මාගේ පාසල් කාලය.. සිහිවෙනවානේ හැම විට.. (9 කොටස - විශේෂ කොටස් මාලාව ) උසස් පෙළ

කොහොමද මචං ලා... සෑහෙන්න කාලෙකින්.. පහුගිය ටිකේ නම් වැඩ නොතිබ්බත් ලියන්න කතාවක් තිබ්බේ නැති නිසයි අලුතින් දෙයක් නොදැම්මේ. කතා තියනකොට ලියන්න වෙලාවක් නෑ, වෙලා තියනකොට දාන්න කතාවක් නෑ. කොහොම හරි  මාගේ පාසල් කාලය.. (8 කොටස ) කොටසින් පස්සේ  මාගේ පාසල් කාලය..  කතා මාලාව ඉවර කරානේ මම. පස්සේ ගොඩාක් අයගෙන් චෝදනා වගේම ප්‍රහාරත් ආවා කතාව ඉක්මනට නැවැත්තුවා කියලා. මොනා කරන්නද. එහෙනම් ඔන්න ඉතින් හුචස් පෙළ නොහොත් උසස් පෙළ ගැන කතාව අදින් පටන් ගන්නවා. මතක හැටියට තමා ලියන්නේ. දැන් ඉතින් අවුරුදු තුන හතරක් වෙනවා මේ සිද්දි සිද්ද වෙලා.

කලින් කතා එක්ක සම්බන්ධ වෙලා හිටපු අයට ඉතින් මන් උසස් පෙළ වෙනක ආවේ කොහොමද කියලා මතක ඇති නේ. කොහොම හරි O/L රිසාල්ට් ආවට පස්සේ වැඩි කල් නොගිහින්ම A/L පන්ති ඉස්කෝලේ පටන් ගත්තා. දෙපැත්තට වැනි වැනි හිටපු මම කොහොම හරි ඉස්කෝලේ යනකොට අලුත් වාරේ පටන් අරන් මාස 2ක් විතර ගිහිල්ලා. ජූලි මුල වගේ තමයි මන් A/L පන්තියට ගියේ. කොහොම හරි වාසනාවකට අවාසනාවකටද මන්දා වැටුනේ O/L කාලේ ඉඳන් හිටපු කස්ටිය හිටපු පන්තියට.
ඒ වගේම පන්තිය භාර වෙලා හිටියේ " මිරිහාන සර් ". පොර ශේප් චරිතයක් වගේ පෙනුන නිසා පලවෙනි දවසේ ඉඳන් ටික දවසක් යනකන් ශේප් න්‍යාය අනුගමනය කරන්න ඕනේ කියලා හිතුනා. පන්තියට ගිහින් වාදී උනේ පලවෙනි පේලියේ. පලවෙනි පේලියේ කට්ටියට මන් තමයි වම් පැත්තේ කොනේ, මුට්ටියා, මීමා, ඔටුවා, තව ඩබලක් හිටියා. කොහොම හරි වැඩ පටන් අරන් කරගෙන ගියා කිසි අවුලක් නැතුව. අවුලක් නෑ වගේ හිතුනේ මොකද කියපු මෙලෝ සසරක දෙයක් තේරුනේ නැති නිසා මිසක් වෙන දෙකට නෙමෙයි. අපේ විෂයන් ට ආපු සර් ලා ගැන කියනවා නම් කියන්න දේවල් ගොඩක් තියනවා. කෙමෙස්ට්‍රි වලට අපේ හිතාදර මිරිහාන සර්, ඇප්ලයිඩ් මැත්ස් වලට ධනපාල සර්, පියෝ මැත්ස් වලට ලෝනි සර් (සර් ගේ ඇත්ත නම මතක නෑ. සර් ට ලෝනි කියන්නේ පන්තියට එන්නේ ලෝනිගේ ත්‍රිකෝණමිතිය පොත උස්සගෙන, මොන පාඩම කරත් පොත අතේ) මුල් දවස් වල අපිට ෆිසික්ස් කරාද කියලා මතක නෑ..

