කැම්පස් විත්ති ( 2 වෙනි කොටස )

ආයුබෝවන්ඩ හැමෝන්ටම... ඔන්න ඉතින් අදත් කතාව කියන්නයි ලෑස්තිය. එහෙනම් ඔන්න ලැස්ති නේ. පටි තද කරගත්තා නම් කට්ටිය..
ඔන්න ඉතින් අදත් බොහොම අමාරුවෙන් 7ට විතර නැගිටලා ලෑස්තිවෙලා නිකමට වගේ වෙලාව බැලුවම 8යි. පට්ට කම්මැලි අප්පා. වෙලාවත් වැඩියි. ආයිත් විනාඩි 15ක් විතර ඇඳේ හාන්සියක් දාලා ඉඳලා ගියා කැම්පස් එක පැත්තේ. ඇත්තම කිවුවොත් අද ගියේ අපිට අදාළ module එකකටත් නෙමෙයි. ගෙදර ඉන්න කම්මැලි කමට ගියා ඒ පැත්තේ. ඔන්න ඉතින් ගියාම සුන්දරම දසුන කියන්නේ ඒ module එක අදාළ බැච් එකේ උන්ට වඩා වෙන බැච් වල උන්ගෙන් ලෙක්චර් හෝල් එක පිරිලා. අනේ සන්තෝසේ බැරුවා. නිකමට හරි අපිට අනිවාර්ය module එකක් නම් අපේ එකෙක් බෙහෙතකට වත් හොයා ගන්න වෙන්නේ නෑ :p කොහොමහරි 10.30 විතර වෙනකන් හිටියා
බොහොම අමාරුවෙන්. කම්මැලි වගේ නිසා "තාකන නොහොත් රෙපා මහත්තයා" ගේ අවශ්‍යතාවයකට ගියා බම්බලපිටිය පැත්තේ. ඒ යනගමන් අපේ ඩොගි මහත්තයා නොහොත් බණ්ඩා ඩොගි එක්කන් ගියා උන්දැගේ අවශ්‍යතාවයකට. අම්මේ තිබ්බ ආතල් සාගරේ. බණ්ඩා කොළඹ ගියා හොඳයි. ඔන්න ඉතින් රෝද හතර උඩ කිලෝ 500ක් විතර පටවාගෙන ඔන්න ඉතින් බම්බලපිටිය කරා පියනැගුවා. පියනගන්නේ කොහොමද බන් කාර් එකේ?? :o කොහොමහරි ගිය උන් ටික කිවුවේ නෑනේ. තාකන නොහොත් රෙපා මහත්තයා, නොයෙල්, දීස් කොලුවා, පොඩි බන්දු උපාසක මහත්තයා සහ ඩොගි උන්නැහේ. ඔන්න ඉතින් යන්න පිටත් උනා. පිටිපස්ස්ස අසුනේ හිටියේ පොඩි බන්දු උපාසක තැන, ඩොගි මහත්තයා, දීස් කොලුවා ඔය පිළිවෙලට තමයි ඈඳී ගෙන උන්නේ. ඔය අතරේ..
දීස් කොලුවා - "ඕයි ඩොගි මහත්තයා.. උඹ නෑවද?? මැක්කෝ අයින් කරා නේ??"
ඩොගි මහත්තයා - "ඔව් බන් නෑවා.. කොන්ඩේ වැඩි නිසා ඉන්න අමාරුයි.. ඔව් ඔව් බන් බයනතුව ඉඳපන්" කට්ටිය ෆුල් හොල්මන් o.O ඈ?? මුගේ ඇඟේ ඇත්තටම මැක්කෝ ඉන්නවද?? :O කොහොමහරි ඔන්න ගාලුපාරට ගාලා තිකක් දුර යනකොට ඩොගි මහත්තයා කියපි " ඈ බන්, මෙච්චර ඉක්මනට කිරිබත්ගොඩටත් ආවද??" කිරිබත්ගොඩ? ගාලුපාරේ? මුට මොල්ද? අනිත් ඔක්කොම උඩ බිම බලනවා මේ මොකා එක්කද ආවේ කියලා. හරියට බම්බලපිටිය HFC එක පහු උනා විතරයි.
පොඩි බන්දු උපාසක තැන - "මචං වැඩිය හිතන්නෙපා?? පලවෙනි පාර කොළඹ ආවම ඔහොම තමයි. මේ තමයි HFC එක"
නොයෙල් - "ඕයි සිංහලෙන් කියපන්.. බණ්ඩා ඕවා දන්නේ නෑ"
පොඩි බන්දු උපාසක තැන - "ආ ඔව්මයි, සුද්ද ඌ පවුලේ කන්‍යාරාමය"
කොහොම හරි ඔහොම ඔහොම ගියා බම්බලපිටියට. තාකන අවශ්‍යදේ හොයන අතරේ නොයෙල් හා ඩොගි මහත්තයා නෙට්වර්කින් ගැන කතාවක් දාන් උන්නා. එතකොටයි තේරුනේ පිස්සු කෙල කෙල මැක්කෝ හල හල හිටියට අපේ ඩොගි මහත්තයත් තරමක වැඩ්ඩේක් කියලා. කොහොම හරි ඒ වැඩෙත් ඉවර කරලා ආයිත් කැම්පස් එක පැත්තේ ආවා. ඇති වැඩකට නෙමෙයි. නිකන් ගෙදර යන්න කම්මැලි කමට.
ආවට පස්සේ ඔන්න තව වැඩක් සෙට් උනා. අලුත් ෆැකල්ටි එකේ කොම්පීතර් වලට OS, software දාන්න. කම්මැලි කමට එකටත් ගිහින් ඒ වැඩෙත් කරා. ඒ වැඩේ ඉවරකරලා studying area එකට වෙලා ඉන්දෙද්දී අපේ ඉන්නවා බීටි කියලා ගැහැණු දරුවෙක්. ඔන්න ඒ දරුවා දීස් කොලුවා හා බුවා කොලුවා ( අලුත් එකෙක්.. කෑලි ගැලවීම් හයි කිරීම් පිලිබඳ දැනුමක් ඇති මොහු ඩොගි මහතා සමග සමීප සම්බන්දතා පවත්වයි) මිස්ටර් බීන් බල බල ඉන්දෙද්දී ලඟට කිට්ටු කරා.
බීටි - "මේ ඔයාලා ගාව NFS most wanted setup එක තියනවද?"
බුවා - "ඔව් ඔව් අලුත් එකද පරණ එකද?"
බීටි - "ඕන එකක්. අපේ අයියා USA ඉඳන් එනකොට ලැප් එකක් ගෙනාවා. ඔරිජිනල් එකක්. එහෙන් ගෙනාවේ. එකට ඕන එකක් වැඩ. එකට!!"
දීස් - "මේ බීටි! එකේ ram vga එහෙම කොහොමද?"
බීටි - "අනේ ඒවා දන්නේ නෑ.. හැබැයි අවුරුද්දක් විතර වෙනවා ගෙනල්ලා. අලුත් එක USA වලින් ගෙනාවේ"
බුවා දීස් දෙසත් දීස් බුවා දෙසත් බැලුවෝය. දෙන්නා ෆුල් හොල්මන්ය. අනේද කියන්නේ ආඩම්බරයි හසන්ත මහත්තයෝ කියල තමයි කියන්න තීන්නේ :p
කොහොම හරි එතනත් ඉඳලා ආයිත් 7 වෙනකන් වෙන වැඩකටත් ඉඳලා 8ට ගෙදර ආවා. සතුටුයි මට මං ම ගැන :p
එහෙනම් අදට කතාව ඇති නොවැ?? සඳුදා තව කතාවක් දාන්න බලන්නම්කෝ. එහෙනම් සුභ රාත්‍රියක්. ආ හෝව් හෝව් කුරුළු දැන් බුකියේත් ඉන්නවා.. කුරුළුගේ සයිබර් කූඩුව මේ පැත්තෙත් ඇවිත් බලන්නකෝ :)
එහෙනම් සුභ රාත්‍රියක් හැමෝන්ටම :)

