කැම්පස් විත්ති ( 1 වෙනි කොටස )

ආයුබෝවන්ඩ නෝනාවරුනි මහත්වරුනි.. මං අද අලුත් කතාවක් පටන් ගන්නයි හදන්නේ.. "කැම්පස් විත්ති" අපේ කැම්පස් එකේ එදිනෙදා වෙන පිස්සු වැඩ ගැන තමයි මේ කතාව යන්නේ. ඊට කලින් යමක් කියන්න ඕනි. අද මට සතුටු දවසක්. මගේ blog එකට විසිටර්ස් ලා ගොඩාක් ප්‍රමාණයක් ඇවිත් තියනවා අද දවස ඇතුලත. ඒකට විශේෂ ස්තූතිය අපේ කෝරලේ වලවුවේ කෝරලේ මහත්තයාටත් මගේ හිත මිත්‍ර නේලංග ටත් හිමි වෙන්න ඕනි. තව කියන්න ඕනි. මගේ මේ වැඩේට ගොඩක් උදවු කරන අක්ක කෙනෙකුත් ඉන්නවා. ඒ අක්කන්දිටත් ගොඩක් ස්තූතියි.
හරි හරි ඒ කතා ඇති. දැන් ඉතින් කැම්පස් විත්ති පටාන් ගන්නයි හදන්නේ. මාගේ පාසල් කාලය කතා සෙට් එක වගේම තමයි මේකයි.

ඔන්න එහෙනම් අද 25.09.2013 දින අපේ කැම්පස් එකේ දෙවැනි කාර්තුව තේරෙන්න කිවුවොත් සෙමෙස්ටර් එක පටන් ගත්තා. එතනින් එහාට කියන්න කලින් අපේ ගැන්සිය ගැන කෙටි හැඳින්වීමක් කරන්නම්කො.
මම නොහොත් කුරුළු - බොහොම අහිංසක ජීවිතයක් ගත කරන, සද්දෙන් අඩු සංවර කටක් තියන ලජ්ජා බයට හැදිච්ච කොල්ලෙක්.
දීස් කොලුවා - මූ ගැන නම් කතා කරලා වැඩක් නෑ. කියන වචනයක් ඇහෙන්න කතා නොකරන මොහු ඉන්නා තැන ලේසියෙන් අඳුනා ගත හැක! 
නොයෙල් - ඔව් ඔව් අර දෙක වසරේ ඉඳන් ඉස්කෝලේ සිට පැවත එන එකා තමයි.
තාකන - මේකත් අර හුචස් පෙළ (A/L) කරද්දී ඉස්කෝලේ හම්බුන එකා. නොහොත් රෙපා මහත්තයා.
පොඩි බන්දු - බන්දු සමරසිංහ ඔහුටත් වඩා හොඳින් අනුකරණය කරන මොහු හා සම්බන්ද රස රස කතා රාශියක් ඇත.
පිස්සුද බබා - මෙන්න පොර. මුගේ කටේ රන්කිරි කට ගෑව වෙලාව මොකක්ද යයි අපි සැමවිටම කල්පනා කරයි. එතරම් සුන්දර කටක් මොහු සතුයි. ප්‍රියතම වචනය "ෂොට්"
තව හැට හුටා මාරක් විතර ඉන්නවා. ඒ ඒ උදවිය ඒ ඒ අවස්ථා වලදී හඳුන්වා දෙන්නම්. එහෙනම් ඔන්න කතාව. 
ඔන්න ඉතින් දවස පටන් ගන්න තිබ්බ ලොකුම අමාරුව තමයි නැගිටින එක. අම්මේ නිවාඩු ටිකේ උදේ පාන්දරින් (දවල් 12 ට පැය බාගෙකට විතර කලින් ) නැගිටලා නැගිටලා අද 7 ට නැගිටිනවා කිවුවම තියන සැප. කොහොම හරි නැගිටලා කැම්පස් එක පැත්තට සැපත් උනා. අම්මේ අලුත් ෆැකල්ටි එකේ තියන පලවෙනි ලෙක්චර් එක. ආතල් කෝටියයි. ඔන්න ඉතින් සුපුරුදු පරිදි පරක්කු වෙලා ආ නෑ නෑ අද කලින් ගියා ලෙක්චර් හෝල් එකට. අම්මා සූ ගාල සෙනග. කොහේ සෙනග හිටියත් අපේ උන්ගේ පුරුද්දක් ලෙස ඉස්සරහ පේලි ඉතුරු කිරීම මේකෙත් වෙලා තිබ්බා. කමක් නෑ දෙවැනි සෙමෙස්ටර් එකේ ඉඳන් වත් වැඩ කරනවා කියලා ගියා ඉස්සරහටම. ආ ඉස්සරහට යන්න තව හේතුවක් තිබ්බනේ. අපේ පොඩි බන්දු ඊයේ අලුත් පොතකුයි පෑනකුයි අරන් අලුතින් වැඩ කරන්න. ඒක නිසාමයි ඉස්සරහට ගියේ :p ඉස්සරහ කිවුවට පේලි 5ක් විතර පිටිපස්සේ. අපිට ඉස්සරහ අක්කණ්ඩියි බයෝ අක්කයි :) ඔව් ඔව් ඒ ඉන්නේ අපේ සීනියර්ස් ලා දෙන්නෙක්.. හරි හොඳයි. එතකොටයි දන්නේ මේක බැච් දෙකකට තියන ලෙක්චර් එකක් කියල. ඔන්න ඉතින් පස්දෙනා වට මේස සාකච්චාව පටන් ගත්තා ලෙක්චරර් එනකන්. ඔන්න ඉතින් නිවාඩුවේ කර කී දෑ වෙනුවට උදේ එන ගමන් මගදී දැකපුවා ගැන කතාවක් පටන් ගත්තා. ඔය වෙලාවේ උන කතා ගැන නම් හරි මතකයක් නෑ නොවැ :( සමාවෙන්න ඕනි එකට. කොහොම හරි ටිකක් වෙලා කියව කියව ඉන්නකොට ඔන්න ලෙක්චර ආවා. මේ අපේ ඇල්ටෝ චමින්ද මහත්තයානේ. අනේ අපි එහෙම හඳුන්වන්නේ අපහසු තාවයට පත් කරන්නවත් මොකකට වත් නෙමෙයි. හඳුනා ගැනීමේ පහසුවට. මොකද චමින්දලා වැහි වැහැලා :p
කොහොම හරි පැයක පමණ ධර්ම දේශනාවකින් අනතුරුව අපේ පොඩි බන්දු උපාසක මහතා විසින් පිරිකර පූජා කිරීමෙන් අනතුරුව ඔන්න පටන් ගත්තා ලෙක්චර් එක. අනේද කියන්නේ මට මේ වෙලාවේ ඇඩෙන්න තරම් සතුටුයි. ඇයි කියන්නේ මිත්‍රවරුනි අපේ රෙපා මත්තයා අපේ බැච් එක ඉස්සරහටම ගෙනිච්චා. බොහොම සතුටුයි. අද ඔහුගේ සැඟවුණු දක්ෂතාවයක් එලි උනානේ. උට සාත්තර කියන්නත් පුළුවන් නොවැ. මාර ආතල්. හැබැයි සාත්තර කියන්න පුළුවන් එක වේලාවකදී විතරයි. හරි හරි ඒ ඇති. ඊට පස්සේ ලෙක්චර් එක 12 ට ඉවරයි. අනේද කියන්නේ අපේ හොඳ කම කියන්නේ කැම්පස් එකෙන් අපි පිටත් උනේ 4 ට. එතකන් මොනාද කරේ. දෙයියෝ තමයි දන්නේ. ආයිත් නෑ මට අපේ සෙට් එක ගැන හරිම ආඩම්බරයි. මළගෙවල් හොයාගෙන ගිහින් නිදිමරන්න පුළුවන් ජාතියේ සෙට් එකක් තමයි ඉන්නේ. හරි හරි අද කතාවේ දිගත් වැඩි. කියවල බලන්නකෝ. දෙවැනි කොටස ළඟදීම වගේම මාගේ පාසල් කාලය ඉතුරු කොටසත් අද හෙටම දෙන්නම්. එතකන් සුභ රාත්‍රියක්. සුභ අනාගතයක්!

