කැම්පස් විත්ති ( 8 වෙනි කොටස )

අම්මෝ මාසෙකට විතර පස්සේ ඔන්න ආවා කූඩුව පැත්තේ. මේ දවස් ටිකේ නම් අම්බානට වැඩ අප්පා. ඇඟ පතත් රිදෙනවා. කියන්න නම් කතා එමටයි. "කොහොම පටන් ගෙන මොනවා ලියන්නද නැත මට වැටහෙන්නේ" තමයි.

හරි වෙච්ච සිද්දියකින් ම පටන් ගන්නම් කෝ! මතක විදියට ගිය මාසේ 23ද කොහෙද. කැම්පස් එකට අලුත් බැච් එක ආපු සතිය. ඉතින් වැඩ කටයුතු නම් ටිකක් තිබ්බා. ඔය අතරේ තමයි අපේ බැච් එකට වැඩක් පැවරුනේ අලුතින් එන ජුඋනියර්ස්ලා පිළිගන්න සීනියර්ස් ලා හැටියට පොඩි welcoming event එකක් ලැස්ති කරන්න කියලා. සෝක් වැඩේ කියන්නේ ඔය පණිවිඩේ එනකොට කට්ටිය එක එක තැන වල. කොහොම හරි නොයෙල්, දීස් කොලුවා, තාකන, පොඩි බන්දු, ලන්ගනාත්, පිස්සුද බබා, සුසා, මදුපාල ඇතුලු කිහිප දෙනෙක් එකතු වෙලා වැඩේ ලැස්ති කරා. කොහොම හරි ආරන්ච්චියේ හැටියට නම් දවස් කීපයක් රෑ වෙනකන් ඉඳලා තමයි වැඩේ ලැස්ති කරලා තියෙන්නේ.


වැඩේට ලැබුන වෙලාව තමයි 24 වෙනිදා දවල් 1-4 වෙනකන්. අවාසනාවට වැඩේ පටන් ගන්නකොට ටිකක් විතර පරක්කු උනා. කොහොම හරි වැඩේ පටන් ගන්න කලින් පොඩි කතා බහක් උනා. කොහොම හරි වැඩේ හොඳට නැගලා යනකොට වැඩේට සතුටු උන කට්ටියක් වගේම වැඩේ නිසා ඇහැට කටු අනිනවා වගේ වුන කට්ටියකුත් හිටියා. අපිට කෙල වෙනකන් බලන් හිටිය උන්දැ ලාට අපිට කෙල වුන තැනක් හොයා ගන්න බැරි උන තැන මොකක් හරි රෝලක් ගහලා ස්ටේජ් එකට නැගලා ඔන්න ඉතින් බයිලයක් කෙලින්න ගත්තා. ඒ අපේ ඉවෙන්ට් එකේ අන්තිම ටිකේදි. මරුම වැඩේ කියන්නේ "Presentation casual were වලින් කරන කට්ටිය Welcoming event එකක් Formal ware වලින් කරන්න කියලා උපදෙස් දීපු එක"යි. කොහොම හරි කරපු වැඩේ අන්තිමට උඩටම ගියා කියලයි ආරංච්චිය! ආ තව කියන්න බැරි උනානේ. කුරුළුගේ හිත ඇදීලා ගිය දෙතුන් දෙනෙක් ම අලුත් බැච් එකේ ඉන්නවා නොවැ :P

හරි ඊළඟ කතාව නම් අනේ මන්දා. කරුමේ කියන්නේ වෙච්ච දේවල් මතක නෑ නොවැ. අපරාදේ. කොහොමින් කොහොම හරි තව event එකක් අපේ බැච් එකෙන් organize උනා. ක්‍රිකට් මැච් එකක්. එක නම් පැවැත්තුනේ පහුගිය පළවෙනිදා. අඩේ එදා දැන් සුපිරිම ආතල් දවසක්. ගොඩ කාලෙකට පස්සේ කට්ටියම එකතු උනා. කොහොම හරි මැච් එක ඉවර වෙනකොට බෝල 12කට වෙච්ච දෙයක් නෑ :P මැච් එක ඉවර වෙලා කට්ටිය එක්කම වැස්සේ නටලා මඩ නාලා, සබන් ගාගෙනම තමයි කට්ටිය ගෙවල් වල ගියේ.

සමාවෙන්න ඕනේ. අදට කතාව කෙටියි. මේ සතියේ ඉඳන් ආයිත් ලස්සනට කතා ටික දාන්නම්කො. එහෙනම් අදට මන් ගියා. සුභ දවසක් හැමෝන්ටම!

8 comments :

  1. මරුය , :D , පට්ටය :D , ඇහේ කටු අනින්නාක් මේන් සෙට් එකට ලගදීම බලාපොරොත්තු වන්න තෙමවකුත් හදුන්වාදීමට ලැහැස්ති වී ඇති බවත් ලියහන් :v

    ReplyDelete
    Replies
    1. අනිවා.... එයාලට අපෙන් උපදෙස් මාලාවකුත් ලැස්ති වෙලා තියන බව නොකියාම කිව යුතුය!

      Delete
  2. නිවාඩු පාඩුවේ හොදට ලියමුකෝ එහෙනම් ආයෙම..

    ReplyDelete
    Replies
    1. අලුත් කතාව දැම්මා.. කියවලා බලන්නකෝ.. :)

      Delete
  3. "කුරුළුගේ හිත ඇදීලා ගිය දෙතුන් දෙනෙක් ම අලුත් බැච් එකේ ඉන්නවා නොවැ" :O

    මම පස්සේ අහන්න දෙයක් තියෙනවා

    ReplyDelete
    Replies
    1. හිත ගියාට ගත තාම එක තැන්නේ කෝරලේ මහත්තයෝ :) :P

      Delete
  4. හා හා. නිවාඩු ව ලියමු කො එහෙනම්.

    ReplyDelete
    Replies
    1. අලුත් කතාව දැම්මා සහෝදරි.. බැලුවා නම් :)

      Delete