මාගේ පාසල් කාලය.. සිහිවෙනවානේ හැම විට.. (7 කොටස )

ආයුබෝවන් හැමෝන්ටම :)
කලින් කොටසට මාගේ පාසල් කාලය.. සිහිවෙනවානේ හැම විට.. (6 කොටස ) කට්ටියගේ ප්‍රතිචාර තරමක් හොඳ තත්වෙක තිබ්බා... ඔන්න එහෙනම් ඉතුරු ටික පටන් ගන්නම්කො :)

ඔන්න එහෙනම් ප්‍රතිපල ආවා. දැන් ඉතින් ප්‍රතිපල කියන්න ඉස්කෝලෙට යන්න එපයි. ඔන්න ඉතින් කට්ටිය සෙට් වෙලා සඳුදා දවසක ගියා ඉස්කෝලෙට. සෙට් එකේ හිටිය මීමා, මුට්ටියා, ඔටුවා ඇතුළු තවත් දෙතුන් දෙනෙක්ටම A 8 යි. අනිත් එක විවිධ විවිධ විෂයන් වලට විවිධ විවිධ ප්‍රතිපල. මුලින්ම ගියා වයිස් ප්‍රින්සිපල් සර්ව හම්බෙලා ප්‍රතිපල කියලා වැඳලා, ඊට පස්සේ ගියා පන්ති භාර ටීච වෙලා හිටපු දමයන්ති මිස් ව හම්බෙන්න. ටීචගේ අස් වල කඳුළු. මුළු සෙක්ෂන් එකේම නරකම පන්තිය වෙලා තිබ්බ අපේ පන්තිය, ටීචර්ස් ලා එන්න අකමැති උන අපේ පන්තිය තමයි සෙක්ෂන් එකේම හොඳම ප්‍රතිපල තියන පන්තිය. ඉතින් ටීචට සතුටු නැද්ද??
හරි ඊට පස්සේ සේක්ෂනල් හෙඩ් මිස් ටත් කියලා අපිට උගන්නපු ටීචර්ස් ලා සර් ලට වඳින්න පටන් ගත්තා පන්ති වලට ගිහින්. මුලින්ම ගියේ සිසිර සර් ව හම්බෙන්න. මට ඉස්කෝලේ යන කාලේ හම්බුන පට්ටම සර් කෙනෙක්. maths කරේ. "ඇයි තාත්තා සුද්දෙක්ද" කියන කතාවේ නිර්මාතෘ තමයි අපේ සිසිර සර්. දැන් සර් වෙනත් ඉස්කෝලෙක උප විදුහල්පති කෙනෙක්. මාව දැක්ක ගමන්
සර්- "ආ ලොක්කා... කොහොමද රිසාල්ට්??"
මම- "ඔන්න සර් කිවුව විදියටම කරා" කියලා මං කිවුවා. එතකොට සර් උගන්න උගන්න පන්තිය පැත්තට හැරිලා මගේ ගුණ වර්ණනාව පටන් ගත්තා.. ඒ කතාව සැකෙවින් කිවුවොත් මෙහෙමයි..
අපිට O/L ලං කරලා ගණිතය සම්මන්ත්‍රන්තනයක් තිබ්බා. එකට ආවේ කුරුඳුවත්ත ඉස්කෝලේ ප්‍රසිද්ධ ගණන් සර් කෙනෙක්. අපේ සිසිර සර් ගේ බොක්ක ෆිට් එකක්. කොහොම හරි උදේ 8 ට විතර පටන් අරන් වැඩේ නැගලා යනවා. ඔය අතරේ සර් ගානක් දීලා ඒක හදන අතරේ ඇහුව "මේ පාර O/L maths වලට A එකක් ගන්න ෂුවර් අය ඇත උස්සන්න" කියලා. අපි ඉතින් කට්ටිය කතා වෙලා ගාන හදලා ඉවර වෙලා එකට ඇත උස්සමු කියලා කතා උනා. හරි කට්ටියම ගාන හදලා ඉවරයි. එකායි.... දෙකායි... තුනයි... ඈ?? මං විතරක් ඇත උස්සන් ඉන්නවා ළමයි හාරසිය ගානක් මැද්දේ ඔඩිටෝරියම් එකේ.. මේ දුෂ්ට කාලකන්නි හරක් ටික මාව මුලා කරා නේ :/ මට ඉතින් දැන් මුන්ව මරන් කන්න තරම් තරහයි. මං දැන් ත උස්සගෙන උන්ගේ මවුපිය