මාගේ පාසල් කාලය.. සිහිවෙනවානේ හැම විට.. (1 කොටස )

ආයුබෝවන්ඩ පැමිණ සිටින සියලු දෙනා හට.. අද මං මෙතෙන්ට පැමිණියේ මාගේ ආතල් පාසල් කාලය ගැන වදන් පෙළක් පැවසීමටයි.. :)

ඉක්කොලේ යන්න කලින් අකුරු කියවලා ඉන්න එපයි.. මට අකුරු කියෙවුවෙ අපේ තාත්තා. මට නම් හරියට මතක නෑ. ඒත් මට අකුරු කියවද්දී ගත්ත ෆොටෝස් නම් මං දැක්කා. අපේ ගෙදරදීම තමයි මට අකුරු කියෙවුවේ..

කොහොම හරි මට අවුරුදු 3න් මාව මොට්ට සොරි යැවුවා. ඒ ගල්කිස්සේ පෞද්ගලික මොට්ටසෝරියකට.. අපරාදේ කියන්න බෑ මට මතක හැටියට නම් ඒක පංකාදු පහේ මොන්ටිසෝරියක්. අපේ අක්කා මට කලින් පන්තියේ හිටියේ. මං ඉතින් වැඩි හරියක් හිටියේ ඒ පන්තියේ තමයි. ඒ පන්ට්ඨියට වෙලා දවසෙම තොකලත් බික්කත් කකා ඉන්න තමයි මං කැමති. මගේ කෑම පෙට්ටිය ඉවර උනාම සේප් එකේ අක්කයි කෑම පෙට්ටියෙනුත් තොකලත් බික්කත් කෑවා. කොහොම හරි ඔහොම ඉන්නකොට තමයි හෙනහුරා කඩන පාත් උණේ. මං හරියට ඉන්න ඕනි පන්තියට අලුත් ටීච කෙනෙක් ඇවිත්. එදත් මං සුපුරුදු පරිදි අක්කයි පන්තියේ. අර හොල්මන ඇවිත් මාව පන්තියට ඇදන් ගියා. ඊට පහුවෙනිදා සිට මං මොට්ටසෝරි යාම වර්ජනය කරා. සතියක් ගියත් මං නම් බෑ ම තමයි ඒකට යන්න.
කොහොම හරි තාත්තා මාව එකෙන් අස් කරලා ගෙදර ළඟ තිබ්බ වෙනත් මොන්ටිසොරියකට දැම්මා. උදේට නැන්දත් එක්ක ගිහින් හවසට අම්මත් එක්ක ගෙදර එනවා. මට මොන්ටිසොරියේදී හම්බුන හොඳම යාළුවො තුන් දෙනෙක් හිටියා. දෙන්නෙක් නිවුන්නු. අනිත් එක්කෙනා මං A/L කරනකොටත් මගේ පන්තියේ ම තමයි (උන්දැට මං මීමා කියන්නම්කො). 
කොහොම හරි මට හොඳට මතකයි මොන්ටිසෝරියේ අන්තිම දවසේ සිල් ගන්න තිබ්බා. එදා ගෙදර ආවේ නැන්දත් එක්ක. ගෙදර එනකන් අඩ අඩා තමයි ලු ආවේ.

