~~13.1 කොම්පීතර විද්‍යාව පැත්තෙන් ඇහෙන කතා~~ ප්‍රශ්න පත්තර (3 කොටස)

ප්‍රශ්න පත්තර (3 කොටස)

ආයුබෝවන්ඩ කිවුවා හැමෝන්ටම!!
අදත් මොකක් හරි ලියම්දෝ නොලියම්දෝ කියලා හිත හිත ඉන්න කොට ඕන මගුලක් කියලා ඔන්න ඔහේ ලියනවා.. පල ඇති රුකටලුනේ ගල් ගහන්නේ!
හරීම කරදර දවසක් අප්පා.. මෙලෝම රහක් නැති ලාචෝරු දවසක්.. දවස පටන් ගන්නකොට අම්බානට වහිනවා. එකටත් මොකක් හරි හේතුවක් ඇති කියලා ඔහේ ඇඳේ පෙරලි පෙරලි ඉන්නකොටයි මතක් උනේ හුටා අද විභාගේ නේද කියලා. "Algorithmic Problem Solving" නොහොත් "අල ලූණු පරිප්පු" අද. ෆෝන් එක on කරලා වෙලාව බැලුවා. ශෝක් 7.30යි. 9ට විභාගේ :/ පැයභාගෙන් ලේස්ති වෙලා නැග්ගා මගේ දඬු මොනරේට.. වැස්සේම විශ්‍යවිද්යාල පියස කරා පිය නැග්ගෙමි.. අහ පිය නැග්ගේ නෑ.. දඬුමොනරේ තමයි ගියේ..



යනකොටත් වැස්ස. කොහොම හරි යාන්තං 8.30 වෙනකොට යාගන්න පුළුවන් උනා. ගිහින් සුපුරුදු පරිදි 9ට ඔන්න මෙන්න වෙනකන් ලොබියට වෙලා පිස්සු කෙල කෙල ඉඳලා කස්ටිය සමග 8.55ට සමග ගියා විභාග ශාලාවට. වැස්සට හේතුව ඒ වෙලාවේ නොවැ දැක්කේ. අපේ වෙන්නපුවේ ජනතාව අද කුකුලවත් උස්සගෙන ඇවිල්ලා :P

කොහොම හරි සියලු කටයුතු අහවර වී ප්‍රශ්න පත්තරය ලැබුනා අතට. එදා වගේ බාගෙට ගහපු එකක්දැයි නැවත නැවතත් කොලේ පෙරලා පෙරලා බැලුවෙමි :) නෑ මේ සැරේ නම් වැඩියෙනුත් එක්ක පිටු 4ක් පුරා ප්‍රශ්න 6ක්. ආතල් ගොඩයි. නමෝ විත්තියෙන් කියලා ගත්තා පලවෙනි ප්‍රශ්නේ කොරන්න.. එදා C language ප්‍රශ්න පත්තරේදී උන සන්තැසියමයි මේකෙත් උනේ. කියවනවා කියවනවා ප්‍රශ්නය නොතේරේ :/ තේරුණා හැටියට ලිවුවා. ඉන්හාම් මහත්තය ප්‍රශ්නෙට උත්තරේ නැතුව උත්තරේට ප්‍රශ්නේ බලන්නැතැයි :p
ඒක ගොඩ. දෙක බැලුවා! මගුලයි මේ මොකක්ද මේ? ඒක පසුවට බලන අදහසින් දැනට අත ඇරියා. ගත්තා තුන. අනේදකොම්පීතර විද්‍යාව කොරන්න ආව මට අන්තිමට සිදු වුයේ

- චොක්ලට් කෑලි කැපීමට
- මිනිස්සු පාලම් වලින් මාරු කරන්නයි
- බොඩි ගාඩ් එනකන් ලොක්කව බලාගන්න

අහෝ දුකකි, ඉරකි තිතකි...අර කලින් කිවුවා වගේ බෙරේ බැඳ ගත්ත නිසා ඔන්න ඔහේ ගහනවා කියලා හිතා ගෙන ගැහුවා.. අත ඇරපු ප්‍රශ්නෙත් එක්කම ප්‍රශ්න ටික ඔක්කොම කොරා.. ආතල් ඈ. 11.30 ට ඉවරයි. ජීවන බර අහස උසට නිසා කලින්ම පේපරේ දීලා මාරු උනා.

අපෝ අන්තිමට මට මුහුණ දෙන්න උනේ පේපරේ තිබ්බ ප්‍රශ්න වලටත් වඩා අමාරු ප්‍රශ්නෙකට නොවැ. ඇයි හත්තිලවුවේ මේ අපේ ඉන්න උන්ට සිංහල තේරෙන්නේ නෑ කියලා මං මැරෙන්නද? ආතල් එකේ කරගෙන යන්න හිටපු වැඩේ කෑවා හිපාටුවෙක් :/

ඒ කතාවත් ඉවරයි පහලට එනකොට දෙන්නෙක්ගේ උපන්දින සාදයක්. එකටත් හොම්බ ටිකක් දාලා කේක් කෑල්ලක් එහෙම සප්පායම් වෙලා ඉන්නකොට දුටුවා මගේ ප්‍රියතම අක්කණ්ඩියක්! :P ඊට පස්සේ ඇය සමග විනාඩි 30ක් විතර කෝප්පයක් සෝදලා ආයිත් වැස්සේම ආවා ගෙදර!

අදට කතාව ඉවරයි. අසා සිටි ඔබ සැමට ස්තූතියි!

#කුරුළු

5 comments :

  1. රුවනය කිව්ව හින්ද ආවෙ මේ පැත්තෙ :) යකෝ බ්ලොගර් රිඩරේ තියන එකකින්වත් පෝට් එකට එන්ඩ බෑ..

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි මේ පැත්තේ ආවට :)
      ඈ?? එහෙම වෙන්න බෑ නොවැ.. ඔය අපූරුවට වැඩ කරන්නේ?? :O

      Delete
  2. අපි නන ඕව දන්නේ නැතෝ..

    ReplyDelete