ගුණ වර්ණනාව. සර් ආවා ලඟට. "හරිම සතුටුයි පුතා.. එක කොල්ලෙක් හරි ඉන්නවා" කියලා ස්ටේජ් එකට නග්ගලා මංගල්‍යක් කරානේ. කොහොම හරි ඉන්ටවල් එක වෙනකන් කරලා අපි කන්න ගියා. ගිහින් ආයිත් ඔඩිටෝරියම් එකට එනකොට සිසිර සර් නුයි අනිත් සර් නුයි හම්බුනා. අනිත් සර් මගේ කරට අත දාලා "සිසිර මේ කොල්ලා විතරයි ඔක්කොගෙන්ම අත ඉස්සුවේ A එකක් ෂුවර් කියලා" කිවුවා.. සිසිර සර් කිවුවා "මං දන්නවා.. මූ කවද හරි ඒ වැඩේ කරනවා.. පොර මීටරේ. මට විශ්වාසයි කිවුවා" අම්මා මට ඉතින් ෆුල් හැපී..
 ඔන්න ඕක තමයි කතාව..
ඊළඟට පේලියට පේලියට ඔක්කොම ටීචර්ස් ලා සර්ලා ට කියාගෙන ආවා අපිට සිංහල උගන්නපු පොඩි හාමුදුරුවෝ හම්බෙන්න. ඒ හරියට යනකොට මගේ කකුල් වෙවුලන්න ගත්තා. මොකද ඉස්සර හාමුදුරුවෝ උගන්නනකොට මට හරි හරි ප්‍රශ්න එනවා. ඉතින් එකක් ඇහුවම පීරියඩ් එකේ ඉතුරු ටිකේම එක ගැන වාද කර කර ඉන්නවා පාඩම කෙරෙන්නේ නෑ. ඉතින් අපේ උන්ගෙනුත් මට ෆුල් සප් එක හාමුදුරුවෝ අමාරුවේ දාන ප්‍රශ්න අහන්න කියලා.
ඔන්න ඉතින් හාමුදුරුවෝ හම්බුනා. එක එකා ප්‍රතිපල කියනවා..
පොඩි හාමුදුරුවෝ- "ආ කුරුළු.. කොහොමද ප්‍රතිපල"
මං- "A 8යි B 1යි හාමුදුරුවනේ..."
පොඩි හාමුදුරුවෝ- "ශා හරි සන්තෝසයි.. බොහොම හොඳයි.. දැන් මොනාටද B??" හුටා..  කෙලියනේ :/
මං- "සිංහල වලට හාමුදුරුවනේ" මං හිතුවේ බඩු හම්බුනා තමයි කියලා.. කිසි අවුලක් නැතුව හාමුදුරුවෝ "අපෝ ඔය හොඳයි නේ.. සතුටුයි.. තව මහන්සි උනා නම් එකත් A නේ" කියලා කිවුවා. මට ඉතින් ෆුල් හැපී.. කොහොම හරි එදා දවස ඉවර වෙලා ගෙදර ආවා..
ඉස්කෝලේ පටන් ගන්නකන් සුපුරුදු පරිදි පන්ති ගියා. උදේ වරුවේ තිබ්බ පන්ති ඔක්කොම හවස් වරුවට වැටුනා. ඔය අතරේ අපේ තාත්තා ආයිත් මාව කුරුඳුවත්තේ ඉස්කොලේටයි, මරදානේ ඉස්කොලේටයි දාන්න ට්‍රයි කරා. ඒවා නිසා අපේ ඉස්කෝලේ පටන් අරන් මාස දෙකකුත් යනකන් මං ගෙදර. මාස දෙකකට පස්සේ ආයිත් ඉස්කෝලේ ගියා. වැටුනේ 12M2 පන්තියට. පන්ති බාර මිරිහාන සර්. අඩේ මරුම වැඩේ කියන්නේ ඉන්න ඕනේ ක්කොම උන් මේකේ. නොයෙල්, තාකන, මුට්ටියා, මීමා, ඔටුවා.. එකී නොකී ඔක්කොම එක පන්තියේ..
A/L පංතියේ වැඩ ගැන ඊළඟ කොටසින් බලාපොරොත්තු වන්න. එතකන් සුභ දවසක්! :)

15 comments :

  1. දැන් තමා හොඳම කාලේ... අ.පො.ස උ/පෙළ!!
    හත්ඉලවුවේ... මේ අර කවුද කෙනෙක් කාටද කියන නම නේ "තාකන " කියන්නේ?? :D :D

