කැම්පස් විත්ති ( 6 වෙනි කොටස )

සුභ දවසක් පැමිණ සිටින සියලු දෙනාටම.. මේ දවස් ටික නම් පට්ට කම්මැලි දවස් ටිකක්. මෙලෝ රහක් නෑ. අලුතෙන් දාන්න කතා නම් දෙක තුනක් තියනවා. ඔන්න ඔහේ මොකටද පස්සට දාන්නේ. දැන්ම කියලා දැම්මම ඉවරයි නේ.

ඔන්න ඉතින් දවස් තුන හතරකට පස්සේ අදත් කැම්පස් එක පැත්තේ ගියා, ගියේ ඉතින් වෙන මොකටවත් නෙමෙයි ලෙක්චර්ස් තිබ්බ නිසා. ඔන්න ඉතින් ලෙක්චර් එක පටන් ගන්නකොට ලෙක්චරර් ගේ මූඩ් එක ටිකක් අප්සට් වගේ තේරුනා කාටත්. Visiting Lecturer කෙනෙක් නිසා සද්ද බද්ද මුකුත් නැතුව කියන එක අහගෙන ඉන්නකොට ඔන්න ඉතින් දුන්නා ගණන් වගයක් හදන්න. කට්ටිය ඉතින් සද්ද නැතුව වැඩ කරගෙන යනකොට පොඩ්ඩ සද්ද එන්න පටන් ගත්තා. වයර් එක මාරු වෙලා හිටිය lecturer ට එක එක ඇහෙන කොට තව චූන්. ඔන්න ඉතින් මෙතුමාත් දේශනාව පටන් ගත්තා. දේශනාව ගැන කියන්න කලින් කියන්න ඕනි මේක නම් කිසිම අපහාසයක් අන්තර්ගත වෙන එකක් නෙමෙයි. මොනා නැතත් කිවුව ඔක්කොම ඇත්ත. මන් එක ඉහටත් උඩින් පිලිගන්නවා :)


ඔන්න ඉතින් කතාව පටන් ගත්ත තැන නම් මතක නෑ. දේශනාවේ ට්කක් දුර යනකොට පොඩි බන්දු උපාසක තැන පිරිකර එහෙම ලැස්ති කරන වැඩ ගැන බැලුවා. ඔහොම ඔහොම ටික දුරක් යනකොට බස් කතාවක් ඇදිලා ආවා. lecturer හොඳ කතාවක් කිවුවා.
"ඔන්න මායි මගේ පොඩි දෙන්නයි බස් එකට නැග්ගා අහවල් තැන ඉඳන් අහවල් තැනට යන්න. මගේ ටිකට් එකේ ගාන රුපියල් 23යි. මන් කිවුවා එකයි භාග දෙකයි දෙන්න කියලා. එතකොට කොන්දොස්තර ෆුල් එකට 23යි බාග දෙකට 24යි අරන් ඉතිරු දුන්නා. මන් ආයිත් කොන්දොස්තරගෙන් ඇහුවා ෆුල් එක 23යි නම් බාග දෙකක් කොහොමද 24ක් වෙන්නේ. එතකොට කින්දොස්තර කියපි එහෙම තමයි මහත්තයා බාගයක් රුපියල් 12යි. එහෙම බැලුවොත් එකයි බාග දෙකක් ගන්නවට වඩා ෆුල් දෙකක් ගන්න එක ලාබයි"
ඒ කතාවෙත් ඇත්තක් තියනවා. එක නිසා ඔක්කොම මතක තියා ගන්නවා හොඳයි ළමයි හදනකොට ජෝඩු ජෝඩු වෙන්න හදන්න. එක සැරෙකට සත පනහක ලාබයක් තියනවා. :P

ඔන්න ඔතින් ඔය වගේම කෙසෙල් කතාවකුත් තියනවා.
"ඔන්න ඉතින් මුනුස්සයෙක් කඩේකට යනවා කෙසෙල් ගන්න. කෙසෙල් කිලෝ එක රුපියල් 150යි. ඉතින් මේ මනුස්සයා 500g අරගෙන සල්ලි දුන්නම රුපියල් 80ක් අරන් ඉතුරු හම්බෙනවා. වැඩේ කෙලවෙන්නේ එතන ඉඳන්. කරුමේ කියන්නේ මේ පුද්ගලයා ගණිත ගුරුවරයෙක්. ඔන්න ඉතින් මුදලාලි ලඟට කරලා අහනවා.. ඈ මුදලාලි 80 දෙකෙන් වැඩි කරාම කීයද??" වෙලා තියෙන්නේ මේකයි. 75ක් උනාම ඉතුරු දෙන්න 5ක් නැති කමටයි 80ක් අරන් තියෙන්නේ"
තවත් අවවාදයක්. කෙසෙල් ගන්නකොට හරියට 10න් බෙදෙන අගයන් වලට විතරක් කෙසෙල් ගන්න. :P

එහෙනම් දරුවනේ අදට කතාව ඉවරයි.. හෙට හම්බෙන කන් සුභ දවසක්!!

2 comments :

  1. Replies
    1. හි හි... පුළු පුළුවන් වෙලාවට ලියනවා බන්... සතුටුයි ලැබෙන ප්‍රතිචාර වලට :) ^_^

      Delete