කැම්පස් විත්ති ( 4 වෙනි කොටස )

Today ඉස්පැසල් - බැක්ස්ටේජ් මැතිණිය ( අන්මැරීඩ් )

ආයුබෝවන්ඩ සියලුම දෙනාට... අද කතාවක් ලියන්න කියලා නෙමෙයි හිටියේ. එත් අද උන දේවල් ගැන නම්  නොලියම බැරි නිසා ලියනවා.. ඔන්න එහෙනම් පටන් ගන්නවා!!

සුපුරුදු ලෙස පරක්කු වෙලා කැම්පස් එපා පැත්තට ගියා. යනකොටම ආරන්ච්චියක් ආවා අද මහා සංග්‍රාමය 1 කොටස ක්‍රියාත්මක වෙන්න තියනවා කියලා. බැලින්නම් වලිය බැක්ස්ටේජ් මැතිණිය vs දීස් කොලුවා. ගොඩ කාලෙකින් wrestling match එකක් වත් බලන්න බැරි උන එකේ මේකවත් නිවී සැනසිල්ලේ බලාගන්න කියලා ලැස්ති වෙනකොටම ඔන්න දීස් කොලුවා හෙමින් හෙමින් ආවා lecture hall එකේ වල ගැන්සිය වාඩි වෙලා ඉන්න තැනට. ඒ වෙනකොට මක්ස්ටේජ් මැතිණිය ඒ වටපිටාවේ ගැවෙසමින් උන්න නිසා දීස් කොලුවා සද්ද නැතුව පූසා වගේ හිටියා. ටිකක් වෙලා ගියාම ඒ ගෝතයා කොහෙන් හරි හොයාගත්තා රබර් පටියක්. ඊට පස්සේ

දීස් කොලුවා - "හුරේ මෙන්න අලි එලවන මන්තරේ...." කියලා කිවුවා. එතකොට අපේ ඇල්ටෝ චමින්ද  මහත්තයා ඇවිත් ලෙක්චර් එක පටන් ගත්තා. ලෙක්චර් එකේ පලවෙනි ටික ඉවර වෙලා මැදදී දීපු පොඩි විවේක කාලයේදී ඔන්න ඉතින් වලිය පටන් ගන්නයි ලෑස්තිය. බැක්ස්ටේජ් මැතිණියත් කොහෙන්ද මන්දා රබර් පටියක් අරගෙන දෙන්නත් එක්ක ඔන්න බුලට් ෆයිට් එකක් යන්නයි ලෑස්තිය.


මං ආයිත් සැරයක් කල්පනා කරා මං මේ ඇවිත් ඉන්නේ කැම්පස් එකකටද නැත්තං මොන්ටිසෝරියකට ද කියලා. බාලාංශේ වැඩ හොඳයි නේ මුන් දෙන්නාගේ වැඩ වලට වඩා. කොහොම හරි දීස් කොලුවා පුටුවක් උස්සගෙන දැන් පන්තිය වටේ දුවනවා. කොහොම හරි විනාඩි 15කට විතර පස්සේ දීස් කොලුවා වෙන වැඩකට ගිය අතරේ බැක්ස්ටේජ් මැතිණිය විසින් අමානුෂික පහරක් එල්ල කරා දීස් කොලුවා වෙත. පහර කාගෙන ඉන්න තැනට ඇවිත් වාදී උන දීස් කොලුවා හොඳවයින් බුලට් එකක් මොදා හැරියා බැක්ස්ටේජ් මැතිණියගේ අත කරා.
බැක්ස්ටේජ් මැතිණිය - "ආව්.. එක රිදුනා හරිද?? මේ බලන්න රතු වුනා එතන....."
දීස් කොලුවා - "ආ. මේ බලනවා මැට්ටෝ.. මගෙත් රතු වෙලා.."
බැක්ස්ටේජ් මැතිණිය - "කෝ කෝ?? අනේ පච කියන්නෙපා..."
දීස් කොලුවා - "ආ රතු වෙලා තියෙන්නේ. මං කළු නිසා පෙන්නේ නෑ එක :P"
අනේ ඇත්තමයි මුන් දෙන්නා නම් සුපිරිම චරිත දෙකක් බව මට ඒ වෙලාවෙයි තේරුනේ...

