EDEX Mid Year Expo 2013 ගැන මගේ වචනෙන්...

ආයුබෝවන්ඩ කිවුවා හැමෝන්ටම..
බොහොම වැඩ කටයුතු අධික සති අන්තයක නිමාව. ඊයෙයි (14.09.2013) අදයි (15.09.2013) විශ්‍යවිද්යාලය නියෝජනය කරමින් ශිෂ්‍ය උපදේශකයෙක් හැටියට " EDEX Mid Year Expo 2013 " ප්‍රදර්ශනයට සහභාගී වෙන්න උනා.
කොහේදෝ ගිය තොප්පියක් නිකන් වගේ ඔලුවට කඩන් වැටුන නිසා සිකුරාදා විභාගේ ඉවර වෙලා පැයක් විතර ප්‍රසර්ශනයේදී කියන්න ඕනි විස්තර ටික ගැන අහගත්තා. ඊයේ 8 ට විතර විශ්‍යවිද්යාලයට යනකොට වාහනේ පිටත් වෙලා. ඒ මදිවට ඔෆිස් එකේ කවුරුවතුත් නෑ. කොහොම හරි පරිෂණක විද්‍යා පීයම නියෝජනය කරන තව දෙන්නෙක් එක්ක 9 ට විතර ගියාප්‍රදර්ශන භූමියට. යනකොට පටන් ගත්තා විතරයි. කොහොම හරි උපදේශන වැඩ පටන් අරන් කරගෙන යද්දී මරු උදවියට තමයි උපදේශන දෙන්න උනේ..
* තව අවුරුදු දෙකකින් සාමාන්‍යපෙළ ට පෙනී සිටින ළමයින්ගේ දෙමවුපියන්ට
* උසස්පෙළට පෙනී හිටලා යන්නේ කොහෙද කියලා වැලේ වැල් නැතුව හිටපු අයට.
* තාම 8 9 වසරවල් වල ළමයින්ගේ දෙමවුපියන්ට

ඔය වගේ එකී නොකී මෙකී ඔක්කොම ආවා. කොහොම හරි ගෙටගහගෙන යන්තන් දවස ගොඩ දා ගත්තා. කියන්න අමතක උනානේ. ඊයේ තමයි පලවෙනි වතාවට මිස් මාකටින් ව දැක්කේ. අම්මේ එයා දැක්කම පපුව හෝස් ගාලා යනවා. ආසාවේ බෑ :P

ඔන්න දෙවැනි දවසත් පටන් ගත්තා. සුපුරුදු පරිදි පරක්කුවෙලා ප්‍රදර්ශන භූමියට යනකොට අපේ අධ්‍යාපන ඇමති තුමා ඇවිත් කතාවක්. ඒ කතාව අස්සේ මං ශේප් එකේ පිටිපස්සේ සොරෙන් අපේ විශ්‍යවිද්යාලයේ කුටියට ආවා. අලුත් සගයෝ දෙන්නෙක් ඇවිත් හිටියා කළමනාකරණ පීයෙන්. ඒ දෙන්නත් එක්ක කතාව දාගෙන ඉන්නකොට ඔන්න කට්ටිය එන්න පටන් ගත්තා. කොහොම හරි වැඩ පටන් ගත්තට පස්සේ ඔන්න සුභ දසුන අදත් දැක්කා. මිස් මාකටින් <3 අනේ :P
මිස් මාකටින් ව බල බල ඉන්දෙද්දී ඇමති තුමා ළඟටම ඇවිත්. ශේප් එකේ අපේ කථිකාචාර්ය වරයෙක් ව එතෙනට ලං කරලා මං මගේ නෙතයි සිතයි පිනවා පිනවා හිටියා. කොහොම හරි ඊයේ වගේම අදත් විවිධාකාර උදවියට උපදේශන දීලා කොහොම හරි සෑහෙන පිරිසක් බොහොම දැනුවත්ව ප්‍රදර්ශන කුටියෙන් එලියට ගියා.

කිවයුතු යකම් තියනවා. ප්‍රදර්ශනයේ සංවිධාන කටයුතු ඇතුළු සියලුම ඒවා හොඳම තත්වේ තිබ්බා කියලා කියන්න පුළුවන්. ඒ ගැන නම් බොහොම සතුටු දායකයි!

ඕක තමයි ඉතින් මේ සති අන්තයේ කතාව. මාගේ පාසල් කාලය කතාවේ ඉතුරු කොටස ලියාගෙන යනවා. ටිකක් ඉවසලා ඉන්න එකත් අද හෙටම දෙන්නම් :) එතකන් සුභ දවසක්!

#කුරුළු

No comments :

Post a Comment