ඔන්න දැනුයි පාසල් කාලේ පටන් ගන්නේ. මුලින්ම මං පාසල් ගියේ ගෙදර ළඟ තියන පාසලකට. එකේ තමයි අපේ අක්කත් හිටියේ. ඉතින් පාළුවක් තිබ්බේ නෑ. මං අර කිවුව මොන්ටිසෝරි යාළුවො තුන්දෙනා ගෙන් මීමා මාත් එක්ක එක වසර පන්තියෙත් හිටියා. ඒකෙ එක වසර ඉවර උනා. එක වසර ඉවර වෙන්න කලින් මං කරපු කතාවක් අමතක උනානේ. ඉස්සර මං ඉස්කෝලේ ගියේ ආවේ school van එකේ. කොහොම හරි එක ඉස්කෝලේ ලඟට එනකන් පැය භාගයක් විතර බලන් ඉන්න වෙනවා. ඔය වෙලාවේදී යාළුවො ඉස්කෝලේ ඉස්සරහම තිබ්බ කඩෙන් ලොලි පොප්, ටොෆි එහෙම කනවා මටත් දීලා. මට ඒ දවස් වල ගෙදරින් සල්ලි දෙනවා තියා රුපියල් 10 කොලේ වත් මං අඳුනන්නේ නෑ. දවසක් මටත් හිතුනා මාත් තාත්තා ගෙන් සල්ලි ඉල්ලන් ටොෆි ගන්න ඕනි කියලා. ඉතින් දවසක් අම්මා මට ඇඳුම් අන්දනකොට මං තාත්තා ගෙන් ඇහුවා 
"තාත්තේ මට ටොෆි ගන්න කාසියක් දෙන්නකෝ" කියලා. තාත්තා කිවුවා 
"ඔය මේසේ උඩ තියන ඒවා ගන්න කුරුළු" කියලා. මාත් ඉතින් මෙසේ උඩ තිබ්බ ඒවා ඔක්කොම සාක්කුවට දාගෙන ඉස්කෝලේ ගියා. දැන් ඉතින් ඉස්කෝලේ ඉවර වෙනකන් ඉවසිල්ලක් නෑ යාලුවොන්ට ටොෆි අරන් දෙන්න. හුරේ ඉස්කෝලේ ඉවරයි. දුවලා ගියා කඩේ ගාවට. 
"ඇන්ටි ඇන්ටි මට ටොෆි 5ක් දෙන්න".
"පුතා ගාව සල්ලි තියනවද?"
"ඔව් ඔව් ඇන්ටි මේ..." කියලා මං සාකුකුවේ තිබ්බ කොලයක් අරන් දුන්නා. ඇන්ටි මං දිහා කන්න වගේ බලන් හිටියා මතකයි.
"පුතා ගාව මේක විතරමද තියෙන්නේ" කියලා ඇහුවා.
"නෑ ඇන්ටි මේකත් තියනවා කියලා" අනිත් කොලේ දුන්නා. එතකොටම වෑන් ඇන්ටි කඩේට ආවා. එතකොට කඩේ ඇන්ටි මට ටොෆි 5යි තව සල්ලි කොළ වගේකුයි කාසි වගේකුයි දුන්නා. වෑන් ඇන්ටි මගේ දිහා කන්න වගේ බලලා ඇහුවා 
"කුරුළු, කොහෙන්ද ඔච්චර සල්ලි?" කියලා. මං ඉතින් කිවුවා
"තාත්තා උදේ දුන්නා කියලා"
"ඔච්චරද දුන්නේ"
"නෑ තව කොලයක් දුන්නා.. මේ තියෙන්නේ ඒක" ඇන්ටිගේ කට ඇරිලා ඇස් දෙක උඩ ගියා.
ඒ සල්ලි කොලෙයි කඩේ ඇන්ටි දීපු සල්ලි ටිකයි වෑන් ඇන්ටි ඉල්ලගෙන මාවත් වෑන් එකට දාගෙන ආවා. මට ඉතින් ෆුල් හැපී. මං යාලුවන්ට ටොෆි අරන් දුන්නානේ කියලා. ගෙදර එනකොට නැන්දා ගෙදර, වෑන් ඇන්ටි මාව බස්සලා ඉවර වෙලා නැන්දා එක්ක කතා කරනවා මං දැක්ක. මං ඉතින් මට අදාළ නැති නිසා මං ගෙට ආවා. නැන්දා ගෙට ඇවිත් සද්දයක් නැතුව හිටියා. හවස් වෙලා අම්මයි තාත්තයි ඔෆිස් ඉවර වෙලා ගෙදර ආවා. ඇවිත් රෑට කනකොට තාත්තා ඇහුවා
"කුරුළු.. අද ටොෆි කෑවද?"
"ඔව් තාත්තේ"
"රුපියල් 600ක ටොෆි කීයක් කෑවද?"
"600 කියන්නේ කීයද තාත්තේ?" මං මෙච්චරක් ගත්තා" කියලා අතේ ඇඟිලි 5 පෙන්නුවා..
තාත්තා හිනා වෙලා
"අනිත් දවසේ මං දෙන කාසිය විතරක් ගෙනියන්න" කිවුවා.. මං කොරපු ගොන් කම තේරුනේ සෑහෙන කාලයක් ගිහින් නැන්දා ඔය කතාව මට ආයිත් කිවුවම. මේසේ උඩ තියන ඒවා ගන්න කිවුවම මං මෙසේ උඩ තිබ්බ රුපියල් 100 කොලේකුයි 500 කොලේකුයි තමයි මං අරන් ගිහින් තිබ්බේ.

කොහොම හරි දෙකට පාස් උනාම ජනවාරි මාසේ අන්තිම හරියේදී විතර නොකර වරදකට මට ගුටි කන්න උනා පන්ති භාර ටීච ගෙන්. නැවතත් මගේ වර්ජනය පටන් ගත්තා :p වර්ජනේ උච්චතම අවස්ථාවේදී තාත්තා මාව ඒ ඉක්කොලෙන් අයින් කරලා කොල්ලුපිටියේ ඉක්කොලේට දැම්මා.. :) ඊට පස්සේ එහෙ තමයි මට ගෙදර උනේ..
දෙක වසරේ ඉඳන් ඉස්සරහට පසුවට බලාපොරොත්තු වන්න...

මගේ කතාව අදට නිමයි. අසා සිටි ඔබ සැමට ස්තූතියි..

#කුරුළු

6 comments :

  1. පොඩි කාලේ මෙහෙමනං ඊළඟ කොටසේ මොනවා වෙයිද??

    ReplyDelete
    Replies
    1. අපි බලමු :) රැඳී සිටින්න blog එකත් එක්ක :)
      ප්‍රතිචාරයට ස්තුතියි :)

      Delete
  2. මචං කම්පුටර් ගැන නං නැතත් මොකෑ.. මෙවම ලියහං :D

    ReplyDelete
    Replies
    1. blog එක සමඟ රැඳී සිටීම පිලිබඳ සතුටුයි සමී :)
      පටන් ගත්තේ ඒකෙන් නොවැ. ඉතිං එකත් ලියන්නෙපැයි :)
      මාගේ පාසල් කාලය.. සිහිවෙනවානේ හැම විට.. (2 කොටස )අද හෙටම එනවා :)

      Delete
  3. එල එල පට්ට..... දිගටම ලියපං

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සහෝ! blog එක සමඟ දිගටම රැඳී ඉන්න :)

      Delete