මාගේ පාසල් කාලය.. සිහිවෙනවානේ හැම විට.. (8 කොටස )

ආයුබෝවන්ඩ එහෙනම් හැමෝන්ටම.. කොහොමෙයි ඉතින් ජීවිතේ?? කැම්පස් විත්ති ( 1 වෙනි කොටස ) ට නොහිතපු විදියේ ප්‍රතිචාර ලැබුනා. එකේ දෙවැනි කොටසත් ලියන අදහසත් තියනවා. එත් වැඩ නොවැ අප්පා. එත් ඉස්කෝලේ කාලේ මතක් කරගන්න ආස නිසා අද මාගේ පාසල් කාලය කතාව කියවමු කට්ටිය. එහෙනම් පටාන් ගමු :)
එහෙනම් ඔන්න A/L පන්තියේ වැඩ කටයුතු එහෙම පටන් ගත්තා. 12 වසර ඉතින් සාන්ත දාන්තව ඉන්න එපයි. ඉතින් හොඳ ළමයා වගේ ඉස්සරහම පේලියේ තමයි වාඩි උනේ. සර් ලා කියන කියන ඒවාට හරක් වගේ ඔලුව වන වන ඔහේ හිටියා. ඔය අතරේ අපි හරක් වගේ උන්නට ඔටුවා ගින්දර වගේ වැඩ ටික කරන් ගියා. එක කියන්නම ඕනි. ඔය අතරේ මාත් එක්ක chemistry class එකේ සෙට් උන අයිවන් එහා පංතියේ. උක්කුන් Bio Science class එකේ. එක නිසා මං වැඩි හරියක් මගේ පන්තියේ ඉන්නවට වඩා ආවට පන්ති වල තමයි සැරි සැරුවේ. ඔය අතරේ සිද්ද උන මොකක් හරි කේස් එකක් නිසා අපේ පන්ති බාර මිරිහාන සර් ට ඉස්කෝලෙන් ට්‍රාන්සර් වෙන්න උනා.
හුටා කියන්නේ අපිට උන මරුම වැඩේ කියන්නේ ඊට පස්සේ අපිට Chemistry කරන්නයි පන්ති බාර වෙන්නයි ගුරුවරයෙක් නෑ. එන එන අය බෑ කියලා යනවා යන්න. එච්චරට අපේ දක්ෂතාවය :p
ඔය අතරේ තමයි අපේ පන්තියට බැන්ඩලේරෝ සර් එන්නේ. සිරාවටම කිවුවොත් සර් ගේ සිරා නම මතක නෑ. අපි ඔක්කොම ඔහොම තමයි සර් ට කතා කරේ :p සර්ත් පට්ට පොර. අපි මරා ගත්තත් සර් ට අවුලක් නෑ.

