මාගේ පාසල් කාලය.. සිහිවෙනවානේ හැම විට.. (6 කොටස )

ආයුබෝවන්ඩ කිවුවා හැමෝන්ටම.. මේ ටිකේ ප්‍රතිචාර නම් අඩුයි.. මොකෝ දන්නේ නෑ.. මොකෝ කතාව කම්මැලි වේගෙන එනවද?? :O කමක් නෑ කතාවේ ඉතුරු ටික කියන්නම්කො..
මං කියාගෙන ආවනේ මං බම්බලපිටියේ පන්ති යන්න ගත්තා කියලා A/L වලට. ජනවාරි මුල්ම පන්ති පටන් ගත්තා. මට මතක හැටියට ජනවාරි 7. එදා තිබ්බේ Combined maths ක්ලාස් එක. දංගල්ල සර් ගේ, ශක්ති institute එකේ. දංගල්ල සර් ගැන ඉතින් කට්ටිය දන්නවා ඇති කියල මං හිතනවා. පට්ට මීටරයක්. හෙන ජොලි. කොහොම හරි පලවෙනි සති දෙකේ මං හිටියේ තනියම. පන්තියේ ළමයි 20ක් වගේ හිටියා. කොහොම හරි මට එකක් මතකයි. ඔතන හිටියා බම්බලපිටියේ සාන්තු වරයෙක්ගේ නමින් තියන ඉස්කෝලෙක කොල්ලෙක්. පලවෙනි දවසේ ඉන්ටවල් එක දුන්නම මූ මගේ ලඟට කිට්ටු කරා..
පොර- "හලෝ මචං.. මොකක්ද උඹේ නම. ඉස්කෝලේ එහම??"
මං_ "හලෝ මචං. මං කුරුළු.. මේක තමයි ඉස්කෝලේ"