ඔන්න ඉතින් සුපුරුදු පරිදි 12ට ලෙක්චර් එක ඉවරයි. ලැබුන ආරංචි මාර්ග වල හැටියට පිස්සුද බබා ඒ වෙනකොට ට්‍රිප් එක ගිහිල්ලත් ඉවරයි. දැන් එනගමන් මග කියල දැනගන්න ලැබුනා.. :P

ඔන්න ඉතින් අපේ මළගෙවල් ගැන්සිය (සාමාජිකයන් කිහිප දෙනෙක් නැතුව) වට මේස සාකච්ඡාව දාගෙන ඉන්නකොට මෙතෙන්ට එක්තරා කාන්තා නියෝජනයක් පැමිණියා. කවුද කියල අහන්නෙපා බං. ඔන්න ඇවිත් නොයෙල් ගෙන් ඇහුවා "මේ.. දැක්කද මං පැත්තෙන් යටකරලා.." ඕක ඔතන හිටිය දීස් කොලුවටත් ඇහුනා. දීස් කොලුවා නොයෙල් දිහාත් නොයෙල් දීස් කොලුවා දිහාත් බැලුවා. විනාඩියක් ගියේ නෑ මුන් දෙන්නා බක බක ගාල හිනා වෙන්න ගත්තේ නැතෑ. අර බවලත් සාමාජිකාව ආයිත් "ඇයි අනේ හිනා වෙන්නේ. twilight එකේ ඉන්න bella casual ඇන්දම මෙහෙම පැත්තක් විතරයි යටකරන්නේ" අනේද කියන්නේ අපි ඔක්කොටම ඕක ඇහුනේ "ඇයි අනේ හිනා වෙන්නේ. ටොයිලට් එකේ ඉන්න බෙලා casual ඇන්දම මෙහෙම පැත්තක් විතරයි යටකරන්නේ" ඉතින් සියලු සත්වයෝ නිදුක් වෙත්ත්වා කියලා පනයනකන් කට්ටිය හිනා වුනා. අන්තිමට කතාව මෙන්නේ මෙහෙම සංස්කරණය උනා. "බෙලා ටොයිලට් එකේ ඉන්නේ පැත්තක් යටකරන්"

මේක තවත් රසකතාවක්. ඔන්න ඉතින් අපි වල ගැන්සිය කතා උනා ක්‍රිකට් ටීම් එකක් හදන්න. එකේ කාන්තා නියෝජනය විදියට බැක්ස්ටේජ් මැතිණිය නිතරඟයෙන්ම පත්කරගන්නා ලදී.
බැක්ස්ටේජ් මැතිණිය - "හරි  මං එන්නම්. මට ග්‍රවුන් එකේ ඉන්න බෑ.. කළු වෙනවා"
දීස් කොලුවා - "එහෙම කොහොමද මනුස්සයෝ ක්‍රිකට් ගහන්නේ?? එහෙනම් මෙහෙම කරමු. ඔයා bat කරනකොට කාට හරි කියමු කුඩයක් අල්ලන් ඉන්න කියලා පිටිපස්සට වෙලා"
අනේ කියන්නේ මේ යකාට කට වහන් ඉන්න බෑනේ. ඔන්න ආයිත් මරාගන්නවා දෙන්නත් එක්ක..

අපි හැමෝම සාමාන්‍යයෙන් ගමනක් ගිහින් ගෙදර ආවම කරන්නේ ඇඳුම් මාරු කරලා ඇග පත සෝදන් එක ඒකනේ. එත් අපේ සමහර උදවිය ඉන්නවා ගෙදර ගිය ගමන් කරන්නේ ෆොටෝස් ගන්න එක. බිත්ති බදාගෙන, බැල්කනියේ අත් වට උඩ නැගගෙන.. අයියෝ සල්ලි කියන්නේ හරිම සතුටුයි මේවා දකිද්දී. ඔව් ඔව් උන්දැ ගැන තමයි කියන්නේ. හිතුවා හරි :P

නෑ නෑ ඉවර නෑ.. තව කතා තියනවා අද.. ඔන්න ඉතින් අපේ බැක්ස්ටේජ් මැතිණිය අලුත් පෙන් එකක් ගන්නයි ලෑස්තිය.
බැක්ස්ටේජ් මැතිණිය - "මේ අනේ අලුත් පෙන් එකක් කීයක් විතර වෙනවද?"
නොයෙල් - "අයියෝ රුපියල් 15 ඉඳන් තියනවා"
බැක්ස්ටේජ් මැතිණිය - "අනේ ඒ කොහෙද? බොරු නේ?" නොයෙල් පෑන් ටික එකින් එක එලියට අරන්
නොයෙල් - "මෙන්න මේක රුපියල් 12යි, මෙන්න මේක 15යි............." ආදී වශයෙන් විස්තර කිරීමක් කරගෙන ගියා. අඩේ තවත් වලියක්. ඔය අතරේ ඕක අහන් ගිටිය දීස් කොලුවා
දීස් කොලුවා - "මේ ඔයා පෙන් එක වැඩි කලක් අවුලක් නැතුව පාවිච්චි කරහ හැටි දන්නවද? සතියකට පාරන් උණු වතුර කොප්පෙකට දෙහි ඉස්ම ටිකක් දාල සබන් කුඩු ටිකකුත් දිය කරලා පෙන් එක දාල විනාඩි 5ක් විතර පෙගෙන්න තියලා ගන්න. එතකොට ගින්දර වගේ වැඩ"
බැක්ස්ටේජ් මැතිණිය - "ඇත්තට?? අනේ ඔයා බොරු නේ කියන්නේ? අත්තටද?"
පොඩි බන්දු උපාසක තැන - "නෑ ඇත්ත. මාත් එහෙම කරනවා" මං එක කාරනාවක් නම් දන්නවා. දෙන්න තුන් දෙනාම අලුත් පෙන් එකක් ලැස්ති කරගෙන හිටියොත් හොඳයි බැක්ස්ටේජ් මැතිණියට දෙන්න :p

