කැම්පස් විත්ති ( 2 වෙනි කොටස )

ආයුබෝවන්ඩ හැමෝන්ටම... ඔන්න ඉතින් අදත් කතාව කියන්නයි ලෑස්තිය. එහෙනම් ඔන්න ලැස්ති නේ. පටි තද කරගත්තා නම් කට්ටිය..
ඔන්න ඉතින් අදත් බොහොම අමාරුවෙන් 7ට විතර නැගිටලා ලෑස්තිවෙලා නිකමට වගේ වෙලාව බැලුවම 8යි. පට්ට කම්මැලි අප්පා. වෙලාවත් වැඩියි. ආයිත් විනාඩි 15ක් විතර ඇඳේ හාන්සියක් දාලා ඉඳලා ගියා කැම්පස් එක පැත්තේ. ඇත්තම කිවුවොත් අද ගියේ අපිට අදාළ module එකකටත් නෙමෙයි. ගෙදර ඉන්න කම්මැලි කමට ගියා ඒ පැත්තේ. ඔන්න ඉතින් ගියාම සුන්දරම දසුන කියන්නේ ඒ module එක අදාළ බැච් එකේ උන්ට වඩා වෙන බැච් වල උන්ගෙන් ලෙක්චර් හෝල් එක පිරිලා. අනේ සන්තෝසේ බැරුවා. නිකමට හරි අපිට අනිවාර්ය module එකක් නම් අපේ එකෙක් බෙහෙතකට වත් හොයා ගන්න වෙන්නේ නෑ :p කොහොමහරි 10.30 විතර වෙනකන් හිටියා

මාගේ පාසල් කාලය.. සිහිවෙනවානේ හැම විට.. (8 කොටස )

ආයුබෝවන්ඩ එහෙනම් හැමෝන්ටම.. කොහොමෙයි ඉතින් ජීවිතේ?? කැම්පස් විත්ති ( 1 වෙනි කොටස ) ට නොහිතපු විදියේ ප්‍රතිචාර ලැබුනා. එකේ දෙවැනි කොටසත් ලියන අදහසත් තියනවා. එත් වැඩ නොවැ අප්පා. එත් ඉස්කෝලේ කාලේ මතක් කරගන්න ආස නිසා අද මාගේ පාසල් කාලය කතාව කියවමු කට්ටිය. එහෙනම් පටාන් ගමු :)
එහෙනම් ඔන්න A/L පන්තියේ වැඩ කටයුතු එහෙම පටන් ගත්තා. 12 වසර ඉතින් සාන්ත දාන්තව ඉන්න එපයි. ඉතින් හොඳ ළමයා වගේ ඉස්සරහම පේලියේ තමයි වාඩි උනේ. සර් ලා කියන කියන ඒවාට හරක් වගේ ඔලුව වන වන ඔහේ හිටියා. ඔය අතරේ අපි හරක් වගේ උන්නට ඔටුවා ගින්දර වගේ වැඩ ටික කරන් ගියා. එක කියන්නම ඕනි. ඔය අතරේ මාත් එක්ක chemistry class එකේ සෙට් උන අයිවන් එහා පංතියේ. උක්කුන් Bio Science class එකේ. එක නිසා මං වැඩි හරියක් මගේ පන්තියේ ඉන්නවට වඩා ආවට පන්ති වල තමයි සැරි සැරුවේ. ඔය අතරේ සිද්ද උන මොකක් හරි කේස් එකක් නිසා අපේ පන්ති බාර මිරිහාන සර් ට ඉස්කෝලෙන් ට්‍රාන්සර් වෙන්න උනා.

කැම්පස් විත්ති ( 1 වෙනි කොටස )

ආයුබෝවන්ඩ නෝනාවරුනි මහත්වරුනි.. මං අද අලුත් කතාවක් පටන් ගන්නයි හදන්නේ.. "කැම්පස් විත්ති" අපේ කැම්පස් එකේ එදිනෙදා වෙන පිස්සු වැඩ ගැන තමයි මේ කතාව යන්නේ. ඊට කලින් යමක් කියන්න ඕනි. අද මට සතුටු දවසක්. මගේ blog එකට විසිටර්ස් ලා ගොඩාක් ප්‍රමාණයක් ඇවිත් තියනවා අද දවස ඇතුලත. ඒකට විශේෂ ස්තූතිය අපේ කෝරලේ වලවුවේ කෝරලේ මහත්තයාටත් මගේ හිත මිත්‍ර නේලංග ටත් හිමි වෙන්න ඕනි. තව කියන්න ඕනි. මගේ මේ වැඩේට ගොඩක් උදවු කරන අක්ක කෙනෙකුත් ඉන්නවා. ඒ අක්කන්දිටත් ගොඩක් ස්තූතියි.
හරි හරි ඒ කතා ඇති. දැන් ඉතින් කැම්පස් විත්ති පටාන් ගන්නයි හදන්නේ. මාගේ පාසල් කාලය කතා සෙට් එක වගේම තමයි මේකයි.