8 comments :

  1. එල මචන් දිගටම කරන් පලයන්....

    ReplyDelete
    Replies
    1. බෝහෝම ස්තූතියි ගාලු සහෝ... :) දිගටම රැඳී ඉන්න blog එක එක්කම :)

      Delete
  2. මම බ්ලෝග පටන් ගත්ත වෙලේ මට එකෙක් දල තිබුන කොමෙන්ටුව මතක ඇති විදියට මෙසේ උබටත් දමමි
    " පාඩුවේ පොතක් පත්තරයක් බලාගෙන නිකන් ඉන්න බැරුවට බ්ලොග පටන් ගත්තනම් දැන් ඉතින් දිගටම ලියපන් බලන්න එන එවුන්ගේ බලාපොරොත්තු බිදින්නේ නැතුව "

    ReplyDelete
    Replies
    1. blog එකත් එක්කම ඉන්නවා නම් පුළු පුළුවන් වෙලාවල් වලට දෙන්නම්කො මැලේ රාල කියවන්න කතා :)
      ඉන්න ඉන්න බලාපොරොත්තු තියාගෙන. මේ කුරුළු එහෙම බලාපොරොත්තු කඩන්නේ නෑ :)
      බොහොම ස්තූතියි blog එකට ඇවිත් ප්‍රතිචාර දැක්වුවට :)

      Delete
  3. එකෙන්ම ලස්සනට ලියල තියෙනවා :D තව ලියමු පහුගිය කතා එක්කම :D

    ReplyDelete
  4. එකෙන්ම ලස්සනට ලියල තියෙනවා :D තව ලියමු පහුගිය කතා එක්කම :D

    ReplyDelete
    Replies
    1. සිරාවට... ඔක්කොම කතා ටික ලියන්න ඕනේ බන් :) කොච්චර ඒවා තියනවද ලියන්න නම් ^_^
      බොහොම ස්තූතියි මචං :)

      Delete
  5. මලයාගේ ලිවීමේ හැකියාව එන්න එන්න දියුණු වෙනවා සතුටුයි අප්පා............ මට තියෙන පුරස්සේ නම් චමින්දල නැති කැම්පස් එකක් මේ ලෝ තලයේ නැහැ කොලුවෝ

    ReplyDelete