~~13.1 කොම්පීතර විද්‍යාව පැත්තෙන් ඇහෙන කතා~~ ප්‍රශ්න පත්තර (4 කොටස)

ප්‍රශ්න පත්තර (4 කොටස)
-----------------------------------

ඉතාම සංවේග ජනක මේ වගේ අවස්ථාවක මෙහෙම දෙයක් ලියම්දෝ කියා හිතුනා. කමක් නෑ අද (09.09.2013) පැවති Computer Architecture ප්‍රශ්න පත්තරය පිලිබඳ යමක් කියන්නම්..

කෙටියෙන් පවසමි මගේ ආදරියේ ඇත්ත වශයෙන්ම අද නම් කල් ඇතුවම (8.30 ට) ගියේ අද නම් දෙනවා දුවන්න කියලා හිතාගෙන. එත් ඒ වෙලාවේ වගේම ලැබුන ආරංචියෙන් හෝන්දු මාන්දු වී ගියෙමි. සිරාවට පොඩ්ඩක් වත් විශ්වාස කිරීමට නොහැකි එම ආරංචිය හිතේ තියාගෙන කෝකටත් කියලා කස්ටිය සමග විභාග ශාලාවට යාන්තං 8.55 ට යා ගත්තා. පැත්ත මාරු කරලා වාඩි කෙරෙවුව අද පේපරේ දැක්කම සඳ සිරාවටම මෝල් විය. ඒක නම් සිරාවටම අධිරාජ්‍යවාදී කුමන්ත්‍රනයක්ම විය. ඒ වෙලාවේ තමයි පේපර් එකේ සැකිල්ල කියපු එකා මතක් උනේ :/ මරුම වෙලාව කියන්නේ ඌ මට ඉස්සරහා! ආතල් කෝටියයි. සුපුරුදු පරිදි ගත්තා 1 ලියන්න. මේ මොන හරුපයක් ද මේ?? :O ඒක අත ඇරලා දෙක ගත්තා හදන්න. එක ගොඩ. තුනත් ගොඩ. පහත් ගොඩ. ආයිත් හතරත් යාන්තං ගොඩ.

ආයිත් ගත්තා 1 කරන්න. මොන මගුලක්ද මේ?? :/ මෙලෝ මගුලක් දන්නේ නෑ නොවැ. නියමම වැඩේ කියන්නේ තිබ්බ 2's Complement ගාන හදන්න වින්ද දුකක්. එක එහෙම තියලා ගත්තා 6 වෙනි ප්‍රශ්නය කරන්නේ. යන්තන් බඩ ගාගෙන එකත් ගොඩ දාගත්තා. ඊට පස්සේ ප්‍රශ්න පත්තරේ මුල් පිටුව ආසාවට වගේ බැලුවමයි දැක්කේ "6න් 5ක් ලියන්න" (ඒක තිබ්බේ කඩ්ඩෙන් ඈ) කියන එක. ඒ අවස්ථාවේදී සියලු දෙවි දේවතා නමස් කාරයෙන් අනතුරුව ඇස් දෙක පියාගෙන ලියපු ප්‍රශ්නයක් කපලා උත්තර පත්තරේ දීලා ආවා එන්න.. මේ කොලේ ප්‍රින්ට් කරලා තිබ්බ ප්‍රශ්න වලට වඩා අමාරුම ප්‍රශ්නේ උනේ උත්තර කඩ්ඩෙන් ලියන එක නොවැ. :P
සුපුරුදු පරිදි කෙලින්ම ගියා යන තැනට.
1ට විතර මා ඇතුළු සිව් දෙනෙක් පරංගියා කෝට්ටේ ගියා වගේ ගියේ නැතෑ පොඩි රවුමක්! ඒ යන අතරේ අපේ එකෙක් කාර් එකේ දොරත් සමඟ අනියම් සම්බදතාවයක් ඇති බව යාන්තම් කනට වැටුණි. (ඒක ගැන විමර්ශනය පසුවට ඉතුරු කරමි) කොහොමින් කොහොම හරි සියලු කටයුතු හමාර නිවාස වෙත පැමිණියෙමි.
මගේ කතාව මින් නිමයි. අසා සිටි ඔබ සැමට ස්තූතියි!

ප.ලි- සිරාවටම පට්ටම අප්සට් මූඩ් ඈ අද! :( විශ්‍යවිද්යාලයේ මගේ ප්‍රියතම අක්කන්ඩියගේ පියතුමා අභාවප්‍රාප්ත වෙලා. මේ වෙලාව අවස්තාවක් කරගන්නවා අන්කල්ට අමාමහ නිවන් සම්පත්තිය ලැබෙන්න කියලා.

#කුරුළු

No comments :

Post a Comment