මාගේ පාසල් කාලය.. සිහිවෙනවානේ හැම විට.. (4 කොටස )

සුභ දවසක් වේවා පැමිණ සිටින සියලු දෙනාහට..
ඔන්න ඉතින් අදත් කතාව පටන් ගන්නයි ලෑස්තිය. වෙහෙසකර කලබලකාරී සති අන්තයකින් පස්සේ අද තමයි නිසහස් උනේ. විශ්‍යවිද්යාලයේ නිවාඩු නිසා ගෙදරට වෙලා ඉන්න අතරේ තමයි මේක මේ ලියන්න පටන් ගත්තේ :)

ඔන්න ඉතිං 5 වසරෙන් පස්සේ වැටුනා 6 වසරේ පංතියට. 6-E මොහොට්ටි ටීචගේ පංතියට. සෙක්ෂන් එකේ හිටිය සැරම ටීච කිවුවොත් හරි. ඔය කාලේ වෙනකොට තමයි ශිෂ්‍යත්වෙන් අපේ ඉස්කෝලෙට අලුත් ළමයි ආවේ. ඒ ආපු කට්ටිය අතරේ අඳුනන මූනකුත් තිබ්බා. මගේ මොන්ටිසෝරි කාලේ ඉඳන් හිටපු යාලුවා "මීමා" මෙන්න ඇවිත් අපේ ඉස්කෝලෙට. ඔය අතරේ තවත් අලුත් යාළුවො කිහිප දෙනෙක්ම හම්බුනා. කොහොම හරි 6 වසරේදී අන්තිම පේලියේ සෙට් එකේ මාත් එක්ක ලඟින්ම ආශ්‍රය කරේ නොයෙල්, කොක්කා කියන දෙන්නා තමයි ( hot dog උණු බල්ලා මෙතැන් පටන් නොයෙල් ලෙස හඳුන්වනු ලැබේ ) 6 වසරේ ඉතින් විශේෂ කියලා දෙයන් උනේ නෑ. කොහොම හරි මට මතකයි ශිෂ්‍යත්වෙන් අපේ ඉස්කෝලෙට ඇවිත් හිටියා කළු මහත පොරක්. උට පන්තියේ අය කිවුවේ "තෙල් බතා" කියලා. ඉතින් ඉන්ටවල් එකේ කාල ඉවර උන ගමන් අපේ වැඩේ උගේ පන්තියට ගිහින් තෙල් බතා කියලා කෑගහලා පන්තියට දුවලා එනවා :P අරූ ඉතින් ගල් රෝලක් වගේ හැටි හල හල අපේ පස්සෙන් පන්නගෙන එනවා :P 6 වසරේ උන මට මතක තියන එකම එක විශේෂ සිද්දිය වෙනියා මාරු කරලා අතේ මාට්ටු වෙච්ච සීන් එක. දෙවැනි වාර විභාගෙද කොහෙද.