කොහොමින් කොහොම හරි ටික කාලයක් ඔහොම ගත උනා. ඔය අතරේ තමයි අපිට අවුරුද්දක් වැඩි අයියලාගේ සයන්ස් ඩේ එක සෙට් උනේ. එකට කුරුළු, මහාචාර්ය වීරකෝන් ඇතුලුසෙට් එකක් බැහැලා වැඩ එහෙම කරා. සයන්ස් ඩේ එක දවසේ උන දෙයක් නොකියම බෑ. අපේ බැච් එකේ හැම පන්තියකින්ම අයිටම් එකක් ඕනේ කියලා කලින්ම කියල තිබ්බේ. ඔන්න ඉතින් බලද්දී පන්තියකට එක ගානේ තියා බැච් එකෙන්ම එකක්වත් නැද්ද කොහෙද. ඔන්න ඩේ එකට කලින් දවසේ කුරුළු, වීරකෝන්, අයිවන් ඇතුළු සෙට් එකක් වැඩේට බැහැලා සින්දුවක් දෙකක් කියන්න ලැස්ති උනා. කොහොම හරි ප්‍රැක්ටිස් එහම කරලා ඔන්න වෙලාවට නැග්ගා ස්ටේජ් එකට. සින්දුවේ ඉන්ට්‍රඩක්ෂන් එක යනකොට ස්ටේජ් එකේ කර්ටන් එක වැහුනේ නැතැයි. ආයිත් අරුනා. මෙන්නවීදියෝ එකක් පෙන්නනවා. ආයිත් වැහුනා. ඒ පර නම් සින්දුව ගියා. කට්ටියට ෆුල් හොල්මන්. වැඩේ උනේ මේකයි. අයිටම් එකට කලින් ප්ලේ කරන්න කියල පොඩි වීඩියෝ කෑල්ලක් හදලා තිබ්බේ. ඕක ඔපරේට් කරන්න හිටපු බුවා එක ප්ලේ කරේ නෑ. අපේ ගුණවත් මිරිහාන මහත්තයා වහාම කට්ටිය ස්ටේජ් එකෙන් අයින් කොරලා වීඩියෝ එක ප්ලේ කරවල තමයි අයිටම් එකට ඉඩ දුන්නේ :P ඔහොම ඉතින් ඩේ එකේ වැඩ කටයුතු ඉවර උනා.

ඊට පස්සේ දෙසැම්බර් නිවාඩුවෙන් පස්සේ ජනවාරි ඉස්කෝලේ පටන් ගත්ත. අවුරුද්ද 2010. මුල් සති කීපයම යනකොට පොඩි කතාවක් යනවා ඇහුනා මිරිහාන සර් ට බකට් එකක් කියලා. මොනා උනත් සර් නිසා පොඩ්ඩක් හොයලා බලනකොට මොකක්දෝ හුටපටයක් නිසා සර් වෙනත් ඉස්කෝලෙකට මාරුවීමක් හදාගෙන. සර්ත් සති දෙක තුනකින් ගියා. බඩු පැකට්. පන්තියට කෙමෙස්ට්‍රි කරන්නත්, පන්ති භාර ඉන්නත් කෙනෙක් නෑ. කොහොම හරි මාසයක් වගේ ඇතුලත තුන් හතර දෙකෙන් ම පන්තිය භාර අරනනිත් පැත්තට යනවා. හිටපු උන්දැ ලගේ තරම හිතාගන්න පුලුවන් නේ..

ඔහොම වැඩ යන අතරේ තව තව දේවලුත් උනා. අර මන් කලින් කිවුවා වගේ අපි සෙට් එකක් හිටියා පන්ති වල අන්තිම පේලි වල. කරුමෙටද වාසනාවටද මන්දා අපි ඉස්කෝලෙදි වැටුනේ එක එක පන්ති වලට. ආයිත් මතක් කරොත් උක්කුන්, අයිවන්, මුට්ටියා, ඇතුළු කට්ටිය. දන්නවනේ ඉතින් කෙමෙස්ට්‍රි ක්ලාස් එකේ 3න් දෙනා ගැන්සියේ හිටපු අය වැටුනේ පන්ති තුනකට.

ඔන්න එහෙනම් අදට කතාව නවත්තනවා. ඊළඟ කොටස තව ටික දවසකින්.. :)

No comments :

Post a Comment