    ReplyDelete
    Replies
    1. අ. පෝ. ස උසස් පෙළ.. blog එකත් එක්කම ඉන්නකෝ... කතාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි ඉස්සරහට :)
      ඔව් ඔව් තාකනට තියන අනිත් නම දාන්න බෑ නොවැ.. අසභ්‍යයි නේ :p

      Delete
  2. හහහාහ..."තාකන" ලොල් සීන්... :D :p

    ReplyDelete
    Replies
    1. හා හා...... තාකන උන්නැහේ ව දන්නා උදවිය සද්ද නොකර හිටියා නම් :p
      මොකද ඉස්සරහට වැඩි වැඩියෙන් පාවිච්චි වෙනවා උන්දැව :P
      blog එක සමග රැඳී සිටීම ගැන සතුටුයි :)

      Delete
  3. කතාව මුල ඉදන් කියෙඋවත් මැදදි කුරුල්ලව අල්ල ගත්තේ...මම ඉතින් මැදින් නෙහ් ඔය පාසලට ආවේ.... සදදර නිය කුරුල්ලා[මුචලින්ද] හොද උත්සහයක්...මගේ උණුසුම් සුබ පැතුම්...දිගටම ලියපන්...

    ReplyDelete
    Replies
    1. ආචාර්ය වීරකෝන් මහත්තයෝ... බොහොම ස්තූතියි ප්‍රතිචාරයට :)
      දිගටම blog එකත් එක්ක රැඳී ඉන්න කියල ආරාධනා කරනවා :)

      Delete
  4. හෆ්ෆේ අපේ කුරුලුටත් වෙලා තියෙන්නේ හැරී පොටර් එකේ උනා වගේ වැඩක් නේ. පාප මිත්තරයෝ අප්පා..... හික් හික් හික් රිසල්ට් හොඳයිනේ කොල්ලගේ. මට මේ වටින් ගොඩින් ආරංචියක් ආව කුරුළු කොලුවට මුචලින්ද කියලත් කියනවා කියලා.

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ.. මුන් පාප මිත්රයෝන්ගේත් හොඳම එක :p ඔය වටින් ගොඩින් ලැබෙන ආරංචි වැඩිය විශ්වාස කරන්නෙපා කෝරලේ මහත්තයෝ.. අමු බේගල් :p
      blog එක එක්කම රැඳී ඉඳිමින් නිතරම දිරි දෙනවට බොහොම ස්තූතියි කෝරලේ මහත්තයෝ :)
      දිගටම blog එකත් එක්ක රැඳී ඉන්න කියල ආරාධනා කරනවා :)

      Delete
  5. එල මචන් තව තවත් ලියපන්... මොකද තව කාලයක් යද්දි අපිට ඔය පාසල් ජීවිතේ අමතක වෙනව.. එතකොට පොඩි එකෙක්ට හරි ඒව බලල සතුටු වෙන්න පුලුවන්.. එල එල.. කාල වකවානුත් දැම්මනම් තමා වඩාත් හොද.... එල එල...


    මේ පැත්තටත් ගොඩවැදියන්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ගාලු සහෝදරයා :) කාල වකවානු ගැන ඊළඟ එකේ ඉඳන් දාන්න කටයුතු කරන්නම් :)
      blog එක එක්ක රැඳී ඉන්නවට ස්තූතියි :)
      දිගටම blog එකත් එක්ක රැඳී ඉන්න කියල ආරාධනා කරනවා :)

      Delete
  6. කෝරලේ මහත්තයගෙ පාර දිගේ ආවේ. දිගට ම ලියමු.

    ReplyDelete
    Replies
    1. මේ පැත්තට ගොඩවැදුනටත් ප්‍රතිචාරයටත් බොහොම ස්තූතියි දිලිනි සහෝදරි :)
      blog එක එක්ක රැඳී ඉන්නවට ස්තූතියි :)
      ආයි ආයි එන්නකෝ :)

      Delete
  7. එක්කෙනෙක් මට කිව්ව රිසල්ට්ස් "ආගම බේරගත්තා... ජාතිය බේරගන්න බෑරිවුනා.....!" කියලා.... :P :P :P

    ReplyDelete
    Replies
    1. ඒකනේ. ආගම ගොඩ. ජාතිය කොට උඩ :p
      මතකයි නොවැ ඒවා :)

      Delete