මොකක් හරි වෙලා මට ගණන් වලටද කොහෙද ලකුණු 60 ගානයිද කොහෙද තිබ්බේ.. ඒ උනත් ඒ පාරත් පන්තියේ 4 වෙනියද කොහෙද. කොහොම හරි රිපෝර්ට් එක දුන්න දවසේ හවස ගෙදර ඇවිත් අම්මට පෙන්නන්න කලින් මං ගණන් වල ලකුණු 90 ක් ද කොහෙද කරා. එත් ඒ වෙලේ තිබ්බ කලබලේට මුළු ලකුණු එකතුව හදන්න බැරි වුනා. අම්මා මුළු ලකුණු බලද්දී බඩු අතේ මාට්ටු. හොඳම වැඩේ කියන්නේ ලකුණු එකතුව පලවෙනියගේ එකතුවටත් වඩා වැඩි. බඩු බනිස් නේ. අම්මා ටීචට කෝල් කරලා විස්තරේ කියලා. ඊළඟ වාරේ ඉස්කෝලේ ගියේ පන ගැහි ගැහි. හොඳම වැඩේ කියන්නේ එතකොට ටීචට කතාව අමතකයි :p එත් අවුරුදු ගානක් ගිහිල්ලත් මට එක මතකයි. තව වැඩක් උනා මට 6 වසරේදී. කොහොම හරි හිටියා එක ඩයල් එකක් මට වැඩිය දිරවන්නේ නැති. මූ නිතරම මට නක්කලේ දැම්මා. දවසක් මගේ නෑදෑ අයියා කෙනෙක් ආවා. මට ඉතින් ගණදෙවි නුවන ආවා අයියාට කියලා වැඩක් කරව ගන්න. ගත්තා කෝල් එකක් අර පොරගේ ගෙදරට!
අයියා- "හෙලෝ.. මේ අහවලා ද කතා කරන්නේ??" ( සැර මූඩ් එකෙන් )
අහවලා- "ඔව් ඔව්.. මේ කවුද??" (බය වෙලා)
අයියා- "මං කවුද වැඩක් නෑ.. ආයිත් කුරුළුට සද්දේ දාලා අහු වෙන්න එපා" (හුටා මූ නම කිවුවනේ)
කියලා කෝල් එක කට කරා...
හවස අම්මලත් ආවට පස්සේ අපි දෙන්නා පූස් පැටවූ වගේ හිටියා. 8 ට විතර කෝල් එකක් ආව ගෙදරට. තාත්තා කතා කරලා ෆෝන් එක තිබ්බා.
තාත්තා- "කුරුළු, අයියා එනවා දෙන්නම මෙහාට" ඔන්න ඉතින් අපි ගියා..
තාත්තා- "කාටද අද කෝල් කරලා තර්ජනය කරේ??"
කුරුළු- "මායි තාත්තේ අයියට කිවුවේ. ඒ ළමයත් එක්ක බෑ අනේ. හෙන කරදරේ" මං හිතුවේ ඕක කිවුවට පස්සේ මට බඩු බනිස් තමයි කියලා.. ඒත් තාත්තා මහා පුදුම කතාවක් තමයි කිවුවේ..
තාත්තා- "කුරුළු හැංගිලා කාටවත් බයේ ඉන්න ඕනි නෑ. ඔයාට මොනා හරි කිවුවොත් අසාධාරණ හේතුවටක, ඇති වෙනකන් ගහලා එන්න. ඉතුරු ටික මං බලාගන්නම්. හැබැයි අසාධාරණ වැඩ කරන්න යන්න එපා. වෙන කොල්ලන්ගෙන් ගුටි කාල ගෙදර එන්නත් එපා" අපේ තාත්තා මාර චරිතේ කියලා මට එයි හරියට තේරුනේ. තාත්තා ගැන කතා කරන්න ගියොත් නිමක් නෑ. කොහොම හරි මේ වයසට 21 වෙද්දී කොච්චර තාත්තා එක්ක වලි ගියත් අද මං මිනිහෙක් විදියට පොලවේ පැය ගහලා ඉන්නේ තාත්තා මට දීපු හයියෙන්...
හරි ඒ කතා ඇති..ආයිත් මාතෘකාවට බහිමු :)
කොහොම හරි ඔය විදියට තමයි මගේ 6 වසර ගෙවුනේ.
සොරි වෙන්න ඕනි කතාව ඇදෙනවා වගේ නම්. ලියන්න ගියාම නවත්තන්න හිතෙන්නේ නෑ නොවැ :)
එහෙනම් ඊළඟ කොටසින් හමු වෙමු. එතකන් සුභ රාත්‍රියක්! සුභ දවසක්!

10 comments :

  1. සුපිරි... සුපිරි... ඔහොම යමු.... එත් මේ කොක්කා කියන්නේ කාටද??

    ReplyDelete
    Replies
    1. අර ලඟදි යුග දිවියට පිවිසුන අපේ හාදයා බං!!

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. මාත් දන්නේ නැ නෙහ් කොක්කේ ව

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ ආචාර්ය තුමා දන්නවා... උසස්පෙළ වාණිජ අංශෙන් කරන්න ගිහින් මගින් මවත්තලා ගිය සහෝදරයා බන්...

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. තාත්තගෙ අවවාදෙ නම් කුරුලු පෑටිය අදටත් පිලිපදිනවනෙ?? එක නිසානෙ අසාධාරණ නම් කෙලින්ම කතා කරන්නෙ..... :)

    ReplyDelete
    Replies
    1. පුළුවන් හැමවෙලාවෙම උත්සාහ කරන්නේ එකට තමයි අයෝ.. :) ඔයානේ ඉතින් මං ගැන මටත් වඩා හොඳට දන්නේ :) ^_^

      Delete
  6. මගෙ චරිත ගහතනය තරයේ හෙලා දකිමි..ඔව්

    ReplyDelete