ඔන්න මේක තමයි අවසාන කතාව. 2ට විතර දවල්ට කාල කැන්ටිමට වෙලා වාඩි වෙලා ඉන්නකොට අපේ බාලංශේ පොඩි උන් දෙන්නා, බැක්ස්ටේජ් මැතිණිය හා දීස් කොලුවා ආයිත් බුලට් වලිය පටන් ගත්තා. අහක ඉන්න ඔක්කොන්ටම පාරවල් වදිනවා. දීස් කොලුවා තිබ්බ එකක් පටෝර් ගාල රෙපා මහත්තයාගේ ඔලුවට වැදුනා. ඔහොම ටික වෙලාවක් යද්දී
පොඩි බන්දු උපාසක තැන - "මොකද බැක්ස්ටේජ් මැතිණිය?? ෆෝන් එකේ මලගෙදරක ෆොටෝස් තියනවද? මේ හොඳට ඉන්නවා. ෆෝන් එක බලලා මූණ දෙක කරගන්නවා." කිමද කාරණේ යයි කිසිවෙකු දන්නේ නැත. ටික වෙලාවකින් පොඩි බන්දු උපාසක තැන විසින් පාන්සුකූලය දී සියලු ආගමික කටයෝතු හමාර කර, දීස් කොලුවා විසින් අවමංගල්‍ය කතාව කිරීමෙන් අනතුරුව සියලු දෙනා විසිර යන ලදී...

කොහොමද අද කතාව? දිගද? මන්දා වෙච්ච දේවල් ඒ විදියටම ලියන්න උත්සාහ කරා. කියවලා ප්‍රතිචාර දක්වන්නකෝ. ආයිත් කතාවකින් හමුවෙමු. එතකන් සුභ දවසක් හැමෝන්ටම! :) මං දැන් බුකියේත් ඉන්නවා. එන්න ඒ පැත්තෙත්.. කුරුළුගේ සයිබර් කූඩුව

ප.ලි - මැතිණිය කියන්නේ බැඳපු අයට ලු... ඈ?? මං නම් ඕවා දන්නේ නෑ.. එකයි අන්මැරීඩ් කියලා සිංහලෙන්ම දැම්මේ :p

8 comments :

  1. Replies
    1. ^_^ බොහොම ස්තූතියි සොයුරිය blog එක එක්ක රැඳී ඉන්නවට :)
      සුභ දවසක්!

      Delete
  2. එල එල තව් ලියපන්....

    ReplyDelete
    Replies
    1. එල.. බොහොම ස්තූතියි ගාලු සහෝදරයා :)
      blog එක එක්කම දිගටම රැඳී ඉන්න :)

      Delete
  3. aluthma set ekak malagewal gansiya ehema ewunuth innawada?

    ReplyDelete
    Replies
    1. මේකනේ කෝරලේ මහත්තයා කතාව.. අපේ කට්ටිය මළගෙවල් හොයාගෙන ගිහින් නිදිමරාගෙන කයිය ගහන්න උපන් හපන් කම් තියන උදවිය. 12ට ලෙක්චර්ස් ඉවර උනාම කැම්පස් එකෙන් යන්නේ 7ට.. අන්න එකයි ඒ නම පාවිච්චි කරේ. නම අලුත් උනාට කට්ටිය එකමයි :)

      Delete
    2. me set eke obathumath innawa kiyalayi kattiya kathawenne. ane mama nam danne naha. kaalayak thibuna campus eke inna eka hondayi gedara yanawata wadiya kiyala hithuna. dan kiyanna wenne eth machan ehema bahane (p)awul wela man kiyala hik hik hik (meka ape unda dakkoth kana bath tikawath hamba wenne naha

      Delete
    3. එකෙන්ම... මං තුමා නැති වල සංගමයක් කොහෙද.. ඕනෑම වල සංගමයක අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයෙක් තමයි මේ මන් තුමා :P
      සිරාවට ඒ කතාව නම් සහතික ඇත්ත.. අපි ඒ කතාව ක්‍රියාවට නංවනවා... 4ට lectures ඉවර උනාම කැම්පස් එකෙන් පිට වෙන්නේ 7ට.. :P

      Delete