මාගේ පාසල් කාලය.. සිහිවෙනවානේ හැම විට.. (3 කොටස )

පැමිණ සිටින සියලු නෝනා මහත්තයලාගෙන් අවසරයි..
අදත් කතාව නවත්තපු තැන සිට ඉදිරියට යමු...

ඔන්න ඉතින් දෙක වසර ඉවර කරලා තුන වසරට පාස් උනා.. එතකොට මට මතක හැටියට නම් පිංටා වත් අන්නාසිම් වත් hot dog වත් හිටියේ නෑ... කොහොම හරි තුන වසර ගැන නම් එච්චර මතකයක් නම් නෑ මට.. හිටිය පන්තිය නම් 3-A ටීච විජේසිංහ කියලා ටීච කෙනෙක්. හරි හොඳ ටීච කෙනෙක් කියලා මතකයි. ආ තුන වසරේ උන තව එකක් තමයි මං මුලින්ම බාස්කට් බෝල් ගහන්න පටන් ගත්තේ තුනේදී තමයි :) කොහොම හරි පටන් අරන් මාසයක් යන්න කලින් මයික්‍රෝ ටීම් එකට සෙල්ලම් කරන්නත් පුළුවන් උනා :)

කොහොම හරි තුනෙන් හතරට පාස් උනා. මුලින්ම වැටුනේ 4-D පන්තියට. අනෝමා ටීචගේ පන්තියට. කොහොම හරි මට අලුත් යාළුවො ගොඩක් හම්බුනා ඒ පන්තියේදී. ආතල්ම වැඩේ කියන්නේ පන්තියට ගිය පලවෙනි දවසෙම ටීච මාව පන්ති නායකයා හැටියට පත් කරා. ආතල් එක නිමක් නෑ :P ආයිත් නෑ සියලු බලතල අනිසි ලෙස ප්‍රයෝජනයට ගන්න පෙළඹුනේ ඔය වයසේදී තමයි :P කොහොම හරි මට ඉස්කෝලෙන් අස් වෙනකන්ම හම්බුන ටීචස් ලාගෙන් මං ගොඩක් ගරු කරන මං ගොඩක් ආදරේ ටීච කෙනෙක් තමයි අනෝමා ටීච.
ටීච හරි සැරයි ඒ වුනාට හරි හොඳයි. කොහොම හරි ඒ පන්තියේ මාස 5ක් විතර ඉන්නකොට ටීචට උසස් වීමක් ලැබිලා ටීචව 10 වසරට දැම්මා. ඒ වගේම අපේ පන්තියේ බාගෙකුත් කඩලා අලුත් පන්තියකට දැම්මා. 4-F. ඔය පන්තියට දාද්දි මං නටපු යුද්දයක් :P කොහොම හරි මගේ විරෝධය නොසලකා හැරලා 4-F පන්තියේ වැඩ පටන් ගත්තා. ඒ පන්තියේ මට ගොඩාක් අලුත් යාළුවො හම්බුනා. ඒ අතරින් එක්කෙනෙක් දැනුත් මාත් එක්ක විශ්‍යවිද්යාලයේ ඉන්නවා. අහ තව එකක්. අර hot dog උණු බල්ලා?? අන්න එයත් දැන් මාත් එක්ක ඉන්නවා විශ්‍යවිද්යාලයේ.. කොහොම හරි 4-F පන්තිය භාරව හිටියේ රේණුකා මිස්. අලුතින් ඉස්කෝලෙට ආපු ටීච හොඳයි. ටීච ගේ අකුරු හරිම ලස්සනයි ^_^ කොහොම හරි වෙනියා දෙන්න පටන් ගත්තේ අපිට ඒ පන්තියේ ඉඳලා. මට හොඳට මතකයි තිබ්බ පලවෙනි විභාගේ මං පන්තියේ දෙවැනියා :) මට හරි සතුටුයි.
කොහොම හරි ඒ පන්තියෙන් ඉවර වෙලා පහ වසරට පාස් උනා. මං හිතුවේ මේක නම් මහා කරුම වසරක් තමයි කියලා. මොකද අපේ අක්කා ශිෂ්‍යත්ව විභාගෙට ගොඩක් මහන්සි වුන නිසා. කොහොම හරි එයාගේ මහන්සියේ ඉහලම ප්‍රතිපල තිබ්බා කලාපෙන් වැඩිම ලකුණු අක්කට ලැබිල කොළඹ *** විද්යාලයට අක්කා ආවා. අනේ මං හිතුවා මටත් ඒ ආනිසංසයම තමයි කියලා ඒ වුනාට එහෙම දෙයක් නම් උනේ නෑ. මං සුපුරුදු පරිදි මගේ සුපුරුදු ආතල් විදියට හිටියා. පන්තිය 5-F මධුරාවල ටීච තමයි පන්ති බාර. මට තාම ටීචගේ කරුණාවන්ත මූණ මතකයි :) 5 වසරේදී උන විශේෂ දෙයක් තමයි Primary Prefect කෙනෙක් උනා :)