ඔහොම කාලේ යනකොට අපිට physics වලටයි combined maths වලටයි සර් ලා දෙන්නෙක් ආවා. Physics පොඩි පුස්සා සර්, Combined maths විමල් සර්. මේ සර් ලා නම් දේවාල දෙකක් කිවුවොත් හරි. පුදුම විදියට අපි එක්ක ෆිට් උනේ. ඒත් අවාසනාවේ වසර හත කියන්නේ Physics කරපු පොඩි පුස්සා සර් ට ඉස්කෝලෙන් යන්න උනා. එකට හේතුව පරිපාලන හේතුවක්. කොහොම හරි ඊටපස්සේ අපිට ඊට පස්සේ අපිට physics කරේ A.නිමල් සර් නොහොත් කිටී නොහොත් ඇනිමල් (A.Nimal -> Animal ) සර්. ආතල් කෝටියක් සර් නම්. ඔය අතරේ chemistry කරපු බැන්ඩලේරෝ සර්ත් අපිට කොකා පෙන්නලා අපිව බට්ටි ටීච ට බාර දුන්නා. ඔන්න දැන් පටලව ගන්න එපා. මේ කාලේ ඒ කියන්නේ 2011 ජනවාරි වෙනකොට අපේ පන්තියේ M2 පන්තියේ හිටියේ මායි තව දෙතුන් දෙනෙකුයි විතරයි. අනිත් උන් හොයා ගන්නත් නැති උනා. ආ කියන්න බැරි උනානේ. මං තමයි විද්‍යා සංගමේ සභාපති තැන්පත් :p. සභාපති තැන්පත් උනාට මං නම් තැන්පත් උනේ නෑ. කොහොම හරි එක වැඩක් නම් මං හරියට කරා. සියලු පන්ති නියෝජනය. හිතුනම M1 එකට යනවා. එකේ ටිකක් ඉන්නවා. එකේ ඉතින් හිටියා අපේ ආචාර්ය වීරකෝන් මැති තුමා, එළු මහත්තයා, අයිවන්, රාජු, තනි ඇටේ, ගවුමා... තව කොච්චරද. බොරු කියන්නේ මොකටද මං වැඩිපුර හිටියේ මේ පන්තියේ තමයි. අපේ බට්ටි ටීච තමයි මේකේ පන්ති බාර. මේ පන්තියට combined maths කරේ අපේ positiveපාල සර්. මෙයා තමයි අපේ අංශ බාර. අනේ කියන්නේ මේ සර් ගැන පොඩි කතාවක් කියන්න හිතෙනවා. සර් උගන්නන්නේ තනිකරම බෝඩ් එකට. නිකමට හරි බෝඩ් එකට A/L ලියන්න පුළුවන් කම තිබ්බා නම් combined maths වලට A++. ෂුවර් ඇන්ඩ් ෂොට්. සර් බෝඩ් එකට උගන්නලා ප්‍රශ්න අහන්නේ පන්තියේ ඉන්න උන් ගෙන්. ඉන්න උන් ෆුල් හොල්මන්. උන් උත්තරේ දෙනවා වෙනුවට සර් ගෙන් අහන්නේ ප්‍රශ්නේ මොකක්ද කියලා. ආතල් අප්පා. මං ඉතින් ඕවා බල බල ඉන්න එක තමයි කරන්නේ. මොනා නැතත් අපේ විමල් සර් උගන්නනකොට මං අපේ පන්තියේ :) විමල් සර් දෙයියෙක් නෙමෙයි, දේවාලයක්. තව ටිකක් වෙලා ඉඳලා යනවා M3 එක පැත්තේ. එකෙත් විශේෂ ආතල් එකක් නැත්තං යනවා Bio class එක පැත්තේ. මං maths කරත් bio පන්තියෙත් ඉන්නවා. මං ඉතින් සභාපති තැන්පත් නොවැ :p
ඔහොම ඔහොම යද්දී ඔන්න A/L admission sign කරන්න ආවේ. එතකොටයි මතක් උනේ තව ටික දවසකින් ආයිත් ඉස්කෝලේ එන්නේ නෑ නේද කියලා. කාලය ගියේ ඉගිල්ලිලා වගේ. A/L විභාගෙත් ඉවර උනා. ඉස්කෝලෙන් ආපු අන්තිම දවසේ ඉස්කෝලෙන් ආවේ ඇස් වලට කඳුළු පුරවා ගෙන. මේ ජීවත් උන අවුරුදු 20න් අවුරුදු 13ක් ම මං ගත කරලා තිබ්බේ මගේ ඉස්කෝලේ. ඉස්කෝලේ වෙනුවෙන් හිතේ ඇති උන ආදරය, භක්තිය ගෞරවය මැරෙනකන් නැති වෙන්නේ නෑ. අදටත් බස් එකේ ගියත් වාහනේ ගියත් ඉස්කෝලේ පහුවෙද්දී සීට් එකෙන් නැගිටලා ඔලුව නවලා ඉස්කෝලෙට වඳින්නේ හිතේ තියන ආදරේ හින්දා.
මං ඉස්කෝලේ ඉන්න කාලේ කරපු කියපු දේවල් මෙහෙම හරි කියන්න ලැබුන එක ගැන සතුටු වෙනවා.ඕනෑම පුද්ගලයෙක් ගේ ජීවිතේ වෙනස් වෙන්නේ ලබන අධ්‍යාපනය මතයි, පාසල් පසුබිම මතයි. මං අද සතුටු වෙනවා මට මගේ ඉස්කෝලෙන් ලැබුන පන්නරය.
එහෙනම් මිත්‍රවරුනි කනගාටුවෙන් හරි කියන්න වෙනවා මාගේ පාසල් කාලය කතා මාලාව මින් නිමාවට පත් වෙනවා. දිරි දෙමින් රැඳී සිටි සැමට ස්තූතියි. කැම්පස් විත්ති කතා මාලාවත් එක්කත් රැඳී ඉන්න. එක දිගින් දිගටම යයි. එහෙනම් සැමට සුභ රාත්‍රියක්, සුභ අනාගතයක්.
තවත් වරක්, තවත් වරක් මට පාසල් යන්නට ලැබුනොත් මම යනවා........



