මේක කියෙවුවොත් පුතාගේ යාලුවා කියලා මතක් උනොත් අන්න හරි.

හෙටත් ප්‍රදර්ශනේ තියනවා. කාලෙකින් හම්බෙන අවස්ථාවක්. හෙට පුළුවන් කමක් තිබ්බොත් ලෙක්චර් එකක් කට් කරලා හරි හෙටත් යනවා මන්. ගිහින් බලන්න. වටිනා කියන ප්‍රදර්ශනයක්.

එහෙනම් මන් අදට යනවා. ආයිත් පස්සේ දවසක හම්බෙමු. එතකන් සුභ දවසක්.

No comments :

Post a Comment