~~13.1 කොම්පීතර විද්‍යාව පැත්තෙන් ඇහෙන කතා~~ ප්‍රශ්න පත්තර (1 කොටස)

මේ දිනවල පැවත්ත්වෙන විශ්‍යවිද්යාලයේ අර්ධ වාර්ෂික විභාගයේ රස මුසු තැන් ඔබ වෙත

ප්‍රශ්න පත්තර (1 කොටස)


සභාවෙන් අවසරයි.. මම මෙතෙන්ට පැමිණියේ අද දින (02.08.2013) පැවති C language ප්‍රශ්න පත්තරය පිලිබඳ වචන ස්වල්පයක් කතා කිරීමටයි....
ඇත්ත වශයෙන්ම පවසන කල්හි වර්ෂාවෙන් උදා උන අද වගේ දවසක පැවති මහාම ශෝරචෝර ප්‍රශ්න පත්තරයක් ලෙස මට එය හැඳින්වීමට පුළුවන් (වර්ෂාවට හේතුව අපේ පන්තියේ එකෙක්ම තමයි :P )..
උදෑසන 9 ට විභාග ශාලාවට ඇතුල් වී නියමිත තැන අසුන් ගත් පසු උත්තර ලියන කොලය අතට ලැබුණි.. එහි අවශ්‍ය දේවල් එහි ලියා ඔලුව උස්සා බලන කල්හි ඉස්සරහා ඉන්න උන් අම්බානට මොනවදෝ ලියනවා දුටිමි.. නමයි අංකෙයි ලියන්න ඔච්චර වෙලා යනවාදැයි සිත සිත රබර් ඇස වටේ දමන විට දුටුවේ පිටිපස්සේ එකා අම්බානට පන දමාගෙන ප්‍රශ්න වලට උත්තර ලියන්නට දගලන බවයි... හුටා කෝ මට ප්‍රශ්න පත්තරයක්... :O නැගිටලා සද්දයක් දාන්න හදනවාත් සමගම නිකමට එහා පැත්ත බැලුවම මේ තියෙන්නේ දිලිසි දිලිසි ප්‍රශ්න පත්තරේ...


නමෝ විත්තියෙන් කියලා පලවෙනි ප්‍රශ්නේ කියවන්න හදනකොටම ඔන්න අපේ හැමදාම උදෑසනම පැමිණෙන සහෝදරයා ආවේ නැතෑ.. අවධානය කුඩේ කුඩු විය.. නැවත ඒ කුඩු ටික එකතු කරගෙන පිළිතුරු ලියන්නට සැරසුණි.. අවුලක්.. ප්‍රශ්න තේරෙන්නේ නෑ නොවැ උත්තර ලියන්න.. මල කෙලියයි.. මොනා කරන්නෙයි ඉතින් වවුලගේ ගෙදර ගිහින් බෙරේ බැඳ ගත්තා නම් එල්ලිලාම ගහන්නේපැයි :/ ඔන්න ඉතින් පලවෙනි පදේ ගහල ඉවරයි.. දෙකත් යාන්තම් ගැහුවා.. තුනේ බාගයක් ගහගෙන යනකොට මෙන්න ඉන්න උන් නැගිටලා යනවා යන්න.. මං බැලුවා මට පිස්සුද නැත්තං උන්ට පිස්සුද කියලා :O බැලින්නම් ඒ උදවියට පැය දෙකයිලු.. අපිට තවත් පැයක්... ඔන්න ඔය වැන් අවස්ථා වලදී තමයි සියල්ලන්ටම වඳින ගාථා මතක් වෙන්නේ.. ගාථා අමතක කර නැවතත් code එක වෙත අවධානය යොමු කරනවිට හුටා මෙන්න තරු පෝලිමක්ම තියනවා... ඒක දැකලා දවල් තරුත් දැක්කා...
කොහොම හරි යාන්තං ප්‍රශ්න වලට උත්තර දී ගත්තා... හැබැයි පැය 3 ඉවර වෙනකන් තිබ්බ ලොකුම ප්‍රශ්නේ ඒක නෙමෙයි.. සීතල වැස්ස දවසක, වායුසමනය කරලා තියෙද්දී කොහොමද ඉවසගෙන ඉන්නේ පැය 3ක්... :P
අහ කියන්න අමතක උනා නොවැ... මුද්‍රණ දෝෂ 4ක් මැ තිබ්බා :P
කොහොමින් කොහොම හරි C language ප්‍රශ්න පත්තරයට උත්තර ලිවුවා.. නිකමට වගේ අපේ C language එක පිලිබඳ හසල දැනුමක් ඇති අයෙකුගෙන් මම මෙසේ ඇසුවෙමි....
"මචං අන්න අරකට උත්තරේ මොකක්ද"- "අහ මේකනේ බං"(හුටා වැරදි :( ) "අහ එල.. එතකොට මේකට??"
-"අයියෝ සිම්පල්නේ.. මේක බන්"("හුටා එකත් වැරදි") අහ හරි හරි බං.. එළකිරි. thanks අහ!! :)
තවත් සම්මජ්ජාතියකට C language ගැන මතක් කිරීමට අකමැතිය මම...
අවසානයේදී පස්වරු 2 ට පමණ විශ්‍යවිද්යාල පරිශ්‍රයෙන් එලියට බැස්සේ රුපියල් 100 ගානේ කොටු 15 ඇති කාඩ් කිහිපයක් ප්‍රින්ට් කරගෙන පසුවදාම නවත්තත් පැමිණෙන අදිටනිණි... කාඩ් එකේ අනුරුව පහත පරිද්දෙනි...


{

"කොටුවක් කපා 100ක් දෙන්න"
පෞද්ගලික විශ්‍යවිද්‍යාලයක ලබා දුන් C language ප්‍රශ්න පත්තරය කෙල කරගෙන ඇති නිසා දෙවන වර පෙනී සිටීමට අවශ්‍ය ශ්‍රී ලංකාවේ වලංගු මුදලින් රුපියල් 1500 ක මුදලක් සොයා ගැනීමට උදවු වෙන්න...
කොටුවක් කපා 100ක් දෙන්න...int  A[5][3] = {100 100 100 100, 100 100 100 100, 100 100 100 100, };

}

මාගේ කතාව මෙයින් නිමයි.. අසා සිටි ඔබ සැමට ස්තුතියි...

#කුරුළු 

4 comments :

  1. Replies
    1. අතිම සුන්දරම් ඇති භයන්කාරම් :P ;)

      blog එකට ආවට ස්තුතියි :)
      ආයිත් එන්න!

      Delete
  2. අවාසනාවට ඇත්ත කථාවක්..... B)

    ReplyDelete