පොර- "එහෙමද?? මං අහවලා බං. මේකයි මගේ ඉස්කෝලේ.. එක නෙමෙයි උඹට කෙල්ලෙක් ඉන්නවද??"
මේ ගෝතයා මොන ගේමකට එන්ටර් වෙන්න යනවද කියලා දන්නේ නෑ. කොහොමත් මං ඒ වෙනකොට තනිකඩ ආතල් ජීවිතේ ගෙවා ගෙවා තමයි උන්නේ. පොඩි පොඩි හුට පට නොතිබ්බමත් නෙවෙයි :p
මං- "නෑ බන් මට කෙල්ලෙක් නෑ.. තාම" කියල මං කිවුවා..
පොර- (මූණ දෙක කරගෙන) "එහෙමද?? එල එල බන්.. අන්න අර අතන ඉන්නේ මගේ කෙල්ල බන්.. උඹ ට්‍රයි කරන්න කලින් මං කිවුවේ බන්.. 8 වසරේ ඉඳන් අපි දෙන්නා එකට ඉන්නේ" කියලා කිවුවා..
මං බැලුවා මූ maths කරන්න ඇවිත් තියෙන්නේ වැරදිලාද කියලා. ඔච්චරටම මොංගල් කතාවක් කියන්න?? :O
මං- "හරි හරි බන් මං එහෙනම් උඹේ කෙල්ල දිහා ඇහැක් ඇරලා බලන්නේ නෑ.. හැබැයි එයාගේ යාලුවා නම් cute බං :P" කියලා මං කිවුවා.
පොර- "එල thanks බන් :) මං එහෙනම් යන්නම්. මං යාලුවට කියන්නම්කො" කියලා පොර ගියා. කොහොම හරි class ඉවර වෙලා තාත්තා මාව ගන්න ආවා.
ඊළඟ සතියේ තමයි Physics class පටන් ගත්තේ. අර institute එකේම ජගත් පටබැඳි සර් ගේ. මං ඔය classes තෝරගත්තේ අක්කා යන නිසා. මොකද අක්කා මට අවුරුද්දයි වැඩිමල් නිසා එයා ඔය පන්ති වලටමයි ගියේ. නෑ නෑ එයා කරේ Bio. එක ඇරෙන්න අනිත් දෙක.
Physics class එකේදී සුපුරුදු මූණක් හම්බුනා.. වෙන කවුරුත් නෙමෙයි මීමා. කොහොමින් කොහොම හරි. ඒ සතියේ බ්‍රහස්පතින්දා Chemistry class එක පටන් ගත්තා සිප්නා institute එකේ, ශ්‍රීනාත් වික්‍රමසිංහ සර් ගේ. දන්නා කියන මූණු සෑහෙන්න ප්‍රමාණයක් සෙට් වුනා එකේදී. තෙල්බතා, මුට්ටියා, බ්‍රා, ඔටුවා, උක්කුන්.. වගේ තව ගොඩක් අය. මං තව Combined maths class එකකටත් ගියා සිප්නා එකේම මහබදුගේ සර් ගේ. ඒක මාසෙන් නැවතුනා. කොහොම හරි පලවෙනි මාස දෙක යනකන්ම කෙලින්ම ඉස්සරහම පේලියේ තමයි මං හිටියේ. කියන ඒවා තේරුම් ගන්න හැදුවට තනිකර පිස්සු වගේ.
තුන්වෙනි මාසේ කෙලින්ම පස්සෙම පේලියට සංක්‍රමණය උනා මං. පිටිපස්සේ පේලියේ ගැන්සියට සෙට් උනේ මායි, අයිවන් (තෙල් බතා මෙතැන් පටන් අයිවන් ලෙස හඳුන්වනු ලැබේ), ගල් තොප්පියා, උක්කුන්..
ඔහොම වැඩ ටික කරගෙන යද්දී මං දහම්පාසෙලෙන් අඳුන ගත්ත අයියා කෙනෙක් ගේ වේදිකා නාට්‍ය වලට සංගීතය සපයන වැඩෙත් කරා. දවසක් සෙනසුරාදා දවසක වේදිකා නාට්‍ය තරඟයක් තිබ්බා රාජකීය විදුහලේ. අපේ නාට්‍යයේ වැඩ ඉවර උන ගමන් ආරංචියක් ආව ප්‍රතිපල නිකුත් වෙලා කියලා. දවස අප්‍රේල් 7. කට්ටිය මගෙන් ප්‍රතිපල ඇහුවට මං දන්නවයැ ඒක?? මං බැලුවේවත් නැතුව. කොහොම හරි නාට්‍යයේ වැඩ ඉවර වෙලා මාව ගෙදර ළඟ පාර ගාවට එනකන් වැන් එකේ ඇවිත් පාරේ ටික දුර මං ගිටාර් එකයි, ඇඳුම් බෑග් එකයි ඔර්ගන් එකයි උස්සන් පයින් ආවා. ඇවිත් ගේට්ටුවට ගහලා ගහලා ගේ දොර ගාවදි අම්මා ආවා දොර ලඟට. ඔන්න දැන් මං පඩියෙන් බිම, අම්මයි තාත්තයි, අක්කයි නංගි පඩිය උඩට වෙලා මාව කන්න වගේ බලන් ඉන්නවා.
අම්මා- "අද result ඇවිත් කියලා දන්නවද??" (සැර මූඩ් එකෙන්) මං හිතුවා බඩු පැකට් තමයි. කලින්ම බලලා මගදීම වැඩේ දෙනවා තමයි කියලා..
මං- "ඔව් මටත් යාලුවෙක් කිවුවා"
අම්මා- "බැලුවද??"
මං- "හදිස්සියක් නැති නිසා බැලුවේ නෑ.. කෝ මට යන්න දෙන්නකෝ ගෙට" කියලා මං ඇතුලට එන්න හදනකොට අම්මා මගේ ඔලුව ඇත ගාලා කම්මුලට කිස් එකක් දුන්නා.. මං බැලුවා මේ මොකෝ උනේ කියලා. බැලින්නම් ඕනෑවටත් වඩා උඩින්ම පාස් වෙලා A 8යි B 1යි. එත් මට අප්සට්. මොකද අක්කට උඩින් යන්න බැරි උන නිසා. මං දැක්කා තාත්තා හොරෙන් කඳුළු පිහිදානවත්. මට ඒ වයසට ඒවා නිකන් මැජික් වගේ. එත් තමන්ගේ දරුවා මහන්සියෙන් ඉගෙන ගෙන උසස් ප්‍රතිපල ගත්තම දෙමවුපියන්ට ඇති වෙන සතුට ගැන දැන් මට තේරෙනවා.
කොහොම හරි එදා හවස පන්සලට ගිහින් ලොකු හාමුදුරුවන්ට කිවුවා...
හ්ම්ම් අදට කතාව ඇති වගේ නේ??
පාසල් කාලය ගැන නොවුනත් මං හිතනවා රසවත් ඇති කියලා කතාව. ඊළඟට ඉස්කෝලේ පටන් ගත්ත තැන ඉඳන් කතාව ඊළඟට බලාපොරොත්තු වන්න :)
එතකන් සුභ දවසක්!

5 comments :

  1. hahaha....pata pata pata....apith danne nathi saahena dewal "කුරුළු" wela thiyanawa ne balagena yankota..mage asama katha set eka meka thama blog eke :D :D

    ReplyDelete
    Replies
    1. තව කොච්චර නම් දේවල් වෙලා තියනවද කුරුළු ගේ ජීවිතේ!!! :)
      කොහොම හරි blog එකත් එක්ක නිතරම රැඳී සිටීම සන සතුටුයි.. දිගටම රැඳී ඉන්න :)
      සුභ දවසක්!~

      Delete
  2. කෝ බොල මගේ කොමෙන්ට් එක

    ReplyDelete
    Replies
    1. මා විසින් දමනා ලද කොමෙන්ටුව ස්පෑම් වී ඇත්දැයි සොයා බලන්න

      Delete
    2. ඈ?? නැත කෝරලේ මහත්තයෝ.. ස්පෑම් වී නැත!!

      Delete