කැම්පස් විත්ති ( 10 වෙනි කොටස )

කාලෙකට කලින් ලියපු කතාවක් අද තමයි පොස්ට් කොරේ ඈ :)

සෑහෙන්න කාලෙකින් ගොඩ උනේ කූඩුව පැත්තට.. කෝ මේකේ උන්දැලා කවුරුවත් නෑ නොවැ.. කමක් නෑ ඔන්න ඉතින් ඉන්න උන්දැලා වගේම අලුත් උන්දැලත් ගෙන්න ගන්න පහුගිය දවස් ටිකේ වෙච්ච සිද්දි අල්ලලා කතාවක් කියන්නම් කෝ.. ආ ඔක්කොටම කලින් කියන්න ඕනේ ප්‍රතිපල ලැබුන සතුට නිමිත්තෙන් පොඩ්ඩක් ඇල් වතුරෙන් සප්පායම් වෙලා ඉන්නේ හොඳේ. (සිරාවට ඕයි ඇල්වතුර තමයි) ආ තව එකක් මේක ඉතින් කැම්පස් ගොයියන්ට තමයි. සුභ පැතුම් ඈ :)

පහුගිය දවස් ටිකේ නම් අම්බානට දේවල් නම් සිද්ද උනා.. සැකෙවින් පොඩි කික් ඉස්ටාර්ට් එකක් ගන්න කියනවා නම්,,
ආතල් ට්‍රිප් එක
පොඩි බන්දුට මොකෝ උනේ?
යසෝ??
සවිස්තර පුවත් මෙතැන් සිට.. පලවෙනි පුවතට සාදර අනුග්‍රහය සත් ගුණවත් __ ව්‍යාපාරික මහතා..



ආයිත් නෑ මතක ඇති කාලෙකින් ගිය ආතල්ම ට්‍රිප් එක යන්න සෙට් උනා කැම්පස් සෙට් එකත් එක්ක. කොහෙද ගියේ?? කුරුවිට ඈ. කුරුවිට කිවුවට කුරුගඟ කියන තැනට තමයි ගියේ.පැණි හඳ බලන්න නම් කියාපු ප්ලේස් එක ඈ :ඔන්න ඉතින් උදේ 6.30ට පිටත් වෙනවා කියලා යාන්තම් 7.30 විතර වෙනකොට කැම්පස් එකෙන් පිටත් වෙන්න පුළුවන් උනා. මගින් මගින් කට්ටියවත් ඇහුව ගෙන කොහොම හරි මානියංගම කියන හරියට එනකොට 10 ට විතර ඇති. අපෝ එනකන් අපේ උන් පාරේ යන බස් වලට දීපු වදයක්. මන් හිතන්නේ බොහොම සීමිත බස් ගානකට තමයි අපිව පහු කරන්න හම්බුනේ. මොකද හෝන් එක ගහලා ඉස්සර කරන්න හදනකොටම අපේ උන් කියන සින්දුවත් නවත්තලා වීදුරු වලින් ඔලුව දාලා "බුදු අයියේ ඉස්සර කරන්න නම් එපා" ගාලා කෑ ගහනවා. ඉතින් කොහේ ඉස්සර හරන්නද. බස් එකේ ඩ්‍රයිවර් මහත්තයයිකොන්දා අයියයි ෆුල් හොල්මන්. ඇයි පාරේ ඉන්න මිනිස්සු බස් එකට නැග්ග ගන්න ගිහින්...

ඔන්න ඉතින් මානියංගම ඉන්නවා අපි බැච් එකේ පින්වන්තියක් :) අනේද කියන්නේ හරි පින් වන්තයි. අපේ බැච් එකේ ඉන්න බඩගෝස්තර වාදීන්ගේ බඩ පනුවෝ ටික උදේ වෙලෙන් සනසවන්න ඒ උන්දැට පුළුවන් උනා. මරුම වැඩේ කියන්නේ (ඇත්තද බොරුද දන්නේ නෑ) අපේ එකෙක් ඉතින් මාමණ්ඩි (කියලා හිතන) ගෙදර ගිහින් කෑම වෙලකුත් සප්පායන් වෙලාත් ආවලු ඈ.

