කැම්පස් විත්ති ( 5 වෙනි කොටස )

Today ඉස්පැසල් බනී - නොහොත් කොට රොක්

සභාවෙන් අවසරයි.. අදත් මන් මෙතෙන්ට පැමිණියේ මොකටද කියලා කට්ටියම දන්නවා නොවැ. නැතුව මෙතෙන්ට එන්නේ නටන්න නෙමෙයි නේ :P ඔක්කොටම කලින් සියලු දෙනාගෙන්ම සමාව බාජනයක දාන්න ඕනේ මෙච්චර කාලයක් කතාවක් නොදා හිටියට. වැඩ කටයුතු අධිකයි අප්පා. හරි දැන් ඒවා ඇති. කතාව පටන් ගමුකො.

බනී, එහෙමත් නැත්තම් කොට රොක්.. ඔව් ඔව් අලුත් චරිතයක් තමයි. මන් මේ පුද්ගලා ගැන හඳුන්වා දීමක් කරන්නම්කො.

ශරීර හැඩය මෙම ඡායාරූපයේ දැක්වෙන පරිදි වන අතර මූණත් තහඩුව හාවෙක් ගේ වැනිය. බනී යන අනුවර්ත නාමය ලැබුනේ එම නිසාය. 
වරකාපොල උපන් නගරය කරගත් මොහු දැනට නාවල ආශ්‍රිතව වාසය කරයි.
Dwayne Johnson නැතහොත් The Rock ආකාරයේ ශරීරයක් නිර්මාණය කරගැනීමට වෙහෙසෙන මොහුට එයට පොඩි පරහක් ඇත. මොහු The Rock ට වඩා ආසන්නව අඩියක් විතර කොටය.
කොහොමහරි අපේ බැච් එකේ සියලු දෙනාගෙන්ම හිතේ කහටක් නැති හිත හොඳ කොල්ලෙක් බව නොකියා කිව යුතුමය. චිත්‍ර බිම දාගෙන ඇඳීමට මොහුට උපන් හපන්කම් ඇත.






හරි හඳුන්වාදීම ඇති. ඔන්න ඉතින් කතාව පටන් ගමුකො. බනී මුලින්ම කරලියට ආවේ වෙසක් දවස් වල බැච් එකෙන් කූඩුවක් හදන්න කියලා කට්ට්ය දවසක් දාගෙන කතා උනත් අන්තිමට හරි තීරණයක් ගන්න බැරි උනා. එදා ගෙදර ගියාට පස්සේ මේ ගෝතයා සැකිලි සටහන් 4ක් අපේ බැච් ග්රූප් එකට ෂෙයාර් කර තිබුණි. ඇයි වැඩේ අච්චර වෙලා අහද්දී කට වහන් හිටියා මේ ගොතයා ගෙදර ගිහින් දාලනේ. කොහොම හරි අන්තිමට අපි ඒ දාපු සැකිලි 4න් 2ක් තෝරාගෙන හැදුවා. වෙසක් දවසේ රවුමක් ගහනකොටත් අපේ බනී සෙට් උනා.

ඔහොම ඉතින් බනියා අපේ බොක්ක ෆිට් එකක් වෙන්න වැඩි කාලයක් ගියේ නෑ. කොහොම හරි මේ කතාව කියන්න හේතුව උනේ ඊයේ දවස. ඔන්න ඉතින් ඊයේ 12ට ලෙක්චර්ස් ඉවරයි. සිකුරාදාත් නිසා වෙන වැඩකුත් නැති නිසා කට්ටියත් එක්ක කතා උනා පොඩි රවුමක් දාන්න යන්න. එතකොට අපේ තාකන කිවුවා "යමු වරාය පැත්තේ.. අම්මට කියලා සමහර විට ඇතුලට යන්න පුළුවන් වෙයි" කියලා. අර බලන්න දීපු වෙලෙත් යන්න නොලැබුන නිසා වෙන වැඩකුත් නැති නිසාත් කට්ටිය සෙට් උනා යන්න. කවුද යන්න සෙට් වුනේ? බනී, තාකන, දීස් කොලුවා, නොයෙල්, පොඩි බන්දු උපාසක තැන, බැක්ස්ටේජ් මැතිණිය, Jසිංහ, සුම්මා යන අය.

