~~13.1 කොම්පීතර විද්‍යාව පැත්තෙන් ඇහෙන කතා~~ ප්‍රශ්න පත්තර (2 කොටස)

ප්‍රශ්න පත්තර (2 කොටස)
-----------------------------------
සභාවෙන් අවසරයි... අදත් මා මෙතෙන්ට පැමිණියේ අද පැවති "Introduction to Computer Architecture" ප්‍රශ්න පත්තරය හා සම්බන්ද වදන් පෙළක් ඔබ හමුවේ තැබීමටයි..

ඇත්ත වශයෙන්ම පවසන කල්හි චමින්ද මහත්තයා දේවාලයකි.. ඒ ගැන කතා කර වැඩක් නැත! එච්චරට අති රමණීයයි..
සුපුරුදු පරිදි 8.45ට විශ්‍යවිද්යාල පරිශ්‍රයට පැමිණ 8.57 වෙනකන් ලොබියට වෙලා පච හල හල ඉඳලා හරියට 9 ට කස්ටිය සමග විභාග ශාලාවට යන ලදී.. කර යුතු සියලු මූලික කටයුතු අහවර වී ප්‍රශ්න පත්තරය ලැබුනි. දෙපැත්ත පෙරලා බැලුවෙමි. කෝ දෙපැත්තක් නෑනේ :O කමක් නෑ වැරදිලා කොළ දෙකකට ගහලා ඇති කියලා හිතලා අනිත් කොලේ දෙනකන් බලා ඉන්නා විට ඉස්සරහ සිටි උදවිය අම්බානට ලියනවා දුටිමි. හරි කමක් නෑ පහුවෙලා හරි දෙන්නැතැයි කියා හිත හදාගෙන මාත් ලියන්නට ගතිමි.. විනාඩි 45යි ප්‍රශ්න ඉවරයි :O
(හරි වැරැද්ද කෙසේ වෙතත් ප්‍රශ්න ටික ඉවරයි) ඒ හා සමගම මට ඉස්සරහා හිටිය බුවා කොළ බෙදපු අන්කල්ට කතා කර මෙච්චරද ප්‍රශ්න කියා ඇසුවේය. අංකල් ඔව් කිවුවා මට ෆුල් හැපී. එත් ආයිත් සැරයත් කෝකටත් කියලා උත්තර ටික මුල ඉඳන් බැලුවේ සාමාන්‍යයෙන් මට හරියන ප්‍රතිශතය බොහොම අඩු නිසයි. තවත් පැය භාගයක් විතර උඩ බිම බල බල ඉඳලා උත්තර පත්තරේ දීලා කෙලින්ම ගියේ ඇතුලට. :P
කොහොම හරි පහලට ඇවිත් එලියට අඩිය තියන කොටම කට්ටිය ටින් එකකට බෝලයක් දාන්න දඟලනවා දැක්කා. කොහොම හරි අපේ උන් දෙන්නෙක්ම යාන්තං බෝලේ බස්සගත්තා :P කට්ටිය ඒ සතුට සමරන විට කොහෙන්දෝ ගිය කතාවක් මගේ කනටත් වැටුණි.
"ඕයි උඹට අද දාගන්න බැරි උනොත් ඉස්සරහට බෑම තමයි"

එහි අදහස ඔබටම තේරුම් ගැනීමට ඉඩ තබමින් මගේ කතාව මින් අහවර කරමි. අසා සිටි ඔබ සැමට ස්තුතියි.

#කුරුළු 

2 comments :

  1. Replies
    1. බොහොම ස්තූතියි සදීප :)
      දිගටම blog එක සමග රැඳී ඉන්න :)

      Delete