ඔන්න එහෙනම් අද 25.09.2013 දින අපේ කැම්පස් එකේ දෙවැනි කාර්තුව තේරෙන්න කිවුවොත් සෙමෙස්ටර් එක පටන් ගත්තා. එතනින් එහාට කියන්න කලින් අපේ ගැන්සිය ගැන කෙටි හැඳින්වීමක් කරන්නම්කො.
මම නොහොත් කුරුළු - බොහොම අහිංසක ජීවිතයක් ගත කරන, සද්දෙන් අඩු සංවර කටක් තියන ලජ්ජා බයට හැදිච්ච කොල්ලෙක්.

මාගේ පාසල් කාලය.. සිහිවෙනවානේ හැම විට.. (7 කොටස )

ආයුබෝවන් හැමෝන්ටම :)
කලින් කොටසට මාගේ පාසල් කාලය.. සිහිවෙනවානේ හැම විට.. (6 කොටස ) කට්ටියගේ ප්‍රතිචාර තරමක් හොඳ තත්වෙක තිබ්බා... ඔන්න එහෙනම් ඉතුරු ටික පටන් ගන්නම්කො :)

ඔන්න එහෙනම් ප්‍රතිපල ආවා. දැන් ඉතින් ප්‍රතිපල කියන්න ඉස්කෝලෙට යන්න එපයි. ඔන්න ඉතින් කට්ටිය සෙට් වෙලා සඳුදා දවසක ගියා ඉස්කෝලෙට. සෙට් එකේ හිටිය මීමා, මුට්ටියා, ඔටුවා ඇතුළු තවත් දෙතුන් දෙනෙක්ටම A 8 යි. අනිත් එක විවිධ විවිධ විෂයන් වලට විවිධ විවිධ ප්‍රතිපල. මුලින්ම ගියා වයිස් ප්‍රින්සිපල් සර්ව හම්බෙලා ප්‍රතිපල කියලා වැඳලා, ඊට පස්සේ ගියා පන්ති භාර ටීච වෙලා හිටපු දමයන්ති මිස් ව හම්බෙන්න. ටීචගේ අස් වල කඳුළු. මුළු සෙක්ෂන් එකේම නරකම පන්තිය වෙලා තිබ්බ අපේ පන්තිය, ටීචර්ස් ලා එන්න අකමැති උන අපේ පන්තිය තමයි සෙක්ෂන් එකේම හොඳම ප්‍රතිපල තියන පන්තිය. ඉතින් ටීචට සතුටු නැද්ද??

මාගේ පාසල් කාලය.. සිහිවෙනවානේ හැම විට.. (6 කොටස )

ආයුබෝවන්ඩ කිවුවා හැමෝන්ටම.. මේ ටිකේ ප්‍රතිචාර නම් අඩුයි.. මොකෝ දන්නේ නෑ.. මොකෝ කතාව කම්මැලි වේගෙන එනවද?? :O කමක් නෑ කතාවේ ඉතුරු ටික කියන්නම්කො..
මං කියාගෙන ආවනේ මං බම්බලපිටියේ පන්ති යන්න ගත්තා කියලා A/L වලට. ජනවාරි මුල්ම පන්ති පටන් ගත්තා. මට මතක හැටියට ජනවාරි 7. එදා තිබ්බේ Combined maths ක්ලාස් එක. දංගල්ල සර් ගේ, ශක්ති institute එකේ. දංගල්ල සර් ගැන ඉතින් කට්ටිය දන්නවා ඇති කියල මං හිතනවා. පට්ට මීටරයක්. හෙන ජොලි. කොහොම හරි පලවෙනි සති දෙකේ මං හිටියේ තනියම. පන්තියේ ළමයි 20ක් වගේ හිටියා. කොහොම හරි මට එකක් මතකයි. ඔතන හිටියා බම්බලපිටියේ සාන්තු වරයෙක්ගේ නමින් තියන ඉස්කෝලෙක කොල්ලෙක්. පලවෙනි දවසේ ඉන්ටවල් එක දුන්නම මූ මගේ ලඟට කිට්ටු කරා..
පොර- "හලෝ මචං.. මොකක්ද උඹේ නම. ඉස්කෝලේ එහම??"
මං_ "හලෝ මචං. මං කුරුළු.. මේක තමයි ඉස්කෝලේ"

මාගේ පාසල් කාලය.. සිහිවෙනවානේ හැම විට.. (5 කොටස )