18 comments :

  1. ඉවර වුනා කලින් වෑඩි වගෙ නෙ..... :(

    ReplyDelete
    Replies
    1. මටත් හිතුනා අයෝ :(
      එත් කතාව දිගින් දිගට ගෙනියන්න දාන්න ඕන සමහර කරුණු පෞද්ගලික ජීවිතයට ( මගේ, මගේ මිත්‍රයන්ගේ ) සම්බන්දයි. ඒවගේ ඒවා ප්‍රසිද්ධ කරන එක හරි නැති වගක් හැඟුනා :) එකයි. කතාව රසවින්දාට ගොඩක් ස්තූතියි. කැම්පස් විත්ති එක්කත් රැඳී ඉඳීවි කියලා බලාපොරොත්තු වෙනවා :)

      Delete
  2. පට්ටයි බන් , ස්කොලේ කාලේ මතකයන් තරම් වටිනා ඒවා තවැහැ නෑ ජිවිතයේ

    ReplyDelete
    Replies
    1. මනුස්සයෙක් වෙන්නෙත් අමුනුස්සයෙක් වෙන්නෙත් ඉස්කෝලේ ජීවිතේ අනුව!!
      සිරාවට.. කොච්චර ලස්සන සුන්දර මතකයන් තියනවද ඉස්කෝලේ කාලේ :)

      Delete
  3. සෑහෙන දියුණුවක් තියෙනවා,, සුබ පැතුම් දිගටම ලියන්න.. ^_^ ඉක්කනට අර්ධ ශතයක් බලාපොරොත්තු වෙනවා..

    අදේ මේක තැනින් තැන මම කියෙව්වෙ... හිමින් සේරෝම කියවන්නම් හොදේ.. (කොටස්)

    ReplyDelete
    Replies
    1. අර්ධ ශතකයක් කිවුවේ මොකේ අර්ධ ශතකයක් ද?? o.O
      හි හි.. එහෙම තමයි මං කිරිත් එක්ක සමහන් බොනවනේ :p එක නිසා මොලේ වැඩෙනවා :p
      හා හා කියවන්නකෝ... :) ගොඩාක් ස්තූතියි කරපු උදව් වලට :) ^_^

      Delete
  4. ඉස්කෝලේ කාලේ ගැන ඉතින් කියන්න හැමෝටම ඕන තර්ම කතා තියෙනවා.. මාත් ලියන් ආව එක දැන් කාලෙකින් ලිවුවේ නෑ.. ආයෙම ලියන්න ඕන..