ඔන්න ඉතින් කට්ටියත් එක්ක බස් එකට ගොඩ උනා. පිටිම පස්සේ සීට් එකේ ඉඩ තිබ්බ නිසා ඒ සීට් එකේ බනී, දීස් කොලුවා, නොයෙල්, Jසිංහ යන අය ඔය පිළිවෙලට වාඩි උනා. සීට් එකේ ඇඟිල්ලක් ගහන්න ඉඩ නෑ. හිතා ගන්න පුළුවන් නේ කට්ටියගේ සයිස් එක. ඔන්න ඉතින් ටික දුරක් යකොකොට 
දීස් - " බනී.. මචං මේ අපි යන්නේ කොළඹ.. මීට කලින් ගිහින් නෑනේ.. අපි අද පෙන්නේන්නම් කොළඹ "
ඔන්න ඉතින් දැන් කට්ටියටම හපන්න ටොපියක් හම්බුනා. ඔහොම ටික දුරක් යනකොට 
නොයෙල් - " ඈ බන් බනී.. එහෙ බස් වල සීට් නෑනේ? බස් එකේ පැදුරු දාන් නේ යන්නේ " :P
ඔන්න දැන් එක එකා බනියව හපන්න පටන් ගත්තා. ඔහොම ටික දුරක් යනකොට color lights වල බස් එක නැවැත්තුවම එහා පැත්තෙන් තව බස් එකක් ඇවිත් නැවැත්තුවා. එතකොට පාර දිහා බලන් හිටපු බනී එක සැරේම අනිත් පැත්ත බලා ගත්තා.
දීස් - " ඇයි බන් දඟලන්නේ. මොකෝ අවුල?? "
බනී - " නෑ දීස් අයියා. මෙහෙම බස් දෙකක් තිබ්බම එහා පැත්තේ බස් එක දිහා බලන්න මට ලැජ්ජයි
සිරාවට?? o.O කට්ටිය මූණු බලනවා කට්ටියගේ.

ඔහොම ඉතින් ආයිත් ටික දුරක් යනකොට විහාර මහාදේවී පාක් එක හම්බුනා. 
නොයෙල් - " බනී මේ තමයි ගෝල් ෆේස් බීච් එක... "
බනී - " අනේ ඇත්තද? මේ බැම්මෙන් එහා පැත්තේද මූද තියෙන්නේ :P "
කොහොම හරි ඔය ඔක්කොම කතා වලින් පස්සේ ඔන්න කට්ටිය ඔක්කොම ගියා කොළඹ වරායට. ඒ යනකොට හදිසි ගින්නකදී ක්‍රියා කරන ආකාරය පිළිඹඳ පුහුණුවක් පැවත්තුනා ලංකා බැංකුවේ. තාකනගේ තාත්තා ඒක බලමු කියලා කට්ටියත් එක්ක ළඟ තිබ්බ තාත්තා අඳුනන ඔෆිස් එකකට ගියා. එතන ඉඳන් එකත් බලලා කට්ටිය එක්කම ගියා වරායට. අලුති හදපු ඔක්කොම දේවල් බලාගෙන කරගෙන ඔන්න ඉතින් හවස 7ට විතර කට්ටිය විසිර යන්න ලැස්ති උනා. එතකොටයි දීස් කොලුවට බයික් එක තාම කැම්පස් එකේ කියල මතක් උනේ. ඉතින් දීස් කොලුවයි, පොඩි බන්දු උපාසක තැනයි කැම්පස් එකට එනකොට කැම්පස් එක වහලා ලයිට් නුත් නෑ. ඊට පස්සේ සික්කා අංකල් කෙනෙක්ට කතා කරලා බයික් එක අරන් ආවා කියලා තමයි ආරංචිය. 

ඔන්න ඉතින් අද කතාව කියලා ඉවරයි. තවත් කතාවක් කියන්නම්කො ඉක්මනටම. එහෙනම් එතකන් සුභ දවසක්!

6 comments :

  1. ඒක පුදුම ලැජ්ජාවක්නේ....... බනි කියන්නේ කොට මොඩල් එකක් වගේ

    ReplyDelete
  2. Replies
    1. blog එකත් එක්ක දිගටම ඉන්නවට ගොඩක් ස්තූතියි සහෝ

      Delete
  3. ^_^ blog එකත් එක්ක දිගටම ඉන්නවට ගොඩක් ස්තූතියි දිලිනි සහෝදරී :)

    ReplyDelete