අංකල් හෙන ෆිට් පොර. එයා මනින කෙනෙක් ලු ඈ. කොහොමහරි අංකල් කිවුවා ඒ හරියේ කන්දකුයි පන්සලකුයි තියනවා එතෙන්ටත් ගිහිල්ලම යන්න කියලා. "මානියංගම රජ මහා විහාරය". දවල්ට කන්නත් වෙලා තියන එකේකට්ටියටම ෆන් එකකුත් හම්බෙන එකේ,කට්ටියත් එක්ක කන්ද නගින්න යන්න කතා උනා. බස් එකෙන් එතෙන්ට ගිහින් මුලින්ම පන්සලට ගියා. ගිහිල්ලා එතනින් උඩට කන්ද නගින්න පටන් ගන්න කොටම එකෙක් "මචං මන් හාවෙක් අල්ලලා එන්නම්" කියලා දීස්නොයෙල්හිටිය සෙට් එකට කියලා කැලේ පැන්නා. ඔතන හිටියා කාන්තා පරානයක් (පිස්සුද බබා ගේ ප්‍රියම්බිකාව) "අනේ මේ කැලේ හාවොත් ඉන්නවා ද?" කොල්ලෝ ටික ෆුල් හොල්මන්. කියන්නේ මොනාද කල්පනා කර කර ඉන්නකොට ශේප් එකේ කතාව ඇදගෙන ඉස්සරහට ගියා. මගක් දුර යනකොට කට්ටිය කැඩිලා තමයි නැග්ගේ. කොහොමින් කොහොම හරි බඩ ගාගෙන හරි කට්ටිය කන්ද නැග්ගයි කියමුකෝ. ආයිත් බහින්නත් එපයි. නැග්ගා නම් බහින්න එපයි.

ඔන්න ඉතින් බැහැලා කුරුගඟ විලා කියන තැනට ආව දවල්ට කාලානාලා සිංදුවක් එහෙම කියලා එන්න. සීන් එක තියෙන්නේ වාහනෙන් බැහැලා කිලෝමීටර් 2ක් විතර කැලේ මැදින් තමයි යන්න තියෙන්නේ හොටෙල් එකට. එක නම් පට්ට කියන්නේ නියමයි. තැනත් හරි හොඳයිනිස්කලංකයි. නාන්න ගඟක් තියනවා කොටින්ම කිවුවොත් ගිහින් දවස ගත කරලා එන්න සුපිරිම තැනක්. මන් අර උඩ හඳ ගැන කිවුවේ ඇයි කියලා ගියාම තේරෙයි :කාලා බීලා නාලා කරලා එන්න හදනකොට වහින්න ගත්තේ නැතැයි. බස් එකටත් එන්න කිලෝමීටර් 2ක් විතර රෑ 7ට කැලයක් මැදින් එන්න තියෙන්නේ. ආතල් කියන්නේ ට්‍රිප් එකේ හොඳම ටික තමයි එක. ලොකු ඉටිකොළ වලින් වැහි කබා වගේ හදාගෙන කූඩැල්ලෝ ගලව ගලව කට්ටිය බස් එකට එනකොට පට්ට ආතල් ඉතින්. එහෙම්මම කෙලින්ම කැම්පස් එකට එනකොට 11 විතර ඇති. පෙරුම් පුරලා පුරලා ගිය ආතල් ට්‍රිප් එක එහෙම ඉවර උනා :)

ඔන්න ඉතින් අපේ පොඩි බන්දු මහත්තයා ගේ සෑහෙන වෙනස් කමක් සිද්ද වෙලා තියනවා මේ දවස් දෙක තුනට. අනේ මට සෑහෙන්න දුකයි දෙයියනේ වෙලා තියන දේටආතක් පාතක් නැතුව බලාගත්ත අත බලාගෙන ඉන්නවා. ට්‍රිප් එක ගිහින් එනකොට භූත දෝෂයක් වත් වැදිලද කියලා හිතාගන්න බැරුව ඉන්නේ. හිටපු ගමන් ෆෝන් එක දිහා බලාගෙන ඉන්නවා. ආයිත් තනියෙන් හිනාවෙනවා. ආයිත් අඬන්න වගේ. කන්නේ බොන්නෙත් නෑ.. කළමනාකරණ පීඨය පැත්තෙන් එහාට එන්න කිසිම අදහසක් නෑලු දැන්. අනේද කියන්නේ දුකේ බෑ හසන්ත මහත්තයෝ.

එහෙනම් අදට කතාව ඉවරයි ඈ.. ආයිත් පස්සේ හම්බෙමු.එතකන් සුභ .

No comments :

Post a Comment