9 comments :

  1. දීස් කොලුවා - "ඕයි ඩොගි මහත්තයා.. උඹ නෑවද?? මැක්කෝ අයින් කරා නේ??"
    ඩොගි මහත්තයා - "ඔව් බන් නෑවා.. කොන්ඩේ වැඩි නිසා ඉන්න අමාරුයි.. ඔව් ඔව් බන් බයනතුව ඉඳපන්"

    :D :D :D

    ReplyDelete
  2. තරමක නෙමේ යකෝ , බල්ලට විතරද කොහෙද බැජ් එකෙන්ම නෙට්වර්කින් පුළුවන් :v ,

    ReplyDelete
    Replies
    1. අප්පා... එහෙමද?? කවුද ඒ කතා දන්නේ?? එහෙනම් මූ දන උගත් බල්ලෙක් නොවැ :P

      Delete
  3. මමත් කාලයක් ශාන්තගේ පොල් මෝල පැත්තේ බඩගෑවා :D

    ReplyDelete
    Replies
    1. ආ ආ?? ඒ මොකෝ කෝරලේ මහත්තයෝ ඒ?? :p
      ඔය නොකිවුවට මාත් ඔය පැත්තේ එහෙම රවුම් ගහලා තියනවා :p

      Delete
  4. අනේද කියන්නේ ආඩම්බරයි හසන්ත මහත්තයෝ කියල තමයි කියන්න තීන්නේ :DDD

    ReplyDelete
    Replies
    1. හරිම සතුටුයි හරිම සතුටුයි :p ;)

      Delete
  5. හෆ්ෆේ .....
    හිනා කාලා මැරෙනවා ඕයි මෙව්වා කියෝලා!!
    (තිත් දෙකයි පී)

    ReplyDelete