කැම්පස් විත්ති ( 11 වෙනි කොටස ) විශේෂ අතිරේකය - විභාග භීතිකාව හා වෙනත් කතා

සෑහෙන කාලෙකට පස්සේ ඇවිත් ඔන්න කුප්ප කතාවක් කියන්න තමයි හදන්නේ. මේ විභාග මාසේ පාඩමක් කරගන්නේ නැතුව කුරුටු ගගා ඉන්නවා කියලා දාහකුත් එකක් බැනුම් අස්සේ තමයි මේ ලියන්නේ.

විභාගෙ පටන් ගන්න දවස් දෙකක් විතර තියලා කට්ටිය සෙට් උනා නමට වත් පොඩි පොතක් පෙරලන්න කියල. සෙට් උන කට්ටිය කිව්වුවොත් නොයෙල්, පිස්සුද බබා, තාකන, දීස් කොලුවා, පොඩි බන්දු උපාසක තැන.

ඔන්න ඉතින් රෑට කාලා බීල එහෙම වැඩ කරන්න කියලා එහෙම සෙට් වෙන්න හදනකොටම එක එකා එක එක තැන වල වැටිලා තම තමන්ගේ වැඩ කරන්න ගත්තා. ඔය අතරේ ඉටිස් ඔකේ බෙබි (It's OK Baby) මෙන්න මේ වීඩියෝ කෑල්ල නිසා සුපිරි ආතල් එකක් තමයි කට්ටිය එකතු වෙලා ගත්තේ. මේකට හේතුව අපේ පොඩි බන්දු උපාසක තැන මේ දවස් වල හා හා පුරා කියල පවුල් පන්සල් වෙලා නොවැ. ඕක තමයි මේ දවස් වල කට්ටිය හපන ටොපිය.





ඔය අතරේ කට්ටියම එකට කන්න කියලා කෑම ටික ලැස්ති කරනකොට පිස්සුද බබා දඩි බඩි ගාලා කාලා ලඟදි ගත්ත ඇස් 4 එකෙන් කාටද කොට කොට ඉන්නවා. කට්ටියටම දැන් ලොකු ප්‍රශ්නයක්. ඔහොම ටිකක් වෙලා ඕක ගැන හොයද්දි මූ කියපි " මාමිට ඕයි මැසේජ් කරන්නේ " කන එකත් පැත්තක දාලා කදී මුඩියේ මාමට යවපු මැසේජ් එක එතැනින්ම ඉවර කරලා කට්ටිය පාන්සර වෙනකන් තම තමන්ගේ වැඩ කරලා, නමට වත් පාඩමක් කරන්නේ නැතුව ගෙවල් වල ගියාලු.

මේ දවස් ඉතින් විභාග. ලෙක්චර්ස් වලට නොගිපු උන්දැල නෝට් හොයා හොයා ෆොටෝකොපි කරනවා, කුප්පි දානවා වැඩ ගොඩයි. හැමපාරම විභාග ලං වෙනකොට කට්ටියගේ චර්යාව ඔන්න ඕකයි. කල් ඇතුව වැඩේ කොරගෙන ශේප් එකේ පැත්තකට වෙලා විභාගේ දවස් වල ෆිල්ම් එකක් බලාගෙන ආතල් එකේ ඉන්න එපයි.

කොහොම හරි මේ දවස් වල ඉස්සර හිටපු ගැන්සිය කැඩිලා වගේ වෙලාවකට හිතෙනවා. අලුතෙන් කට්ටිය සෙට් වෙලා පරණ කට්ටිය වෙන් වෙලා වගේ ප්‍රශ්න හැමතැනම වෙනවනේ. ඉරිසියාව, උද්දච්ච කම, පණ්ඩිත කම වගේ දේවල් එන්න කාලයක් ඉන්න ගියාම පට්ටම අමාරුයි.

වෙනත් කතා කිවුවට කියන්න තරම් වෙනත් කතාවක් මතකෙට එන්නෙත් නෑ. අලුත් වැඩක් පටන් ගන්න කියලා අදහසකුත් තියනවා හිතේ. එකත් ඉක්මනටම කරගන්න ඕනේ.

ආ ඔව්.. පහුගිය කාලේ ටිකක් වැඩ කටයුතු නම් වැඩිය තිබ්බා තමයි.