සුභ දවසක් වේවා පැමිණ සිටින සියලු ඇත්තන්ට!
ඔන්න අදත් කතාව පටන් ගමු..
ඔන්න 6න් පස්සේ වැටුනා 7-D පන්තියට. ටීච අමරා ටීච. හරි කරුණාවන්ත ටීච කෙනෙක්. ඇත්තටම කිවුවොත් 7 වසරේදී කියලා උන විශේෂ දෙයක් නෑ. ආ දෙයක් තියනවනේ. මං JP නැත්තං Junior Prefect කෙනෙක් උනානේ. එකත් ඉතින් ෆන් වැඩේ. කොහොම හරි 7න් 8-E පන්තියට වැටුනා.. අවාසනාවක මහත :( මට ටීච ගේ නම මතක නෑ නේ :'( සමාවෙන්න ඕනි ටීච! 8න් 9-F පන්තියට.teec ඇ සුදර්ශනී ටීච වගේ මතක. කොහොම හරි ටීචගේ හද හුරු කම මතකයි නම හරියට මතක නෑ. 9 වසරේදී උන දේවල් කියලත් ඉතින් විශේෂ දේවල් නෑ. ආ හැබැයි අපි සෙට් එක කරපු ගොන් වැඩ නම් මතකයි :p අපේ පන්තියට හරියටම පිටිපස්සේ ඒ කියන්නේ ජනේලෙන් බැලුවම පේන ගෙයක් තියනවා. අපි හිටියේ දෙවැනි තට්ටුවේ. කොල්ලුපිටියේ ඒ හරියේ කුලියට නිවාස වල ඉන්න විදේශ කාන්තාවෝ ගැන මේ උදවියට අමුතුවෙන් කියන්න ඕනි නෑ නොවැ :P උදේට ඉස්කෝලේ ඇවිත් නිකමට හරි ජනේලෙන් බැලුවොත් කුඩු වෙලා තියන බියර් බෝතල් ඇතුළු විවිධා කාර ජවනිකා බලාගන්න පුළුවන්.. හෝව් හෝව් කතාව වැරදි පාරකට යනවා..

මාගේ පාසල් කාලය.. සිහිවෙනවානේ හැම විට.. (4 කොටස )

සුභ දවසක් වේවා පැමිණ සිටින සියලු දෙනාහට..
ඔන්න ඉතින් අදත් කතාව පටන් ගන්නයි ලෑස්තිය. වෙහෙසකර කලබලකාරී සති අන්තයකින් පස්සේ අද තමයි නිසහස් උනේ. විශ්‍යවිද්යාලයේ නිවාඩු නිසා ගෙදරට වෙලා ඉන්න අතරේ තමයි මේක මේ ලියන්න පටන් ගත්තේ :)

ඔන්න ඉතිං 5 වසරෙන් පස්සේ වැටුනා 6 වසරේ පංතියට. 6-E මොහොට්ටි ටීචගේ පංතියට. සෙක්ෂන් එකේ හිටිය සැරම ටීච කිවුවොත් හරි. ඔය කාලේ වෙනකොට තමයි ශිෂ්‍යත්වෙන් අපේ ඉස්කෝලෙට අලුත් ළමයි ආවේ. ඒ ආපු කට්ටිය අතරේ අඳුනන මූනකුත් තිබ්බා. මගේ මොන්ටිසෝරි කාලේ ඉඳන් හිටපු යාලුවා "මීමා" මෙන්න ඇවිත් අපේ ඉස්කෝලෙට. ඔය අතරේ තවත් අලුත් යාළුවො කිහිප දෙනෙක්ම හම්බුනා. කොහොම හරි 6 වසරේදී අන්තිම පේලියේ සෙට් එකේ මාත් එක්ක ලඟින්ම ආශ්‍රය කරේ නොයෙල්, කොක්කා කියන දෙන්නා තමයි ( hot dog උණු බල්ලා මෙතැන් පටන් නොයෙල් ලෙස හඳුන්වනු ලැබේ ) 6 වසරේ ඉතින් විශේෂ කියලා දෙයන් උනේ නෑ. කොහොම හරි මට මතකයි ශිෂ්‍යත්වෙන් අපේ ඉස්කෝලෙට ඇවිත් හිටියා කළු මහත පොරක්. උට පන්තියේ අය කිවුවේ "තෙල් බතා" කියලා. ඉතින් ඉන්ටවල් එකේ කාල ඉවර උන ගමන් අපේ වැඩේ උගේ පන්තියට ගිහින් තෙල් බතා කියලා කෑගහලා පන්තියට දුවලා එනවා :P අරූ ඉතින් ගල් රෝලක් වගේ හැටි හල හල අපේ පස්සෙන් පන්නගෙන එනවා :P 6 වසරේ උන මට මතක තියන එකම එක විශේෂ සිද්දිය වෙනියා මාරු කරලා අතේ මාට්ටු වෙච්ච සීන් එක. දෙවැනි වාර විභාගෙද කොහෙද.