~~13.1 කොම්පීතර විද්‍යාව පැත්තෙන් ඇහෙන කතා~~ ප්‍රශ්න පත්තර (5 කොටස)

ප්‍රශ්න පත්තර (5 කොටස)
-----------------------------------

නෝනාවරුනි මහත්වරුනි අද ( 11.09.2013 ) දින පැවති Foundation of Mathematics ප්‍රශ්න පත්තරය පිළිබඳව කතා කරන්නයි මං මේ වේදිකාවට නැග්ගේ.. මට පේනවා පැමිණ සිටින ජන ගඟ.. සෑහෙන්න පිරිසක් ඉන්න එක ගැන පළමුව සතුටු වන්ත වෙනවා..
අදත් සුපුරුදු පරිදි 8.30 ට විශ්‍යවිද්යාලයට ඇවිත් 8.57ට විභාග ශාලාවට ඇතුල් උනා. සියලු කටයුතු හමාර කර ප්‍රශ්න පත්තරය අතට ගෙන කතා කරගත් විදියට පැයෙන් ලියලා ඉවර කරනවා කියලා හිතාගෙන මුල ඉඳන් කියවනකොටම පෙරලුනේ නැතැයි බාල්දියක් :o අපි 13.1 නොවැ. මේ මොකක්ද ප්‍රශ්නපත්තරේ උඩ ගහලා තියෙන්නේ :o වෙන මොකක්ද මගුලක්... :/
ඇත්තවශයෙන්ම සහෝදර සහෝදරවරියනි අද තිබ්බ ප්‍රශ්න පත්තරේ ගැන කෙටියෙන්ම පවසනවා නම් මෙසේයි. "දන්නා ගණිතය නොදන්නා විදියට" :O අමුතු මුකුත් නෑ කලින්. එකම එක.. වැඩිය ඕවා ගැන කියන්න හොඳ නෑ අන්තිමට ඊළඟට තියන එක කෙල වුනොත් :P කොහොම හරි පලවෙනි ප්‍රශ්නේ කරන්න පැයක් ගියා. පැයෙන් කරන්න කතා උන එකත් පැය පහුවෙනකොට ඔලුව නවාගෙන. ඒක දැකලා යන්තන් හිත නිවුනා :p

විශ්වාස කරන්න මිත්‍රවරුනි මගේ විභාග ජීවිතේම පලවෙනි පාරට සම්පූර්ණ වෙලාවේම එක දිගට උත්තර ලිවුව එකම ප්‍රශ්නපත්තරේ තමයි මේ :/ කොහොම හරි අන්තිමට කට්ටිය එක්ක කතා වෙලා බලනකොට ඔක්කොම එක්කෝ එකක් ලියලා නෑ. එක්කෝ ලියපු එක ෂුවර් නෑ. අනේ මන්දා අපිට ගිය කල කියලා හිතලා හවස තිබ්බ tute lecture එකටත් ඉඳලා විශ්‍යවිද්යාලය පරිශ්‍රයෙන් නික්මිණි.
අප්පා ඊට කලින් වෙච්ච දේවල් කියන්න අමතක උනානොවැ. ඔන්න ඉතින් විභාගේ ඉවර වෙලා එලියට වෙලා ඈඳී ගෙන කට්ටිය එක්ක කයියක් දාගෙන ඉන්නකොට ඔන්න S නම් ඇත්තියක් N නම් ඇත්තෙකුට කියපු කතාවක් මෙහෙම විය.
S - "කෝ අනේ ඔයාගේ අතේ නෑනේ???"
N - "මොනාද නැත්තේ??"
S - "මේ මේවා... මගේ අතෙත් තියනවානේ ඔයාට වඩා??" :O මං බැලුවා මේ මොකක්ද මේ හරුපේ කියලා.. බලනකොට දෙන්න එක්ක කතා වෙලා තියෙන්නේ අතේ තිබ්බ රෝම කූප ගැන. ඔය වගේ කතාවක් යනකොට ඉතින් මගේ කටත් ඇවිස්සෙන නිසා මාත් මැද්දට පැනලා කිවුවා
"ඒවා එහෙම තමයි. ඒ මුගේ හැටි.. පොඩ්ඩක් පැත්ත මාරු වෙලා කියලා..."
එතකොටම N නැමැත්තා මෙසේ පැවසීය..
"පල ඩො යන්න.. උඹට ඉරිසියාව මේ මගේ සියුමැලි සමත් එක්ක" ( මම o.O සියුමැලි සම?? කොල්ලෙකට?? :O ) කියලා..
ඔන්න එතකොට තමයි මරුම කතාව එලියට පැන්නේ.. එතන හිටි V නැතහොත් චාලි නැමැත්තා මෙසේ පැවසීය..
චාලි - "අනේ පලයන් බන් යන්න.. අපි දන්නවා උඹේ රහස. වීට් නේ?? අපිට ඕවා හංගන්න බෑ මල්ලි" කියලා..
ෂොට් කියන්නේ ශොටේ ෂොට්.. සියලු දෙනා බඩ අල්ලන් හිනා වෙද්දී එතනින් එහාට ඒ ගැන කතා නොකරමි..
ඔය N නැමැත්තා වෙන කවුරුත් නොව. අර කලින් කතාවේ කාර් එකේ දොර සමග අනියම් සම්බන්ධයක් පැවැත්තු පුද්ගලයාමයි :P
එහෙනම් මිත්‍රවරුනි අදට කතාව නිමයි. නැවත හමුවෙමු.
""සුභ අනාගතයක්!""

ප.ලි - පැයෙන් ප්‍රශ්න පත්තරේ ඉවර කරන්න කතා උනේ අර මං කලින් කිවුව අක්කන්ඩි ගේ තාත්තාගේ අවසන් කටයිතු වලට සහභාගී වෙන්න යන්න. අවාසනාවට එකට ඉඩ නැති විය. අක්කේ මේක දැක්කොත් අනේ අපිට සමාවෙන්න. මේක අවස්තාවක් කරගන්නවා ඇත්ත වශයෙන්ම කණගාටුව ප්‍රකාශ කරන්න. ඒ වගේම අංකල්ට නිර්වාණ සම්පත්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජාති ජාතිත් මෙවන් අකල් මරණ සිදු නොවේවා කියලත් ප්‍රාර්ථනා කරනවා...

#කුරුළු

No comments :

Post a Comment