  • කැම්පස් එකේ අවුරුදු උත්සවේ
  • කැම්පස් ජීවිතේ පටන් අරන් අවුරුද්දක් වීමේ සතුට (දුකද කියන එක පැටලිලි සහගතයි) සමරන්න තිබ්බ සරම් පාටි එක.
තව කැම්පස් එකේ ඇරෙන්න තිබ්බ
  • වෙසක් එකට දීපු බත් දන්සල 
  • පහුවෙනිදා පන්සලේ දීපු අයිස්ක්‍රීම් දන්සල
වගේ ගොඩක් දේවල් සිද්ද උනා පහුගිය දවස් ටිකේ.

තව පොඩි දෙයක්. වැඩි කාලයක් නෑ සෙට් උනා මන් වගේම පිස්සු කාන්තා පරානයක්. ආයිත් නෑ වෙලාවකට මටත් වඩා මෝල් ද කියලා හිතෙනවා වෙලාවකට. මොනා උනත් පට්ට ජොලි පොර. ඔව් ඔව් ගෙම්බි. ඔබ ගොන් වහන්සේ ගැන තමයි :P


අප්පා.. තව පොඩ්ඩෙන් අමතක වෙනවා. කෝරලේ මහත්තයාව කට්ටිය දන්නවා ඇති කියල මන් හිතනවා. මගේ ජීවිතේට පේස්බුකිය හරහා හම්බුනා අපූරු මිනිසෙක්. තාම ඇහැට වත් දැකලා නැති, මේ අයියණ්ඩි මගේ ජීවිතේට ගොඩක් උපදෙස් දීලා තියනවා මගේම අයියා කෙනෙක් වගේ. ඒ වගේම තමයි කෝරලේ මැණිකෙත්. ආරංචිය තමයි අපේ කෝරලේ මහත්තයා දැන් තාත්තා කෙනෙක්. ඒ ආරංචිය ලැබුනම තමයි මන් පලවෙනි පාරට කතා කරේ ෆෝන් එකෙන්. කෝල් එක ආන්සර් කරපු ගමන් "මල්ලියෝ" කියලා කතාව පටන් ගෙන කතාව ඉවර උනේ ඉක්මනටම පොඩි එකාව බලන්න එනවා කියලා පොරොන්දු වෙලා. කොහෙද මේ මගුල් වැඩ අස්සේ එකට වෙලාවක් නැති උනානේ. පුළුවන් ඉක්මනටම මන් එනවා කෝරලේ මහත්තයා අයියේ.

වෙලාවකට ජීවිතේ මහා පුදුමාකාරයි කියලා හිතෙනවා. පිටින් පේන මනුස්සයා නෙමෙයි ඇතුලෙන් ඉන්නේ. තනිකරම මවා ගත්ත චරිතයක්. මිනිහෙක් දැන අඳුනගන්න ජීවිත කාලෙන් සෑහෙන කොටසක් ගත වෙනවා කියන එක තේරුම් යන්නත් සෑහෙන කාලයක් යනවා. තමන්ට ලැබිලා තියන දේවල් නැති කරගන්නේ නැතුව අලුතින් සතුට සොයනවා වෙනුවට මිනිස්සු තියන දේවල් නැති කරගෙන සතුට හොයන්න යනවා. (කඩේ තියන සතුට නෙමෙයි බොලවූ). මිනිසුනේ හිතපල්ලා. ජීවත් වෙන්නේ තව ටික කාලයයි. පනින්න කලින් හිතපල්ලා.

සමාජේ වීවත් වෙනවා කියන එකත් මහා පට්ටම කට්ටක්. හිතන තරම් ලේසිත් නෑ එක. සල්ලි කාර ලොක්කාගේ පුතාට එක මහලොකු ගේමක් නෙමෙයි. සුපිරි හෝටල් වලින් කාලා බීලා ජොලි කරන්න උට තාත්තයි බූදලේ තියනවා. එත් සාමාන්‍ය එකා? ඌ හැමපැත්තෙන්ම තැලෙනවා. උට අම්මා දෙන බත් එක තමයි සුපිරි කෑම. බස් එක තමයි සුපිරි වාහනේ. එකම හඩු කලිසම තමයි අඳින්න තියෙන්නේ. එත් ඌ දුක දන්නවා. කවදා හරි ඌ කකුල් දෙකෙන්ම නැගිටිනවා. එදාට සල්ලිකාරයාගේ පුතා? ඔව් ඌ දනගානවා...

යකුනේ මට විභාගේ.. අදට කතාව ඉවරා................යි ඈ..

No comments :

Post a Comment