මං කවුද? කවුද මේ කුරුළු?

ආයුබෝවන්ඩ කිවුවා ඉතින් පැමිණ සිටින හැමෝන්ටම..
ඔන්න ඉතින් මගේ කතාව මං පටන් ගන්නම්කො.. ඔක්කොටම කලින් නම් කියන්නම්කො මං කවුද කින්ද මන්ද කියලා

  1. නම- කුරුළු 
  2. පදිංචිය- ලංකාවේ
ඒ හො
ඳටෝම ඇති.. මෙහෙම වැඩක් පටන් ගන්න හේතුව කියන්නම්කො.. මීට කලින් මං කරපු blog එකක් තිබ්බා "ජීවිතේට යමක්! ජීවිතයෙන් බිඳක්" කියලා.. ඒක අන්තිමට ලොවෙත් නැති උනා :P 
කොහොම හරි මේ වැඩේ සෙට් උනේ මගේ කට ටිකක් හොඳ නැති නිසා මගේ කැම්පස් එකේ යාලුවෙක් කිවුවා "මචං පටන් ගනින්කෝ blog එකක්... උඹට සිරාවට කරගෙන යන්න පුළුවන් නේ" කියලා.. ඉතින් ඕන මගුලක් වෙන්න කියලා පටන් ගත්තා blog එකක් :P 

එහෙනම් මගේ කතාව එච්චරයි.. අසා සිටි ඔබ සැමට ස්තූතියි

ප.ලි- මේ මගේ blog එක.. මේකේ මං ලියන්නේ මට ඕනි ඒවා මිසක් අනුන්ට ඕනි ඒවා නෙමෙයි. ඔන්න නොකිවුවයි කියන්න එපා! අකමැති නම් නොබලා හිටියට මගේ කිසිඳු අමනාපයක් නැත!

#කුරුළු 

6 comments :

  1. දිගටම ලියාගෙන යමු මචං , සුබ පතනවා ඉදිරි ගමනට බ්ලොග් කරුවකු විදියට සාර්ථක වෙන්න

    ReplyDelete
    Replies
    1. පුළුවන් හැමවෙලාවෙම මොනා හරි ලියන්න උත්සාහ ගන්නවා මචං!
      බොහොමත්ම ස්තුතියි :)
      සුභ දවසක්!

      Delete
  2. බලමු අන්තිමට මොකද වෙන්නේ කියලා.. හැක් .. ජය වේවා.. තග දාගෙන ආවොත් කන කපනවා.. හරිය...

    ReplyDelete
    Replies
    1. අන්තිම ගැන හිතන්න කලින් අද ගැන හිතලා වෙන්න ඕනි "දේශක යා" මහත්මයා :)
      ස්තුතියි සුභ පැතුමට.. නැවත වරක් ඇවිත් බලන්න blog එක පැත්තට :)
      සුභ දවසක්!

      Delete
  3. එල එල දිගටම කරගෙන යමු.... Post එකක් දැම්මම Facebook page එකේ පොඩි share පාරකුත් දාපං,,,
    එහෙනං ජයවෙවා!!!!!!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සංදීප

      Delete