කොහොම හරි ශිෂ්‍යත්වේ දවසට කලින් දවසේ තමයි මං දැනගත්තේ මේකට වෙනදා වගේ එකක් නෙමෙයි ටිකක් බරපතලයි කියලා. මොකද අම්මා මට අලුත් ම පෑනක් ගෙනෙත් දුන්න නිසා.
පහුවෙනිදට එලිත් උනා. නැගිට්ටා. අම්මා ඇන්දුවා. තාත්තා එක්ක ගියා ඉස්කෝලෙට. යන්න කලින් හොඳට පෙරේරා සහ පුත්‍රයෝ එකට ගොහින් කාවා කියලා නම් මතකයි.
පෙපරෙත් ඉවර වෙලා එලියට එනකොට ටීච මගෙන් ඇහුවා කොහොමද කුරුළු පේපරේ කියලා. හරියට මතක නෑ මොනාද කිවුවේ කියලා. හැබැයි රචනාව තිබ්බේ වතුර ගැනද කොහෙද. අන්න එකට මං සෝමාලියාව ගැන ලිවුවා කියලා මතකයි :P
කොහොමින් කොහොම හරි ශිෂ්‍යත්වේ ප්‍රතිපල නිකුත් උන දවසේ රෑ අම්මා බලලා මට උදේ කිවුවා. මටත් හිතාගන්න බෑ මං පාස් ද කියලා. අක්කට තරම් ලකුණු නැති උනත් ඕනෑවටත් වඩා උඩින්ම පාස්. ඉස්කෝලේ ගිහින් මං කාටවත් කියන්න ගියේ නෑ ලකුණු. ටීච පන්තියට ඇවිත් ළමයිගේ ලකුණු කිවුවා. සමහරු ෆේල් නිසා අසතුටින්. සමහරු එහා පැත්තේ එක්කෙනාට වඩා ගන්න බැරි උනාට දුකෙන්. තවත් සමහරු ෆේල් වෙලා සතුටින්. තවත් සමහරු පාස් නිසා සතුටින්. මං ඉතින් සුපුරුදු පරිදි හැමොත් එක්කම බයිලා ගහ ගහ ඉන්නකොට තමයි අපේ තාත්තා කඩන් පාත් උනේ පන්තියට. මං බැලුවා මේ මොන ගිනිගෙඩියක්ද මේ කියලා. ටීච එක්ක ටිකක් වෙලා කතා කරලා මට කතා කරා ටීච.
"කුරුළු.. කලින්ම ප්‍රතිපල දැනගෙන ඇයි නොකිවුවේ??"
"නිකන් ටීච"
"ඔය ඇතිද ලකුණු??"
"මං නම් දන්නේ නෑ ටීච. මට ඕන එකක්. මදි කියලා වැඩිපුර දෙන්නේ නෑ නේ?? :o "
"අපෝ ඔය හොඳටම ඇති. දැන් වෙන ඉස්කෝලෙකට යන්න පුළුවන් නේ" කිවුවා...
එතකොට තමයි මට මාරයා ආවේස උනේ. තාත්තා කොච්චර කිවුවත් මං කැමති උනේම නෑ වෙන ඉස්කෝලෙකට y අන්න. කඩයිම් ලකුණු ආවම මේ ඉස්කොලෙටම තමයි ලකුණු. එත් තාත්තාගේ ඇඳුනුම් කම් වලින් මාව මරදානේ ඉස්කොලේටයි කුරුඳුවත්තේ ඉස්කොලේටයි දාන්න හැදුවත් මගේ බලවත් විරෝධය මත ඒවා ඇත ඇරියා.ඔන්න ඔහොමයි 5 වසර වෙනකන් ජීවිතේ ගෙවුනේ. මුල් තරම් ආතල් එකක් නෑ නේ?? තව ටිකක් කල් ඉන්නකෝ.. පස්සට තමයි රස කතා එන්නේ. එහෙනම් අදට මං ගියා. සුභ දවසක්..

#කුරුළු

4 comments :

  1. ඊලග එකේ බල්ලට නම වැටිච්ච හැටි කියපංකෝ

    ReplyDelete
  2. මේක කියවන් යද්දි මගේ ඉස්කෝලේ පොඩි කාලෙත් මතක් වෙනවා :D

    ReplyDelete
    Replies
    1. ^_^ දිගටම රැඳී සිටිමින් දිරි දෙනවට බොහොම ස්තූතියි ශම්මි :)
      තවත් ඉස්සරහට තවත් ඉස්කෝල කාලේ රසබර සිද්ධීන් ගෙන එනවා :)

      Delete