මාගේ පාසල් කාලය.. සිහිවෙනවානේ හැම විට.. (2 කොටස )

ආයුබෝවන්ඩ කිවුවා හැමෝන්ටම!
කලින් නවත්තපු තැන ඉඳන් කතාව ඉස්සරහට :)

1999.02.26 තමයි මුලින්ම මං මගේ අලුත් ඉස්කෝලෙට ගිය දවස. පන්තියට ඇතුල් වෙන්න කලින් අම්මයි තාත්තයි එක්ක ගියා ප්‍රින්සිපල් සර් වැ හම්බෙන්න. හා හා පුරා කියලා ඉස්කෝලෙට අඩිය තිබ්බ ගමන් ඇහැට වැටුනේ ඉස්කෝලේ පිට්ටනියේ සුදු කලිසන් ඇඳලා අවුවේ දනගහගෙන ඉන්න අයියලා ටිකක්. නියමයි. ආතල් කෝටියයි. ඒ සුභ දර්ශනේ න් පස්සේ ගියා ප්‍රින්සිපල් සර් ව හම්බෙන්න. තාත්තාගේ හොඳ යාලුවෙක් වෙච්ච ප්‍රින්සිපල් සර් මාව දැක්ක ගමන් ඇහුවා
"මොකෝ පුතා... සනත් ජයසූරිය වෙන්නද කල්පනාව??"
හුටා.. කවුද ඒ?? මං ඉතිං බය වැඩි කමටම කට පියන් හිටියත් මට දැනගන්නම ඕනි උනා කව්ද ඒ කියලා. මං ඉතින් තාත්තට ඇඟිල්ලෙන් ඇන ඇන ඇහුවා කවුද ඒ කියලා..
"කුරුළු සනත් ජයසූරිය කියන්නේ ක්‍රිකටර් කෙනෙක්"
"එහෙනම් ඇයි අර සීයා ඇහුවේ මං එයා වෙන්න යනවද කියලා??"
"සීයා?? :O සීයා නෙමෙයි ප්‍රින්සිපල් සර්.. අහ සනත් ගේ අතෙත් ඔයාගේ අතේ වගේම පිරිත් නූල් බැඳලා තියනවා. එක නිසා වෙන්න ඇති" 

කියලා තාත්තා කිවුවා.
කොහොම හරි එදා ඉස්කෝලෙට ඇතුල් වෙලා මාර්තු පළවෙනිදා පළවෙනියටම පන්තියට යන්න කියලා එදා ගෙදර ආවා.

මාර්තු පළවෙනිදා ගියා ඉස්කෝලේ අම්මයි තාත්තයි එක්ක. වැටුනේ 2-E පන්තියට. එදාම අලුතින් ඉස්කෝලෙට ආපු ළමයෙක් වැටුනා මගේ එහා පැත්තට. ( දැනට අපි එයාව පිංටා කියලා හඳුන්වමු ). කොහොම හරි පින්ටයි මායි තමයි දෙක වසරේදී හොඳම යාළුවො උනේ. තව එක යාලුවෙක් හිටියා අන්නාසිම් (සිරා නම නෙමෙයි) කියලා.

කොහොම හරි ඉස්සර අපිට කලින් ඉස්කෝලේ ඇරෙනවා. මායි පින්ටයි ගිහිපු වෑන් දෙක ඉස්කෝලේ ලඟට එනකන් පැයක් විතර ඉන්න ඕනි බලාගෙන. හැමදාම ඉස්කෝලේ ඇරෙන වෙලාවට අම්මා ඔෆිස් එකේ ඉඳන් කිරි පැකට් එකයි මිස්ටර් පොප් පැකට් එකයි ගේනවා මට කන්න. ඒ දෙක මට දීලා අම්මා ආයිත් ඔෆිස් යනවා. මං ඉතින් කරන්නේ මිස්ටර් පොප් පැකට් එක යාලුවන්ට කන්න දීලා මං කිරි පැකට් එක බොනවා :) ඊට පස්සේ මායි පින්ටයි ඉස්කෝලේ ගේට්ටුව ළඟ තියන පිහිඹියා ගහකට නැගලා වාදී වෙලා ඉන්නවා. දවසක් මායි පින්ටයි වාදී වෙලා ඉන්නකොට සුදුපාට කාර් එකක් නැවැත්තුවා අපි හිටිය ගහ ගාව.
"පුතාලා දෙන්නා එන්නකෝ බැහැලා" කියලා ඇහුනා
අපි දෙන්නත් සේප් එකේ බැහැලා ගියා කාර් එක ගාවට. හුටා අර සීයා කාර් එකේ. සීයා නෙනෙයි ප්‍රින්සිපල් සර් :P
"දෙන්නත් එක්ක වඳුරු පැටවූ දෙන්නෙක් වගේ ගහට නැගලා මොකද කරන්නේ??"
දෙන්නටම කට උත්තර නෑ..
"ගෙදර යන්නේ නැද්ද??"
ආයිත් සද්ද නෑ දෙන්නම..
"මොකද දෙන්නට කතා කරන්න බැරිද?"
මං යාන්තං ඇහෙන නෑහෙන ගානට කිවුවා
"ස්කූල් වැන් එක එනකන් ඉන්නේ මෙතෙන්ට වෙලා" කියලා
එතකොට සීයා කියපි
"එහෙනම් ඔය බිම වැටිලා තියන කොළ ටික අහුලලා තියන්න. මං එනකොට මෙතන සුද්ද වෙලා තියෙන්න ඕනි" කියලා.. කාර් එකේ නැගලා ගියා
මොන ගිනි ගෙඩියක්ද ඒ කඩන වැටුනේ?? :O
කාර් එක නොපෙනෙන කන් ඉඳලා මායි පින්ටයි දිවුවේ නැතෑ.. ගිහින් ගිහින් හැන්ගුනා අපේ පන්තියට ගිහිං.. කොහොම හරි එදා වැන් අංකල් ඇවිත් අපිව හොයා ගන්න බැරි වෙලා හෙනම කට්ටක් කාලා තමයි අපිව හොයා ගෙන ගෙවල් වල එක්කන් ගියේ :P

කොහොම හරි අපිට 2 වසර අන්තිම වෙනකොට තව යාලුවෙක් අඳුන ගන්න ලැබුනා. පින්ටා එයාට දාපු නම තමයි "Hot dog උණු බල්ලා".

ඔන්න එහෙනම් අදට කතාව ඉවරයි ඈ?? හිතුවට වඩා දිගට ඇදිලා ගියා.. ඉතුරු ටික පස්සේ :)
හැමෝන්ටම සුභ දවසක්!

#කුරුළු

4 comments :

  1. he..he.. දන්නා කියන අය ගැනනෙ මේ කියන්නේ... :D :D

    ReplyDelete
    Replies
    1. Ado meka sirawata mata hodata mathaka case ekak

      Delete
    2. මේක අමතක වෙනවද බන් :p ප්‍රින්සිපල් සීයාගෙන් ගුටි නොකා බේරුනා වාසනාවන්ත මොහොත :p

      Delete