සතුට යනු - 1 කොටස


අලුත් වැඩක්. මට සතුටු හිතෙන දේවල් ටිකක් ලියන්න ඕනේ කියලා හිතුනා. දවසට කීපය ගානේ දාන්න කියලා හිතුවේ. දැන් කවුරු හරි කියපිය සතුට යනු කඩේ ගන්න තියන එක කියලා.

  1. අම්මාට කියලා බත් කටක් කවා ගැනීම.
  2. විභාග ප්‍රතිපල කියද්දී තාත්තගේ මූනේ දකින ආඩම්බර හිනාව.
  3. ඇත්ත යාළුවො කවුද කියලා අඳුන ගන්න ලැබීම. 
  4. තමන් කරන දේ තමන්ට පුළුවන් උපරිමයෙන් කිරීම.
  5. කරන දෙයින් තමන්ට පාඩුවක් උනත් තව කාට හරි ඒකෙන් හොඳක් වෙනවා නම් ඒ දේ කිරීම.
  6. මැරෙනකන් අමතක නොවෙන පට්ට ඉස්කෝලේ කාලයක් තිබීම.
  7. කාගේ හරි දුකේදී සැපේදී දෙකේම එයාට ලඟින් ඉන්න පුළුවන් වෙලා හොඳ යාලුවෙක් වෙන්න පුළුවන් වීම.
  8. වෙලාවට වැඩ කරන්න පුළුවන් වීම.
  9. පහුවෙනිදාට විභාගේ තියාගෙනත් හොඳට ඔලුවේ ඉඳන් පොරවාගෙන නිදා ගැනීම.
  10. ඉඳලා හිටලා හරි පුළුවන් විදියට ගෙදරට කන්න පොඩි දෙයක් ගෙනාවම නංගි සතුටු වෙන එක දැකීම.
  11. දුක සැප බෙදාගන්න හැමවෙලාවෙම ලඟින් ඉන්න කෙනෙක් ලැබීම.
  12. සතියකට සැරයක් හරි යාළුවො එක්ක කොහේ හරි යාම.
  13. හොඳ ටීවී සීරිස් එකක් දවසට එපිසෝඩ් එක ගානේ බැලීම.
  14. කාටුන් බැලීම.
  15. ඔලුව උදුම්මාගත්ත ආඩම්බර කාර පණ්ඩිතයන්ට මූණටම එක කියන්න පුළුවන් වීම.
  16. බොරු යාලුවොන්ව අඳුන ගන්න පුළුවන් වීම.
  17. බයිසිකලෙන් ගමන් යාම.
  18. වැස්ස දවසට බයිසිකලෙන් ගමන් යාම.
  19. හොඳ ෆිල්ම් එකක් බලන්න ලැබීම.
  20. උදේට නිදාගෙන රෑට ඇහැරිලා ඉන්න එක.

1 comment :

  1. මුලින්ම කියන්න ඕනි සතුට හැම කඩේකම නෑ හැබැයි ඕනිම ෆර්මසියක තියෙනවා..
    ඊළගට සතුටට වඩා ඩියුරෙක්ස් හොදයි..පාවිච්චි කොට වෙනස වටහාගන්න

    හොද tv සීරියස් එකක් තියාගෙන කොහොමද බන් ඉන්නේ..දවසට 1කක් බලල ඉන්න පුළුවන් නම් උබේ ඉවසීම පට්ට නෙහ් මම එක දවසින් ඔක්කොම බලනවා නෙහ්

    ReplyDelete