    ReplyDelete
    Replies
    1. ඇත්ත :) ජීවිතේ ලස්සනම කතා :) ලියලා කියන්නකෝ. ඒ පැත්තට ඇවිත් බලන්නම් :) ස්තූතියි blog එකත් එක්ක රැඳී සිටියට. කැම්පස් විත්ති කතාවත් එක්කත් රැඳී ඉන්න කියලා ආරාධනා කරනවා!!

      Delete
  5. J.D Dhanapala නොහොත් අපේ DJ +pole වැඩි පුරම ගුටිකාලා ඇතත්තේ මම නිසා රාජු තමා..ලොකු ඇග පතේ අවාසි සහ බටු ඇටෙ වාසි

    ReplyDelete
    Replies
    1. හි හි... සිරාවට :p ඒ කාලේ මතක් වෙනකොට කතා කරලා වැඩක් නෑ මචෝ :'(
      ස්තූතියි blog එකත් එක්ක රැඳී සිටියට. කැම්පස් විත්ති කතාවත් එක්කත් රැඳී ඉන්න කියලා ආරාධනා කරනවා!!

      Delete
  6. කෝරලේ වලව්වේ බිත්තියේ මේ බොගේ ලින්කුවක් දාල තියෙනවා දැකල ආවේ.. ජය වේ! දිගටම ලියන්ට..

    ReplyDelete
    Replies
    1. මේ පැත්තට ආවට ගොඩක් ස්තූතියි සුපුන් :) ඔව් අපේ කෝරලේ මහත්තයා ගොඩක් උදවු කරනවා මට :)
      ස්තූතියි blog එකත් එක්ක රැඳී සිටියට. කැම්පස් විත්ති කතාවත් එක්කත් රැඳී ඉන්න කියලා ආරාධනා කරනවා!!

      Delete
  7. ජීවිතේ සුන්දර ම සැහැල්ලු ම කාලය තමා පාසල් කාලය. හැම දා ම වගේ අදත් කියෙව්වා කුරුලු. (කුරුලු ලියන්නේ මෙහෙම හොඳෙ. දන්තජ ලු යන්න.)

    ReplyDelete
    Replies
    1. ඇත්ත දිලිනි සහෝදරි :) බොහොම ස්තූතියි මේ පැත්තේ රැඳී ඉන්නවට ^_^ ඒ වගේම ප්‍රතිචාර දක්වනවටත්! :)
      අනේ එහෙමද?? නොදැනුවත් කමට සමාවෙන්න :)
      ස්තූතියි blog එකත් එක්ක රැඳී සිටියට. කැම්පස් විත්ති කතාවත් එක්කත් රැඳී ඉන්න කියලා ආරාධනා කරනවා!!

      Delete
  8. physics, combined maths කියන්නේ මගේ ඔලුව විකාර කරලා හොදි හදපු සබ්ජෙක්ට් දෙකක් අයියෝ සල්ලි

    ReplyDelete
    Replies
    1. හා හා... එහෙම කියන්නෙපා කෝරලේ මහත්තයෝ :p
      ඔන්න කෙමෙස්ට්‍රි වගේ නම් එහෙමයි :p

      Delete
  9. කුරුල්ලව අඳුරගත්තේ ටික වෙලාවක් ගිහින්..මේකගේ A/l ජිවිතේ කණපිට හරවපු හැරවුම් ලක්ෂයක අයිතිකාර සාමාජිකයෙක් තමා මම..කුරුල්ලෝ මේක ඉවර උනා ඉක්මන් වැඩියි..ස0ස්කරනය කරලා දාන්න පුළුවන් නම් සැහෙන්න වටිනවා..

    ReplyDelete
    Replies
    1. අනිවා!! ඒ ගැන පොඩි අදහසක් වගේම ඉල්ලීම් ගණනාවක් ම තියනවා.. ඒ ගැනත් හිතල බලලා වෙලාව ආපු ගමන් අලුත් කතා දෙක තුනක් ම දාන්නම් කෝ :)

      Delete